Monday, 17 October 2011

වේදනාත්මක සමුගැන්ම


ඔව් මේ සමුගැන්ම වේදනාත්මකයි.. මම මගේ ජීවිතේ ලියා තැබුවේ සිහිනයක් අතර.. ඒත් සිහින කියන්නේ ජීවිතේම නෙමෙයි කියලා මට දැන් තේරෙනවා.. සිහිනයෙන් එහා ගිය ජීවිතයක් හොයාගෙන යන්න දැන් කාලය ඇවිත් කියලා මට හිතෙනවා.. ඒ නිසා අද මේ විදිහට මං මගේ ජීවිතේ වගේම ආදරේ කල සිහිනයට මං සමුදෙනවා..

ඔබ මගෙන් අහාවි ඒ ඇයි කියලා.. එකම එක පොරොන්දුවක් අද මගේ මේ තීරණේට අඩිතාලම දන්නවා.. ඔව් අවුරුදු හතරකට කලින් කල ඉටු නොවුන පොරොන්දුවක් ලංකාවෙ ඉදන් ආයෙමත් එද්දි මගේ හිතට එකතු කලේ ලොකු පසු තැවිල්ලක්.. ඒ ඇයි කියන්න මං හොදින්ම දන්නවා උනත් එහෙම වෙනකම් මං මේ විදිහට බලාගෙන හිටියේ ඇයි කියන්න මං අදටත් දන්නේ නෑ.. නමුත් මං යා යුතුයි..

අළුත් ජීවිතයක් කොතනින් කොහොම පටන් ගන්නද කියලා මට හිතාගන්න අමාරුයි.. දුක සතුට අතර අද මගේ ජීවිතේ ඇවිත් නතර වෙලා තියෙන තැන ගැන මට සතුටුවෙන්න පුළුවන්.. ඉතින් මෙතන ඉදන් ඉස්සරහට මං යා යුතුමයි..

එතකොට හිතේ රැදුන ඒ ආදරය?? ඒ මතකය මගේ හිතේ තියේවී. සොදුරු සිහිවටනයක් විදිහට.. ඒත් මම ආයෙමත් කවදාවත්ම ඒ මතකයට ආයෙමත් කඳුළක් වෙන්න ඉඩ තියන්නේ නෑ.. හිත පතුලෙම තැනක සිර කරලා ඒ ආදරය තව ඒ වගේම ආදරයක් සොයා යන ගමනට පළමු පියවර තබන්න දැං කාලය ඇවිත්.. ඒත් මං සාර්ථක වෙයිද නැද්ද කියන්න මං දන්නේ නෑ.. නමුත් දෛවයේ ලියවිලා තියෙන දේ ඒ විදිහටම වේවි කියලා පුංච් බලාපොරොත්තුවක් විතරක් මගේ හිතේ තියෙනවා..

අවසරයි මට හැරයන්න මේ සිහිනය
වේදනාවක් වී මට ආදරේ කල සිත් වලට
නමුදු මේ ඒ කාලයයි වෙනසකට
තවරන්න වර්ණ මගේ ජීවිතයට..

මේ සිහිනයේ ලියවෙන අන්තිම පෝස්ට් එක වේවි.. දවසක මේ සිහිනය මටත් ඔබටත් සිහිනයක්ම වේවි.. දුක් වෙන්න එපා.. මේ මගේ බ්ලොග් එකේ අවසානය නෙමෙයි.. අළුත් තේමාවකින් අළු මුහුණුවරකින් අද හෙටම මම මගේ අළුත් ජීවිතය ඔයාලා ලගට අරගෙන එනවා.. එතෙක් මගේ සිහිනයට මෙය වේදනාත්මක සමුගැන්මක් පමණක්ම වේවි...

39 comments:

  1. ඕල් ද බෙස්ට් දිනේෂ්

    ReplyDelete
  2. :( :(
    පොඩ්ඩක් කියන්නකො බොස් මොකද උනේ කියල!
    අලුත් බ්ලොග් එකකින් එනවනං පාලුවක් නැතිවෙයි! නමුත් මේක කියෙව්ව වෙලේ ඉඳං නිකං මොකද්ද වගේ!!!
    :( :(

    ReplyDelete
  3. ane ayiye......:'(

    eth kamak na....oyagema yahapathatane.....e wenasa athi karaganna...api baln innawa oya aye enakm.....eth godak kal ganna epa....oya liyana hama dekatama api(mn) godak kamathiyi....

    onna mn subha pathanawa aluth jiwitheta...e wagema e jiwithedi ayiyata kisima dukak danenna epa kiyalath hadawathinma pathanawa....!!!!

    (kalabaleta singrisiyenma liwa)

    ReplyDelete
  4. මගේ හදවතේ ගැඹුරුම තැනින් සුබ පැතුම් මලයා, අලුත් මුහුණුවරකින් නැවත හමු වෙමු .......

    මගේ සුබ පැතුම් නැවතත් .......

    ReplyDelete
  5. ජීවිතේ කියන්නෙ එක තැන පල් වෙන්න ඕනෙ දෙයක් නෙමේ.... අලුත් ජීවිතයකට ආරම්භයක් නම්මගේ හදවතේ ගැඹුරුම තැනින් සුබ පැතුම් මල්ලී...ජීවිතය වටේට මහා උසට වැවිලා තියෙන කටු පඳුරු වල් පැලෑටි උඳුරලා දාලා ලස්සනම ලස්සන මල් පැලයක් ජීවිතේ ලඟින්ම හිටව ගන්න....

    ReplyDelete
  6. කාලෙකට පස්සෙ ආවම විකාර වෙන කතාවක් නෙ කියල තියෙන්නේ. අලුත් ජීවිතයක් පටන් ගන්න එක ඉතින් අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක් නේ. ඒක පූජා අක්ක, යාලුවො, අපි හැමෝම කියපු දේ නෙ. ඒ දේ ගැන දැන් වත් හිතපු එක හොඳයි. ඒත් සිහිනයට සමු දෙන එක තමයි වැරදි වැඩේ. මට හිතාගන්න පුලුවන් සිහිනයට සමු දෙන හේතුව. ඒත් තව එකම එක පාරක් ඒ ගැන හිතල බලන්න.

    ReplyDelete
  7. හ්ම්ම්, හදිස්සියට කියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ...
    සමහර මතක වේදනාවෙන් වුණත් අත ඇරලා දාන එක හොඳයි. මම විශ්වාස කරන දෙයක් තමයි ඕනෙම කෙනෙක්ට ඕනෑම දවසක අලුතින් ජීවිතය පටන් ගන්න පුළුවන් බව. එහෙම අලුත් විදිහකට අපි හමුවෙමු යාළුවා. එතෙක් මගෙන් සුබ පැතුම්.

    නැවුම් වර්ණ තැවරුණු
    මල් පෙත්තකි පවිත්‍ර
    ළහිරු වැටුණු පත්‍ර අතර
    ලියමු තවත් කවියක්
    ආදරයේ සුන්දර අකුරින්

    ReplyDelete
  8. @ ශානු : තෑන්ක්ස් ශානු....

    ReplyDelete
  9. @ තනි අලියා : කතාවනම් ගොඩක් දිග එකක් යාළුවා.. මම මේ බ්ලොග් එකම තමයි වෙනස් කරන්නේ.. පරණ ලියපුවා එහෙමම තියේවි...

    ReplyDelete
  10. මගෙන් සුභ පෑතුම් අය්යේ.ආයිමත් ඉක්මනට එන්නකෝ අලුත් විදියකට අලුත් ජීවිතයක් එක්ක

    ReplyDelete
  11. @ සිතුවිලි නිහඩයි : මං දන්නවා නංගී.. නෑ වැඩි කාලයක් ගන්නේ නෑ.. මොකද මටත් බ්ලොග් එකෙන් දුරස් වෙලා ඉන්න අමාරුයි දැන්..

    ReplyDelete
  12. @ පන්සල් හංදිය : ගොඩාක් ස්තූතියි අයියේ.. මං හිතනවා මගේ මේ තීරණය මට දුකක් ගේන එකක් නෑ කියලා...

    ReplyDelete
  13. @ දිල් : ඔව් අක්කේ අවුරුදු හතරක් එක තැන නැවතුම් මේ ජීවිතේ දැන් ඉස්සටහට අරන් යන්න ඕන.. මගේ ආදරේ කොහොම් උනත් මට ආදරේ කරන අය නිසා.. ගොඩ්ක් ස්තුතියි අක්කේ...

    ReplyDelete
  14. @ Kasun : ඔවු මල්ලී.. ඔයා කවදත් මට වෙනස් වෙන්න කියපු කෙනෙක්නේ.. තවත් පහු උනොත් මම ජීවිතෙන් පරදින්න පුළුවන්.. ඒ නිසා මේ තමයි හොදම කාලය.. මගෙ බ්ලොග් එක නවතින්නේ නැ මල්ලී..

    ReplyDelete
  15. @ හිරණ්‍ය : ඔව් හිරණ්‍ය.. හෙට අළුත් අළුයමක්.. ඒ අළුයම ජීවිතේ වෙනස් කරාවි කියලා හිතනවා..

    මේ අරඹුම දුක්බර උනත්
    නැවුම් වර්ණ පත්‍ර අතර සැග උන
    ජීවිතය හොයා යමි මම
    අයෙමත් පෙර ලෙසම..

    ReplyDelete
  16. @ හිම හංසි : ගොඩක් ස්තුතියි.. ඉක්මනින්ම මම එනවා.. අළුත් වෙනසකින්...

    ReplyDelete
  17. ජය වේවා.. ඉක්මනට අයෙ ඒවි කියල හිතනවා

    ජය..

    ReplyDelete
  18. ගොඩක් සතු‍ටුයි මල්ලි. සුබ පැතුම්.!!! සිහින තුල හැමදාම ජීවත් විය නොහැකියි. ඒත් එක අවවාදයක්. අළුත් සිහිනයට පරණ සිහිනයේ මතක ගාව ගන්න එපා. අළුත් සිහිනය තුල පරන සිහිනයම බලාපොරොත්තු වෙන්නත් එපා.අළුත් සිහිනයත් සිහිනයක් බව මතක කරන්නත් එපා.
    මැණික්

    ReplyDelete
  19. පුබුදුවා17 October 2011 at 16:40

    Ready for the mission :)

    ReplyDelete
  20. ආසයි අලුත් වෙනස ඉකමනටම බලන්න....අලුත් බ්ලොග් එකේ නම "වර්ණ" ද?

    ReplyDelete
  21. @ Gayan Rupasinghe : ඔව් යාළුවා.. ඉක්මනින්ම එනවා...

    ReplyDelete
  22. @ මැණික් : ඔව් අක්කේ.. මම ඒක හොදින්ම දන්නවා.. පරණ සිහිනය හදවතින්ම මකලා දානවා..

    ReplyDelete
  23. @ පුබුදුවා : ඔව් මලයා.. ඊළග පියවර ගැන අපි අද හෙටම කතා කරමු..

    ReplyDelete
  24. @ සයුරි : ඉක්මනින්ම අළුත් වෙනස අරන් එන්නම් අක්කේ.. බ්ලොග් එකේ නම "වර්ණ" වේවි කියලා අක්කා කොහොමද හිතුවේ???

    ReplyDelete
  25. මට නිකන් හිතුනා මල්ලි...හීනෙන් එලියට එනවනම් වර්ණවත් ලෝකෙකට වෙන්න ඇති කියල හිතුනා.

    ReplyDelete
  26. ජීවිතේ කියන්නේ එක හීනයක් මත්තෙම නැහි නැහි..එක තැන නතර වෙලා..අතිතයයි,වර්ථමානයයි..උපදින අනාගතයටයි හූල්ලන එක නෙමේ..අළුත් හීනයක් එක්ක ආයේ එන්න..

    සුබ පතනවා මල්ලි..නවමු වර්ණවත් වෙනසකට...

    "උබටත් හෙටක් තියෙනවා මලයෝ.."

    ReplyDelete
  27. "මේ සිහිනයේ ලියවෙන අන්තිම පෝස්ට් එක වේවි.."

    මේක දක්කම හිතුනා දිනේෂ් මල්ලි ආයෙ බ්ලොග් ලියන්න එන එකක් නෑ කියලා. වෙනසක් එක්ක එනවා කියලා කිව්ව එක නම් හොදයි. මිනිස්සු උනත් කාලෙන් කාලෙට වෙනස් වෙන එක හොදයි !!!!

    ජය වේවා මල්ලි !!!

    ReplyDelete
  28. අලුතු හීන ගොන්නකුත් අරං ආයෙමත් වරෙං මචා .. අපි බලං ඉන්නවා ..

    ReplyDelete
  29. හ්ම්ම්.....අදයි ඉස්සරොම මෙ පැත්තේ ආවෙ.

    ReplyDelete
  30. @ සයුරි : හ්ම්ම් බලමුකෝ අක්කගේ උපකල්පනය හරිද කියලා...

    ReplyDelete
  31. @ අසනි : ඔව් අක්කේ.. එකම හීනෙකට මේ ජීවිතේ ලියලා දෙන්න බෑ..

    "උබටත් හෙටක් තියෙනවා මලයෝ.."

    මෙකනම් හිතට මාර විදිහට දැනුනා... මගේම අක්කා කිව්වා මගේ මට..

    ReplyDelete
  32. @ මධුරංග : ඔව් අයියේ හැමදෙයක්ම වෙනස් වෙන ලෝකෙක අපිත් ඒ වෙනසත් එක්කම වෙනස් වෙන්න ඕන..

    ReplyDelete
  33. @ හිස් අහස : අනිවාර්යෙන් සහෝ.. අළුත් හීන?? දැන්නම් ආයෙත් හීන දකින්නත් බයයි බං...

    ReplyDelete
  34. @ Ruka : ගොඩක් ස්තුතියි යාළුවා මේ පැත්තට ගොඩ උනාට.. අළුත් වෙනසත් එක්ක ආයෙම අපු මුණ ගැහෙමු...

    ReplyDelete
  35. හප්පේ...මොකක්ද සීන් එක.........

    ReplyDelete
  36. http://www.friendshipsfire.com/dreamerwithin/index.html

    ReplyDelete
  37. අපි තියන අඩියක් අඩියක් පාසා අලුත් මල් පිපෙනවට කැමතියි වගේ
    ජීවිතේ අලුත්වෙන වාරයක් වාරයක් පාසා අලුත් දේවල් පිපේවි..
    ජීවිතේ රුසියාව වගේ විශාල තැනක් නිසා එහි අලුත් දේවල් වලට
    ශාන්ත පීටර්ස්බර්ග් නුවරට වඩා ඉඩ තියනවා...

    මගේ සුබ පැතුම් නව ප්‍රවේශයකට...

    ReplyDelete
  38. හොඳ දෙයක් එක්ක ආපහු එන්න. ඒත් ලස්සනම ලස්සන ගොඩක් දේවල් සිහිනයේ මම කියෙව්වා. ඒ සිහිනය සිහිනයක්ම වෙනවාට නම් මම කැමති නෑ කොහෙත්ම. ඒත් ජීවිතේ සාර්ථකත්වයට ගත්ත තීරණයක් නම් කණගාටුවෙන් උනත් සුබ පතනවා...!!

    ReplyDelete
  39. ඔයාගෙ වචන වලින් ඔයාව අඳුනගත්තු..කවිපද අකුරු අතර ඔයාගෙ හදවතේ තිබුණු ආදරය හඳුනගත්තු මට ඔයා මේ සිහිනයෙන් නික්මෙන දිනයෙදි කියන්න නම් දේවල් බොහොමයි..

    යථාර්තවාදීව දකිද්දි..මට ඔයා ගැන බොහොම සංතෝසයි ඇත්තෙන්ම...

    ඒ වුණත් සිහිනයෙන් මිදෙන්න දුකකුත් නැතුවම නෙවෙයි.....ආදරවන්තියක් විදිහට මමත් ඔයාගෙ සිහිනයට මොනතරම් තදින් බැඳිලා හිටියද කියලා කියන්නත් වචන නැති තරම්..පූජා..එයා මොනතරම් වාසනාවන්ත පෙම්වතියක්ද...එයාගෙ දුක්බර සමුගැන්ම දුක්බර නොවෙන තරමටම ඔයා එයාට මොනතරම් ආදරේ කලාද...

    අවංකවම...ඔය දෙන්නා ගැන හිතලා..ඊලඟට මම මගේම හිතින් අහලා බලනවා...දවසක මං ආදරෙන් බැඳුණු කෙනා මං වෙනුවෙන් මේ තරම් දෙයක් කරාවිද කියලා...අපේ ආදරේ වෙනුවෙන්...ටජ් මහලක් නෙවෙයි..කවි මාලිගාවක් මවාවිද කියලා.......නෑ...ගොඩක් පෙම්වතුන් එහෙම කරන්න තරම් ශක්තිමත් නැහැ...සමහරවිට වවුල්සුත් එහෙම කරන එකක් නෑ...

    ඉතින් මම ඔයා ගැන ආඩම්බර වුණා..ඒ තරම් දයාබර..ශක්තිමත් විදිහට ආදරේ කරන මගේ සහෝදරයා ගැන මේ නගා ඇත්තෙන්ම ආඩම්බර වුණා..අයියණ්ඩී...ඔයාගෙ හිතේ පොඩි හරි දුකක්...චකිතයක් තියෙනවාම්...මෙන්න මේක හිතට ගන්න...

    ඔයා පූජාව ජීවත් කරවලා ඉවරයි..එයාගෙ ආදරේ වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම පූජණියත්වය..ගෞරවය ඔයා දීලා ඉවරයි..ඉතින් පූජා ඔයාගෙ ජීවිතේට වර්ණ එක්වෙනවට පොඩ්ඩක්වත් අසතුටු වෙන එකක් නැහැ...දැන් ඉතින් එයාට යන්න දෙන්න...

    දවසක...ඒ තරම්ම දයාබරව..තවත් හිතකට රැකවරණයක්..සිසිලසක් වෙන්න...මගෙන් හද පිරි සුබ පැතුම්...:))

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්