Tuesday, 11 October 2011

වර්ණ : දොලොස්වන දිගහැරුම





             සිතුම්ගේ නිහැඩියාව අන් හැම ප්‍රශ්ණයකටම පිළිතුරු දුන්නේය.. ප්‍රාර්ථනාත් ඇගේ තාත්තාත් ඊටත් වඩා ඒ ගැන කතා කරන්නට නොගියේ එයින් සිතුම්ගේ හිත රිදෙන බැව් දැන උන් නිසාය..

“ සිතුම් මට සමාවෙන්න අනවශ්‍ය වෙලාවක මේ වගේ දෙයක් මම කතා කල එකට”

“ අනේ නෑ අංකල්.. අංකල් මේ දේවල් මාත් එක්ක කියපු එක හොදයි.. මට ඒකෙන් මිනිස්සු කවුද කියලා හරියටම අදුන ගන්න පුළුවන් උනා..”

“ පුතා මං මෙච්චර දවසක් හිතුවේ මේ චිත්‍ර වලින් කාටවත් වැඩක් නැතුව ඇති කියලා.. ඒත් මං වැරදියි කියල මට අදයි තේරුනේ.. පුතා දක්ශයෙක්..”

      සිතුම්ගේ පිටට තට්ටුකල තාත්තා නික්මගියේ ඔහුගේ හිතේ ඇතිවූ ලැජ්ජාව නිසාය.. සිතුම්ගේ දක්ශතව ගැන නොදැන හැම මොහොතකම ඔහුට සමච්චල් කලහැටි ප්‍රාර්ථනාගේ පියාට මේ මොහොතේ මතක් වූ නිසාම ඔහු හිස පහත් කරගෙන එතැනින් නික්මුනේ ප්‍රාර්ථනා දෙසවත් නොබලමින්ය..

             මොහොතකට රැදුන නිහැඩියාව අතරම නිවසින් එළියට ආ සිතුම් ගෙමිදුලේ වූ බංකුව මත වාඩි උනේ දහසකුත් දේ කල්පනා කරමින්ය..ඔහු පසුපසින්ම පැමිණි ප්‍රාර්ථනා සිතුම් ලගින් හිදගත්තත් ඔහු හා කතා නොකර මොහොතක් සිතුම්ගේ මුහුණ දෙස බලා සිටියාය..

“ ඔයාට දුකයිද සිතුම්?”

“ දුකයි.. ඒ ඇයි?”

“ නෑ මේ සිද්ද උන දේට..”

“ නෑ ප්‍රාර්ථනා.. මට පොඩ්ඩක් වත් දුකක් නෑ..”

         ප්‍රාර්ථනා මොහොතක් සිතුම් දෙස බලා සිටියේ පුදුමයෙනි.. ජීවිතේ පළමු වතාවට ඇයට සිතුම්ව තේරුම් ගන්නට නොහැකි විය.. ටික වේලාවක් නිහඩව සිටි ඇය ආයෙත් ඇගේ හඩ අවදි කලාය..

“ මෙච්චර දෙයක් වෙලත්?”

“ ඇත්තටම මට දුක නෑ ප්‍රාර්ථනා.. මම ඒ චිත්‍ර විකිණුවේ මගේ අනාගතය ගැන හිතාගෙන නෙමෙයි.. මගේ අම්මව බේර ගන්න හිතාගෙන.. මට ලැබුනේ පුන්චි මුදලක් උනාට ඒකෙන් මගේ බලාපොරොත්තුව ඉශ්ඨ උනා.. ඒ හින්දා මං ඒ ගැන හිතලා දුක් වෙන්නේ නෑ..”

“ මට ඔයා ගැන ගොඩක් සතුටුයි සිතුම්..”

“ ජීවිතේ අපි ගන්න තීරණ ඔක්කොම ගොඩක් වෙලාවට නිවැර්දි නෑ ප්‍රාර්ථනා.. ඔයාලගේ තාත්තා නිසා මම ඒ බොරු කාරයව අදුන ගත්තා.. නැත්නම් මම හෙටත් ඒ මිනිහටම මගේ චිත්‍ර විකුණන්න තිබුනා..”

“ ඔයා මට ඒ මිනිහගේ නොම්බරේ මට දෙන්න.. මම කතා කරලා කියන්න මේ චිත්‍ර වෙල ඇත්තම අයිති කාරයා කවුද කියලා..”

“ ඕනි නෑ ප්‍රාර්ථනා.. ඒකෙන් අපිට ලැබෙන දෙයක් නෑ.. කොහොමත් මම දැන් මගේ චිත්‍ර ඒ මනුස්සයට විකුණලා ඉවරයි.. දැන් ඒවයේ අයිතිය තියෙන්නේ ඒ මනුස්සයට..”

“ ඒත් සිතුම්..”

“ එපා ප්‍රාර්ථනා ඔයා අනවශ්‍ය ප්‍රශ්ණයක් ඇති කර ගන්න එපා..”

“ ඔයාගේ කැමැත්තක් සිතුම්.. ඒත් දැන් ඔයා ඊළගට මොකද කරන්න හිතාගෙන ඉන්නේ?”

“ දන්නෑ ප්‍රාර්ථනා.. මමත් තාම ඒ ගැන කල්පනා කරනවා..”

“ ඔයා කවදාවත්ම වැරදි දෙයක් කරන්නේ නෑ කියලා මං දන්නවා සිතුම්..”

         සිතුම්ගේ පපුවට තුරුළු වූ ඇය කිසිවක් නොකියාම දෑස් පියාගෙන ඒ උණුහුම විදගත්තාය..

......................

          ටිකෙන් ටික කාලය ගෙවී ගියේ සිතුම්ව ඔහුගේ ප්‍රශ්ණ අතරම තවත් හිර කරමින්ය.. සිතුම්ගේ හිතට ලැබුන එකම සහනය වූයේ එදායින් පසුව ප්‍රාර්ථනාගේ තාත්තා ඔහුට රැකියාවක් ගැන ඕනාවට වඩා බලපෑම් නොකිරීමය.. ඔහු නොකීවත් රැකියාවක ඕනෑකම සිතුම්ට වෙනදාටත් වඩා දැනෙමින් තිබුනේය..

                 හැමදාකම සුපුරුදු ලෙස සිතුම් චිත්‍ර ඇද්දත් ඔහුට ඒ ගැන ලොකු කැපවීමක් නොතිබුනේය.. ඉන්පසු කිසිම දවසක සිතුම්ට ඔහුගෙන් චිත්‍ර මිලදි ගත් ආගන්තුකයා මුණ නොගැසුනත් ප්‍රාර්ථනාගේ තාත්තා ඔහු හමුවී බැන වැදුන බව සිතුම් ප්‍රාර්ථනාගෙන් දැන ගත්තේය..

        කාලය දින මාස ගනන් වලට පෙරළුනේ සිතුම්ටවත් නොදැනීමය.. සිතුම්ගේ බෝඩිමේ මිතුරා පොරොන්දුවූ පරිද්දෙන්ම සිතුම්ට රැකියාවක් සොයන්නට බොහෝ සේ මහන්සි වූවේය.. නමුත් ඒ කිසිවකින් ප්‍රතිඵලයක් නොවුයෙන් සිතුම් බොහෝ සෙයින් මානසිකව ඇද වැටි සිටියේය..

             වෙනදාමෙන්ම සිතුම් නිවසින් නික්ම චිත්‍ර ඇදීමට උද්‍යානයට ආවත් ඔහුට ඒ සදහා සිතක් නොවූයෙන් බංකුවක් මත හිදගත් සිතුම් කල්පනා කරමින් සිටියේය.. සිතුම් හිදගෙන සිටි බංකුවේම හිදගත් තරමක් වයසක පුද්ගලයෙක් සිතුම් දෙස බලා සිටියේ ඕනෑකමින්ය..

“ පුතා අද චිත්‍ර අදින්නේ නැද්ද?”

       ඔහුගේ හඩ සවනත වැටෙත්ම සිතුම් සිත යොමාගෙන උන් කල්පනාවෙන් මිදුනේය..

“ සමාවෙන්න මහත්තයා මම වෙන කල්පනාවක හිටියේ..”

“ මම ටිකක් වෙලා බලාගෙන හිටියේ පුතා දිහා.. ඇයි පුතා මොකක් හරි ප්‍රශ්ණයක්ද?”

“ ආ.. නැහැ.. එහෙම දෙයක් නෑ..”

“ පුතාට පුළුවන්ද මගේ චිත්‍රයක් ඇදලා දෙන්න?”

“ පුළුවන් මහත්තයා.. ඉන්න මම ලෑස්ති වෙනකම්..”

“ මට හදිස්සි නෑ පුතා.. පුතා වෙලාව අරන් චිත්‍රේ අදින්න..”

                       සිතුම්ට චිත්‍රය අදින්නට කාලය ලබා දුන් ඔහු පුවත් පතක් කියවන්නට පටන් ගත්තේ සිතුම්ගේ චිත්‍රයට හොද ප්‍රතිරූපයක් ලබා දෙමින්ය.. පුවත් පත බලමින් සිටි වයසක පුද්ගලයාගේ චිත්‍රය සිතුම් කෙමෙන් කෙමෙක් කඩදාසියේ සිතුවම් කලේය..




වර්ණ අවසන් දිගහැරුමෙන් යලි හමුවෙමු.....

15 comments:

  1. ඔහොම යං ඔහොම යං! අාසාවෙන් ගලායාම දෙස බලා සිටිමි! :)

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි..මම ඊයෙ තමයි මේකට හරියටම සෙට්වුනේ..දැන් හොඳින් කියවනවා..

    ReplyDelete
  3. හ්ම්..... අවසානය හොද වෙයි වගේ...:)))

    ReplyDelete
  4. @ තනි අලියා : ගොඩක් ස්තුතියි යාළුවා.. අවසාන දිගහැරුම බලන්න අමතක කරන්න එපා...

    ReplyDelete
  5. @ ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර : අවසානයට කලින් මුල් කොටස් ටිකත් කියවන්න.. මේ කතාව නම් ටිකක් දිග වැඩියි මම ලියපු අනිත් ඒවට වඩා...

    ReplyDelete
  6. @ නිසූපා : දැම්මම ඒ ගැන තීරණය කරන්න එපා අක්කේ.. සිතුම් මොනවගේ තීරණයක් අන්තිමට ගනියිද කියන්න බෑනේ...

    ReplyDelete
  7. කට්ටියම වගේ මාත් හොද සුඛාන්තයක් වෙන්න කියලා පතනවා. එහෙම වේවි මේ කතාව.
    මම් කියවපු අනිත් කතා ටිකක් විතර දුක හිතෙන ඒවා උනත් මේ කතාව එහෙම වෙන එකක් නෑ.

    ReplyDelete
  8. කට්ටියම වගේ මාත් හොද සුඛාන්තයක් වෙන්න කියලා පතනවා. එහෙම වේවි මේ කතාව.
    මම් කියවපු අනිත් කතා ටිකක් විතර දුක හිතෙන ඒවා උනත් මේ කතාව එහෙම වෙන එකක් නෑ.

    ReplyDelete
  9. මේ වයසක මනුස්සයා..කවුරුහරි වැදගත් කෙනෙක් වෙන්න ඕන...හ්ම්

    ReplyDelete
  10. කතාව කියවන්න ලැබුනේ අතරින් පතර ..කමක් නෑ හෙට නිවාඩු සේරම හෙටවත් කියවනවා

    ReplyDelete
  11. @ මධුරංග : හැම කතාවකම අවසානය සුඛාන්තයක් වෙන එක තමයි කාගෙත් බලාපොරොත්තුව... තව එක කොටසනේ ඒකත් බලලම අයියම තීරණය කරන්නකෝ ඒක...

    ReplyDelete
  12. @ සයුරි : අක්කා ඒ මනුස්සයාගේ චරිතය දකින්නේ ඒ විදිහටද??? හ්ම්ම්ම්...

    ReplyDelete
  13. @ හිස අහස : කමක් නෑ මල්ලි.. නිවාඩුවේ මුළු කතාවම කියවන්නකෝ... කොහොමත් කතාවක් එක දිගට කියවද්දි තමයි ලස්සන...

    ReplyDelete
  14. අවසන් කොටසත් කියලම ඉන්නම්,,,

    ReplyDelete
  15. දැන් මොකද වෙන්නෙ ........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්