Saturday, 15 October 2011

නුඹම පමනි





ඝණ අදුරුන් වැසීගිය
මේ අමාවක රාත්‍රියේ
මට පාර කියා දෙන
එකම සහන් එළිය
නුඹේ රුවම පමණක්ය..

රැහැයියන්ගේ හඩින්
වෙලාගත් මේ ඝණදුරු රැයේ
මගේ දෙසවහෙහි රැව්දෙන
සොදුරු වීනා නාදය
ඔබේ වදන් පමණක්ය..

කිඩාරම් මල් පිපෙන
මේ රෑ මැදියමේ
මට දැනෙන එකම
සේපාලිකා සුවද
නුඹේ සුවදම පමණක්ය..



මේ කවිය මම ලියලා තියෙන්නේ 2004 පෙබරවාරි 1.. ලංකාවෙන් එද්දී අහම්බෙන් අහු උන කවි කොල ටිකක් බෑග් එකට දාගෙන ආවා නේද කියලා දැන් තමයි මතක් උනේ.. කියන්න දෙයක් නෑනේ මේ අවුරුදු හතකට කලින් මම ලියපුවා..ඒ කියන්නේ O/L ලියන කාලේ.. කාට ලිව්වද කියලනම් ඔන්න මතක නෑ ඇත්තටම.. :D තව කවි වගයක් තියෙනවා.. ඒ ටික පස්සේ දාන්නම්...







8 comments:

  1. ඔය සීන් හැමදාම නොතියන එකනෙ අප්සැට් එක :(

    ReplyDelete
  2. රෑ යමට තනි රකින්නට
    දෙනෙත් අග මැවෙන සිහිනය නුඹ,
    සුමුදු මුහුනත සිපින,
    කෙහෙරැල්ල සිප හමන මද පවන නුඹ
    නීල තරු යාය මැඳ
    එලිය සඳනා සුපුන් සඳ නුඹ,
    ස්නේහයෙන් සිත් ඉම
    එකලු කරනා සුපෙම්වත ඔබ..

    ReplyDelete
  3. මමත් ලංකාවෙන් එද්දී අතට අහු උන කවි ටිකක් අරන් ආවා....ඒවා තමයි ඉතින් වටින දේවල්..ඔයා දැන් මොන රටේද ඉන්නේ?

    ReplyDelete
  4. මමත් ආසයි සේපාලිකා මල් වල සුවදට.....

    ReplyDelete
  5. ලස්සන කවි සිතුවිල්ලක් !!!
    කාලෙකට කලින් ලිව්වත් කවියේ රසයට නම් බාධා වෙලා නෑ.

    ReplyDelete
  6. ලස්සනයි...සේපාලිකා මල් වලින් දැනෙන සෞම්‍ය සුවඳ ආදරේ කරන කෙනෙක් ලඟදිත් දැනෙනවා ඇති. හිත නිස්කලංක කරන ගතියක් ඒ සුවඳේ තියනවා..

    ReplyDelete
  7. හම් හම්......ඒ කාෙල් ඉෙබ් ලියෙවන කවි හරිම සුන්දරයි....

    ReplyDelete
  8. ඒ කාලේ ඉඳලාම මනමාල කම....
    අනේ බොල....
    හික්ස් කිව්වලු....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්