Wednesday, 12 October 2011

වර්ණ : අවසන් දිගහැරුම




                බංකුව මත හිදගෙන උන් වයසක මිනිසාගේ චිත්‍රය සිතුම් කඩදාසිය මත සිතුවම් කලේ වෙනදා මෙන් උනන්දුවෙන් නොවූවත් සිතුම්ගේ හිත ටිකෙන් ටික චිත්‍රය වෙතට යොමු වූයේ සිතුම්ටත් නොතේරීය.. කල්පනා කරමින් උන් ප්‍රශ්ණ සියල්ල මොහොතකට අමතක කරලන්නට ඔහුට හැකිවිය.. බැහැ කියන්නට අකමැත්තෙන් සිතුම් ඇරඹි චිත්‍රය අවසානයට ලගා වූයේ සිතුම්ටත් නොදැනීමය..

“ හරි මහත්තයා.. මම චිත්‍රේ ඇදලා ඉවරයි..”

“ කෝ බලමු එහෙනම්..”

           සංසුන් ස්වරයෙන් සිතුම් ඇමතූ ඔහු සිතුම් ඇදි චිත්‍රය අතට ගත්තේය.. ඒ දෙස ඕනෑකමින් බොහෝ වේලාවක් බලා උන් ඔහු සිතුම්ව ඇමතුවේය..

“ පුතා එනවද මාත් එක්ක ගමනක් යන්න?”

“ මම ඒ කොහේද?”

“ නෑ බයවෙන්න එපා.. පුතා මේ චිත්රේ ලස්සනට ඇදලා තියෙනවා.. ඉතින් පුතාට මං මොනවා හරි දෙන්න ඕනනේ..”

“ නෑ මහත්තයා.. මට මුකුත් එපා..”

“ පුතා මං කියනදේ අහලා ටිකකට මාත් එක්ක යන්න එන්නකෝ..”

“ හ්ම්ම්.. හොදයි..”

               ඔහුගේ ඉල්ලීමට බෑ කියන්නට නොහැකි නිසාම සිතුම් ඔහු හා යන්නට සූදානම් වූවේය.. චිත්‍ර අදින්නට ගෙනා සියළුම දේ සූදානම් කරගත් සිතුම් ඔහු හා යන්නට පිටත් විය.. වාහනයට නැගී බොහෝ දුරක් එනතුරුම ඔහු සිතුම්ගේ තොරතුරු විමසුවේය.. පෞද්ගලික දේ ඇරෙන්නට සිතුම් අන් හැම දෙයක් ගැනම ඔහු හා පැවසුවේය.. සිතුම්ගේ හිතේ ඔහු ගැන යම් චකිතයක් ඇති උවද ඔහුගේ කතාබහට හා පෞර්ශය නිසා සිතුම් ඒ ගැන එතරම්ම නොතැකුවේය..

       සිතුම් හා පැමිණි පුද්ගලයා වාහනය ජනකලා කේන්ද්‍රය අසලින් නැවැත්වීය.. වාහනයන් නික්මුන් ඔහු සිතුම් හා එහි කාර්යාලය දෙසට පිය මැන්නේය..

“ මොකද පුතා?”

   සිතුම්ගේ නිහැඩියාව බිදලමින් ඔහු සිය හඩ අවදි කලේය..

“ නෑ.. මුකුත් නෑ මහත්තයා..”

        ටික දුරක් ඇවිද ගිය දෙදෙනාම කාර්යාලයට ඇතුළු වූ පසු සිතුම් තරමක් පුදුමයට පත් වූවේය.. ඒ එහි සිටි බොහෝ දෙනෙක් වයසක පුද්ගලයාට බොහෝම ගරුසරුව ආචාර කල නිසාය.. කාර්යාලය මැදින් ඇවිද ගිය ඔහු නතර වූයේ තවත් පුද්ගලයෙකු රැදී උන් කාමරයක් තුලය.. එහි උන් පුද්ගලයාට ඔහු සිතුම් ඇදි චිත්‍රය පෙන්වීය..

“ ඔබතුමා බලන්නකෝ මේ චිත්‍රේ දිහා..”

   සිතුම් ඇදි චිත්‍රය අතට ගත් ඔහු ඒ දෙස බලා සිටියේ උනන්දුවෙනි..

“ හරිම අපූරු ච්ත්‍රයක්නේ සේනාධීර මහත්තයා.. කවුද මේක ඇන්දේ?”

“ මෙන්න මේ ළමයා..”

  ඔහු සිතුම්ව පෙන්වමින් පැවසීය..

“ පුතා ඔයා හැබැම දක්ශයෙක්නේ..”

        ඔහු සිතුම්ට කල ප්‍රශංෂාවට සිතුම් සිනහවකින් ආචාර කලේය.. ඒ අතරේම සිතුම් හා පැමිනි පුද්ගලයා යලි සිය හඩ අවදි කලේය..

“ ඔබ තුමාට හිතෙන්නැද්ද අපේ අර පුරප්පාඩුවට මේ දරුවා හොදයි කියලා?”

“ හ්ම්ම්.. සේනාධීර මහත්තය හිතනවනම් මෙයයි සුදුස්සා කියලා මගේ අකමැත්තක් නෑ..”

         ඔවුන් අතරේ වන සංවාදය දෙස සිතුම් බලා සිටියේ පුදුමයෙනි.. සිතුවන්නේ කුමක්දැයි සිතුම්ට සිතාගන්නට නොහැකි විය.. ඔවුන් දෙස පුදුමයෙන් බලා උන් සිතුම් දෙසට හැරුන ඔහු සිතුම්ව ඇමතුවේය..

“ පුතා කැමතිද අපිත් එක්ක වැඩ කරන්න?”

“ වැඩ කරන්න? මට තාම තේරෙන්නේ නෑ ඔය මහත්තුරු මොකක් ගැනද කතා කරන්නේ කියලා..”

“ සිතුම් මම මෙහේ අර්ට් ප්‍රොෆෙසර් කෙනෙක්.. මගේ සෙක්ශන් එකේ හිටපු ගුරුවරයෙක් ලගදි අස් උනා.. ඉතින් මම කැමතියි පුතා ඒ අඩුව පුරවනවනම්..”

“ මේ මම?”

“ ඔව්.. මම ගොඩක් දවස් පුතා පාර්ක් එකේ චිත්‍ර අදින් දිහා බලාගෙන හිටියා.. හැබෑ දක්ශයෙකුට මේ විදිහට පාරේ රස්තියාදු වෙන්න දෙන්න බෑ කියලා මට හිතුන නිසයි මම අද පුතා ලගට ඇවිත් මගේ චිත්‍රයක් අදින්න කියලා කිව්වේ.. එවෙලේ පුතා හිටියේ ලොකූ කල්පනාවක කියලා මම දැක්කා.. එහෙම ඉදලත් මගේ චිත්‍රේ මෙච්ච්ර ලස්සනට ඇන්දනම් පුතා හිත නිදහස් වෙලාවට කොච්ච්ර ලස්සනට චිත්‍ර අදීවිද කියලා මට හිතුනා.. මොකද කියන්නේ මාත් එක්ක වැඩ කරන්න කැමතිද?”

    සිතුම් කියන්නට දෙයක් හිතාගන්නට නොහැකිව බලා සිටියේය..

“ ඒත් මහත්තයා මං ඒ තරම දුරට ඉගෙන ගෙන නෑ..”

“ ඒකට කමක් නෑ.. පුතාට පුළුවන් මගේ යටතේ ඉගෙන ගන්න.. ඒ ගමන්ම පුළුවන්නේ අනිත් අයටත් උගන්නන්න..”

“ මං කැමතියි මහත්තයා..”

“ අන්න හොදයි..”

        සිතුම් ලගට ආ ඔහු සිතුම්ව වැළද ගත්තේය.. කාර්යාලයේ උන් අනෙක් පුද්ගලයාගෙන්ද සුභ පැතුම් ලද සිතුම් කාර්යාලයෙන් එළියට නික්ම ආවේය.. සේනාධීර මහතාගේ ආරාධනයෙන් ඔහුගේ කාර්යාලයටත් ඔහු යටතේ ඉන්නා අනිත් ගුරුවරුන්වත් හමුවීමට ගිය සිතුම් ඔවුන් හා සුහදත්වයක් ගොඩ නගා ගත්තේය..

“ පුතා දැන් කොහේද යන්නේ? මම ගිහින් ඇරලවන්නම්..”

“ ඕන නෑ මහත්තයා.. මම මෙතනින් බස් එකේ යන්නම්..”

“ හ්ම්ම්.. කැමැත්තක්..”

   ඔහුට සමුදී නික්මෙන්නට සැරසුන සිතුම් ඔහුගේ දෙපා වැන්දේය..

“ මේ මොකද දරුවෝ?”

“ මහත්තයා නිසා අද මං අළුත් ජීවිතයක් ලැබුවා වගේ.. ඒකට මම කොහොම කලගුණ සලකන්නද කියලා මට තේරෙන්නේ නෑ..”

“ ඒ ගැන හිතන්න එපා පුතා.. පුතා ඔයාගේ අනාගතේ ලස්සන සිතුවමක් කරගන්න..”

             ඔහුට සමුදුන් සිතුම් ජනකලා කේන්ද්‍රයෙන් නික්මුනේ  කියා ගන්න බැරි සතුටකිනි.. ලගම තිබූ දුරකථන කුටියට දිව ගිය සිතුම් අම්මාට සිදුවූ සියල්ලක්ම එකින් එක විස්තර කලේය.. ඇයගෙන් ලද ආශිර්වාදය සමගින්ම සිතුම් ප්‍රාර්ථනාට ඇමතුමක් ගෙන ඇයට ඔවුන් මුලින්ම හමුවූ මුහුදු වෙරළට එන්නට පැවසුවේය..

“ ඇයි සිතුම්.. මොකක් හරි හදිස්සියක්ද?”

          මුහුදු වෙරළට පැමිණි ප්‍රාර්ථනා සිතුම්ගේ දෑතේ වෙලෙමින් ඇසුවාය.. සිදුවූ හැමදෙයක්ම සිතුම් ඇයට විස්තර කලේ මුහුණේ නැගුන සිනා රැල්ලක්ද සමගින්ය..

“ මට ඇත්තටම සතුටුයි සිතුම්.. මම බලාගෙන හිටියේ ඔයාගේ ජීවිතේ මේ ලස්සනම දවස එනකම්..”

          එසේ කී ප්‍රාර්ථානා සිතුම්ගේ පපුවට තුරුළු වී ඔහු විස්තර කල හැම දෙයක් ගැනම අසාගෙන සිටියාය.. කලින් කවදාවත්ම නොදුටු සිනහවක් සිතුම්ගේ මුවගේ ඇදෙනු දැක ප්‍රාර්ථනා බොහෝ සේ සතුටු වූවාය..

“ අපි යමු ප්‍රාර්ථනා..”

“ කොහේද?”

“ ඔයාගේ තාත්තා මුණ ගැහිලා ඔයාව අපේ ගෙදර එක්කන් යන්න අහන්න..”

        ප්‍රාර්ථනාගේ සුරතින් අල්ලාගත් සිතුම් ඇයත් සමග පිය නගන්නට විය.. සිතුමුත් ප්‍රාර්ථනාත් පැතු අළුත් ලොවක් ඔවුනේ දෑස මානයේ විය.. තම ජීවන සිතුවමට වර්ණ එක්කර ගත් සිතුම් ඇය හා ඈත වෙරළ තීරය තෙක් ඇවිදන් ගියේය..







27 comments:

  1. ලස්සනයි අයියේ.. මම බයේ හිටියේ සිතුම්ට ප්‍රාර්ථනාව නැති වෙයි කියලා... ලස්සනයි..

    ReplyDelete
  2. ගොඩාක් සතුටුය! අවසන් වීම ගැන නොවේ! මෙලෙස අවසන් වීම ගැන! :)

    ReplyDelete
  3. ලස්සන අවසානයක් !!!
    සිතුම්ගේ සාර්ථකත්වය සිතුම් පස්සේ ඇවිල්ලා. නියම කතාවක් මේක.
    ගොඩක් වෙලාවට අපි අපේ දක්ෂකම් අතෑරලා සාර්ථකත්වය පසු පස්සේ දුවනට මේක හොද පාඩමක් !!!

    ReplyDelete
  4. ලස්සන අවසානයක්...මම හිතපු දේ හරි එහෙනම්. වයසක මනුස්සයා හරිම වැදගතෙක් :)

    ReplyDelete
  5. ඔන්න එහෙනම් හොඳ අවසානයක් එක්ක කතාව අවසන් කලා නේද.....නියමයි...

    ReplyDelete
  6. ෆිල්ම් එකක් බැලුවා වාගේ ..

    හැපී එන්ඩිං එකක් අන්තිමේදී හැමෝම සතුටින් මම ඒ වගේ කතා වලට ආසයි ..

    ReplyDelete
  7. @ ප්‍රාර්ථනා : ඒ වගේ අවසානයක් දෙන්නත් මට උවමනාවක් තිබුනා.. මොකද ජීවිතේ හැමදාම සුඛාන්තයක් නෑනේ.. ඒත් මං පස්සේ ඒ අදහස වෙනස් කලා... ගොඩක් ස්තුතියි කතාවත් එක්ක හැමදාම එකතු උනාට...

    ReplyDelete
  8. @ තනි අලියා : ගොඩක් ස්තූතියි යාළුවා...

    ReplyDelete
  9. @ මධුරංග : ඇත්තෙන්ම ඔව් අයියේ.. අපි අපේ හැකියාවන් දක්ශකම් ගැන විශ්වාස කරන්න ඔන.. එතකොට සාර්ථකත්වය අපි ලගට ඉබේම වගේ එනවා.. නැත්නම් හැල්මේ දුවලා අපි දවසක අතරමං වෙනවා..

    ReplyDelete
  10. @ සයුරි : ඔව් අක්කේ.. කලින් කොටසෙන් අක්කා හිතපු දේ හරි.. වැදගත් මිනිස්සූ කපටි මිනිස්සූ මේ හැම කෙනෙක්ම අපේ ජීවිත වලට නිතරම ලං වෙනවා.. සිතුම්ට කලින් මුණ ගැහුන ආගන්තුකයා වගේ.. අපිට පුළුවන් වෙන්න ඕන හරි කෙනා අදුන ගන්න..

    ReplyDelete
  11. @ දිල් : ඔව් අක්කේ.. ගොඩක් ස්තුතියි හැම්දාම වගේ දුන්න අදහස් වලට.. අක්කගේ හිතේ මැවුන විදිහටම මං කතාව ඉවර කලාද දන්නෙනෑ.. ගොඩක් වෙලාවට මේ අවසානය ඊට වඩා වෙනස් ඇති...

    ReplyDelete
  12. @ හිස් අහස : තෑන්ක්ස් සදරුවෝ.. කතාවේ හැමෝගෙම වගේම කියවන අයගෙත් හිත සතුටු වෙන විදිහට අවසන් කරන්න පුළුවන් උන එක ගැන මම සතුටු වෙනවා...

    ReplyDelete
  13. තවත් ලස්සන කථාවක් පටං ගන්න...

    ReplyDelete
  14. හැම කථාවක් ම ශෝකාන්තයකින් අවසන් වෙන කාලයක ඔයාගේ කථාව හිතට සතුටක් ඇති කලා, තවත් ලස්සනට ලියන්න මගෙන් සුබ පැතුම්!!

    ReplyDelete
  15. මරු මචං. ම‍ට මේ කතාව සෙට් වුනේ අහෙන් මෙහෙන්.... පුළුවන්නම් කතාව pdf කරලා බාගන්න ලින්ක් එකක් දියන්.

    ReplyDelete
  16. සරලයි, ලස්සනයි. තවත් කතාවක් ලියමු යාළුවා.

    ReplyDelete
  17. ඔන්න මන් කියපු දේ හරි නේද අයියා....අන්තිමට සිතුම්ට ලැබෙන්න ඕන තැන එයාට ලැබුණා...ඒ වගේම වටින ආදරෙත්...

    දිනේෂ් අයියාගෙන් අළුත් කතාවක් ළඟදීම....එහෙම වෙයි නේද?....:D :D

    ReplyDelete
  18. @ ඔබ නොදුටු ලොවක් : ඔව් යාළුවා කතා කීපයක්ම හිතේ තියෙනවා.. ඉක්මනින් පටන් ගන්න ඕන...

    ReplyDelete
  19. @ ලහිරු : ස්තුතියි යාළුවා.. සිහිනයට සාදරයෙන් පිළිගන්නවා...

    ReplyDelete
  20. @ prasanna86k : හරි මළු.. මම හදලා දාන්නම්... ස්තුතියි මේ පැත්තට නිතරම ආවට...

    ReplyDelete
  21. @ හිරණ්‍ය : ඔව් යාළුවා.. අදහස් කීපයක්ම තියෙනවා.. ඒත් තවත් ආදර කතා නම් ලියන්න අදහසක් නෑ.. වෙනස් තේමාවක් තියෙනවා.. ඒක ගැන මේ ටිකේ හිතමින් ඉන්නේ...

    ReplyDelete
  22. @ සිතුවිලි නිහඩයි : ඔව් ඇත්තෙන්ම කෙනෙක්ට බලාපොරොත්තු වෙන තැනත් ආදරයත් දෙකම අවසානයේ ලැබෙන්නේ කලාතුරකින්.. ඔව් ඔව්.. කතාවක් ලෑස්තියි.. හැබැයි ඊට කලින් ලොකූ වෙනස් කම් ටිකක් කරන්න තියෙනවා...

    ReplyDelete
  23. ඕහ්හ්....හැමදේම ලස්සනට නිමවෙලා... :)))

    ReplyDelete
  24. හ්ම්ම්.ඔක්කොම එක හුස්මට කියවගෙන ගියා.ලස්සනට ලියල තියෙනවා අය්යෙ.අවසානයේ ආදරය ලෑබුනානෙ කොහොමහරි.

    ReplyDelete
  25. අද තමා ඔක්කොම කොටස් ටික කියවල ඉවර කලේ. මම හිතා හිටියෙ ශෝක්හාන්තයක් වෙය්ද කියල. කතාව රස වින්දා.

    ReplyDelete
  26. ලස්සන කතාවක් ලස්සන අවසානයක් .........

    ReplyDelete
  27. කලින් කියවපු කතාවෙන් ආපු ශෝක මූඩ් එක මේ කතාව නිසා නැතිවෙලා ගියා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්