Friday, 7 October 2011

වර්ණ : දසවන දිගහැරුම






අපි දෙන්නා ගැන?”

             ප්‍රාර්ථනාගේ හිතේ මොහොතකින් ප්‍රශ්ණ ගණනක් මැවුනද ඒ කිසිවක් නොපෙන්නා ඇය සිතුම්ට සවන් දුන්නාය..

“ ඔව් ප්‍රාර්ථනා මම කල්පනා කලේ අපි දෙන්නා ගැන.. අපේ අනාගතය ගැන..”

        ප්‍රාර්ථනා මොහොතක් නිහඩව හිද සිතුම්ගේ දෑතේ අගිලි අතර ඇගේ දෑත පටලවා ගත්තාය..

“ මට හැමදෙයක්ම කියන්න සිතුම්.. මට මුකුත් හංගන්න එපා..”

“ මට ඔයාගේ අනාගතේ ගැන බයයි ප්‍රාර්ථනා.. මාත් එක්ක  ඇවිත් ඔයාටත් දුක් විදින්න වේවියි කියලා මගේ හිතට බයක් දැනෙනවා ප්‍රාර්ථනා.. බලන්න අම්මා දිහා.. එයාට ගොඩක් අමාරු වෙනකම්ම මට අම්මව සනීප කරගන්න බැරි උනා.. අදත් මම පරක්කු උනානම්..”

“ එහෙම කියන්න එපා සිතුම්.. අම්මා ගොඩක් සතුටින් ඉන්නේ.. එයා ගොඩක් ආඩම්බරෙන් ඔයා ගැන මාත් එක්ක කතා කලේ..”

“ ඒත් ප්‍රාර්ථනා බලන්න මං දිහා.. මට මොනවද තියෙන්නේ.. මගේ ජීවිතේ සතුටකට අම්මගෙයි ඔයාගෙයි ආදරේ ඇරුනකොට මට ඉතුරුවෙලා තියෙන්නේ ප්‍රශ්ණ කන්දක් විතරමයි..”

“ ජීවිතේ කියන්නේ ප්‍රශ්ණ වලට සිතුම්.. අපි දෙන්නා එකතු වෙලා ඒ හැම ප්‍රශ්ණෙකටම උත්තර හොයමු..”

“ ඒත් ප්‍රාර්ථනා..”

“ නැහැ සිතුම්.. එදා මුහුදු වෙරළෙදි අහම්බෙන් මුණගැහුන ඒ කොල්ලට මම ආදරේ කලේ එයා ගැන කිසිදෙයක් නොදැන.. ටිකෙන් ටික අපි ලං වෙද්දී මං ඔයාගේ ප්‍රශ්ණ ගැන දැනගත්තත් ඒ ආදරේ කවදාවත්ම අඩු උනේ නෑ සිතුම්.. මම වෙනස් වෙන්නේ නෑ..”

                   සගවාගෙන ඉන්න නොහැකි වූ උණු කදුළක් හෙමින් ප්‍රාර්ථනාගේ දෑසින් ගලාගියේ ඇයටත් නොදැනීමය.. හිතට දැනුන වේදනාව නිසාම සිතුම් ඇයව හදවතට තුරුළු කර ගත්තේය..

“ මට සමාවෙන්න ප්‍රාර්ථනා.. මට ඔයාට දුකක් දෙන්න ඕන උනේ නෑ..”

“ මං දන්නවා සිතුම්.. ඔයා මෙහෙම හිතුවෙත් මට ආදරේ නිසා කියලා.. අපි දෙන්නා ලගින් ඉදන් මේ හැම දේකටම උත්තර හොයමු සිතුම්..”

              ඈ තව තවත් සිතුම්ට තුරුළු වූවාය.. නවතාගන්නට නොහැකි වූ කඳුළු බිදු එකින් එක ඇගේ දෙනෙතින් කඩා වැටුනේය.. කාලය මොහොතින් මොහොත ගෙවි ප්‍රාර්ථනාගේ දෑසේ කඳුලු වියැකි යත්ම සිතුම් ඔහුගේ හඩ අවදි කලේය..

“ ප්‍රාර්ථනා මම ඔයාගේ තාත්තා ගෙනාපු යෝජනාවට කැමති වෙනවා..”

“ මොකක්ද?”

“ අර ඔයාලගේ බිස්නස් වලට එන්න කියපු එකට..”

“ ඇයි මේ හදිස්සියේම?”

“ නැහැ.. ඔයාලගේ තාත්තා කියනදේත් හරි ප්‍රාර්ථනා.. එයා අකමැති ඇති නෑදෑයන්ට උනත් මාව මේ විදිහට අදුන්නලා දෙන්න..”

“ එපා සිතුම්.. ඔයා ඒ දේ කරන්න එපා...”

“ ඇයි ප්‍රාර්ථනා?”

“ මම කැමති නෑ සිතුම් ඔයා අපේ තාත්තගේ තවත් එක සේවකයෙක් වෙනවට.. ඔයා මේ ඉන්න විදිහට මම කැමතියි සිතුම්.. ඔයාගේ දක්ශතාව හරියට තේරුම් ගත්තම තාත්තා උනත් මීටත් වැඩිය ඔයාට කැමති වේවි..”

              සිතුම් ඉන් එහාට ඒ ගැන ඇගෙන් විමසන්නට නොගියේය.. අකමැත්තෙන් උනත් තාත්තගේ යෝජනාවට කැමති වන්නට සිතුම් කල්පනා කලේ ප්‍රාර්ථනා ගැන සිතාය.. ඇගේ තීරණයට ඉඩ දුන් සිතුම් තවත් ඒ ගැන නොසිතුවේය..

“ පුතාලා මෙතනද?”

“ ඇයි නැන්දේ?”

“ පුතා දැන් ගෙදර යනවද නැත්නම් හවස් වෙනකන් ඉන්නවද?”

“ මම හවස් වෙනකන් ඉන්නවා නැන්දේ.. ඇයි?”

“ ආ මම එහෙනම් ගෙදර ගිහින් එන්නම් පුතේ.. ගෙදර වැඩත් ගොඩගැහිලා..”

“ හා නැන්දේ..”

             නැන්දා රෝහලෙන් පිටව යන තුරු සිතුම් ඒ දෙස මොහොතක් බලා සිටියේය..

“ මමත් දැන් යන්නම් සිතුම්.. ගෙදර යද්දී රෑ උනොත් ඔයා වගේම තාත්තත් බය වේවි..”

“ හා ප්‍රාර්ථනා..”

“ ඉන්න මං අම්මට කියලා එන්නම්..”

              ප්‍රාර්ථනා අම්මා සමග ලොකු බැදීමකින් හා සෙනෙහසකින් කතාකරන අයුරු දෙස සිතුම් ඈතින් හිද බලා සිටියේය.. අම්මා කෙරේ ඇය දක්වන සෙනෙහස ගැන සිතුම් හැමවේලේම හිතින් සතුටු විය.. ටික වේලාවකින් අම්මාට සමුදී ආ ඇය සමග සිතුම් රථ ගාල දෙසට හෙමින් පිය මැන්නේය..

“ ප්‍රාර්ථනා.. මං අද කියපු කිසිම දෙයක් ගැන ඔයා ආයේ හිතන්න යන්න එපා.. ඔයා නැතුව මට ජීවිතයක් නෑ..”

“ මං දන්නවා සිතුම්.. මං ඒක අමතක කරලත් ඉවරයි.. ඒත් ඔයා මට පොරොන්දු වෙන්න ආයෙමත් මේ වගේ දේවල් ගැන හිතන්නේ නෑ කියලා..”

“ නෑ ප්‍රාර්ථනා.. කවදාවත්ම නෑ..”

“ මං ගිහින් එන්නම්.. බුදුසරණයි..”

“ පරිස්සමින් යන්න.. මම රෑ වෙලා ඔයාට කෝල් එකක් දෙන්නම්..”



11 comments:

  1. ඒ කියන්නේ සිතුම් ප්‍රාර්ථනාගේ තාත්තා එක්ක වැඩ කරන්නද හදන්නේ... හ්ම්ම්..

    ReplyDelete
  2. කොටස් තුනක්ම එක දිගට කියවන්න උනා.. එතකොටයි දැනුනෙ කතාවක් එක දිගට කියවත්දි කොච්චර රසවත්ද කියලා.. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න අයියේ..

    ReplyDelete
  3. හැමදාම කියෙව්වට මොනවත් ලියලා යන්න බැරි වෙනවා. ඉතිරි ටිකත් ඔහොමම ලියන්නකෝ.
    මැණික්

    ReplyDelete
  4. @ ප්‍රාර්ථනා : නෑනේ.. ප්‍රාර්ථනා ඒකට අකමැති නිසා සිතුම් ඒ ගැන අදහස අත් ඇර ගත්තනේ..

    ReplyDelete
  5. @ හංසී : ඔව් නංගී මම උනත් තව කවුරු හරි ලියන කතාවක් බලද්දි අන්තිම කොටස ආවම කතාව ආයෙත් මුල ඉදන් බලනවා.. ඒක හරිම රසවත්...

    ReplyDelete
  6. @ මැණික් : ඒකට කමක් නෑ අක්කේ.. පුළුවන් වෙලාවක අදහසක් ලියලම යන්න.. ඉක්මනින් මේ කතාව ඉවර වෙනවා...

    ReplyDelete
  7. ප්‍රර්ථනා ගේ අකමැති නිසා සිතුම්ට එකතු වෙන්නත් බැරි එකේ..ඉස්සරහට මොන විදියට කතාව යයිද දන්නේ නැහැ..බලමුකෝ..

    ReplyDelete
  8. සිරා කතාව බං...

    ReplyDelete
  9. @ Chamma : කතාව දැන් ඉවර වෙන්න ලගයි යාළුවා.. දිගටම කතාවත් එක්ක එකතු වෙන්න...

    ReplyDelete
  10. @ prasanna86k : ගොඩක් ස්තුතියි මාළුවා..

    ReplyDelete
  11. ප්‍රාර්ථනා රියල් කෙල්ලෙක් .......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්