Sunday, 23 October 2011

අපි අපේමද 1


නිහැඩියාව අතරම මම වාහනය ගාල්ල දෙසට පදවමින් සිටියේය.. නිවසින් පිටව බොහෝ දුරක් ආ නමුදු එහි පැවතියේ දිගු නිහැඩියාවකි.. ඉදිරිපස අසුනේ ඇය වාඩිවී උන්නද හැමදාමත් මෙන්ම ඇගේ පැවති නිහඩ බව මට පුදුමයක් නොවීය.. අපි යන්නේ කොහේදැයි  නොදන්නා ඇය  මගෙන් ඒ ගැන නොඇසුවාය..

අපි විවාහ උනේ මීට අවුරුදු 3කට කලිනි.. ඒ යෝජිත විවාහයකින්.. නිත්‍යානුකූලව ඇය මට හිමි උනත් ඇගේ හිතේ මං ගැන ආදරයක් නැති බව ටික දවසක් ගතවෙද්දී ඇගේ නිහඩ බව මට කියාපෑවා.. ඒත් මං ඒ ගැන ඒ තරම් නොසිතුවේ අප පෙම්වතුන්ව හිද විවාහ නොවුවන් වූ නිසාය.. නිවෙස් වලින් අප යෝජනා වී ටික කාලෙකින්ම අපේ විවාහය සිදු වූ අතරම මට ඇය හා විවාහයට කලින් හොද ඇසුරක් පවත්වන්නටද අවස්ථාව නොලැබුනි..

ඒත් මං ඇයට හිතින් ආදරය කල වාර බොහෝය.. ඇය ලගට විත් ඒ ආදරය කියන්නට කොතෙකුත් උත්සාහ කලද මට ඊට අවස්ථාවක් නොලැබුනි.. ඇය මා හා කතා කලේ අල්ප වශයෙනි.. නමුත් කිසිම දිනක ඇය මා වෙනුවෙන් ඉටුවිය යුතු එකදු වගකීමක් වත් පැහැර නොහැරියාය.. මා උවද ඇයට උපදෙස් දෙන්නට නොගියද ඇයට හදිසියේ හෝ අමත වූ දෙයක් මතක් කලේද නැත..

අපි අපේ දෙමවුපියන්ගෙන් වෙන්ව තනිවම නිවසක පදිංචි වී සිටින්නෙමු.. ඒ නිසාම අපේ දෙමවුපියන්ටව මේ වෙනස කවදාවත් නොතේරුනේය.. අපේ අම්මා ගෙදර එන හැම වාරෙකම දරු සුරතල් බැලීමේ ඇගේ ආශාව කොතරම්දැයි මතක් කලද හිතට එන බොරුවක් ඒ මොහොතේ පවසා ඒ කතාව නිතරම මා මගහැරියේය..

ඇය නිවෙස තුල රැඳීමට බොහෝ ආශා කලාය.. නිරන්තරයෙන් නිවෙසින් පිටව යන්නට මා ආරාධනා කලද ඇය බොහෝ අවස්ථාවල කුමක් හෝ හේතුවක් පවසා ඒ ගමන මග හරින්නට උත්සාහ කරයි.. මේ ගත උන අවුරුදු 3ටම අපි නිවසින් පිටව කාලය ගත කලේ දෙතුන් වතාවක් පමනි.. ඒ හැම අවස්ථාවකම අපේ සම්බන්දයට හොද ආරම්භයක් දෙන්නට මට ඕනෑ කලද ඇගේ නිහඩ බව මගේ ඒ හැම බලාපොරොත්තුවක්ම බිද දැම්මේය..

ඇය හමුවීමට කිසිම දවසක මිතුරියක් පැමීණියේවත් දුරකථනයෙන් ඇමතුවේවත් නැත.. මමද ඇගෙන් ඒ ගැන ඇසු විට ඇය පැවසුවේ මට ඒ තරමටම සමීප වු කවුරුවත් නොමැති බවය.. විශ්ව විද්‍යාලයේ උපාධිය දක්වා ඉගෙන ගත් ඇයට මිතුරියක් නොමැති වීම පිළිගත් නොහැක්කක් උවද මා ඇගේ වචනය විශ්වාස කලෙමි..

ගෙවුන වසර තුනටම ඇගේ උපන්දිනයවත් විවාහ සැමරුමවත් අමතක මා අමතක නොකල සේම ඇයද මගේ උපන් දිනය දාට මට තිළිනයක් ලබා දීමට අමතක නොකලාය.. ඒ ගැන මගේ හිතේ පුන්චිම සතුටක් තිබුනා උවත් ඇගේ මේ වෙනස හා නිහැඩියාව මට හැම මොහොතකම ප්‍රෙහෙලිකාවක් වූවේය..

දිනක් හදිසියේ ඇගේ මව අසනීප වී රෝහල් ගත වූ නිසා අපි දෙදෙනාට දින දෙකක් පමන වෙන්ව ඉන්නට සිදුවූවේය.. ඇගේ ගම නුවර වූ නිසාම මගේ රාජකාරි අතරේම එහි දින කීපයක් නැවති සිටිම මට තරමක් අපහසු විය.. එනිසා ඇය තනියම මවගේ නිවසේ නතර වූවත් හැමදාම දුරකථනයෙන් මා අමතා මගේ සුවදුක් බැලීමට ඈ අමතක නොකලාය..

දිනක් රාත්‍රියේ මා උවමනාවකට අපේ අල්මාරිය විවෘත කලේය.. ඒහි තිබු මගේ ලියවිලි කීපයක් ගැන සොයමින් සිටි මා හට අහම්බයෙන් ඇගේ දිනපොතක් නෙත ගැටුනේය.. ඒය 2007 වසරේ දින පොතක් බැවු එහි මුල් කවරයෙන් මා හදුන්න ගත්තෙමි.. එය පසෙකින් තබා යලි මගේ ලියවිලි සොයන්නට වූවද මගේ නෙත නැවත නතර වූයේ ඇගේ දින පොත අසලය..

මගේ බිරිදගේ වුවද දින පොතක් කියවීම ශිෂ්ඨ සම්පන්න නොවන බව මට හොදින් වැටහුනද ඇගේ දින අතට ගෙන ඇදේ වාඩි උනත් එය බලනවාද නැද්ද යන දෙගිඩියාව මගේ හිත තුල රැදුනේය.. ඇගේ මේ නිහැඩියාවට උත්තරයක් මේ දිනපොතෙන් ලැබේවියි සිතු මම දින පොතේ පළමු පිටුව පෙරලා බැළුවෙමි..


42 comments:

  1. ෂා ලස්සන කතාවක් ආයේ පටන් අරන්

    ReplyDelete
  2. හුරේ අදත් මමයි පළවෙනි කමෙන්ට් එක

    ReplyDelete
  3. මාත් ඔය ප්‍රශ්නය මගෙ හිතෙන් අහලා තියෙනවා...හැබැයි ඔය විදියටම නෙමේ...මෙහෙම"මම මගේමද"

    ReplyDelete
  4. මෙන්න කුතුහලය පිරුණු තවත් කතාවාක්...මට කවුරු හරි ප්‍රසිද්ධ ලේඛකයෙක්ගේ කෙටි කතා ශයිලියක් මතක උනා...ගී ද මෝපසාං ගේ ද මන්දා :)

    ReplyDelete
  5. ලස්සන කතාවක ආරම්බයක් කියලා හිතෙනවා. ඒ ගැන දිනේෂ් මල්ලිම කියන එක වටිනවා.

    ReplyDelete
  6. අලුත් කතාවකකික්. ඉක්මනට අනිත් කොටසත් දාන්න අය්යේ.

    ReplyDelete
  7. අදමයි ආවේ.පරක්කු වුනාට සමාවෙන්න.මං ආසම විදිහ කතාවක පටන් ගැන්මක් වගේ.දිගටම කියවන්ඩ බලාපොරොත්තු වෙනවා.ජය.

    ReplyDelete
  8. ඔන්න තවත් එක් ආදර අන්දරයක්ද, ඛේදවාචකයක්ද බලමුකෝ ..

    ReplyDelete
  9. හිත කුහුලෙන් පිරිලා ඉතුරු ටික කියවනකං......ලස්සන ආරම්භයක් ......

    ReplyDelete
  10. එලස්.. ඔහොම ලියාගෙන යමු මචෝ..

    ජය..

    ReplyDelete
  11. නියමයි..තවත් ලස්සන කතාවක ආරම්භයක්...

    ReplyDelete
  12. හොදම තැනින් නවත්තලා...:((
    ඉක්මනට ලියන්න මල්ලි...

    ReplyDelete
  13. මෙගා ටෙලි නාට්ටි වගේ...මාර තැන් වලින් තමයි නවත්තන්නේ...අනිත් ටික බලනකම් හදිස්සියි...ඉක්මනට දාන්න....

    ReplyDelete
  14. @ ශානු : ඔව් ඔව්.. හැමදාම ඉතින් ඔයානේ ඉස්සෙල්ලම එන්නේ...

    ReplyDelete
  15. @ දුප්පත් වැසියා : ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට...

    ReplyDelete
  16. @ මකුළු පැංච් : අවසානය වෙනකම් කියවන්නකෝ..

    ReplyDelete
  17. @ අසනි : ඔව් අක්කේ ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්ණේ අපි අපෙන්ම අහන වෙලාවල් බොහෝමයි..

    ReplyDelete
  18. @ සයුරි : අම්මෝ අක්කේ.. ඒතුමා කවුද මං කවුද?? මං මේ හිතට එන තේරුමක් නැති සිතුවිලි අකුරු කරන කෙනෙක්නේ..

    ReplyDelete
  19. @ මධුරංග : කතාවේ අවසානෙත් එක්කම බලන්නකෝ කතාව ලස්සනද කියලා අයියේ... මං මගේ උපරිමය කරන්නම්...

    ReplyDelete
  20. @ හිම හංසී : හෙට අනිත් කොටස දාන්නම් නංගී...

    ReplyDelete
  21. @ Malya Cruise : සාදරයෙන් පිළිගන්නවා වර්ණයට.. ඔයාගේ හැඩතල මම ගොඩක් ආසාවෙන් කියවන්නේ..

    ReplyDelete
  22. @ පන්සල් හන්දිය : ආදර අන්දරයක්ද ඛේදවාචකයක්ද කියලා අන්තිමට බලමු නේද අයියේ...

    ReplyDelete
  23. @ ඔබ නොදුටු ලොවක් : හරි ඉක්මනින් අනිත් කොටස දාන්නම්..

    ReplyDelete
  24. @ Gayan Rupasinghe : දිගටම රැදෙන්න යාළුවා..

    ReplyDelete
  25. @ මන්තරකාරී : ඉක්මනින් අනිත් කොටස දාන්නම්...

    ReplyDelete
  26. @ නිසුපා : මං ඉතින් කවදත් එහෙමනේ අක්කේ..

    ReplyDelete
  27. @ ගලයා : මේකනම් මෙගා එකක් වගේ දික් කරන්නේ නෑ යාළුවා..

    ReplyDelete
  28. @ නෙරංජි | Neranji : නෑ නංගී මේක කොටස් තුනක කතාවක්..

    ReplyDelete
  29. මනුස්ස හිත ඇතුලේ හැමවිටම ගුප්ත චරිතයක් ජීවත් වෙනවා ඒ වගේම මිනිස්සු අතරේත් ගුප්ත චරිත ඉන්නවා. බොහොම හොද ආරම්භයක් යාළුවා.

    ReplyDelete
  30. හම් හ්ම.....අළුත් කතාවක්.....ඊයේ හදිස්සියට කියවලා ගියා අයියා..කමෙන්ට් කරන්න බැරිවුණා....

    ඉක්මන‍ට ඉතිරිය දාන්න....

    ReplyDelete
  31. හම් හ්ම.....අළුත් කතාවක්.....ඊයේ හදිස්සියට කියවලා ගියා අයියා..කමෙන්ට් කරන්න බැරිවුණා....

    ඉක්මන‍ට ඉතිරිය දාන්න....

    ReplyDelete
  32. ලිවීමේ හැකියාව විශිෂ්ඨයි මචන්.දිගටම ලියමු

    ReplyDelete
  33. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : ඔව් යාළුවා.. මට උනත් මේ වගේ තේරුම් ගන්න අමාරු පුද්ගලයෝ හමු වෙලා තියෙනවා...

    ReplyDelete
  34. @ පිණිබිදු : ඊට පස්සේ මොකද උනේ කියලා මේ දැන් දැම්මා අක්කේ...

    ReplyDelete
  35. @ සිතුවිලි නිහඩයි : අනික් කොටස දැම්මා නංගී..

    ReplyDelete
  36. @ කස්සා : ස්තුතියි යාළුවා...

    ReplyDelete
  37. චීයා නොටිය.... අනුන්ගේ ඩයරි කියවනවා.

    මමත් ඔහොම එකක් ලැබුනොත් නම් අතාරින්නෙ නෑ.:)

    ReplyDelete
  38. @ Kasun : නෝටිනම් තමයි.. ඒත් වෙලාවේ හැටියට නොකර බෑනේ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්