Thursday, 20 October 2011

සොදුරු රුවැත්තියක් හා ගෙවුන රැයක් 2


පැය 13ක ගුවන්කාලය සදහා අපේ සම්බන්දය ගොඩ නැගුන හැටි මම ඊයේ ඔයාලා එක්ක කිව්වනේ.. ඉතින් පොරොන්දු උන විදිහට අද එතැන් සිට..

ගුවන් යානය ඉහල අහසේ ස්ථාවර උනායින් පස්සේ අපිට ටික වෙලාවකට අපේ කතාබහ නතර කරන්න උනා.. ඒ මොකද අපි රෝමයෙන් පිටත් වෙනකොට දහවල් 2 විතර වෙලා තිබුනා.. ඉතින් එයාලගේ පළමු රාජකාරිය උනේ අපේ දවල් කෑම එක ලබා දෙන එක.. අවසානයේ ඉදන් සංග්‍රහ පටන් ගත්ත ඇයට මුලින්ම හමු උනේ මම.. මොකද මම අර හනිමුන් කපල් එකට ඉඩදීලා මම ගියේ තවත් පිටිපස්සටනේ.. හැබැයි ඉතින් ඒ වෙලාව වෙනකොට එහෙම උන එකත් හොදයි කියලයි මට හිතුනේ..

කොහොම හරි ඉතින් ඒ වැඩ කටයුතු ඉවර වෙනකම් ටික වෙලාවකට අපිට කතා කරන්න ලැබුනේ නෑ.. මම ඉතින් කාලා බීලා ඉවර වෙලා මොනවද දාලා තියෙන ෆිල්ම් කියලා බලන්න හදද්දිම ඇය ආයෙමත් මගේ ලගට අවා.. ඇවිත් ඇහුවා ඩ්‍රින්ක්ස් මොනවද ඕන කියලා.. අමද්‍යප මට මොන ඩ්‍රින්ක්ස්ද?? මම ඉතින් ඒ ගැන කිව්වම මට හොද ළමයා කියලා අර සුපුරුදු සුන්දර හිනාව දාලා එයා යද්දී මගේ හිතට මොනාදෝ උනා වගේ දැනුනා.. ආදරයක්.. නෑ.. මේ ටිකට මොන ආදරක්ද කියලා හිතපු මම හොයලා හොයලා හොද ෆිල්ම් එකක් දාගෙන ටිකක් වෙලා බලාගෙන ඉද්දී ආයෙමත් එයා ඇවිත් මගේ ලගින් වාඩි උනා..

“ ඔයා ඩ්‍රින්ක්ස් ගන්නේ නෑනේ.. මම ඔරේන්ජ් ජූස් එකක් අරගෙන ආවා..”

එහෙම කියලා ඔරේන්ජ් ජූස් එක  දෙද්දී මට හිතුනේ ඒ වචන ටික දාල මාව නෝන්ඩි කලා වත්දෝ කියලා.. ඉතින් මමත් ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම ඇහුවා..

“ අනේ නෑ දිනේශ්.. මම එහෙම හිතුවේ නෑ..”

ඒ වෙද්දි අර “සර්” කෑලි හැලිලා නම කියලා කතා කරන තත්වෙකට අපේ හැදුනුම් කම ඇවිත් තිබුනා.. මුලින් කොතනින් කොහොම පටන් ගන්නවද  කියලා හිතා ගන්න බැරුව හිටපු මට මේ වෙද්දී කතා කරන්න ගොඩක් දේවල් තිබුනා.. කොටින්ම කියනවනම් පෞද්ගලික දේවල් පවා අහන්න පුළුවන් කමක් තිබුනා.. විශේෂයෙන්ම පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියලා.. වාසනාවට වගේ උත්තරේ “ නෑ” කියලා කියද්දී මගේ හිත ඒ මොහොතේ ඒ තරම් සතුටු උනේ මොකද කියලා මට තාමත් හිතා ගන්න බෑ..

කෑමෙන් පස්සේ ගමනත් ගොඩක් දිගු නිසා ගොඩක් කට්ටිය නිදි.. මටනම් කවදත් කොහේ හරි යද්දී මොනම වාහනේකවත් නින්ද නොයන නිසා ගුවනේත් මම මේ වෙනකම් නිදාගෙන නෑ.. අනික එදානම් කොහොමත් නින්ද යන්නෙම නෑ.. කොහොමහරි හැමෝටම හොරෙන් අපි ඒ ගෙවුන හැම මොහොතකම ගොඩක් දේවල් කතා කලා.. කතා කරන්න දේවල් නැති තැන ෆිල්ම් බලන එක පැත්තක දාලා ඒකේ තියෙන ගේම් ගැහුවා.. ඒ අතරේ තවත් කතා කලා.. අනේ මන්දා සමහර දේවල් නම් මතකත් නෑ දැන් මට..

ඔය අතරේ ඉතින් හැම වෙලේම වගේ මට කන්න බොන්න දේවල් නම් වැරදුනේ නෑ.. එපා වෙන තරමටම ඔර්න්ජ් ජූස් බිව්වා.. පස්සේ ඇවිත් මතක් කරනකොට තමයි හිතුනේ හොද වෙලාවට මං අමද්‍යප උනේ කියලා.. නැත්නම් අර බීමට ගෙදර එන්න වෙන්නේ හතර ගාතෙන්.. ඔය අතරේ ඉතින් අපි පහු කරන් එහා මෙහා යන අපේම අය අපි දිහා කන්න වගේ බැළුවේ නැත්තෙමත් නෑ.. පොඩි ඉරිසියාවක් උන්ට දැනෙන්න ඇති.. කතානියා වලින් නගිද්දී ලංකාවට යන්න තිබුන හදිස්සිය ඒ වෙනකොටනම් නැති වෙලා ගිහින්.. අනේ තව මේ ගමන දික් වෙනවනම් කියලා හිතුනේ අහම්බෙන් වගේ..

ඉන්දියාවට ආසන්න ඉහල අහසේ ( මැප් එකේ දැක්ක අපි ඉන්නේ ඉන්දියාව කිට්ටුව කියලා ) අපි ආවේ මහා වැස්සක් අතරින්.. ඒ පීඩනය අතරින් එද්දී ගුවන් යානය ටිකක් අසංතුලිත වෙන නිසා නියමුවාගේ අවවාදයේ හැටියට අපි සීට් බෙල්ට් දා ගත්තා.. ටිකෙන් ටික අසංතුලිත තාව වැඩි වෙද්දී ෆ්ලයිට් එකේ හිටපු ගොඩක් දෙනෙක් බය උනා.. කොටින්ම මමත්.. ඒත් ඒ මොහොතේ සිදු උන දෙයින් මගේ හිත ඒ අවදානම ගැන නොසිතන තත්වෙකට අරං ගියා.. ඒ ඇය මගේ අතින් තදින් අල්ල ගත්ත නිසා..

ඇයත් ටිකක් බය වෙලා කියලා මට ඒ දෑස් වලින් පෙනුනා.. එවෙලේ පුන්චි විහිළුවක් කරලා ඇගේ හිත වෙනතකට අරන් ගිය මම තේරුමක් නැති මොනවදෝ කියවද්දි ඇය හිනා උන හැටි මට තාමත් ඒ වගේම මතකයි.. ඒ වැහිබර තත්වෙන් මිදිලා අපි ගොඩක් දුර ආවත් ඇයට මගේ අතින් අත අරින්න අමතක උනා.. මමත් මුකුත් නොකියම ඒ විදිහටම කතා කර කර ආවා..

ගුවන් ගමනට සමුදෙන්න කොතරම් අකමැති උනත් පැය 13ක සුන්දර ගමනකින් පස්සේ අපි කටුනායකට ආවා.. මම අන්තිමට හිටපු නිසා හැමෝම බහිනකම් මට බලාගෙන ඉන්න උනා.. ඒ අතරේ මාව සොයාගෙන ආපු ඇය යුරෝපා ක්‍රමයට මට සුභ පැතුවා.. එවෙලේ ලංකාවේ මොබයිල් නම්බරයක් මට නොතිබුන නිසා මං එයාගේ මොබයිල් නම්බර් එක ඉල්ලගෙන එයාට සමුදෙද්දී හිතට මහා අමුතු හැගීමක් දැනුනා.. එය සමුගැනීමක් උනත් අපේ කතාබහ එතනට විතරක් සීමා උනේ නෑ.. ඊට පස්සේ උන දේවල් මම ඊළග පෝස්ට් එකෙන් කියන්නම්...



55 comments:

  1. ආව් ආව් ඊලඟ කොටස හෙට දාන්ටෝ

    ReplyDelete
  2. බොලේ....මේක මේ තරං දුර දිග ගිය සීන් කෝන් එකක් බව මං නිකමටවත් හිතුවෙ නෑ නෙ..හිකිස්..ඕං ඕවට තමා කියන්නෙ..යකා යනකොට යන්නෙ කොරහත් බිඳගෙන කියලා...හිකිස්.. :P

    ReplyDelete
  3. පුබුදුවා20 October 2011 at 16:37

    අඩේ වැඩේ කැතයි මේ කේස් එක කිව්වේ නැති එකට නම් මම තරහයි...හෙහ් හෙහ්...මෙහ් හොද වෙලාවට මම ඔයා නොවුනේ..මම එහෙම වුනා නම් ඉතින් හතර ගාතේ තමයි :P

    ReplyDelete
  4. දැන් මේක ලියන්න ඇත්තේ මනමාල හිනාවක් එහෙම දාගෙන වෙන්න ඇති නේ. හෙහේ. ;)

    ReplyDelete
  5. @ ශානු : ඕකේ හෙට දාන්නම්...

    ReplyDelete
  6. @ මකුළු පැංචී : කොච්චර දුර ගියාද නම් කියන්න දන්නේ නෑ.. දැන් එතකොට කවුද යකා???

    ReplyDelete
  7. @ පුබුදුවා : මලයා මම උනනම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා..

    ReplyDelete
  8. @ හිරණ්‍ය : කතාව මතක් වෙද්දි නම් ටිකක් විතර එහෙම තමයි යාළුවා...

    ReplyDelete
  9. මමත් නං ඔය මට්ටමිං පිං කරල තියනව! ........ හබැයි.............

    ReplyDelete
  10. අම්මේ එල එල මචෝ.. ඉක්මනට දාපන් අනිකත් ඉක්මනට... අප්පා මලු කතාව හලේ...

    ජය...

    ReplyDelete
  11. me meka nam dawal heenayak wenda athi.Mokada srilankan eke, un minissunta salakanne ballanta wage.Pitarata giya on kenekgen ahanda.Ekane emirates, singapor qutar wage ewa ta minissu yanne, mokada srilankan, anthima pahath widiyata minissunta salakanne.anika athin allanda tharam air hostess ge atha digada kiyala mata hithuna, eyalata wenamama kanapitata harawapu seat thiyana kota eya oya gawin awith unnada.awlak ne.dawal heenayak wenda athi.. gd luck withstory.

    ReplyDelete
  12. මං මෙච්චර යනවා එනවා!තාම බැරි උනා නේ මුකුත් කරගන්න!

    ReplyDelete
  13. හෙට ඉතිරිය දැම්මේ නැත්තං අයියේ මම උඹලෑ මල්ලිට කෝල් කරනවා

    ReplyDelete
  14. අයියේ... අම්මෝ.. මේක ගිය දුරක්...

    ReplyDelete
  15. ආව්...ආව්...හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු....

    ReplyDelete
  16. අනේ වාසයාවන්...වැඩේ ගොඩ ගියානං ඇති....

    ReplyDelete
  17. ඊට පස්සෙ, අවංකවම මලයා මට හදවතින්ම සතුටුයි ඕක ඇත්තම සීන් එකක් නම්, හැබැයි ඉතිං තමන්ව තේරුම් ගන්න පුලුවන්, තමන්ට ගැලපෙන කෙනෙක්ද කියලා ටිකක් ආශ්‍රය කරලා බලලම තීරණයක් ගන්න එක හොඳයි නේ ..........

    ReplyDelete
  18. මාර කතාව...අනිකත් දාන්න..අද මේකට ගොඩ වැදුනට මේක මරූනේ.....

    ReplyDelete
  19. ෂා..ඔන්න ඔහොම කතා දාන්නකෝ අනේ..කොහොමත් මම වැඩිය කැමති ඇත්ත කතා අහන්න :)

    ReplyDelete
  20. එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින් කිව්වලු. සීන් එක දරුනුවටම ගිහින් වගේ.

    “ ඔයා ඩ්‍රින්ක්ස් ගන්නේ නෑනේ.. මම ඔරේන්ජ් ජූස් එකක් අරගෙන ආවා..”

    පුහ්! පුදුම සැලකිල්ලක් නේ තියෙන්නේ.

    "ඒ වැහිබර තත්වෙන් මිදිලා අපි ගොඩක් දුර ආවත් ඇයට මගේ අතින් අත අරින්න අමතක උනා.."

    හරි හරි, වැඩේ ගොඩ වගේ. මම එහෙම නම් අත හපාගෙන හපාගෙන යනවා.:D

    බලමුකෝ ඊට පස්සෙ වුන දේවල්. මට සැක මේ මනුස්සය මේ වෙනකොටත් බැඳලද කියල.:P

    ReplyDelete
  21. (මගේ ලැපේ අවුලක් ඇවිත් හදන්න දුන්නා. සති දෙකක් විතර යනවා කිව්වා. දැන් ඉඩ තියන වෙලාවට කොල්ලන්ගෙ මැශින් වලින් යන්නේ. ඒකයි කලින් එකට රිප්ලයි කරන්න බැරි වුනේ.)

    ReplyDelete
  22. @ තනි අලියා : ඇයි කතාව මග නැවැත්තුවේ.. මොකද උනේ??

    ReplyDelete
  23. @ Gayan Rupasinghe : මරුදත් අහනවා.. හෙට කියන්නම් ඉතුරු ටික...

    ReplyDelete
  24. @ Anonymous : මුලින්ම කියන්නම් මේක හීනයක් නෙවෙයි කියන එක.. ඔව් ඔබ කිව්වා හරි.. මේ මම ශ්‍රි ලංකන් එකේ ගිය පළමු වතාව නෙමෙයි.. මම ඉස්සෙල්ලාම ගුවන් යානයක ගමන් කලෙත් ශ්‍රි ලංකන් තමයි.. එදා හා ඊට පස්සේ අවස්ථා කීපයකම මම ඔබ සදහන් කල දේට මුහුණ දුන්නා.. ඇත්ත ඔවුන් සමහරක් වෙලාවට ඉන්නේ ටිකක් උඩින් තමයි.. සමහර විට නිතරම අහසේ යන නිසා වෙන්න ඇති.. මේ හේතුව නිසාම තමයි මං දන්න ගොඩ දෙනෙක් වෙනත් ගුවන් ඔය එමිරේට්ස් කටර් වල වගේ යන්නේ.. නමුත් අතර මග තියෙන රස්තියාදුවට මම අකමැති නිසයි මම නම් හැමදාම ශ්‍රි ලංකන් එකේ ගියේ.. ඒත් හැමෝම එහෙමෙ නෙමෙයි කියලා මට ඇයව මුණ ගැහුන වෙලේ හිතුනා.. සමහරවිට ඔබටත් දවසක එහෙම වෙනස් කෙනෙක් ගුවනේදි මුණ ගැහේවි..

    ReplyDelete
  25. @ Sabith : පොඩ්ඩක් බලන්න.. මොකද ඔයිට වඩා දේවල් වලට උනත් කැමති අය ඔතන ඉන්නවා කියලා තමයි දැන ගන්න තියෙන්නේ.. හැබැයි ඉතින් ඇත්තද නම් දන්නේ නෑ..

    ReplyDelete
  26. @ හිස් අහස : අම්මෝ.. හරි හරි දාන්නම්.. අපේ මලයා මේ සීන් එක දන්නේ නෑ.. එකත් මේකෙන් තමයි දැන ගන්නේ... :)

    ReplyDelete
  27. @ ප්‍රාර්ථනා : ඔව් නංගියේ.. ඒකනම් ඇත්ත...

    ReplyDelete
  28. @ දිල් : ඔව් අක්කේ.. හොදම සෙල්ලම මම හෙට කියන්නම්..

    ReplyDelete
  29. @ ඔබ නොදුටු ලොවක් : වැඩේ නම් ගොඩ වගේ තමයි යාළුවා..

    ReplyDelete
  30. @ ගලයා : සාදරයෙන් වර්ණයට පිළිගන්නවා යාළුවා.. දිගටම එන්න කියලත් ආරාධනා කරනවා..

    ReplyDelete
  31. @ සයුරි : තැන්කූ අක්කේ.. හෙට ඊළග කොටසත් බලන්නකෝ..

    ReplyDelete
  32. @ Kasun : කමක් නෑ මල්ලී.. පුළුවන් වෙලාවක එන්නකෝ... බඳින්න?? ඊළග කොටස බලන්නකෝ...

    ReplyDelete
  33. ලකී මෑන්.මම ඔච්චර ගියා,මට සෙට් වුනේ නෑනෙ.ගිය පාර සෙට් උනේ වයසක ඉන්දියන් ආච්චි කෙනෙක්.මෙල්බන් ඉඳන් යන ප්ලේන් නම් අජූතයි.

    ReplyDelete
  34. හොඳම සෙල්ලම ඉක්මනට දාන්න.නතර නොවනු කතා බහ කොච්චර ඇදිල ගියද කියල දන ගන්න :D

    ReplyDelete
  35. හොඳම සෙල්ලම ඉක්මනට දාන්න.නතර නොවනු කතා බහ කොච්චර ඇදිල ගියද කියල දන ගන්න

    ReplyDelete
  36. කෝ ඉතුරු ටිකත් ඉක්මනට දාන්ටෝ

    ReplyDelete
  37. පට්ට පට පට පට...... අයිය මේ ඉතුරැ කෑල්ලත් හෙට දාන්ඩෝ.....!

    ReplyDelete
  38. ආ ආ ආ....අයියාගේ මූණේ තියන හිනාව.....:D :D

    කොහොමෙන් කොහොම හරි අයිය‍ට හරියනවනම් එච්චරයි......

    (කතාව වැඩිය පරක්කු කරන්න එපා ඔං)

    ReplyDelete
  39. @ කස්සා : ගනන් ගන්න එපා... ටික කාලයක් යද්දි එකක් සෙට් වේවි... අර උඩින් ඇනෝ කෙනෙක් කිව්වා වගේ ශ්‍රි ලංකන් එකේ ඉන්නේ ටිකක් විතර අප්සට් කට්ටිය...

    ReplyDelete
  40. @ esh : නතර නොවුන කතා බහ අදටත් ඇදිලා යනවා.. ඒ ගැන අද කියන්නම්...

    ReplyDelete
  41. @ නදී : හරි අක්කේ අද දාන්නම්...

    ReplyDelete
  42. @ Dega : හෙට නෙමෙයි මල්ලී අද හවස් වෙද්දී දාන්නම්..

    ReplyDelete
  43. @ සිතුවිලි නිහඩයි : හරියාවිද නැද්දනම් කියන්න දන්නේනෑ නංගියේ.. පරක්කු නොකර දාන්නම්..

    ReplyDelete
  44. ඉක්මනට අනිත් කොටසත් දාන්නකො මලේ. වැඩේ ගොඩද ඉතින්.

    ReplyDelete
  45. @ පිණිබිදු : අනිත් කොටස දැම්මා අක්කේ.. කියවලම බලන්නකෝ...

    ReplyDelete
  46. අමේ අර පින්තූරේ හිටියා වගේ කටියද හිටියේ ? මටත් මේ කතාව කියවලා ඉවර උනාම ප්ලේන් එකක යන්න ආසාවක් ඇති උනා.

    ගොඩක් දේවල් හිතේ තියාගන්නේ නැතුව කියලා දාපු එක හොදා. මොකද හිතේ තියාන හිටියම කවුදෑ දන්නේ !!!

    ReplyDelete
  47. dan man 3 weni kotasata yanawa! mmm! athin alladdi mokoo une ayya! nikan mmm hima watuna wage danunanda? naththan 33000 wadila wage gal gahila hitiyada? :) lassanai kathawa! :)

    ReplyDelete
  48. @ මධුරංග : සමහරුනම් ලස්සනයි.. හැබැයි ටිකක් උඩින් ඉන්නවා.. සමහරුනම් ඔය දෙකටම නැතුව මනුස්සකමට ඉන්නවා.. අයියා කැමති ඔය දෙකෙන් කොයි අයටද??

    ReplyDelete
  49. @ මාධව : ඔය දෙකම නිසා වෙන්නේ මල්ලි.. හිරිවැටිම.. අන්න එහෙම නම් උනා...

    ReplyDelete
  50. මටත් ඔයවගේ ලගින් යන සිද්දියක් තියෙනවා.එක මගේ බ්ලොග් එකේ පොස්ට් කරලා තියෙන්නේ.

    ReplyDelete
  51. බලාගෙන ගනන් ලෙඩ නිකන් දෙනව

    ReplyDelete
  52. පස්සෙ ඇවිල්ලා ඔන්න මම දැන් පරණ පෝස්ට් කියවනවා දැන් කෝ මේකෙ 3 කොටස

    ReplyDelete
  53. මගේ උගුරකට වේලිලා තියෙන්නේ...ඔරේන්ජ් ජූස් ටිකක් ?

    ප.ලි: ලංකාවේ ගුවන් සේවිකාවන්ගේ සේවය ගැන මේ කතාව අහනකන් මට එච්චර හොඳ හැඟීමක් තිබ්බේ නැහැ.හොඳ හොඳ අය ඔක්කොම බිස්නස් ක්ලාස් එකේනේ...නෝමල් අයට ඉස්පිරිතාලේ ඇටන්ඩන්ට්ලා තමයි!

    ReplyDelete
  54. where is da third part????

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්