Wednesday, 5 October 2011

වර්ණ : නමවන දිගහැරුම





                      රාත්‍රිය දිගු වැඩි වූ නිසාවට සැරින් සැරේ අවදිව සිතුම් තම අතෙහි වූ ඔරලෝසුවෙන් වේලාව බැලුවේය.. රෝහලේ බංකුව මතම හාන්සි වූ සිතුම් ජනේලයෙන් ඈත අදුරු අහසට නෙත් යොමාගෙන සිටියේ අළුත් ඉරක් සමග අරුනැල්ලක් ජීවිතයට පායාගෙන එනතුරාවටය.. ටිකෙන් ටික ඈත අහසින් රන් එළිය පයා එන අයුරු සිතුම් බලාගෙන සිටියේ දෙනෙත බොද වී යන කදුළු කැට සමගින්ය.. ඒ හිතේ ඇතිවූ සතුට නිසාය..

“ සිතුම් අම්මට සිහිය ඇවිත්..”

                සිතුම් ලගට ආ හෙදියක් ඔහුට එසේ පැවසුවාය.. බංකුවෙන් නැගිට්ට සිතුම් හිතට දැනුන සතුට වැඩි කම නිසාම අම්මා ලගට දිව ගියේය..

“ අම්මට කොහොමද දැන්?”

“ මගේ ඇගට දැන් සනීපයක් දැනෙනවා පුතේ.. මගෙ පුතා ලග ඉන්නවනේ මට ඒ ඇති..”

                    අම්මගේ දෙනෙතින් මෙන්ම සිතුම්ගේ දෑසින්ද කදුළක් ගලා ආවේය.. අම්මගේ ඇද අසලම පුටුවක හිද ගත් සිතුම් අම්මගේ දෙනෙතින් ගලා ආ කදුළු පිසදැමුවේය..

“ හෙට අනිද්දා වෙද්දි අම්මට ගෙදර යන්න පුළුවන් වේවි.. මම ලොකු දොස්තරමහත්තයා ආවම එයාගෙන අහලා බලන්නම්..”

“ අනේ ඔව් පුතේ.. මට මේ එකම තැනට වෙලා ඉන්න බෑ..”

“ එහෙමයි කියලා අම්මා ගිය ගමන් වැඩ කරන්න පටන් ගන්නවා එහෙම නෙමෙයි..”

“ හා.. හා..  කෝ පුතේ නැන්දා?”

“ නැන්දා ඊයේ රෑ ගෙදර ගියා අම්මේ... තව ටිකකින් ඒවි..”

“ ඇයි පුතා ගියේ නැද්ද?”

“ නෑ අම්මේ..”

“ අනේ ඇයි දරුවෝ හරියට නින්දක් නැතුව මෙතනට වෙලා හිටියේ? ගෙදර යන්න තිබුනනේ..”

“ ඒකට කමක් නෑ අම්මේ.. ආ.. දවල් වෙද්දි ප්‍රාර්ථනාත් එනවා කිව්වා අම්මව බලන්න..”

  ඒක හොදයි.. මටත් ඒ දරුවව දකින්න ආසයි..”

“ අම්මා ඔහොමම ඉන්නකො එහෙනම්.. මම ගිහින් ලොකු දොස්තර මහත්තයා ආවද කියලා බලාගෙන එන්නම්..”

      අම්මව මොහොතකට තනිකර සිතුම් වෛද්‍යවරයා හමුවීමට සිතාගෙන එලියට එත්ම ඔහු ඔවුන්ගේ වාට්ටුව අසලට එමින් සිටියේය..

“ මම මේ මහත්තයා ආවද කියලා බලන්න යන්න හැදුවා විතරයි..”

“ මම මේ ආවා විතරයි සිතුම්.. මට නර්ස් කෙනෙක් කිව්වා අම්මට සිහිය ආවා කියලා..”

           වාට්ටුවට ඇතුළුවු වෛද්‍යවරයා අම්මගේ සුවදුක් පරීක්ෂා කර බැලුවේය..

  බය වෙන්න දෙයක් නෑ සිතුම් අම්මට දැන් සනීපයි.. ඔපරේශන් එකේ වේදනාව ටිකක් විතරයි තියෙන්නේ.. ඒකත් හෙට විතර වෙනකොට අඩුවෙලා යාවි.. මං හිතන්නේ තව දවස් දෙකකින් විතර ගෙදර යන්න පුළුවන් වේවි..”

“ මහත්තයාලට ගොඩක් පිං..”

“ එහෙම කියන්න එපා සිතුම්.. මේක අපේ වගකීම..”

               වාට්ටුවේ සිටි අනෙකුත් රෝගීන්ගේත් සුවදුක් විමසූ වෛද්‍යවරයා වාට්ටුවෙන් නික්ම යත්ම නැන්දා හා මල්ලී අම්මා බැලීමට පැමිණියේය.. හැමෝගේම කතා බහ අතරේ බොහෝ වේලාවක් ගෙවී ගියේය.. ඒ හැම කතාබහක් අතරේම අම්මගෙත් සිතුම්ගේත් නෙත් විටින් විට යොමු උනේ වාට්ටුවේ දොර අසලටය.. ඒ කොයි මොහොතේ හෝ ප්‍රාර්ථනා ඒවියි දෙදෙනාම බලාපොරොත්තු වූ නිසාය..

       ටිකින් ටික දහවලට ලං විය.. අම්මත් සිතුමුත් බලාපොරොත්තු වූ ලෙසම ප්‍රාර්ථනා අම්මා බැලීමට පැමිණියාය.. ප්‍රාර්ථනා දුටු විගසම සිතුම්ගේ හිතට සතුටක් දැනුනේය.. ඒ මේතරම් දුරක් තනියම එන්නට ඇගේ පියා අවසර දේවිදැයි සිතුම්ගේ හිතේ තිබුන සැකය නිසාවෙන්ය..

“ ඇයි දුවේ එන්න පරක්කු උනේ?”

“ නෑ අම්මේ උදේම ආවත් මේ වාහන තදබදේ නිසා ටිකක් පරක්කු උනා.. අනික ඊයේ මට කෙනෙක් පරිස්සමින් එන්න කියල කිව්වනේ..”

       ඇය හෙමින් සිතුම් දෙස බැලුවාය.. කිසිවක් නොපැවසූ සිතුම් ඈ දෙස බලා සිටියේය..

“ අම්මට දැන් කොහොමද අම්මේ?”

“ මට දැන් හොදයි දරුවෝ.. ඉතින් මෙතනින් වාඩි වෙන්නකෝ..”

    අම්මා ප්‍රාර්ථනාව ඈ ලගින්ම වාඩි කර ගත්තාය..

“ මට කියන්නකෝ දුව කවද්ද දැන් නවතින්නම අපේ ගෙදර එන්නේ කියලා?”

           ප්‍රාර්ථනා කිසිවක් නොකියා සිතුම් දෙස බලුවාය.. ප්‍රාර්ථනාගේ දෑස දෙස මොහොතක් බලා උන් සිතුම් වාටුවෙන් එළියට ඇවිද ආවේ ප්‍රාර්ථනාගේ හිතේ ප්‍රශ්ණයක් මතු කරමින්ය.. එළියේ බංකුව මත වාඩිවූ සිතුම් ඇත්තෙන්ම ප්‍රාර්ථනා කැන්දාගෙන යන්නේ කවදාදැයි කල්පනා කලේය.. ජීවිතේ ඉදිරි‍යේ ඇති ප්‍රශ්ණ හමුවේ එසේ කල හැකි වේවිදැයි සිතුම් තනිවම කල්පනා කලේය..

          දිගු වේලාවකට පසු සිතුම් කල්පනාවෙන් මිදුනේ ප්‍රාර්ථනා ඔහුගේ ලගින් හිදගත් විටය..

“ ඇයි සිතුම් ඔයා ඒ වේලේ මුකුත් නොකියා එන්න ආවේ?”

“ දන්නෑ ප්‍රාර්ථනා.. ඒ ඇයි කියන්න මටවත් තේරෙන්නේ නෑ..”

“ කියන්න මට ඔයා මොනවා ගැනද කල්පනා කලේ?”

“ මම කල්පනා කලේ අපි දෙන්නා ගැන ප්‍රාර්ථනා..”

30 comments:

  1. හ්ම්ම්... සිතුම් ඇත්තටම කවදා ප්‍රාර්ථනාව එයාගෙම කරගනීවිද?

    ReplyDelete
  2. හිතුවට වඩා කතාව වෙනස් විදියට යන්නේ

    ReplyDelete
  3. කුතුහලයෙන් යුතුව බලා සිටිමු :)

    ReplyDelete
  4. ඊ ලඟ කොටසත් ඉක්මනට දාන්න මල්ලි...

    ReplyDelete
  5. @ ප්‍රාර්ථනා : සිතුම්ට ප්‍රාර්ථනාව එයාගෙම කර ගන්න ලැබේවිද????

    ReplyDelete
  6. @ පුන්චි රස්තියාදුකාරි : දිහටම එකතු වෙන්නකෝ.. සමහර විට අවසානය බලාපොරොත්තු උන් විදිහට අවසන් වේවිද කියලා...

    ReplyDelete
  7. @ තනි අලියා : ඔව් ඉස්සරහට කතාව තීරණාත්මක වේවි....

    ReplyDelete
  8. @ සයුරි : ඉක්මනින් දාන්නම් අක්කේ....

    ReplyDelete
  9. මම හිතේ ඇදගත්ත විදියට කතාව ගලාගෙන යනවා වගේ....බලමු ඊලඟට මොකද වෙන්නෙ කියලා... හිත ඇදලා ගන්න විදියට ඔයා කතාව ලියනවා දිනේශ්...

    ReplyDelete
  10. කතාව හොඳයි . . සරලයි . . . චන්දි කොඩිකාරගේ පොත් වලත් මේ වගේ සරල ගලායාමක් තියෙනවා.

    ReplyDelete
  11. @ දිල් : ගොගක් ස්තුතියි අක්කේ හදවතින්ම.. ඇත්තටම මමත් කැමති මගේ කතාව කියවන කෙනෙක් කතාව මං වගේම හරි ඊට වඩා වෙනස් විදිහකට හරි හිතනවනම් දකිනවනම්...

    ReplyDelete
  12. @ දුකා : අයියා වගේ කෙනෙක් මගේ බ්ලොග් එකට ආව එක ගැන මට ගොඩක් සතුටුයි... කතාව මුල ඉදන්ම කියවලා දුන්න හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  13. ඒ කියන්නේ ප්‍රාර්ථනා සිතුම්ගේ වෙන්නේ නැද්ද අයියේ?

    ReplyDelete
  14. දැන් ඉතිං අම්මටත් සනීප එකේ සිතුම්ට බැරියෑ ප්‍රාර්ථනාව එයාගෙම කරගන්න.

    ReplyDelete
  15. හ්ම්ම්, කලින් මග අරුණු කොටස් එක්කම ඔක්කොම කියෙව්වා, බලමුකෝ...

    ReplyDelete
  16. කොටස් කීයක් තියෙනවද ඔක්කොම.....

    ReplyDelete
  17. @ ප්‍රාර්ථනා : මේ ප්‍රශ්ණ සිතුම්ගේ ජීවිතේ ඉස්සරහට තව ගොඩාක් වෙනස් කරාවි....

    ReplyDelete
  18. @ නිසූපා : ඔව් අක්කේ ඒ උනත් හරි හමන් රස්සාවක් තවමත් නැතිව සිතුම් එහෙම කරාවිද??

    ReplyDelete
  19. @ හිරණ්‍ය : ගොඩක් ස්තුතියි යාළුවා.. බලමු අවසානය කොයි වගේ වෙවිද කියලා....

    ReplyDelete
  20. @ ඔබ නොදුටු ලොවක් : අඩුම ගානේ තව කොටස් හතරක් වත් ඒවි... කොටස් 15කට වඩානම් කොහොමවත්ම දික් කරන්න අදහසක් නෑ....

    ReplyDelete
  21. ඇත්තටම කවද්ද ඔය ප්‍රාර්ථනාව සිතුම් ගෙදර එක්ක එන්නේ ???
    අම්මා කෙනෙක් අසනීපෙන් ඉන්නකොට දරුවෙක් කොහොමද ගෙදරට වෙලා ඉන්නේ. සිතුම් කරපු දේ හරි !!!

    ReplyDelete
  22. ඊළඟ කොටස එනතුරු මග බලා සිටිමි.. ජය!

    ReplyDelete
  23. කොටස් කිපයක් මග ඇරැනා.අද ඒ සේරම බැලුවා.
    මමත් ඔයා ලියන විදිහට කැමතියි..සරලයි....

    ලස්සන කතාවක් දිග හැරේවා යයි...බලා හිදිමි.

    ReplyDelete
  24. @මධුරංග අයියා- ඒ ප්‍රාර්ථනා නම් සිතුම්ට අයිති නෑ අයියේ. ඒ ප්‍රාර්ථනා වෙන කෙනෙක්ට මුළු හිතම දීලා ඉවරයිනේ.. හෙ හෙ

    ReplyDelete
  25. @ මධුරංග : ඒ ප්‍රාර්ථනාවනම් කවදා එක්කන් යයිද කියලා දන්නේ නෑ.. ඒ ළමයා තාම ඉතින් කැම්පස් නේ... මේ කතාවේ ප්‍රාර්ථනාට මොකද වෙන්නේ කියලා නම් මම අවසානයේ කියන්නම්...

    ReplyDelete
  26. @ විසිතුරු : ඉක්මනින්ම ඊළග කොටස ඔබ හමුවට ගෙන එමි... ස්තුතියි.....

    ReplyDelete
  27. @ -නිල් අහස- : ගොඩක් ස්තුතියි අයියේ.. මම පුළුවන් තරම් හොදින් කතාව ලියන්න උත්සාහ කරනවා...

    ReplyDelete
  28. @ ප්‍රාර්ථනා : කවුද කියන්න දන්නැති උනාට අපි ඉතින් දන්නවනේ ප්‍රාර්ථනාගේ හිතේ ඉන්න කෙනා ගැන.. ඔන්න අපිට දවසක කේක් දෙන්න එහෙම අමතක කරන්න එපා....

    ReplyDelete
  29. අනිවාර්යෙන් දෙන්නම්කෝ අයියා, පස්සෙ වෙලාවක රහසිගතව කියන්නම්කෝ ඒ කවුද කියලා.. :) ;)

    ReplyDelete
  30. ප්‍රාර්ථනා කැමති උනත් සිතුම් ප්‍රාර්ථනාට දුක් දෙන්න කැමති නැහැ වගේ ........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්