Friday, 14 October 2011

අඬහැරය




තුවක්කුවේ කට තබාගෙන හිස මතට
ඉතුරු වී ගිය එකම එක මූනිස්සමකින්
ලං කර ගන්නට පෙරාතුව මගේම මරණය
අවාසනාවේ මතක මැවුනේ ඇයි දෑස් ලගම..

කාලෙකට ඉස්සර කොළු වයසේ දවසක
තව කොළු රෑනකගේ හූ හඩට විස්සෝපව
එලව එලවා පහර දුන්නා මතකයි අද වගේම
දෙවියන් යැයි සිතු ජන නායකයාගේ සවියට..

අගේ කර එතුමා මගේ වීරකම
ලං කරගෙන මාව ඔහුගේ දකුණත විලසට
තෑගි කල පිස්තෝලයම
මරණයට අත වනමින් අද මගේ හිස ලග..

කාලෙන් කාලෙට එනකොට දහසකුත් කරදර
පිහිට පැතුව නිසා මගෙන් අමතා කාරුණිකව
එකින් එක ඇද වැටෙද්දි නිසළ සිරුරු මහ පොළව මත
මගේ පවු පොත් පිරුණා අහස සේ උසට..

පියවරෙන් පියවර ඔහු යද්දී ඉහලටම
බාර කල නායකකම පාතාලයේ මට
හිතුනනම් දවසක මගේ අවසානයම වෙන බව
හැරෙන්න තිබුනා මේ මගින් තව දුර යන්නට පෙරාතුව..

එරී මේ මඩ වගුරේ දගලද්දී මං ගොඩ යන්න
විස්සෝප උන ඔහු ඇදගෙන යට ගිය ෆයිල් ගොන්නම
එලව එලවා පහර දෙද්දි සුදු රෙදි පොරවගෙන
කොච්චරනම් කෑගැහුවද ඔහු ගැන කියා මම..

එද්දි අළුත් කොළු ගැටවු මාව මරන්න හිතාගෙන
මැවිලා පෙනුනා නෙත් අග මගේ තරුණ කාලය
හිතුවනම් තව ටිකක් පියවර තබන්නට පෙර මේ මග
මුහුණ දෙන්න තිබුනා සිනහවකින් මට මරණයට..

වෙවුළුවත් දෑත අරගනිද්දි හිස ලගට පිස්තෝලය
ගැහෙන හදවත සාප කලා අද මටම
ඇහිපිල්ලමක දුර රැදුන මගේ මරණයට
අඩගසමි මම උන් එන්නට පෙරාතුව..

15 comments:

  1. අපොයි මොකෝ මේ මැරෙන කතා

    ReplyDelete
  2. ඇහිපිල්ලමක දුර රැදුන මගේ මරණයට
    අඩගසමි මම උන් එන්නට පෙරාතුව

    හිත හෙලවෙන වචන ටිකක්. මරු.

    ReplyDelete
  3. අගේ ඇති පද ගොන්නක්..යාලු..

    ReplyDelete
  4. මොකෑ එකපාරටම මෙහෙම කවි පද ටිකක් ලියන්න හිතුනේ ? මොනා උනත් අගේ ඇති කවි පද ටික.ලස්සනයි.

    ReplyDelete
  5. ඕහ්හ්හ්....සිහිනයෙන් මිදෙන්නද...මේ වෙනස් වෑයම... :D
    අයියණ්ඩිගෙන් අලුත්ම ආරක කවියක්නෙ... :))) ලස්සනයි...

    ReplyDelete
  6. ඔහොම අය එහෙම එකපාරටම මැරෙන්න හොඳ නෑ දිනේෂ්!!

    ReplyDelete
  7. @ ශානු : කාලය ලං උනාම කවුරුත් ඉතින් යන්න ඕනනේ...

    ReplyDelete
  8. @ පිණිබිදු : ඔව් අක්කේ අන්තිම පේලිය මුළු කවියම කියවෙනවා කියලා මට හිතෙනවා...

    ReplyDelete
  9. @ අසනි : තෑන්ක්ස් යාළු...

    ReplyDelete
  10. @ මධුරංග : නෑ අයියේ මෙහෙම දේවලුත් ලියවෙන්න ඕන කියලා හිතුනා ඒකයි.. අනික කොහොමත් මම මේ බ්ලොග් එකේ වෙනස් කම් කීපයක් කරන්න ඉන්නේ...

    ReplyDelete
  11. @ මකුළු පැංච් : ඔයාට තේරුනා මකුළු.. ඔව් මේ වෑයම සිහිනයට සමුදෙන්න තමයි...

    ReplyDelete
  12. @ තනි අලියා : ඔව් යාළුවා ඒකනම් ඇත්ත.. ඒත් ඒ කරපු වැරදි වලට දෙලොවෙන් කොහේදි හරි දඬුවම් ලැබෙනවාම තමයි..

    ReplyDelete
  13. හ්ම්ම් කටුක යථාර්තය :(

    ReplyDelete
  14. ඇති යන්තං .... ඔන්න මලයා මමත් ආවා මේ පැත්තෙ. පට්ටම වදන් සෙට් එක, ඇත්තටම ඕක තමා මල්ලි යථාර්තය, අපේ හුඟක් දේශපාලකයෝ කරන්නෙ ඔය වැඩේ තමා ..........

    “@ මකුළු පැංච් : ඔයාට තේරුනා මකුළු.. ඔව් මේ වෑයම සිහිනයට සමුදෙන්න තමයි...“
    මම මේ පෝස්ට් එකට වගේම ඔයා මේ දාලා තියන කමෙන්ට් එකටත් මාර කැමතියි, ඒ වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම පතනවා .........

    ReplyDelete
  15. "ඇහිපිල්ලමක දුර රැදුන මගේ මරණයට
    අඩගසමි මම උන් එන්නට පෙරාතුව..."

    පිණිබිඳු කිව්වා වගේ නියමම වචන ටික තියෙන්නේ එතන. වෙනසට කැමතියි.
    අලුතින් ලියන්න යන කථාවෙයි මේ කවියෙයි සම්බන්ධයක් තියනවද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්