Tuesday, 18 October 2011

සිහිනයෙන් වර්ණයට...


ජීවිතේ වෙනසක් වෙන්න ඕන කියලා මං විශ්වාස කලත් කවදා කොහොම පටන් ගන්නද කියලා මං ඇත්තටම දැනන් හිටියේ නෑ.. ගැන මම මගෙන්ම පිළිතුරු හොයපු වාර ගාන අනන්තයි.. මම අතීතයත් අනාගතයත් අතර කියලා පෝස්ට් එක මීට ටික කාලෙකට කලින් දැම්මේ වෙනසට ආරම්භයක් අරගන්න කියලා හිතාගෙන උනත් මම එදා අසාර්ථක උනා.. මේ බ්ලොග් එක කියවන මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් එදා මට මේ මං වෙනස් විය යුතුම කාලයයි කියලා කිව්වත් මොකද්දෝ හේතුවකට එදා මගේ හිත ආයෙමත් ආපස්සට ඇදගෙන ගියා..

මම ලංකාවට ගියේ අවුරුදු තුනකට පස්සේ.. එදා මං කාටවත් නොකියාම ගිය ගමන මගේ ජීවිතේ මේ විදිහට වෙනස් කරාවියි කියලා මං කොහෙත්ම හිතුවේ නෑ.. තෙවසරකට පසුව පෝස්ට් එක වැටුන දවසේ එක බලලා මුලින්ම මට කතා කලේ අපේ නංගී.. සංවාදය පැයකට වඩා දුර ඇදිලා අවසන් උනේ මගේ කේන්තිය නිසා කිව්වොත් මම නිවැරදියි.. ඒත් ඊට පස්සේ ඉදන් මගේ සහෝදරයෝ සහෝදරියෝ හැමෝම වගේ මාත් එක්ක කතා කරලා මගේ හිත සැනසුවා වගේම මේ මට වෙනස් වෙන්න හොදම කාලය කියන එක මට තේරුම් කරලා දුන්නා..

කටුක යතාර්ථයක් උනත් හැමෝගෙම හිත් වලින් ප්‍රාර්ථනා කලේ මගේ යහපතම උන නිසා අවසානයේ මං මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන හැටි තීරණය කරන්න එයාලටම අවස්ථාව දුන්නා.. අළුත් ආදරයක් හොයාගෙන යන්න කියලා කියපු මගේ එක නංගි කෙනෙක් මට එයාගේ මුහුණු පොතේ ඉන්න ගොඩක් මිතුරියන්ව සජෙස්ට් කරලා එවලා තිබුනා.. මම ඉතින් මුකුත් නොකියා හිටියත් අපේ ලොකු අයියා ඒක නවත්තන්න කියපු නිසා සජෙස්ට් කිරිල්ල යාන්තම් නැවතුනා..

මගේ නෑදෑ පරපුරේ මට අයියලා 3 දෙනෙකුත් අක්කලා 4 දෙනෙකුත් මල්ලිලා 2නෙකුත් හා නංගිලා 6 දෙනෙකුත් ඉන්නවා.. ඉතින් මේ ඔක්කෝම කියන දේවල් පහුගිය මාසෙක විතර කාලයක් පුරාවටම මං අහගෙන හිටියා.. වැඩිමල් අය හොදින් උපදෙස් දෙද්දි පොඩ්ඩෝ ටික ඊටත් වඩා හොදින් උපදෙස් දෙන්න ගත්තා.. මුලින් මුලින් කියන දේවල් මට ටිකක් නුරුස්සන ගතියක් තිබුනත් අවසානයේ දේවල් ගැන මමත් හොදින් හිතුවා..

ඔය අතරේ තමයි අපේ මල්ලී මට කිව්වේඅයියේ තමුසේ ඔය බ්ලොග් එකේ වෙනස් කරනවාකියලා.. වැඩිය දුර හිතන්නේ නැතුව මම වෙලේ මලයට දොස් කිව්වට මොකද අනික් හැමෝගම අදහස් එකතු වෙලා එද්දි මට තේරුනා සිහිනයේ මම පූජාව ජීවත් කරන්න උත්සාහ ගන්න තරමට මම මගේ ජීවිතෙන් ආපස්සට යනවා නේ කියලා.. එදා මොහොතේ තමයි මම තීරණේ කලේ මගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕනනම් මම මේ බ්ලොග් එකට ලියන විදිහ ලියන දේවල් අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනමයි කියලා..

වර්ණමේ බ්ලොග් එකට හොදම නම කියලා යෝජනාව ගෙනාවේ අපේ නංගී.. තවත් නම් ඉදිරිපත් උනත් මගේ හිතත් නමට ආසා කලා.. වර්ණ නව කතාවේ තේමාව උනේජීවිතයට පාට සොයා යන සිත්තරෙක්”.. ඔව් මේ මටත් පාට සොයා යන්න හොදම කාලයයි..

වර්ණ හා සිහින අතර ලොකු වෙනසක් කියවන ඔයාලට දැනේවි.. මම අවසානයේ දාපුඅඬහැරයකවි පෙල හැමෝටම මතක ඇති.. වෙනස් වූ තේමාවන් හා වෙනස් වූ ශෛලීන් ගොඩක් ඉදිරියේ මගේ කවි වලින් දකින්න ලැබේවි.. වර්ණයෙන් ආදරය ගැන මම ගොඩාක් අඩුවෙන් කතාකරාවි.. සමහර විට නවකතාවකදි පමණක් වෙන්නත් පුළුවන්..

අළුත් කතා දෙකක්ම මගේ හිතේ මේ වෙනකොටත් ලියවිලා තියෙන්නේ.. වහල්ලූහාබෝ මළුවේ මල් සුවදට පැටලීකියන කතා දෙක.. ඉස්සෙල්ලා මොකක් ඒවිද කියන්න දන්නෑ.. ඒත් කතාව සතියේ එක දවසකට විතරක් සීමා කරන්න මං කල්පනා කරා..  මම කලින් ලියපු හැම කතාවක්ම එක දිගට ලියා අවසන් කලත් ඊළග කතාවේ ඉදන් සතියකට එක් කොටසක් පමණක් ගෙන එන්න කල්ප්නා කලා..  තීරණය ගැනනම් ඔයාලාගේ අදහසුත් දැන ගන්න මම කැමතියි..

එක් සංදිස්ථානයක ඉදන් වර්ණ පටන් ගන්න පුළුවන් උන් එක මට තවත් එක සතුටක්.. මොකද මේ මගේ 200 වෙනි පෝස්ට් එක.. සිහිනයේ සොදුරුම මතක අතරින් ගෙවී ගිය ලිපි ඔය හැම දෙනෙක්ටම හැමදාමත් මතක තියේවි කියලා මං හිතනවා.. තවත් ගොඩක් වෙනස් කම් ලිපි ලියද්දී ඔයාලා අතරට ඒවි.. ඒ හැම එකකම හොද නරක මාත් එක්ක වෙනදා වගේම බෙදා ගනිවි කියලා මං විශ්වාස කරනවා..

ඉතින් එන්න මාත් එක්ක වර්ණවත් කරන්න ජීවිතය.. සමුදී සිහිනයට...

12 comments:

  1. ඔන්න මගෙන් සුබ පැතුම්....මම නම කිව්වා හරි නේද?

    ReplyDelete
  2. ඔයා සිහිනයට සමුදුන්න එක ගැන මම මොකුත්ම නොකියනව වුණත් වර්ණයෙන් ඔයාගෙ වගේම අපි හැමෝගෙම හිත්වල සොදුරු සිතුවම් මැවේවි කියලා මට දැනෙනවා...ඒ වගේම මගේ මුලු හදවතින්ම සුබ පැතුම් මගේ අයියණ්ඩිට...

    මතකද...ඔයා සිහිනයට සමුදෙන බව කිව්වම මම ඔයාට සැර කළා...එහෙම කලේ වෙන දෙයක් නිසා නෙවෙයි..ඔයා සිහිනයෙනුත් ඈත් වෙයිදෝ කියන බය නිසා...

    ඒත් අඬහැරය ඇහුණු දවසෙ මට දැනුනා...ඒ පෑයුවෙ අලුත් ඉරක් කියලා...මතකද.. මම ඒකට දාපු කමෙන්ටුව.. :))
    මට එහෙම ඉවෙන් වගේ දැනෙන්න ඇත්තෙ..ඔයාගෙන් ලොකු වෙනසක් දැක්ක නිසා වෙන්නැති..මූණු පොතේ ''සිංහල කවි'' පිටුවෙ ඔයාගෙ කවියකට පිළිතුරු බැඳපු දා ඉඳන්ම...ඔයාගෙ කවි වල නොදුටු වෙනසක් එදා මම දුටුවා... මගේ අයියණ්ඩී සිහිනයෙන් අවදි වෙලා වග මම දුටුවා...

    ඉතින් වර්ණයට බොහෝ කල් අපේ හිත් පුරා සොඳුරු සිතුවම් මවන්නට දළදා සමිඳුන්ගේත්..තෙරුවනගෙත් ආසිරි ලැබේවා... :)))

    ReplyDelete
  3. සුභ පතනවා තව තවත් ලියන්න.....

    ReplyDelete
  4. අලුත් වෙනසකුත් එක්ක ඉක්මනටම බ්ලොග් වලට එන්න ලැබුන එකත් හොදයි !!! තනි පාටකට වඩා වර්ණ ගොඩක් තියෙනකොට ඕනම දෙයක් ලස්සන වෙනවා. ඒ නිසා 'වර්ණ' කියන ඔයාගේ බ්ලොග් එකත් ජීවිතය වගේ ලස්සන වේවි

    ReplyDelete
  5. ....පරාජය ගැන බය වන පුද්ගලයාට හැමදා හිමිවන්නෙත් පරාජයමලු...පරාජයට බය නැති අය ජීවිතයේ ජයග්‍රහනය බුක්ති විඳින්නේ හදවතින්.....ඒ මුළු ලෝකයම එක්ක....

    සුබ පැතුම් අලුත් ජීවිතයේ ආරම්භයට !

    ඔබට ජය මල්ලියෝ....

    ReplyDelete
  6. වෙනස් වෙලා හින්ද හොයා ගන්නත් බැරිවුණා. කොහොමහරි එහෙනම් අපිටත් එක්කම පාට ගාමු.
    අලුත් ජීවිතයට සුබ පැතුම්!

    ReplyDelete
  7. සුභ පැතුම් මල්ලී. අනාගතයට දිරියෙන් මුහුන දෙන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  8. ජයෙන් ජය මලයා, අපි ඉස්සරහට නව වර්ණයකින් හම්බ වෙමු ..

    ReplyDelete
  9. @ සයුරි : ඔව්නේ අක්කේ හරියට අක්කා මගේ හිත කියෙව්වා වගේ..

    @ මකුළු පැංච් : ගොඩක් ස්තුතියි නංගියේ.. අඬහැරය මං නිකුත් කලේ ඒ වෙනස දැනෙන්නත් එක්ක තමයි.. ඔයාට ඒක හොදටම තේරුනා.. අපි බලමු වර්ණයෙන් කොච්චර දුර මට යන්න පුළුවන් වෙයිද කියලා..

    @ මධුරංග : ඔව් අයියේ මමත් හිතනවා වර්ණ මගේ ජීවිතේ ලස්සන කරාවි කියලා...

    ReplyDelete
  10. @ ඔබ නොදුටු ලොවක් : ගොඩක් ස්තුතියි යාළුවා..

    @ දිල් : ගොඩක් ස්තුතියි අක්කේ ඒ දුන්න අවවාදයට.. මං ඒක හැමදාම හිතේ තියා ගන්නම්..

    @ හිරණ්‍ය : ස්තුතියි යාළුවා...

    ReplyDelete
  11. @ නිසුපා : ගොඩක් ස්තුතියි අක්කේ..

    @ පංසල් හංදිය : ස්තුතියි අයියේ..

    ReplyDelete
  12. වර්ණවත් ජීවිතයට මගෙන් සුභ පැතුම්. කරන කියන සියළු දේ සාර්ථක වේවා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්