Monday, 3 October 2011

වර්ණ : අටවන දිගහැරුම





                අතැති වූ මුදල් බෑගයද සමග සිතුම් වේගයෙන් ඇවිද ගියේ වෛද්‍ය වරයාගේ කාර්යාලය දෙසටය.. කාර්යාලයෙන් නික්මෙන්නට හදත්ම සිතුම් වෛද්‍යවරයාගෙන් අම්මා ගැන විමසුවේය..

“ අපේ අම්මට කොහොමද මහත්තයෝ?”

“ සිතුම්.. අපිට පුළුවන් තරම් ඉක්මනට අම්මගේ සැත්කම කරන්න වෙනවා.. අපි දැනටමත් පරක්කු උනා වැඩියි..”

“ මෙතන මහත්තයා ඕනයි කියපු සල්ලි තියෙනවා.. මගේ අම්මව ඉක්මනට සනීප කරලා දෙන්න මහත්තයෝ..”

“ හරි අපි යමු.. තව වැඩ වගයක් තියෙනවා..”

                වෛද්‍යවරයා සිතුම් සමග තවත් කාර්යාලයකට පැමිනියේය.. එහි සිටි නිලදාරියෙකුට කල යුතු සියල්ලක්ම වෛද්‍යවරයා පැවසුවේය..

“ සිතුම් එහෙනම් මෙතන වැඩ ටික ඉවර කර ගන්න.. මම ගිහින් අම්මව ඔපරේශන් තියෙටර් එකට ගන්නම්..”

          ලිපි ලේඛන බොහෝමයක උවමනා කරන තොරතුරු සටහන් කල සිතුම් සැත්කමට ගෙන ආ මුදල්ද ඔවුන්ට බාර දුන්නේය.. හැකි ඉක්මනින් එතන සියලුම දෑ නිමා කල සිතුම් නැන්දා සොයාගෙන ආවේය..

“ පුතේ දොස්තර මහත්තුරු ඇවිත් අම්මව අරන් ගියා ඔපරේශන් එකට..”

“ අපිත් යමු නැන්දේ ඒ හරියට..”

               බොහෝ වේලාවක් ගතව ගියේය.. නොසන්සුන් හිතින් සිතුම් ඒ මේ අත ඇවිදිමින් ඔරලෝසුවට නෙත් යොමමින් සිටියේය.. කාලය වෙනදාටත් වඩා හෙමින් ගතවන බවක් සිතුම්ට දැනුනේය.. සැත්කම නිම වූවාදැයි සිතුම් හෙදියන් කීප දෙනෙකුගෙන්ම විමසුවේය.. ඒ හිතෙහි වූ නොසන්සුන් කම නිසාමය.. හෝරා කීපයකට පසුව අවසානයේ වෛද්‍යවරයා සැත්කම නිමා කර පිටතට පැමිනියේය..

“ මගේ අම්මට කොහොමද දොස්තර මහත්තයෝ?”

“ බය වෙන්න එපා සිතුම්.. අම්මට සනීප වේවි.. ”

“ මට අම්මව බලන්න පුළුවන්ද?”

 අම්මට තවම සිහිය නෑ.. හෙට උදේ වෙනකොට අම්මට සිහිය ඒවි.. අපි හෙට උදේට අම්මව වාට්ටුවට දානවා..”

“ අනේ මහත්තයෝ මට අම්මව පොඩ්ඩකට බලන්න දෙන්න..”

“ හරි.. හැබැයි ටික වෙලාවයි දෙන්න පුලුවන්..”

      වෛද්‍යවරයාගේ අවසරයෙන් අම්මා දැකගත් සිතුම් මද වේලාවකින් එලියට පැමිනියේය..

“ අපි දැන් ගෙදර ගිහින් උදේම එමු නේද පුතේ.. දැන් හොදටම කරුවළත් වැටිලනේ..”

“ නැන්දට දැන් මහන්සිත් ඇතිනේ.. නැන්දා යන්න.. මම මෙතනම ඉන්නම්..”

“ පුතාගේ කැමැත්තක්.. මම මල්ලිත් එක්ක යනවා එහෙනම්..”

                නැන්දත් මල්ලිත් රෝහලෙන් නික්ම යද්දි සිතුම් ඒ අසලම වූ බංකුවක් මත හිද ගත්තේය.. සිතුම්ගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්ණයක් ඉවර වූවාක් මෙන් සිතුම්ට දැනුනේය.. බංකුවට හේත්තුවූ සිතුම් දිගු හුස්මක් හෙලුවේය.. දෙනෙත මොහොතකට පියා ගන්නට හදත්ම සිතුම්ට ප්‍රාර්ථනා මතකයට ආවේ ඇයට මේ කිසිවක් ගැන කියන්නව බැරි වූ නිසාය.. රෝහලේ වූ දුරකථනය වෙතට ගිය සිතුම් ප්‍රාර්ථනාට ඇමතුමක් අර ගත්තේය..

“ ප්‍රාර්ථනා මම සිතුම්..”

“ ඔයාට මොකද උනේ සිතුම්.. මේ දවස් දෙකේම මම ඔයාව ගොඩක් හෙවුවා.. ඔයාගේ යාළුවට කතාකලාම කිව්වා ගමේ ගියා කියලා.. මම ගෙදරට අද ගොඩක් වෙලා කතා කරන්න හැදුවා..”

“ මට සමාවෙන්න ප්‍රාර්ථනා.. මට හදිස්සියේ ඔයාට මේ කිසිම දෙයක් කියන්න වෙලාවක් ආවේ නෑ..”

    සිතුම් ඇයට සිදුවූ හැම දෙයක්ම එකින් එක විස්තර කලේය..

“ දැන් කොහොමද සිතුම් අම්මට?”

“ දැන් නම් අම්මට සිහිය නෑ.. හෙට උදේ වෙද්දි අම්මට සිහිය ඒවි කියලා දොස්තර මහත්තයා කිවුවා..”

“ ඉතින් සිතුම් ඔයා ඇයි මට මේ බව නොකිව්වේ? එහෙනම් අපේ තාත්තට කියලා මම ඔයාට මේ සල්ලි ටික මීට කලින් අරන් දෙනවනේ..”

“ මං දන්නවා ප්‍රාර්ථනා.. ඒත් මට හැමදේම ඔයාගෙන් ඉල්ලන්න බෑනේ..”

“ කමක් නෑ සිතුම්.. මම හෙට  උදේම එන්නම් අම්මව බලන්න..”

“ ඔයාට එන්න පුළුවන්නම් ලොකු දෙයක් ප්‍රාර්ථනා.. අම්මත් කිව්වා ආයෙත් එද්දී ඔයාව එක්කන් එන්න කියලා..”

“ හරි මම උදේම එන්නම්..”

“ වාහනේ එද්දී පරිස්සමින් එන්න..”

“ හරි ළමයෝ මම පරිස්සමින් එන්නම්.. අපි හෙට කතාකරමු එහෙනම්.. බුදුසරණයි!”

               ප්‍රාර්ථනාගේ වදන් වලින් සිතුම්ගේ හිත තවත් සැනසුනේය.. ඇගේ ආදරය ලබන්නට තමන් කොතරම් වාසනාවන්තදැයි සිතුම් නිතරම කල්පනා කලේය.. කෙමෙන් කෙමෙන් මැදියම එළබෙමින් තිබුනේය.. ආයෙමත් බංකුව මත සිතුම් හිදගත්තේ දිගු රාත්‍රිය ගෙවා දමන්නට සිතා ගෙනය..


21 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. ප්‍රාර්තනාගේ ඉවසිලිවන්තකම අගය කරන්න ඕනා...එන්න එන්නම වර්ණ කුතුහලයක් එක් කරනවා...

    ReplyDelete
  3. අනේ......අම්මට සිහිය එයි නේද?

    කෝ අයියා....අද ටිකයිනේ ලියලා තියෙන්නේ.....ඔයා කීවා අර චිත්‍ර අරගත්ත කෙනාගෙ අදහසත් අද දානවා කියලා.... :(

    ReplyDelete
  4. ලස්සන කතාවක් නේ! :)

    ReplyDelete
  5. @ ශානු : කතාවත් එක්ක දිගටම ඉන්නකෝ.. සමහරවිට අවසානය සතුටක් වෙන්න පුළුවන්...

    ReplyDelete
  6. @ අසනි : ඔව් ඇත්තෙන්ම.. ප්‍රාර්ථනා සිතුම්ව හොදින් තේරුම් අරන් ඉන්නවා..

    ReplyDelete
  7. @ සිතුවිලි නිහඩයි : ඔව් මට ඒක අමතක උනා නෙමෙයි.. ඒත් ඒක කතාවේ මෙතනට වඩා ගැලපෙන හොද තැනක් තියෙනවා.. මම ඒක අනිවාර්යෙන්ම දාන්නම්.. ඔව් අම්මට කරදරයක් වෙන එකක් නෑ....

    ReplyDelete
  8. @ තනි අලියා : ගොඩක් ස්තුතියි යාළුවා.. දිගටම කියවන්නකෝ....

    ReplyDelete
  9. අර කිව්වත් වගේ ඒ කෙල්ලගේ ඉවසිලිවන්තකම අගේ කරන්න වටිනවා.
    ඉතුරු කොටසුත් කියවන්න බලාගෙන ඉන්නේ. ඉක්මනටම ලියන්න මල්ලි.

    ReplyDelete
  10. අම්මාට කරදරයක් වෙන්නෙ නෑ කියලා ඔයා කියලා තියෙනවානෙ.එහෙනම් කමක් නෑ...:)))

    ReplyDelete
  11. කෙල්ලෙක් උනාම ඉවසීම තියෙන්න ඕනෙ....ඒක තමා ප්‍රාර්ථනා ලඟ තියෙන හොඳම දේ...

    අම්මට කරදරයක් වෙන එකක් නෑ...

    ReplyDelete
  12. ලස්සන කතාවක් වගේ..මුල ඉඳලම බලන්න ඕන.

    ReplyDelete
  13. @ මධුරංග : ඔව් අයියේ ඉවසීම කියන දේ ගොඩක් වැදගත්..අනිත් ටික ඉක්මනට ලියන්නම්...

    ReplyDelete
  14. @ නිසූපා : ඔව් අක්කේ අම්මට කරදරයක් වෙනනේ නෑ.. අනිත් කොටසුත් එක්කත් එකතු වෙන්නකෝ...

    ReplyDelete
  15. @ දිල් : ඔව් අක්කේ.. ඉවසීම නැති අයගේ සම්බන්දතා ඉක්මනින් බිදවැටුන අවස්තා මම පුද්ගලිකව දැකලා තියෙනවා..

    ReplyDelete
  16. @ සයුරි : ගොඩක් ස්තුතියි අක්කේ.. කියවලා බලලා කියන්නකෝ හොදයිද කියලා...

    ReplyDelete
  17. ඔබේ කතා පෙළගැස්ම අතරමඟ දී මේ පැත්තට ආ නිසා මුල ඉඳන් කියවා සටහනක් තියන්න උත්සාහ කරත් කාළය හරස් වෙනවා. ඒ නිසා දැනට පොඩි සටහනක් තියා යනවා.

    (ඔබේ ගම් පලාත ගැන දැනගත්තා, ඔබේ දෙවැනි නම ඇති මගේ පාසැල් කාළයේ මිතුරන් දෙදෙනෙකු ඉන්නවා. ඒ දෙදෙනා විතරක් නොව ඒ පවුලේ අය අපිට බොහෝ සමීප හිතවත් අය).

    ReplyDelete
  18. @ ගල්මල්-Coral : ගොඩක් ස්තුතියි යාළුවා මේ පැත්තට ආවට... මගේ ගම ගාල්ලේ... මගේ දෙවෙනි නම " උමගිලිය " තියෙන කෙනෙක් මගේ මුහුණු පොතෙත් ඉන්නවා...

    ReplyDelete
  19. ප්‍රාර්ථනා ගොඩක් ඉවසීමක් තියෙන කෙල්ලෙක් . . .

    ප්‍රාර්ථනාගේ චරිතය ගොඩ නඟන හැටි සිතුම්ගේ චරිතයට වඩා හොඳින් වෙලා තියෙනවා වගේ .

    ReplyDelete
  20. @ දුකා : සමහර විට වෙන්න පුළුවන් අයියේ.. මොකද මගේ කතාවල කාන්තා චරිතයට මම ගොඩක් වෙලාවට මගේ ජීවිතේට සම්බන්ද කෙනෙක්ගේ චරිත ලක්ෂන ඔබ්බවනවා.. ප්‍රාර්ථනාගේ චරිතෙත් එහෙමයි.. ඒ නිසාම සිතුම්ට වඩා ප්‍රාර්ථනා කතාවෙන් ඉස්මතු වෙනවා ඇති...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්