Tuesday, 25 October 2011

අපි අපේමද 2


ඇගේ දිනපොත පිටුවෙන් පිටුව පෙරළමින් ඈය හදුනා ගන්නට මා උත්සාහ කලෙමි.. ඒ ඇයගේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරයි.. බොහෝමයක් සුන්දර මතක මගේ මුවගටත් සිනහවක් එක්කලේ මටත් නොදැනීමය.. මෙතරම් සතුටින් කිරිල්ලියක් වගේ සිටි ඇය අද මෙලෙස ඉන්නේ මගේ වරදක් නිසාදැයි මා මොහොතකට කල්පනා කලෙමි..

මිතුරු මිතුරියන්ගේ මතක බොහෝමයක් අතර එක් ආදරණිය නමක් මගේ නෙත ගැටුනේ අහම්බයෙනි.. සමීර.. ඇය ඔහු ගැන බොහෝදේ දිනපොතේ සටහන් කර තිබුනේ මහත් සෙනෙහසකුන් බව ඒ වචන අතර සැග උන හැගීම් මගේ හිතට පසක් කර දුන්නේය.. ඔහු ඇගේ පෙම්වතායි මගේ නිගමනය නිවැරදී කරමින් ඇය දින පොතේ අවසන ලියා තිබූ වදන් පෙල මගේ හිතට තදින්ම කා වැදුනේය..

“ ජීවිතේ හීනයක්
ඒ හීනයේ ඉන්න නුඹ
ගේන සිනා මට ආලෝකයක්..
ඒ එළියෙන් අනාගතේ බලන්
පිය නගන මට
නුඹේ සෙනේ මහ මෙරක්..”

ඊ පහරකින් හිත පසාරු කරගෙන ගියා වගේ හැගීමක් ඒ මොහොතේ මට දැනුනත් ඉක්මන් තීරණයකට යන්නට මගේ හදවත ඉඩ නොදුන් නිසාම ඇගේ කතාවේ ඉතිරිය දැනගන්නට මට උවමනා විය.. මම ඇගේ අල්මාරිය පුරාම සීරුවෙන් 2008 වසරේ දින පොත හොයන්නට වූයේ පිස්සෙක් මෙන්ය.. හිත කලබල වූ හෙයින් පළමුවෙන් නෙත නොගැටුන ඇගේ  අනෙක් දින පොත මගේ නෙත් ආසන්නයෙන්ම මට පසුව හමු වීය..

දින පොත අතැතිව ඇද මත හිදගත් මම නොයිවසිල්ලෙන් දින පොත කියවන්නට වූයෙමි.. විශ්ව විද්‍යාලයට සමුදී ටික කලක් යත්ම ඇගේ ආදරය දෙදරා ගිය අයුරු ඇය වේදනාත්මක වදනින් දින පොතේ සටහන් කර තිබුනේය.. ඒත් ඒ හැමදේකටම වඩා මගේ හදවත වේදනාවට පත් කල කරුණක් එහි සටහන්ව තිබුනී.. ඒ මා ගැන එහි වු විස්තරයයි.. මා ඇයට යෝජනා කල දින සිටම ඇයත් ඔහුත් අතර මතබේද හට ගෙන තිබුනේය..

ඇගේ දෙමව්පියන් ඒ මොහොත වන විට මට කැමැත්ත දී තිබූ නිසාම ඇය කොතරම් ඔහු ගැන පැවසුවත් ඇගේ දෙමව්පියන් එයට සවන් දී නොතිබුනේය.. ඒත් හිතුවක්කාර කමට ඔහුත් සමග යාමටත් ඇය හිත හදාගත්තද ඔහු ඊට අකමැති වූ නිසාම ඇයට මා හා එන්නට හිත හදාගත් බව ඇය අවසානයේ සටහන් කර තිබුනාය..

“ රුවන් කොහොම කෙනෙක්ද කියන්න මං දන්නේ නෑ.. ඔහු කොහොම කෙනෙක් උනත් හෙට මට ඔහු හා විවාහ වන්නට වෙනවා.. හිතේ එක ආදරයක් තද කරගෙන තව කෙනෙක් එක්ක එක වහලක් යටට යන එක කොයි තරම් අමාරුද.. ඒත්..”

මැයි මාසයේ 16 වන දින ඇය ඇගේ දිනපොතේ අවසන් සටහන දමා තිබුනේය.. ඊට පසුදින අපේ විවාහය සිදු වූ අතර මම කෙදිනකවත් ඇය දින පොතක් ලියනු දැක නොතිබුනේය.. ඒත් කාමරය පුරාවට මා එවැන්නක් ඇත්දැයි සොයා බැලුවේ ඇගේ හිතේ මා ගැන ඇති හැගීම කෙබදුදැයි දැන ගැනිම සදහාය.. නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ඉන් පසුව ඇය ලියූ දිනපොතක් මට හමුනොවීය..

කණ්නාඩි මේසය ලගට ගිය මා එයින් මා දෙසම මොහොතක් බලාගෙන සිටියේය.. මා කොතරම් පවුකාරයෙක්දැයි මට සිතුනි.. ආදරේ කරන හිත් දෙකක් අතරට මා ආවේ ඇයිදැයි මම මගෙන්ම පිළිතුරු විමසුවේය.. විවාහයට කලින් ඇය එක් මොහොතකට හෝ ඒ ගැන මට පැවසුවානම් අද අපේ ජීවිත මීට වඩා වෙනස්ය.. එදින රාත්‍රිය පහන් වන තුරුම මගේ හිතේ රැදුනේ එකම එක ප්‍රශ්ණයකි.. මා කල යුත්තේ කුමක්ද??

ඇගේ හිත දිනාගැනීමට මා මේවෙන තෙක්ම අපොහොසත් වීමි.. ඒ තවමත් ඇගේ හිතේ ඔහු සිටිනා නිසා විය හැකියයි තීරණයකට මා එලබුනෙමි.. ඉන් පසුව මා ගත් තීරණය කිසිම දිනෙක කවරෙකුවත් නොගන්නා තීරණයක් බව මා දන්නා මුත් මා ඒ තීරණයට එලබුනෙමි..

වාහනය පදවාගෙන යන අතරම මම ඇගේ මුහුණ දෙස බැලීමී.. කිසිත් නොදන්නා ඇය නිහඩවම ජනේලයෙන් ඈත පෙනෙන මුහුදු තෙර දෙස බලා හිදින්නීය.. තව ටික වේලාවකින් අපේ ගමනේ අවසානය කුමක්දැයි ඇය දැනගැනීවි.. 


31 comments:

  1. හ්ම්ම්ම් අනේ මන්දා

    ReplyDelete
  2. ඊට පස්සේ මොකද උනේ ???

    ReplyDelete
  3. ඉක්මනට ඊලග කොටසත් දාන්න අය්යේ

    ReplyDelete
  4. අනේ මන්දා.. බයෙත් බෑ.

    ජය..

    ReplyDelete
  5. @ ශානු : අනිත් කොටසත් කියවලම බලන්නකෝ..

    ReplyDelete
  6. @ සයුරි : ඉක්මනින් ඒ ගැන කියන්නම් අක්කේ....

    ReplyDelete
  7. @ හිම හංසී : හෙට වෙද්දී අනිත් කොටස දාන්නම් නංගී...

    ReplyDelete
  8. @ Gayan Rupasinghe : අර මොකටද බය වෙන්නේ??

    ReplyDelete
  9. හ්ම්ම්ම්.....මම ඊලඟ කොටස කියවන්න එන්නෙ නෑ.....මේ පෘතුවිය මත ඇත්තටම එහෙම අවසානක්...??? පොඩි කාලෙ කියවපු සුරංගනා කතාවල ඉඳන්...තවමත් කියවන නවකතා වලට වෙනකල් දැන දැනම රැවටුණාට..... කතන්දර ලෝකයට මගේ හිත රවට්ටන්න..මගෙ හිතේ ඉටු නොවෙන හීන මවන්න...තවත් ඉඩ දෙන්න බෑ.... :((((

    ReplyDelete
  10. අපිත් අවසානය දකින තෙක් නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා ඉතුරු කොටසත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
  11. මට නම් වෙන්න යන දේ හිතාගන්න පුළුවන්. මොනවා කරන්නද ඉතින්, ඕක ගොඩක් දෙනෙකුට මූන දෙන්න වෙන විදියේ ප්‍රශ්නයක්.

    ReplyDelete
  12. ආයෙමත් කතාවක්...පටන් ගැන්මෙන්ම කුතුහලයක්....

    ReplyDelete
  13. සමීර හොයාගෙනද යන්නෙ ........

    ReplyDelete
  14. @ මකුළු පැංච් : මේ මොකද මේ එකපාරම උනේ??? අවසාන කොටස කියවන්නත් කලින් මෙහෙම තීරණයක...

    ReplyDelete
  15. @ මධුරංග : හරි අයියේ හෙට වෙද්දී දාන්නම් මොකද උනේ කියලා..

    ReplyDelete
  16. @ Kasun : ඔව් මල්ලී.. යෝජිත විවාහ වලදි සමහර අය මේ දේට මුහුන දෙනවා.. කොච්චර හිතින් ඇඩුවත් පිටට නොපෙන්නා ජීවත් වෙනවා...

    ReplyDelete
  17. @ දිල් : අක්කියෝ මේ දෙවෙනි කොටසනේ...

    ReplyDelete
  18. @ පන්සල් හන්දිය : හ්ම්ම්ම්ම්.. ඒක හෙට කියන්නම්...

    ReplyDelete
  19. මොකක්ද කරන්න හදන්නේ ....?

    ReplyDelete
  20. කොටස් දෙකම කියෙව්වා... අවසානය වෙනකන්ම බලමු.... උබේ බ්ලොග් එක මට මග ඇරිලා

    ReplyDelete
  21. mmmm! duka hithenawa ayya kathawata! :( mmm! ohoma nam keeyak innawa adda? e kella dan kohchara widonawa adda! mmm! :( :(

    ReplyDelete
  22. ඉක්මනට ඉතුරු කොටස ඕනේ...

    ReplyDelete
  23. අතීතයක් වර්තමානයත් අතර දෝලනය වෙන ජීවිත තියෙන මිනිස්සු ඕනා තරම් මේ සමාජේ ඉන්නවා...මේ සැබෑ ජීවිතන්ම තමයි...

    මට මේ කතාව කියා ගෙන යනකොට අගේට පද මුසු කර තනාපු ගීයක් මතක් වුනා...චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා හඩ මුසු කරපු..

    ඔබ හිමි වුනා නොවෙයි
    ඔබ මට හිමි කලා
    අපි ලං වුනා නොවෙයි
    ඔබ මා ලං කලා
    හිත් හැදුනුවා නොවෙයි
    දෑගිලි එක් කලා
    අපි සැනසුනා නොවෙයි
    වෙන අය සැනසුවා

    ReplyDelete
  24. @ ඔබ නොදුටු ලොවක් : මීට කලින් කවුරුවත් නොකරපු දෙයක් සමහර විට...

    ReplyDelete
  25. @ පිස්සා පලාමල්ල : වර්ණයට සාදරයෙන් පිළිගන්නවා යාළුවා.. දිගටම එකතු වෙන්න..

    ReplyDelete
  26. @ මාධව : ඔව් මල්ලි ගොඩක් වෙලාවට තමන්ගේ ආදරේ අමතක කරන්න බැරුව වෙන කෙනෙක් විවාහ කර ගන්න අය හිතින් ගොඩක් දුක් විදිනවා ඇති.. අසරණකම නිසාම..

    ReplyDelete
  27. @ නිසූපා : අවසාන කොටස දැන් දැම්මා අක්කේ...

    ReplyDelete
  28. @ අසනි : ඔව් අක්කේ මේ ගිතයත් ගොඩක් හිතට දැනෙන ගීතයක්.. එහෙම හිතින් දුක් විදින අයට අන්තිමේ ඉතුරු වෙන්නේ කඳුළක් විතරමද??

    ReplyDelete
  29. අතීතයේ එල්ලිලා ඉන්නකන්ම ලැබෙන්නෙ වේදනව විතරයි මල්ලි..ඒත් වර්තමානයට පන දෙන්න බැයිනම් මොනවා කරන්නද...

    අනේ ඒත් සැබෑ ආදරයක් හම්බ වුනොත් දවසක වැලලුණු ආදරේ විතරක් නෙමේ..මුළු ලෝකයම අමතක කරලා ජීවිතයක් ලබයි නේද...

    ReplyDelete
  30. @ අසනි : ඔව් අක්කේ සැබෑ ආදරයක් ලගදී ජීවිතේ ඕනම මතකයක් අමතක කරලා දාන්න පුළුවන්..

    ReplyDelete
  31. සමාවෙන්න දිනේෂ් ..මට මෙ දවස් ටිකේ ටිකක් වැඩ නිසා කොමෙන්‍ටුවත් දාන්න බැරි වුණා...ඊලඟ එකත් කියවලාම කොමෙන්‍ටුවත් දාන්නම්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්