Sunday, 9 October 2011

වර්ණ : එකොලොස් වන දිගහැරුම




       දින කීපයක් යත්ම අම්මගේ සෞඛ්‍ය තත්තවය යහපත් අතට හැරෙමින් තිබුනේය.. රෝහලෙන් නික්ම ඇයව ගෙදරට එක්කන් ආවේ ඇයට විවේකය ලබා දෙන්නයි වෛද්‍යවරයාගෙන් ලැබුන උපදෙසුත් සමගමය.. අම්මා හිටියේ වෙනදාට වඩා හිතේ සතුටින් බව සිතුම්ට හොදින්ම දැනුනේය.. ඒනිසාම ඇය ඉක්මනින් සුව අතට හැරෙමින් සිටියාය..

“ අම්මා මේ ටිකේම් ඉන්නේ ගොඩක් සතුටින් නේද?”

“ ඔව් මගේ පුතේ.. මගේ පුතා මේ ටිකේම මගේ ලගට වෙලා හිටියා.. ඊටත් වඩා මට මොනවද ඕන..”

“ ඒත් අම්මේ හෙට විතර මම කොළඹ යන්නත් ඕන..”

“ ඒකට කමක් නෑ පුතේ.. මේ ටිකේ පුතාගේ වැඩත් පාඩු උනානේ..”

“ පාඩු වෙන්න තරම් වැදගත් වැඩක් මට නෑනේ අම්මේ..”

“ මම මේ පුතාට කියන්නමයි හිටියේ.. ජීවිතේ ඉස්සරහට මීට වඩා ප්‍රශ්ණ එන්න පුළුවන්.. පුතාගේ රස්සාව පුතාගේ අනාගතේට ප්‍රශ්ණයක් වෙයි කියලා මට හිතෙනවා..”

“ මමත් කල්පනා කරන්නේ ඔය ගැනම තමයි අම්මේ..”

“ පුතාම කල්පනා කරලා බලලා හොද තීරණයක් ගන්න.. ප්‍රාර්ථනා දුවගේ තාත්තා උනත් හැමදාම මේ විදිහට බලාගෙන ඉන්න එකක් නෑනේ..”

“ අපි ඕක ගැන දැනට අමතක කරමු අම්මේ..”

               සිතුම් කතාව වෙනතකට හැරවූයේ ඉන් අම්මගේ හිත රිදෙන බැව් දන්නා නිසාය.. දැන් ඇයට ඕන කරන්නේ හිතේ සතුට පමණක්ම නිසා සිතුම් හිතේ කොතරම් ප්‍රශ්ණ තිබුනත් ඒ ගැන අම්මා සමග කතා නොකරන්නට සිතා ගත්තේය..

            පසුදා පාන්දරම නිවෙසින් පිටත් වූ සිතුම් බෝඩිමට පැමිනියේය.. එදින නිවාඩු දිනයක් වූ බැවින් සිතුම්ගේ මිතුරාද එදින බෝඩිමේ සිටියේය.. අම්මා ගැන තොරතුරු බෝහෝ වේලාවක් සිතුම් ඔහු හා පැවසුවේය..

“ මචං.. උඹට පුළුවන්නම් මට රස්සාවක්ක් හොයාගන්න උදව් කරපන්..”

“ රස්සාවක්.. මොකෝ බං මේ හදිස්සියේම?”

“ නෑ මචං.. උඹ දන්නවනේ පහුගිය දවස් ටිකේ මම වින්ද දුක.. හරි හමන් රස්සාවක් නැතුව මම කොහොමද මේ විදිහට හැමදාම ඉන්නේ..”

“ උඹ කියන දේ හරි.. ඒත් උබේ චිත්‍ර.. උඹට පුළුවන්නේ උඹ අර චිත්‍ර විකුණුවයි කියපු මෑන්ටම හැමදාම උබේ චිත්‍ර දෙන්න..”

“ ඔව්.. ඒත් චිත්‍ර අදින්න තරම් හිතේ නිදහසක් දැං මං ලග නෑ මචං..”

“ හරි උඹේ කැමැත්තක්.. මම උඹට කොහොමහරි උදවුවක් කරන්න බලන්නම්..”

“ උඹට පුළුවන්නම් ඒක ලොකු උදවුවක් මචං.. මම තව ටිකකින් යනවා ප්‍රාර්ථනාලගේ ගෙදර.. ගිහින් ඇවිත් අපි මේ ගැන තව ටිකක් කතාකරමු..”

“ හරි මචං උඹ ගිහින් වරෙන්.. අපිට ඉතින් නිවාඩු දවසෙවත් බලන්න යන්න කෙල්ලෙක් ඉන්නවයි කියලයි..”

       හිතේ සිරවූ ප්‍රශ්න අතරින්ම යාළුවාගේ වදන් වලට සිතුම්ගේ මුවගට සිනාවක් නැගුනේය.. ඒ සිනා රැල්ල මුවගේ රදවාගනිමින්ම සිතුම් ප්‍රාර්ථනාගේ නිවසට ගොඩවිය..

“ මම ඒත් බැළුවා ඔයා ඇයි පරක්කු කියලා..”

     නිවසට ගොඩවත්ම සිතුම්ගෙ අතින් අල්ලාගත් ප්‍රාර්ථනා කී වදන් සිතුම්ගේ හිතට මහත් සැනසිල්ලක් ගෙනාවේය..

“ යාළුවත් එක්ක ටිකක් කතාකර කර හිටියා.. එකයි.. තාත්තා නැද්ද ගෙදර?”

“ ඉන්නවා.. අපි යමු ඇතුලට..”

“ අපි එළියේ වාඩිවෙලා ටිකක් කතා කරමු..”

“ හා..”

        ගෙමිදුලේ වූ බංකුවක වාඩි වූ සිතුම් ප්‍රාර්ථනා හා බොහෝ වේලාවක් කතා කරමින් සිටියේය.. සිතුම්ගේ බොහෝ ප්‍රශ්ණ වලට ප්‍රාර්ථනා ලග විසදුම් තිබුනාය.. එනිසාම සිතුම් ඕනෑම දෙයක් ගැන පරාර්ථනා හා කතා කලේය..

“ මොකෝ මේ අද එළියෙම වාඩි වෙලා.. එන්නේ නැද්ද ඇතුලට?”

        සිතුමුත් ප්‍රාර්ථනාත් ලගට ආ ප්‍රාර්ථනාගේ තාත්තා ඔවුන්ගේ කතාවට බාදා කලේය.. ඔහුගේ ඇරයුමින් නිවසට ගොඩ උන සිතුම්ව සුපුරුදු පරිදිම තාත්තා සමග තනිකර ප්‍රාර්ථනා මුළුතැන්ගෙට ගියේ තේකක් හදාගෙන එන්නට සිතාගෙනය..

“ කොහොමද සිතුම් දැන් අම්මට?”

       ප්‍රාර්ථනාගේ පියා සුපුරුදු පරිදිම කතාවට මුල පිරුවේය.. අම්මගේ සුවදුක් විමසන අතරේම ඔහුගේ කතාව ඇදී ගියේ සුපුරුදු මාතෘකාව වෙතටය.. වෙනදා මෙන්ම සිතුම් නිහඩව සිටිද්දි ප්‍රාර්ථනා ඔහුගේ උදව්වට ආවාය..

“ සිතුම් පොඩ්ඩක් ඉන්න.. මට තියෙනවා දෙයක් පෙන්නන්න..”

       සිතුම්ගේත් ප්‍රාර්ථනාගේත් හිතේ කුතුහලයක් ඉතිරි කර නික්ම ගිය ඔහු මද වේලාවකින් පැමිනීයේ වටිනා රාමුවක දැමූ ච්ත්‍රයක්ද අතැතිවය..

“ බලන්නකෝ මේ චිත්‍රේ දිහා.. ඕක මම ගත්තේ ලොකු ප්‍රද්‍ර්ශ්නේකින්.. ඕක ඇදලා තියෙන්නේ ප්‍රසිද්ද චිත්‍ර ශිල්පියෙක්..”

   ඔහු චිත්‍රය සිතුම්ගේ අතට දෙත්ම සිතුම් පුදුම වූවේය..

“ තාත්තට කොහෙන්ද මේක හම්බුනේ.. මේක සිතුම් ඇදපු චිත්‍රයක්නේ..”

“ මොනවා සිතුම් ඇන්ද එකක්..”

“ ඔව් තාත්තේ.. සිතුම්ගේ චිත්‍ර මම දන්නේ නැද්ද.. අනික මේක අදිද්දී මමත් එතන හිටියා..”

“ එතකොට ඒ මිනිහා මට කිව්වේ බොරුද? ඔය යටින් අත්සන ගහලත් තියෙන්නේ..”

                සිතුම්ගේ දෑස යොමු උනේ චිත්‍රයේ  අග කෙලවරක වූ අත්සන දෙසටය.. ඒ නම සිතුම්ට හොදින් හුරු පුරුදුය.. එදා සිතුම් චිත්‍ර විකුණුවේ මේ පුද්ගලයාටමය..

“ තාත්තා මේක කීයක් දීලද ගත්තේ?”

“ ඕකට මම රුපියල් ලක්ෂයකට වඩා දුන්නා..”

“ ඔයාට ඒ මනුස්සය මේ චිත්‍රෙට කීයක් දුන්නද සිතුම්..”

“ මගේ ඔක්කොම චිත්‍ර වලට හම්බුනේ ඒ වගේ ගානක්..”

              වේදනාබර කටහඩකින් සිතුම් පවසත්ම ප්‍රාර්ථනාටත් ඇගේ පියාටත් සිදුවූ දෙය හොදින්ම වැටහී ගියේය..



22 comments:

  1. හ්ම්ම්.. හොද පැත්තට හැරෙනවා වගේ. ඒත් අර මනුස්සයා කරපු වැඩේ නම් අන්තිමයි..

    ReplyDelete
  2. හ්ම්ම්ම්...තවත් දිග හැරුමක්...අපූරුවට....ඉතින් ඊට පස්සෙ....

    ReplyDelete
  3. අප්පා...ඔය තියෙන්නෙ බොරුව මාට්ටු වෙලා.

    ReplyDelete
  4. ෂා..කතාව මේ වගේ පැත්තක හැරෙනවට මම හරිම කැමතියි :)

    ReplyDelete
  5. ඔය තින්නේ,.....................!
    වැඩේ ගොඩ...

    ReplyDelete
  6. අප්පට සිරි !!!
    සිතුම්ට චිත්‍ර ඔක්කෝටම ලැබුන ගාන අර මනුස්සයා එක චිත්‍රයක් විකුණලා. ඔවුවා කැත වැඩ ඈ.

    ReplyDelete
  7. ඔන්න කාලෙකින් කමෙන්ට් එකක් දාන්න මේ පැත්තට ගොඩ වුනේ. කමෙන්ට් නොකලට ඔක්කොම කොටස් ටික කියෙව්වා. හැම දෙයක්ම හොඳ පැත්තට හැරෙන්න වගේ යන්නේ. ඔය වගේ වංචාවල් කොයිතරම් වෙනවා ඇද්ද? දැන් තමයි හොඳම හරිය, ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
  8. ඒකනේ මන් කීවෙ ඔය මනුස්සයා එන්නේ හොඳකට නෙමේ කියලා....ඇති ඔයින් බේරුණා.....

    ReplyDelete
  9. @ මහිම : ඔව් යාළුවා අපි බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  10. @ ප්‍රාර්ථනා : සමහරක් මිනිස්සුන්ගේ හැටි ඔහොමයි.. තමන්ගේ වාසිය විතරයි බලන්නේ...

    ReplyDelete
  11. @ දිල් : ඉක්මනින්ම කියන්නම් අක්කේ.......

    ReplyDelete
  12. @ නිසුපා : ඔව් අක්කේ.. බොරු කාරයෝ අද හැමතැනකම........

    ReplyDelete
  13. @ සයුරි : කතාව මම විවිධ පැති වලට හරවනේ හරිම බයෙන්.. ඒක සාර්ථක වෙයිද දන්නේ නැති නිසා...

    ReplyDelete
  14. @ රහස් පරීක්ෂකයා : සිතුම්ගේ ඊළග තීරණය කතාව කොහොම ඉදිරියට ගෙනයාවිද කියලා අපි බලමු...

    ReplyDelete
  15. @ මධුරංග : වැඩේ නම් කැතයි තමයි අයියේ.. ඒත් පුන්ව්හි කලාකරුවන්ගේ දේවල් පොඩි ගානකට අරන් ලොකු ලාබ ලබන අය ඉන්නවා...

    ReplyDelete
  16. @ Kasun : කමක් නෑ මල්ලී... ඔව් ඔයා හරි මේ වගේ වංචා අපි නොදන්නවා උනාට ඕන තරම් වෙනවා ඇති.. අනිත් කොටස ඉක්මනින් දාන්නම්...

    ReplyDelete
  17. @ සිතුවිලි නිහඩයි : ඔයා කලින් මගෙන් අහපු ප්‍රශ්ණෙට උත්තර ලැබෙන්න ඇති කියලා මම හිතනවා..

    ReplyDelete
  18. වර්ථමාන සිතුවම් කරුවන්ට වන එක් අසාධාරනයක පැති කඩක්...ලස්සනට කතාවෙන් ඉස්මතු කරලා.

    ReplyDelete
  19. @ -නිල් අහස- : ඔව් අයියේ මට මේ කතාවේ ඔන උනෙත් ඔය දේ ගැන කතා කරන්න තමයි.. ආදරයට වඩා..

    ReplyDelete
  20. මට හිතුනා ඔය සීන් එක කතාවෙ කොයි වෙලේ හරි එයි කියලා, මට මතක නාට්‍යකුත් ගියා මේ හා සමාන ..........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්