Friday, 21 October 2011

සොදුරු රුවැත්තියක් හා ගෙවුන රැයක් 3


කතාව පහුගිය දවස් දෙකේ ගලාගෙන ගිය හැටි හැමෝටම මතක ඇති කියලා මං හිතනවා.. ඉතින් අද එතැන් සිට..

අකමැත්තෙන් උනත් ඒ සොදුරු ගුවන් ගමනට සමුදුන්න මම ගෙදර යනකම්ම හිතමින් ගියේ ඇත්තටම මොකද්ද ඒ උනේ කියන එක.. ඒ මොකද ගෙවුන අවුරුදු 3ක විතර කාලෙදි කීපදෙනෙක්ම මගේ හිතට ලං වෙන්න ආවත් ඒ කාටවත්ම මම මේ තරම් ලං වෙන්න ඉඩ දුන්නේ නෑ.. ඒත් නොසිතු විදිහට සිදු උන මේ හමුවීම මගේ හිතේ ඇතුලටම කිදා බැස්සා..

ගෙදර ගිහින් පවුලේ අයත් එක්ක නෑදෑ හිත මිතුරන් එක්ක කාලය ගත වෙද්දී මේ සිතුවිල්ල ටිකක් විතර හදවතින් ඈත් උනා කිවුවොතින් මම හරි.. ඒත් හරියටම දවස් දෙකකට පස්සේ තමයි මම මගේ ෆෝන් එකට සිම් එකක් අර ගත්තේ.. අළුත් නම්බර් එක හිත මිතුරන්ට දුන්නට පස්සේ මම මගේ පර්ස් එක අවුස්සලා එයා මට දීපු නම්බර් එක හොයාගත්තා.. හොද වෙලාවට ඒක තිබුනා..

කතාකරන්න හිතාගෙන ෆෝන් එක අතට ගත්තත් එවෙලේ මගේ මිතුරෙක් නිවසට ආපු නිසා ඒ වැඩේ පොඩ්ඩකට කල් ගියා.. නමුත් හැමදේම වගේ කියන මම මේ සිද්ධිය මිතුරාට කියන්න අමතක කලේ නෑ.. මොහොතකින් මාව නිවසෙන් එළියට ඇදගෙන ආපු මිතුරා කීව කතාවකින් මගේ හිත ටිකක් විතර දුක් උනා.. ඒ මගේ මිතුරාට මුණගැහුන ගුවන් සේවිකාවක් ගැන වෙනස්ම පැතිකඩක්.. මම ඒක මෙතන කියන කැමති නෑ.. මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා.. ඒ කතාව ඇත්තද නැද්ද කියලා මං නොදන්නවා උනාට  ඒ කතාව මගේ හිතේ රැදුන නිසාම කෝල් කරන අදහස මගේ හිතෙන් තවත් ටිකක් පස්සට ගියා..

ඒත් සතියක් විතර ගියාට පස්සේ ඕන දෙයක් කියලා හිතපු මම එයාට කෝල් එකක් අර ගත්තා.. බලාපොරොත්තු උන විදිහටම ඒ පැත්තෙන් ලැබුනේ මම ප්‍රාර්ථනා කරපු කටහඩ.. කෝල් එකට මෙච්චර පරක්කු උනේ ඇයි කියලා ලෝකෙම තියෙන බොරු ටික කිවුවා..  එදා ඉදන් අපි ඉඩ ලැබුන ගොඩක් වෙලාවල් වලදී කතා කලා.. දිනක් අපි මුණගැහුනා.. ඒත් අක්කගේ වෙඩින් එකේ වැඩ නිසා මට වැඩිය ඇයව මුණ ගැහෙන්න යන්නනම් ලැබුනේ නෑ.. නමුත් ටික කාලයක් යද්දි මගේ මිතුරා කියපු දේ නිවැරදි නැති බව මට වැටහුනා..

කොහොමහරි වෙඩින් එක අවසාන වෙලා ටික දවසකින් අපිට මුණ ගැහෙන්න පුළුවන් උනා.. ඒත් ඊට කලින් කීප වතාවක්ම මුණගැහෙන්න ආරාධනා තිබුනත් මට යන්න වෙලාවක් තිබුනේ.. ඔය කොයි දේටත් වඩා මට මගේ අක්කව වටිනවා.. ඉතින් මම ඒ දේවල් ගැන හොයලා බැළුවා.. කොහොමහරි දෙවෙනි වතාවට අපි මුණගැහිලා වෙනදා වගේම ගොඩක් වෙලා කතා කර කර හිටියා.. ටික වෙලාවකින් එයා මගෙන් උත්තර දීගන්න බැරි විදිහේ ප්‍රශ්ණයක් ඇහුවා..

“ දිනේෂ්.. අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයලා.. මං ඒකට කැමති වෙන්නද?”

මොකද්ද මං දෙන උත්තරේ කියලා මටවත් හිතා ගන්න බැරි උනා.. ඒ ප්‍රශ්ණෙ ඒ විදිහට අහන්න හේතුව මොකක්ද කියලා මට තේරුණත් එදා මොකද්දෝ හේතුවකට මං ඒක නොතේරුනා වගේ හිටියා..

“ ඇයි ඉතින් ඔයා අකමැති?”

මං දන්නවා ඒක මහා මෝඩ ප්‍රශ්ණයක්.. ඒත් ඉබේම වගේ මට ඒ ප්‍රශ්ණෙ ඇහුනා.. ඒත් එකට හරි උත්තරයක් එයා ලග තිබුනේ නෑ.. ඊට පස්සේ ඒ ගැන විස්තර ගොඩක් කතා කරපු අපි හිතේ එක දෙයක් හංගගෙන වෙනත් දෙයක් කතාකරනාවා වගේ හැගීමක් හොදටම දැනුනත් මං මගේ හැගීම යටපත් කර ගත්තා.. අපිට එදා වෙන්වෙන මොහොත ලං උනේ මගේ හිත කොහෙත්තම අකමැති වෙලාවක.. කාලය දුවන්නේ නැතුව නතර උනානම් කියලා මට හිතුනා..

“ අපේ යාළුකම දිගටම තියේවිද දිනේෂ්?”

“ ඔව් අපි හොද යාළුවෝ..”

හිත වෙනස් කල හැගීමකට අවසානයේ මිත්‍රත්වයේ නාමය දෙන්න උන එක ගැන මට දැනුනේ දුකක් උනත් මං ඒ බව නොපෙන්නා එයාට සමුදුන්නා.. ඊට හරියටම සතියකට පස්සේ මං ලංකාවෙන් අවා.. ඒ එන ගුවන් ගමනේදීනම් මට ඇයව මුණගැහුනේ නෑ.. ඒ වෙනුවට හිටියේ මහ එපාම කරපු එවුන් ටිකක්.. ඒකෙන් වැඩක් නෑ..

කාලය ටිකින් ටික ගෙවිල යද්දී අර මුලින් තිබුන සමීප කම නැති උනත් අපේ මිතුදම අද මේ වෙනකනුත් තියෙනවා.. ගිය සතියේ දවසක මට ඇයගෙන් කෝල් එකක් ආවා.. ලබන අප්‍රේල් මාසය ඇය විවාහ වනවා කියලා ඒ ඇමතුමෙන් මට කිවුවා.. හිතට පොඩි වේදනාවක් එවෙලේ දැනුනත් මං ඒක ඊට පස්සේ අමතක කරලා දැම්මා.. අද මේ පොස්ට් එක ලියලා ඉවර කරද්දී මට හිතුනේ එකම එක දෙයයි.. ඒ මං වෙනස් වෙන්න ගත්ත මේ තීරණේ මීට ගොඩක් කාලෙකට කලින් අරන් තිබුනානම් කියලා..

උන දේ උනා.. දැන් ඒ ගැන දුක් වෙලා වැඩක් නෑ.. ඔයාලා බලාගෙන හිටපු විදිහට මේකේ අවසානය උනේ නැති එක ගැන මටත් කණගාටුයි.. මං බ්ලොග් ලියනවා කියලවත් මගේ මුහුණු පොත ගැනවත් මං එයාට මුකුත් කියලා නෑ.. ඒනිසා මේක දකින එකක්  නෑ..  ජීවිතේ ආයෙම අළුතින් දකින්න මං පටන් ගත්තේ මේ ලගදී.. ඒ නිසා ආයෙම මේ වගේ දේකදි මං පස්සට යන එකක් නම් නෑ..



75 comments:

  1. පුබුදුවා21 October 2011 at 14:49

    සිරාවටම මට කිව්වේ නැහැනේ මේක...කිව්ව නම් අම්මටයි අක්කටයි කියලා සප් එකක් අරන් දෙනවනේ හෙහ් හෙහ්...මාසයක් හිටියා මට නිකමට වත් දැනුනේ නැහැනේ

    ReplyDelete
  2. aiyo......eth kamak ne samahara wita pera pinakata beruna wenda puluwan....mokada oya kattiya wedi denek hoda ne kiyalai math ahala thiyenne....

    ReplyDelete
  3. අය්යෝ..ඇයි මල්ලි අර වෙලාවේ කට වහගෙන හිටියේ...කියන්න තිබුනනේ හිතේ තියන දේ...

    ReplyDelete
  4. ම්ම්ම්ම්... කොහොම වුනත් අපරාදේ කියලත් හිතෙනවා වෙලාවකට! ඒත් හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතමු සහෝ... !

    ReplyDelete
  5. අතේ තියන ටොපිය කටට දාගන්න බැරි උනා නේ බොට@

    ReplyDelete
  6. Ayyo what nonsense??

    ReplyDelete
  7. අලේ මොකෑ බොලේ කටවගන හිටියෙ ඒ වෙලාවේ.හ්ම්ම් දැන් වෙච්ච දේ උනා.ඔයිට වඩා හොද එකක් හරියයි.

    ReplyDelete
  8. ජීවිතේ සමහර වෙලාවට අපිට ඇතිවෙන බැඳීම් වලට නමක් දෙන්න බෑ.ඒවට නම් හොයාගන්නත් බෑ.ඔය වගේම සුන්දර,කටුක මතක අපේ හිත්වලම කොච්චරනම් වැළලිලා යනව ඇත්ද?ඒවගේ දෙයක් නැතිවෙන්න නොදී බෙදාගත්තට ස්තුතී

    ReplyDelete
  9. අයිය ගත්ත ඒ තීරණය හරිද වැරදිද කියන්න දන්නේ අයිය විතරයි......! හිතට වදින කතාවනනක්...මාත් පොඩ්ඩක් අවුල් ගියා...

    ReplyDelete
  10. @ පුබුදුවා : මම එදා ඉස්සර උනානම් එද්දිම මට ගෙදරින් කැමැත්ත අරන් එන්න තිබුනා.. දැන් ඉතින් කමක් නෑ.. මං මලයට වෙන නෑනා කෙනෙක් හොයන්නම්... :)

    ReplyDelete
  11. @ Anonymous 1 : මාත් ඒ කතාවනම් අහලා තියෙනවා.. නමුත් මෙයානම් එහෙම නෑ..

    ReplyDelete
  12. @ සයුරි : ඔව් අක්කේ මටත් දැන් නම් එහෙම හිතෙනවා.. ඒත් ඒ වෙද්දි මගේ හිතේ තවත් සිහිනයකට ඉඩ තිබුනේ නෑනේ අක්කේ.. ගෙදරින් විවාහයක් යෝජනා නොවුනනම් සමහර විට මම මගේ හිත වෙනස් උනාට පස්සේ ඒ ගැන කියන්නත් තිබුනා...

    ReplyDelete
  13. @ ලහිරු : ඔව් සහෝ.. ආයෙත් එහෙම නොවෙන්න හිත හදා ගමු..

    ReplyDelete
  14. @ Sabith : ඒකනම් ඇත්ත මචං.. ඒත් කරුමෙට මොකද කරන්නේ??

    ReplyDelete
  15. @ Anonymous 2 : මොනාව කියන්නද පිස්සු කියනවා හැර..

    ReplyDelete
  16. @ නදී : ඔව් අක්කේ.. දැන් ගිය දේ ගියා.. අපි ඉදිරිය ගැන හිතමු..

    ReplyDelete
  17. @ කස්සා : ඔව් යාළුවා.. ඒ බැදිම මට ඇත්තටම හීනයක් වගේ.. මොකද කවදාවත් ඒ විදිහට කෙල්ලෙක් මගේ ජීවිතේට ලං වෙලා නෑ.. තවත් එක සුන්දර මතකයක් ජීවිතේ තැනක ඉතිරි වේවි..

    ReplyDelete
  18. @ Dega : ඒ තීරණේ හරිද වැරදිද කියලා තාම මමත් දන්නේ නෑ.. නමුත් මට අවස්ථාව මග ඇරුනා.. එච්චරයි මම දන්නේ...

    ReplyDelete
  19. අයියෝ අයියේ.. තමන් ආදරේ කරන කෙනෙක්ට ඒ ආදරේ කියන්න බය වෙන්න එපා... වැඩිම වුනොත් වෙන්නේ එයා ඔයාට අකමැති වෙන එකනේ..අපරාදේ,.ඒත් ඉතින් ඒ මතකය ඔයාගේ ලඟ හැමදාමත් ඉතිරි වේවි අයියේ..

    ReplyDelete
  20. හ්ම්ම්, ජීවිතේ ඉදිරියටම යනවනම් ඒ ඇති. සතුට ලැබෙන හිතට ලං වෙන අය තව ඉදිරියේදී ඕනේ තරම් ඉඳීවි යාළුවා. :)

    ReplyDelete
  21. ටානියා21 October 2011 at 16:49

    තව ට්කක් කල්පනාවෙන් මම ටානියා

    ReplyDelete
  22. ආදරය කියන එක බැඳීමක්ම විතරක් කියලා හිතන අයත් අනන්තයි සහෝදරයා..ඒ බැඳීමට එහායින් ගියපු නිර්ව්‍යාජ හැගීමක් තියනවා කියලා දන්න අය අඩුයි

    ReplyDelete
  23. මං නං කරන්නෙ අඳුරන කෙල්ලො බඳින්න යනවයි කිව්වම එයා එක්ක තියන සියලු ගණුදෙනු අත්හිටවන එක!

    මොකද එකක්,(මං දන්නෑ ලංකාවට විශේෂ ද කියල) මිනිස්සු අතිශය නොදියුනුයි! විශේෂයෙන්ම විවාහය වැනි කරුණු සම්බන්ධයෙන්!

    අනිත් එක අායෙ පවුල් අවුලක් උනාම ඔ්වෑ සැර වටේ ඉන්න අපටත් වැදුනොත්!(අත්දැකීමක් නෑ! අදහසක් පමණි!)

    ReplyDelete
  24. @ ප්‍රාර්ථනා : හ්ම්ම් බය උනාම නෙමෙයි නංගී.. අනේ මන්දා.. ඒ මතකය ටික කාලෙකින් අමතක වෙලා යාවි.. කලින් වතාවේ වගේ නෙමෙයි..

    ReplyDelete
  25. @ හිරණ්‍ය : ඔව් යාළුවා.. ඒක මං යන මාවතේ පසුකර ගිය තවත් එක මතකයක් විතරක් වේවි..

    ReplyDelete
  26. @ ටානියා : ඇයි එහෙම කියන්නේ?? මං පරක්කු උන නිසාද??

    ReplyDelete
  27. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : ඒක ඇත්ත යාළුවා.. ඒ නිර්ව්‍යාජ හැගිමක් හොයාගෙන යන්න පුළුවන් නම් ජීවිතේ දවසක ඇත්තටම ලස්සන වේවි..

    ReplyDelete
  28. @ තනි අලියා : ඒ අදහසත් එක්ක මම සම්පුර්ණ එකගයි.. ඇත්ත ගොඩක් වෙලාවට සමහරු හිතන්නේ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි හොද යාළුවෝ වෙන්න බෑ කියලා.. විවාහය වෙනකොට අපි තවත් දුරස් වේවි.. ඒක එක අතකට හොදයි..

    ReplyDelete
  29. හිතට වදින කතාවක්. සමහර වෙලාවලදී ...... සමහර දේවල් කියා ගන්න බැරි උනාම...පස්සේ දවසක එ ගැන හිතන වෙලාවට.... ගොඩක් දුක හිතෙනවා නේ ද යාළුවා...?

    ReplyDelete
  30. ආසාවෙන් කියෙව්වේ මේක ගොඩ යන වැඩක් වේවි කියලා. බලාගෙන ගියාම ටිකක් විතර දුක හිතෙන සීන් එකක් නෙව. කමක් නෑ මල්ලි. මෙයට වඩා හොද කෙනෙක් ලැබේවි.

    මම් පොඩි දෙයක් කියන්නද මල්ලි.
    අතීතයේ සිදු උන දේවල් වලට වඩා අනාගතයේ හොද දෙයක් වේවි. ඒ නිසා ඕනම දේකට අපි පුරුදු වෙමු. මල්ලිගේ හිතේ තියෙන අදහස් ගොඩක් වෙනස් වේවි !!!

    ReplyDelete
  31. ගුවන් සේවිකාවෝ ගැන අර යාළුවට තියෙන අත්දැකීම මටත් තියෙනවා...ඔය පැය 13 නෙ චාරිකාවෙදී අත්විඳපු දේ සහ ඇහින් දැක්ක දේ...මතකද මගේ දෙවෙනි කොමෙන්ටුව ?

    කොහොම නමුත් හැම දෙනාවම එකම මිම්මෙන් මනින්න බෑනෙ..ඇය හොඳ කෙල්ලක්...හොඳ මිතුරියක් වග ඒනවා...

    ReplyDelete
  32. ඔය කරල තියෙන්නෙ ඉතින් වැඩක්! මම හිතුව වැඩේ ගොඩ ගිහින් ඇති කියල. හැබැයි ඒ ගැන දුක් වෙන්න එපා. ලැබෙන්න තියන දේ වෙලාවට ලැබෙයි. සමහර ගුවන් සේවිකාවො ගැන නම් මාත් ඔය වගේ කතා අහල තියනවා. ඒත් හැමෝම එහෙම නෑ නෙ.

    ReplyDelete
  33. giya dee giya ayya! mmm! oya wagema wadak math karagaththa! anthimata.............. man dan aaye ee dawasata yanna puluwanda kiyala hithanawa! mmm! eeth aaye eya laga idan mata ee wage katha karanna 1ma 1 thaththparayak labunoth, man mohothak nikan inne na, oona prathipalayak wewa kiyala adahasa kiyala danawa muunatama! mmm! :)

    lassana danuna kathawak ayya!

    ReplyDelete
  34. @ C~Nemo : ඔව් යාළුවා.. අද මේ කොටස ලියද්දිනම් හිතට පොඩි දුකක් දැනුනා.. දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ..

    ReplyDelete
  35. @ මධුරංග : අතීතය සිහිනයක් පමණයි කියනවනේ අයියේ.. ඒ නිසා මං අතීතෙන් අහුලන් අරන් එන්නේ සීමිත මතක ටිකක් පමණයි.. මේ දේ මං ගොඩක් දුර අරන් යන්නේ නෑ..

    ReplyDelete
  36. @ දිල් : ඔව් අක්කේ මට මතකයි ඒ කමෙන්ට් එක.. නමුත් මං එතන අදහස් කලේ වෙනත් දෙයක්.. ඔව් අක්කේ හැමොම එක වගේ නෑ.. මිතුරියක් විදිහට ඇය හොදයි.. ඒත් ඒ යාළුකම කොච්චර කල් තියෙයිද දන්නේ නෑ.. අර තනි අලියා කියපු කතාවත් ඇත්තනේ..

    ReplyDelete
  37. @ Kasun : ඔව් මල්ලී අපිට දෙයක් හිමිනම් ඒ දේ කොහොමහරි අපිට ලැබේවි.. මගේ මිත්‍රයානම් මට පින්තූරෙකුත් පෙන්නුවා..

    ReplyDelete
  38. @ මාධව : ඔව් මල්ලී ඒක හරි.. අපි හිතේ දේවල් හිරකරන් ඉන්න තරමටම තමයි අපිට දුක වැඩි.. කෙල්ලෙක් අකමැතියි කීවුවොත් හිත හදාගන්න ලේසියි.. ඒත් කියාගන්න බැරි උනානේ කියලා හිතෙනකොට දුක වැඩියි..

    ReplyDelete
  39. ලැබෙන්නම දෙයක් තියෙනවා නම් එය අනිවාර්යයෙන් ලැබේවි.

    ReplyDelete
  40. http://www.google.co.kr/imgres?q=sri+lankan+air+hostess+photos&hl=en&newwindow=1&biw=1024&bih=601&gbv=2&tbm=isch&tbnid=tngrbDzUcLDQcM:&imgrefurl=http://www.elakiri.com/forum/showthread.php%3Ft%3D1163020&docid=Bg4XpmUlOv9PcM&itg=1&imgurl=http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/284834_129072217179984_100002316204556_224489_7371906_n.jpg&w=720&h=540&ei=uEqiTp7RB8vnmAXA4oWbCQ&zoom=1&iact=hc&vpx=89&vpy=293&dur=953&hovh=194&hovw=259&tx=146&ty=153&sig=116706921607706556782&page=6&tbnh=117&tbnw=156&start=89&ndsp=18&ved=1t:429,r:6,s:89

    ReplyDelete
  41. මල්ලි කොහොම උනත් සංසාරෙ පතාගෙන ආපු හැටියට තමා දේවල් සිද්ධ වෙන්නෙ .....

    මම ඔයාගේ ඉස්සෙල්ලා පෝස්ට් එකට දාපු කමෙන්ට් එක පබ්ලිෂ් කරලා නැත්තෙ ඒක අවුල් වගේ නිසාද .......

    ඇත්තටම ඔය වෙච්ච දේ දෙන්නටම හොඳයි කියලා හිතෙනවා මට නං මොකද එයා අහලා තියෙන විදියට වැඩි දවසක් ආශ්‍රය කරන්න වෙන්නෙ නැහැ ඔයා එයාට ආදරෙයි කිව්වත් ඉක්මනට බඳින්න වෙනවා. එහෙම එක පාරටම බඳිනවට වඩා ටික දවසක් ආශ්‍රය කරලා තේරුම් අරං බඳින්න තියනවා නං හොඳයි මගේ හිතේ ....

    ReplyDelete
  42. මම ලියන ඒවා අවුල්ද මන්දා මලයා, අප්සෙට් ගන්න එපා හො‍ඳේ, හිත රිදුනා නං සමාවෙන්න ඕන .......

    ReplyDelete
  43. අප්‍රේල් වෙනකම් තව කොච්චර කල් තියෙනවද? කොච්චර දේවල් වෙන්න ඉඩ තියෙනවද? කොච්චර දේවල් කරන්න පුළුවන්ද? කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්ද?
    නෑ මං නිකමට කියන්නෙ...

    ReplyDelete
  44. උබනම් මහා පිස්සෙක් බන්.... අයියෝ.. කවදාවත් ඔය ආධාරේ කියන මගුල හංගන්න එපා බෝල... බලපාන දන උබ හිතෙන් විදවනවනේ,,

    ඔන්න ඔහෝ කියපන් කෝල් එකක් දාල උබ එයාට ආදරෙයි කියල...

    ජය වේවා..

    ReplyDelete
  45. කලින් පෝස්ට් දෙකම එකට කියෙව්වෙ. එක අතකින් ඉතින් කරගත්ත දේ ගැන දුක් නොවීත් බෑ ඒත් පසුතැවිලා වැඩක් නෑනෙ. සමහරවිට දෛවයේ තියෙන්නෙ වෙන කෙනෙක් වෙන්න ඇති.

    ReplyDelete
  46. හිත වෙනස් කල හැගීමකට අවසානයේ මිත්‍රත්වයේ නාමය දෙන්න උන එක ගැන මට දැනුනේ දුකක් උනත් මං ඒ බව නොපෙන්නා එයාට සමුදුන්නා..

    අයියා..... පොඩි දෙයක් කියන්නම්...
    "තමාගේ ආදරේ පරදින්න දෙන්න එපා,,..."

    එන්න පරක්කු වුනාට සොරි ආ....

    ReplyDelete
  47. මොනවා වුණත් තමන්ගෙ ආදරය මැණිකක් විදිහට සලකලා ඒක නැතිවෙන්න නොදී රැක ගන්න උත්සාහා කරනවනම් තමා වටින්නේ....සදාකාලයටම ඒ ආදරය රැක ගන්න මිනිස්සු උත්සාහා කරනවනම්...ලෝකේ මිට වඩා සුන්දර ‍වෙනවා නේද?උත්සාහයක් නැතිව කිසිම දෙයක් ලබා ගන්න බැහැ...ආදරය වුණත් දෝතින් ගෙනල්ලා පුදන ආදරයකට වඩා කැප කිරීම් මැද ලබා ගන්න ආදරයක වටිනාකම සදහටම වැඩි වෙනවා කියලයි මට හි‍තෙන්‍ෙන

    ReplyDelete
  48. මොනාද බං හිතේ තියං ඉඳලා හරියන්නෑ නිකම් කෝල් එකක් අරගෙන පොඩ්ඩක් වෙලා සන්සුන්ව කතා බතා කරලා හෙමීට කොඳුරලා කියපං මම ඔයාට ............කියලා කැමති වුනොත් උඹ දිනුම් .. අකමැති වුණා කියලා වෙනසක් නෑ උඹට ආයේ නැතිවෙන්න දේකුත් නෑ.. ඒක නිසා ජීවිතේ වටින තීරණයක් නිකම් අපතේ දාන්න එපා .. නිකම් ට්‍රයි එකක් දීලා බලන්න

    උඹ අයියේ ඒකිට ආදරෙයිම කියලා හිතෙනවා නම් විතරක් .. මම කී දේ කරන්න නැත්තං අවුලක් නෑ ..

    හැබැයි බැරි වෙලාවත් උඹට එයා හා කියලා උඹලා දෙන්න බැන්ඳොත් මටත් වෙඩිමට එන්න කියපං හරී ..

    ReplyDelete
  49. හ්ම්....කමක් නෑ මල්ලි.ඊලග එක කොහොම හරි ගොඩ දාගමු.දැන් මල්ලිගෙ හිත හැදිලානෙ.

    ReplyDelete
  50. හයියේ !!!! ගම කාලනේ !!...අපරාදේ....අතට ආපු එක කටට දාගෙන නෑ නේ !!!

    ReplyDelete
  51. @ පිණිබිදු : ඔව් අක්කේ නොලැබෙන දෙයක්නම් පස්සෙන් දුවන එකත් මෝඩ කමක්...

    ReplyDelete
  52. @ Anonymous : මොකද්ද මේ ලින්ක් එක?? වැඩ නෑනේ..

    ReplyDelete
  53. @ පන්සල් හන්දිය : අයියා දෙවෙනි පෝස්ට් එකට දාපු කමෙන්ට් එක ස්පෑම් වලට ගිහින් තියෙන්නේ.. ඒකයි වැටිලා නැත්තේ.. දැන් හරි මං දැම්මා...

    අම්මෝ ඔව් අයියේ.. ඒදා ආදරෙයි කිව්වනම් මට ලංකාවෙන් එන්න වෙන්නෙම බැදලා.. ඒ නිසා මේ උන දේ හොදයි.. අයියා ඕනම දෙයක් මගේ බ්ලොග් එකේ ලියන්න.. මං කවදාවත් ඒ ගැන වරදවා හිතන්නේ නෑ..

    ReplyDelete
  54. @ නලිනි චන්දීමා : නෑ අක්කේ මං හිතන්නේ මේ යන විදිහ හොදයි කියලා.. මට හිමි නම් දෛවයම ඒ දේවල් වෙනස් කරාවි.. එහෙම නේද හොද අක්කේ??

    ReplyDelete
  55. @ Gayan Rupasinghe : දැන් ගිය දේ ගියා යාළුවා.. දැන් මෙතන අපි දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක්..

    ReplyDelete
  56. @ හංසී : ඔව් නංගී.. මේ දෛවය මට කොච්චරනම් දේවල් මේ වෙද්දි අහිමි කලාද?? බලමු ඉස්සරහට..

    ReplyDelete
  57. @ රහස් පරීක්ෂකයා : ඇත්තමයි මම මේ පෝස්ට් එක දාලා මේ කමෙන්ට්ස් ටික ලැබෙනකම් හිතුවේ නෑ මං එදා කලේ මෝඩකමක් කියලා.. දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ..

    ReplyDelete
  58. @ සුජානී : ඔව් ඇත්තටම අමාරුවෙන් ලබාගන්න දේ අගය වැඩියි.. මං කාලෙකට උඩදී ආදරේ වෙනුවෙන් ගොඩක් කැපවීම් කලා.. ඒත්..

    ReplyDelete
  59. @ හිස් අහස : මේ මොනවා අහනවද බං.. මං එයා නෙමෙයි කාව බැන්දත් එදාට අනිවාර්යෙන් උඹට කියනවා.. උඹට විතරක් නෙමෙයි මේ බ්ලොග් එක බලන හැමෝටම.. ඒක පොරොන්දුවක්..

    හ්ම්ම්.. බලමු තව ටිකක් කල්පනා කරලා බලන්න ඕන මලේ ඒ ගැන..

    ReplyDelete
  60. @ නිසුපා : ඔව් අක්කේ.. මේ සංසුන් හිත නොසංසුන් කරන්න කෙනෙක් ඉක්මනින්ම හමුවේවි කියලා මං හිතනවා..

    ReplyDelete
  61. @ ඔබ නොදුටු ලොවක් : ගොං කම තමයි මචං.. මොනවා කරන්නද..

    ReplyDelete
  62. http://www.elakiri.com/forum/showthread.php?t=1163020

    ReplyDelete
  63. අනේ මන්දා.. ඒත් ආදරේ කියලා යාලුවා නැතිකරගන්නවට වඩා මෙහෙම් හොඳයි කියලත් හිතෙනවා.. සමහර විට මට වුණු දේ හින්දා එහෙම හිතෙනවද දන්නැ.. ඒත් ලස්සන කතාවක්..

    ReplyDelete
  64. @ Red Riding Hood : ඔව් දැන් ඒ ගැන කතා කරලා මීට වඩා පසු තැවිල්ලක් විතරයි හිතට ඉතුරු වෙන්නේ...

    ReplyDelete
  65. dinesh ay me link eke tiyana 4to eka gana kiyan naththe? hamoma ehema na thamai,eth hama deyakma wenne hodata kiyala issara minissu kiuwe boruwata nam memei mahaththayoo...

    ReplyDelete
  66. අපොයි..මදෑ ආසාවෙන් කියෙව්ව... :(
    හිතේ තියෙන දේ කෙලින්ම කිව්වනම් ඉවරය්නේ..හම්..

    ReplyDelete
  67. @ Anonymous : ෆොටො එක ගන්න බැරි ඇයි කියලනම් දන්නේ නෑ.. ඔව් හැමදේම වෙන්නේ හොදට.. මිට වඩා හොද දෙයක් පස්සේ වේවි..

    ReplyDelete
  68. @ තටු සිදුන සමනලියක් : දැන් ඒ හැම දේටම පරක්කූ වැඩියි නංගී...

    ReplyDelete
  69. ගිය දේවල් ආය කොහොමත් ගන්න බෑනෙ අයියා. මම මෙ බ්ලොග් එක කියවන්න ආවෙ අද. මේ කතාව නම් සිරාවටම වැදුනා. මාත් ආය කියන්න තියන දේ කෙලින්ම කියන්න ඕනි...............

    ReplyDelete
  70. මාත් අලුතින් තමා මේ බ්ලොග් එකට ආවෙ... අය්යගෙ කතාව ගොඩක්‌ දුකයි...=(

    ReplyDelete
  71. ඇයි එහෙම උනේ ඔයාට පිස්සුද සමහර විට එයත් ඔයාට කැමැත්තෙන් ඉන්න ඇති පිස්සා

    ReplyDelete
  72. වෙන්න තිබ්බ දේ වුනා,ඉස්සරහට ඕල් ද බෙස්ට්!

    ReplyDelete
  73. හ්ම් .....අවසානය දුකක්

    ReplyDelete
  74. ඔය දෙන්න කලින් ආත්මෙක ගොඩක් ආදරෙන් ඉන්න ඇති ඒකයි පොඩි කාලෙකින් මෙච්චර බැදීමක් ඇති වෙන්න ඇත්තෙ...... කමක් නෑ ගිය දේ ගියා.... හැම දේම වෙන්නෙ හොදටයි.....

    ReplyDelete
  75. දිනේෂ් අයියේ...අප්‍රේල් මාසේ ඉවරයි.දැන් මැයි.....මොකෝ වුණේ?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්