Saturday, 22 October 2011

අඬහැරය 2




දිය පොදක් නැතුව වියළුණු
මහ පොළව ගවු ගානක් ඈතට විහිදුනු
හිත දුව යන මායාවක රැන්දුනු
මිරිගුවක් වෙලා නලියන දිය බින්දු..

සිහින දකින්නට නෙත් නොපියවුනු
කුසගිණි හැම මොහොතක දැනුනු
සුසුම් හල හද මඩල වියළුණු
උදාවේදැයි නොදැන හෙට අරුනළු..

වළාකුළු නැති අහස් ගැඹ පෑයූ
හිරුත් රුදුරුව ගෙන ආ කඳුළු
වැසි නැති කලට ගත හිත තෙත් කරපු
අවාසනාවේ කඳුළු කාට කියන්නද නපුරු..

මියෙද්දි පොඩි එවුන් සාගතයේ ඇලලූ
අහසටම එක් උනා නෙතගින් හෙලු කඳුළු
රත් උන පොළව ඉරි තලා ගිය අයුරු
සිහිකලා අපෙත් කාලය එලබෙන බව නුදුරු..

සංසාරේ පවු මෙලෙස පොදි බැදපූ
අපි අසරණයි නුඹ නෙත් නොගැටුනු
පතලා කුමට සුර ලොවක් දුර ඈතක මැවුනු
නුඹත් නොදකීනම් මේ නෙත් වල කඳුළු..



14 comments:

  1. සංවේදී අදහසක් ...
    සංවේදී බවට ගැලපෙන පබැඳුමක් !!

    ReplyDelete
  2. සරිම සංවේදී වගේම හදවත පිරිමැදපු පද ටිකක් දිනේශ්...

    ReplyDelete
  3. දරු දුකින් ඉරි තැලුනු ම'සිත
    කුසගිනින් ඉරි තැලුනු ම'ගත
    කරුමයෙන් ඉරි තැලුනු ම'ආත්මය
    නියඟයෙන් ඉරි තැලුනු,නුඹෙන් කිමක් අයදින්නද...
    අවසානය හැර...?
    අවසරයි සරු කරන්නට නුඹේ බිම,වැහැරුණු සිරුර පමණෙකින්....
    සංවේදී ප බැඳුමක්....
    great..it...

    ReplyDelete
  4. මට මේ රූපය දැක්කහම මතක් වුණේ අප්‍රිකාවේ දුර්භීක්ෂය නිසා දවසකට සියගණනින් මියයන ළමුන්. ඉවරයක් නැති ප්‍රශ්න තිබුනත් අපි ඒ අතින් කොච්චර වසනාවන්තද.
    නිර්මාණය කවදත් වගේ ලස්සනයි යාලු.

    ReplyDelete
  5. හිතට වදින කවි ටිකක් ......

    ReplyDelete
  6. @ Rasika Kariyawasam : ගොඩක් ස්තුතියි යාළුවා අදහසට..

    ReplyDelete
  7. @ දිල් : මේ පද පෙලනම් ඇත්තටම ලිය උනේ මේ පින්තූරේ දැකලා... ඒ තරමටම මේ පින්තුරේ මගේ හිතේ රැදුනා..

    ReplyDelete
  8. @ ගලයා : අපූරූ තේරුමක් දීලා තියෙනවා ඔබ ඔබේ පද පේලි කීපයට.. ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  9. @ හිරණ්‍ය : ඇත්ත යාළුවා.. ඔවුන්ට තියෙන්නේ එකම එක ප්‍රශ්නයක් විතරයි.. ඒ හෙට ජීවත් වෙයිද නැද්ද කියන එක.. බලවතුන් මේ අහිංසකයන් ගැන නොබලන එක තමයි දුක..

    ReplyDelete
  10. @ පන්සල් හංදිය : අයියගේ අදහසට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  11. @ ඔබ නොදුටු ලොවක් : රාජකාරි අතරේම ලිය උන කවි පෙලක් මේක.. අවසානයේ බලද්දි හොදට ඇවිත් තිබුනා..

    ReplyDelete
  12. හරිම සංවේදි කවි සටහනක්. මේ කවි ටික කියවනකොට මේවගේ මිනිස්සුත් අපි අතර ඉන්නවා කියලා හිතුනා. ඒවගේම ඔවුන් ගැනත් දුක හිතුනා.

    ReplyDelete
  13. වේලක් කෙසේ වෙතත් යම්තම් කෑමක් කන්න නැති, බොන්න තරම් වතුර වීදුරුවක් නැති කුඩා ලමුන් බොහෝය. ඒත් නාස්තිවෙන තැන්වල ඉහටත් උඩින් නාස්තිය. මේ දෙපැත්තම දකිනවා, දුක් වෙනවා හැර අපිත් අසරණයි - ඔබ හරි.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්