Monday, 31 October 2011

අපි අපේමද : ප්‍රදීපාගේ හදවතින් 1


ආදරේ කියන්නේ මගේ ජීවිතේම කියලා හිතාගෙන දවස් ගෙවලා දාපු කාලයක් මගේ ජීවිතේ තිබුනා.. හරිම සැහැල්ලුවෙන්.. කිසිම වගකීමක් ගන්න මට ඕන උනේ නෑ.. දවසින් දවස අළුත් වෙමින් ඒ වෙනසට මුහුණ දෙමින් ඉදිරියට යන්න විතමයි මට ඕන උනේ.. ඒත් අපේ ජීවිත වෙනස් වෙන්නේ හරිම ඉක්මනට.. වෙනසට මූණ දෙන්න මං කොච්චර කැමති උනත් මේ වෙනසට මම කොහොම මුහුණ දෙන්නද කියලා මට කාලයක් යනකම්ම තේරුම් ගන්න බැරි උනා..

සමීර මං නොහිතූ වෙලාවක මගෙන් ඈත් වෙලා යන්න ගියාම මට මං ගැනම දැනුනේ මහා දුකක් වගේම  කලකිරීමක්.. ඊට හරියටම සතියකට පස්සේ වෙනකෙනෙක් කසාද බඳින්න උන එක ජීවිතේ අමිහිරිම අත්දැකීමක් කියලයි මං හිතුවේ.. අවුරුදු 3ක අපේ විවාහ ජීවිතේ අඩ දබර නැතුව නිදහසේ ගෙවිලා ගියා.. ඒත් ආදරයක්?? අපි අතරේ ආදරයක් ඇතිවෙයිද මගේ හිත මගෙන් හැමදාම අහන එකම එක ප්‍රශ්ණය.. සමීරගේ මතකය පැත්තකට විසී කරලා මං ඔහු ගැන කොයිතරම් හිතුවත් සමීරගෙන් මට ලැබුන ආදරය ඔහුගෙන් නොලැබෙන කොට මේ ජීවිතේ හැමදාම වගේ මට මාවම අසරණ කලා..

ඔහුගේ තැම්පත් බවට නිහඩ බවට වගේම සරළ කමට මගේ හිත ඉබේම වගේ ඔහු ගැන හිතන්න පටන් ගත්තත් අපි ලංවෙන්න උත්සාහ කරන හැම මොහොතකම ඔහුගේ දෙනෙත් බිම බලාගන්නේ ඇයි කියලා මට තාමත් තේරෙන්නේනෑ.. ඒ නිහඩ කම මාවත් නිහඩ කරන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නෑ..

අද මේ මොහොතේ උව මා ලගින්ම වාඩි වි උන්නද කිසිවක් නොකියාම ඉන්නා ඔහුගෙන් අපි යන්නේ කොහේදැයි අසන්නට මට කොතරම් උවමනා උවත් අද ඒ දෑස් වල වෙනදාට වඩා අමුත්තක් මට පේන්නේ ඇයි කියන්න මං දන්නේ නෑ.. ඒත් ඔහුගේ හිත වෙනතක තියෙනවා කියලා විතරක් මට තේරුනා.. ගාළු පාර දිගේ අපි ඉද්දිරියට යද්දි මං මුහුදුතෙර දිහා බලාගෙන කල්පනා කලේ ඇත්තෙන්ම අපිට අපේම ආදරකතාවක් ගොඩනගන්න බැරිද කියන එක.. සමීර ගැන මගේ අතීතය මට ඔහුත් එක්ක කියන්න ඕනෑ උනත් ඔහු ඊට කොහොම ප්‍රතිචාර දක්වයිද කියල නොදන්න නිසා මං ඒ සිතුවිල්ල හැම මොහොතකම යටපත් කරගත්තා..

ඔහු වාහනය ගාළු කොටුව ලගින් නතර කරනකම්ම මං හිටියේ මගේ කල්පනා ලෝකේ සැරිසරමින්.. ඇයි අපි මෙහෙ ආවේ කියලා කිසිදෙයක් නොදැන හිටපු මම ඔහු දිහා බැළුවේ ඊට උත්තරයක් ලැබෙයි කියලා හිතාගෙන.. ඒත් මං වෙනදා නොදැක්ක වේදනාවක් වගේම බිම නොවැටි රැදුන  කඳුළු බිදුවක් දෑස් අද්දර දැක්කම මං ආයෙම මගේ කල්පනා ලෝකේ කිමිදුනේ නොදැනුවත්වම වගේ..

හිතේ වෙනදා නොතිබුන අමුතු තිගැස්සමක් අද මට ඔහුගේ ලගදී දැනුනා.. කොටු පවුර දිගේ ඔහුගේ අතේ එල්ලිලා ඔහුගේ උරහිසට හේත්තුවෙලා යන්න ඇත්නම් කියලා මට හිතුනා.. ඒත් අපි අතර නිතරම රැදුන දුර මගේ ඒ පැතුම් හීනයක්ම පමණක් කලා..

දහසක් පෙම්වතුන් අතරේ නෙත් යොමමින් මං ඔවුන් තුලින් අපිව දකින්න ගොඩක් උත්සාහ කලා.. ඒත් මං අසාර්ථක උනා.. ඒ අනිත් හැම කෙනෙක්ටම වඩා වෙනස් පෞර්ෂයක් මං ඔහුගෙන් දැක්ක නිසා වෙන්න ඇති.. ඔහු දෙසත් හමුවෙන පෙම්වතුන් දෙසත් නෙත් යොමමින් ආපු මගේ දෑස් අද්දර එක් මොහොතක මැවුනේ මං ඒ වෙලේ කොහොමවත්ම බලාපොරොත්තු නොවුන දෙයක්..

“ සමීර..”

එහෙමම නතර උන මගේ දෙතොල් අතරින් ඉබේම වගේ ඔහුගේ නම කියවෙත්ම මා ලගින්ම නැවතුන ඔහු මං දිහා බැළුවේ පුදුමයෙන් වගේ.. මගේ දෑස් දිහා මොහොතක් බලා ඉන් ඔහු අසල සිටි අය දිහාවට නෙත් යොමු කලත් සමීරව ඔහු නොහදුනන නිසා මගේ හිත මොහොතකට සැනසුනේය..

ඒත් අවාසනාවකට මෙන් මාව දුර ඉදන්  අදුන ගත්ත සමීර අපි සිටි දිහාවට පිය නගත්ම වේගයෙන් ගැහුන මගේ හිතට දැනුනේ කියාගන්න බැරි අමුතුම හැගීමක්.. මම හෙමින් ඔහු වෙතට ලං උනේ මම එවෙලේ තනියම නෙමෙයි ඉන්නේ බව සමීරට හගවන්න හිතාගෙන.. ඒත් නොනැවතී ඉදිරියටම ආපු සමීර නැවතුනේ අපි දෙන්නා ලග..

“ කොහොමද ප්‍රදීපා?”

සමීර දුර දිග නොහිතාම මාත් එක්ක කතාකරද්දි මගේ හිතට දැනුනේ ලොකු බයක්.. කිසිම උත්තරයක් නොදුන් මම බිම බලාගත්තේ ඔහුගේ දෑස් මා දෙසට යොමු වෙනවත් එක්කම..


37 comments:

  1. හ්ම්ම්... තවත් ලස්සන කථාවක ආරම්භය වගේ,.. :)

    ReplyDelete
  2. ආහ් මේ ප්‍රදීපාගේ කතාවත් දාල තියෙන්නේ. දෙපැත්තේම වැරද්දක් නෑ, සමාජය තමයි ඒ දෙන්නටම වැරදි කරලා තියෙන්නේ.

    ReplyDelete
  3. සිරා නියමටම පටන් අරගෙන තියනවා

    ReplyDelete
  4. දෙන්නම වැරදි නැහැ මම හිතන්නේ

    ReplyDelete
  5. කලින් කතාවත් මම කියෙව්වා මල්ලි. ප්‍රදීපගෙ කෝනයෙනුත් ලියන එක හොඳයි. ලස්සන කතාව.
    මැණික්

    ReplyDelete
  6. අලුත්ම කතාවක් පටන් අරගෙන වගේ. ඇරඹුම නම් ලස්සනයි. බලමු ඉතිරිය කොහොම වෙයිද කියලා.

    ReplyDelete
  7. මෙන්න මම කැමතිම කතාව ඇවිත් :) නියමයි මල්ලි...

    ReplyDelete
  8. @ ප්‍රාර්ථනා : අළුත් කතාවක් නෙමෙයි නංගී.. මේ මං අර කලින් ලියපු කතාව වෙනත් පැත්තකින් ලියන්නේ...

    ReplyDelete
  9. @ Kasun : සමාජයටත් වඩා ඒ දෙන්නගේ නිහඩ කමයි මෙතන වැරැද්ද කියලා මටනම් හිතෙන්නේ..

    ReplyDelete
  10. @ මහිම : තෑන්ක්ස් යළුවා..

    ReplyDelete
  11. @ ChammA : දෙන්නම වැරදි නෑ කියන එක තමයි මගෙත් හැගීම යාළුවා..

    ReplyDelete
  12. @ මැණික් : ඔව් අක්කේ.. මගේ හිරණ්‍ය මිතුරාගේ ඉල්ලීමනේ.. ඉතින් මං ලියන්න හිතුවා..

    ReplyDelete
  13. @ මධුරංග : අළුත් කතාවක් නෙමෙයි අයියේ.. කලින් ලියපු අපි අපේමද කතාව ප්‍රදීපාගේ පැත්තෙන් මං මේ ලියන්නේ..

    ReplyDelete
  14. @ සයුරි : අක්කා වගේම් අගොඩක් දෙනෙක් මේ කතාවට ආදරේ කලා කියලා මට කමෙන්ට් වලින් තේරුනා අක්කේ..

    ReplyDelete
  15. කෝ ඉතිරි ටික..ඒකත් ඉක්මනට දාන්න.. හිතට වදින කතාවක් වගේ....
    ඒත් ඇයි ඒ තරම්ම නිහඩ බවක්..?

    ReplyDelete
  16. හා,,, මේක ලියන්න අරන්! හොඳයි හොඳයි එහෙනම් කියවලම බලමුකෝ.

    ReplyDelete
  17. බලමුකො ඉදිරියට....ඇත්තටම ප්‍රදීපා හරිද වැරදිද කියලා එතකොට තීරණය කරන්න පුළුවන්....

    ReplyDelete
  18. අයියේ ඉතින් උඹ ලියන කතන්දර කියවන්න මම කෝමත් ආසයි නෙව .. බලමු පුලු පුලුවන් හැටියට ඉස්සරහටත් සෙට් වෙන්ඩ ..

    කෙල්ලගේ කටින් කතාව කියවෙන එක මට නිකම් නුහුරුයි වගේ .. අවුලක් නෑ

    ReplyDelete
  19. @ නෝටියා | Naughty's Impression : ඒ නිහඩ බවට පිළිතුරු ගොඩයි.. ඒ ගැන හෙමීට කියන්නම්...

    ReplyDelete
  20. @ හිරණ්‍ය : ඔව් යාළුවා ඔයාගේ ඉල්ලීමනේ මේක..

    ReplyDelete
  21. @ දිල් : ඔව් අක්කේ.. ප්‍රදීපත් සමීරත් අතරේ වෙන කතාබහ මේ කතාවේ වැදගත්ම තැන වේවි..

    ReplyDelete
  22. @ හිස අහස : උඹට පුළුවන් වෙලාවට මේ පැත්තට ගොඩ නොවී ඉන්නේ නෑ කියලා මං දන්නවනේ..

    ඔව් මලයා මටත් ඒක ටිකක් නුහුරුයි ලියාගෙන යද්දී.. කලින් වතාවකුත් මං ලිව්වද කොහේද.. කමක් නෑ මේක ඒ තරම් දිගට යන්නේ නෑ..

    ReplyDelete
  23. හ්ම්.... අද සමාජයේ තියෙන ප්‍රදානම ප්‍රශ්නයක් මේකෙන් පේනවා.ඕක නිසා තමයි දැන් සම්බන්දතා වලට හෙන ගහලා තියෙන්නේ.

    ReplyDelete
  24. හම් හම්......ඉස්සරහට බලමුකෝ අයියා.....

    ReplyDelete
  25. හප්පේ මං බෝම පරක්කුයි වගේ...සමාවෙයං අයියා....
    ඔන්න මරූ..කතාව පටං අරං තියෙන හැටි අති විශිෂ්ඨයි....පව් බං ඒකිගේ හීන ලෝකෙත් මාර දේවල් නේ තිබිලා තියෙන්නේ...බලාගෙන ගියාම ඒකිත් ඒකිගේ පැත්තෙං හරි
    තවත් එක සුන්දර ආරම්බයක ඉදිරියක් උදෙසා මග බලා සිටි...මි..
    ඉතුරු එකත් ඉක්මනට දාන්න යාලුවේ..!

    ReplyDelete
  26. අතීතයත් අනාගතයත් අතර අතරමං වුනු ජීවිතයක සිතුවිලි දාමයක්... මං ගොඩක් කැමතියි මේ කතාවට...

    ReplyDelete
  27. අවසාන කොටසත් බලලම කියන්නම්....

    ReplyDelete
  28. අපි අපේමද කියෙවුවෙත් එක දිගට ඊයෙ.. ගොඩක් කාලෙකට පස්සෙ කමෙන්ට් එකක් දාන්න හිතාගෙන බ්ලොග් කියවන්න ආවත් ඒකත් කරගන්න බැරිඋනා. කොහොම උනත් තිබුන හැම පෝස්ට් එකම අකුරක් නෑරම කියෙවුවා. එන්න බැරිඋන දවස් ටිකේ ගොඩක් දේවක් මග හැරිලා. හරිම ලස්සනයි අයියේ. කලින් කතාව කියවත්දි මට හිතාගන්න බැරිඋනා සමීර ගැන අර තරම්ම දින පොත් පුරවපු ප්‍රදීපා ඇයි ආපහු ආවෙ කියලා ඒකට ලොකු බලපෑමක් තියෙන්නම ඕනනේ..

    ReplyDelete
  29. එළ එළ ලියන්නකෝ මේකත් කියවන්න........ආයිත් අතීතෙට යනවා..නිකන් ලව් කරන්න වගේ හිතෙනව මේවා කියෙව්වම...ගෙදරින් දැනගත්තොත් මගේ වීසා කැන්සල් කරනවා.....හික් හික් හික් ...

    ReplyDelete
  30. @ නිසූපා : ඔව් අක්කගේ කතාවත් ඇත්ත.අනේ මන්දා අක්කේ වෙලාවකට මේ ආදරයත් ප්‍රශ්ණයක්...

    ReplyDelete
  31. @ සිතුවිලි නිහඩයි : ඔව් ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බෑනේ...

    ReplyDelete
  32. @ ගලයා : එහෙමයි කියලා පරක්කුවක් නෑ මලේ... අපි නොහිතුවට කෙල්ලන්ගේ හිත් වල හරි අපූරු හීන තියෙන්නේ.. සමහර ඒවනම් දැනගත්තමත් හිනා යනවා.. ඒත් ඒ කෙල්ලන්ගේ හැටි..

    ReplyDelete
  33. @ මන්තරකාරී : ඔව් ඇත්තෙන්ම සොදුරු අතීතයක් හා හදුනා නොගත් වර්ථමානයක් කිවුවනම් හරියටම හරි...

    ReplyDelete
  34. @ පිස්සා පලාමල්ල : හරි යාළුවා.. ඔයාගේ කැමැත්තක්....

    ReplyDelete
  35. @ හංසී : කමක් නෑ නංගී.. පුළුවන් වෙලාවක එන්න මේ පැත්තට.. මං තරහා නෑ..

    ඒක බලපෑමක්මයි කියලා නම් මට කියන්න අමාරුයි.. අවසාන කොටසත් එක්ක ඔයාම ඒක තීරණය කරන්නකෝ...

    ReplyDelete
  36. @ ඔබ නොදුටු ලොවක් : එහෙනම් අතීත මතක ගොඩක් සොදුරුයි වගේ.. එකක් දෙකක් අපිටත් කිවුවනම් නේද හොද???

    ReplyDelete
  37. බලමු ඊගාව කොටසත්, පස්සෙ කියවනකොට කුතුහලේ අඩුයි ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්