Thursday, 29 September 2011

වර්ණ : හත්වන දිගහැරුම


            

               සිතුම් තමන් ඇදි චිත්‍රත් සමග බොහෝ වේලාවක් ඔහු එනතුරු බලා සිටියේය.. විනාඩියෙන් විනාඩිය කාලය ඉක්ම යද්දී සිතුම්ගේ හිතට තරමක බියක් දැනෙන්නට විය.. ඒ මේ අවස්තාවත් මග ඇරුනොත් අම්මා වෙනුවෙන් සල්ලි හොයන්නේ කෙසේදැයි කල්පනා වූ නිසාය.. සිතුම්ට ගන්නට ඉතිරිව ඇත්තේ තවත් එක තීරණයක් පමනක්මය.. ඒ ප්‍රාර්ථනාගේ තාත්තාගෙන් මුදල් ඉල්ලීමය.. චිත්‍ර මිලදී ගන්නට ඔහු නොපැමිණියෝත් ප්‍රාර්ථනාගේ තාත්තා හමුවන්නට යන බව සිතුම් සිතා ගත්තේය..

“ මල්ලී ගොඩක් වෙලාද ඇවිල්ලා?”

              සිතුම්ගේ කල්පනාව අතරින් පුරුදු කටහඩක් සවනත් වැටෙත්ම සිතුම් ඒ දෙස බැලුවේය.. ඒ ඔහුය..

“ දැන් ටිකක් වෙලා.. මම හිතුවා අමතක උනාවත්ද කියලා..”

“ නෑ මල්ලි.. මම තවත් වැඩකට ගිහින් ආවේ.. එතන ටිකක් වෙලා ගියා.. එකයි පරක්කු උනේ..”

     ඔහුගේ දෑස සිතුම්ගේ චිත්‍ර දෙසට යොමුවිය..

“ ෂා.. මල්ලි මේ චිත්‍ර මාරම ලස්සනයිනේ.. මම එදා මේ ටික දැක්කේ නෑනේ..”

“ මේ ටික ගමේ තිබුනේ.. මම මේ ගමේ ඉදන් එනගමන්..”

“ මල්ලි එදා බෑ කිව්වට මම හිතුවා මල්ලි තිරණේ වෙනස් කරාවියි කියලා..”

         ඔහු සිතුම් රැගෙන ආ චිත්‍ර දෙස හොදින් බැලුවේය.. එකින් එක අතට ගත් ඔහු ඒ සෑම චිත්‍රයක් දෙසම බොහෝ වේලාවක් බලා සිටියේය..

“ ඇත්තටම මල්ලි මට මේ චිත්‍ර වලට පුදුම විදිහට හිත ගියා.. මම මේ ඔක්කොම අර ගන්නම්.. මල්ලි මට ගානක් කියන්න..”

“ මං කොහොමද මගේ චිත්‍ර වලට ගානක් කියන්නේ.. මහත්තයම බලලා කියන්න..”

“ හ්ම්ම්ම්.. ඒකත් එහෙමද? හරි මගේ වාහනේ මම ගේට්ටුව ලගම නැවැත්තුවා.. අපි මේ ටිකත් අරන් යමුද වාහනේ ලගට..”

          චිත්‍ර ටික පරෙස්සමට අතට ගත් සිතුම් ඔහු සමග ඔහුගේ වාහනය ලගට ගියේය.. වාහනේ ඉදිරිපස දොර විවෘත කල ඔහු එහි තිබු චෙක් පොතෙන් පිටුවල් ලියා සිතුම්ගේ අත තැබුවේය.. එහි සදහන් වූ මුදල දෙස සිතුම් මොහොතක් බලා සිටියේය.. චිත්‍ර වල වටිනාකම එහි සදහන් වූ මුදලට වඩා බොහෝ වැඩිමුත් ඒ මුදල අම්මගේ සැත්කම සදහා ප්‍රමාණවත් විය..

“ ඇයි මල්ලි.. මදි පාඩුවක් තියෙනවනම් මට කියන්න..”

“ නෑ මහත්තයා.. පුළුවන්නම් මට මේ චෙක් එක වෙනුවට එකපාරම සල්ලි ගන්න පුළුවන්ද?”

“ ආ.... මල්ලි එහෙනම් මාව විශ්වාස කරන්නේ නෑ..”

“ එහෙම දෙයක් නෙමෙයි.. ඒක මට පහසුයි..”

“ හරි.. එහෙනම් නගින්න වාහනේට.. මම බැංකුවෙන් මේක මාරු කරලා දෙන්නම්..”

      සිතුම්ව වාහනයට නංවා ගත් ඔහු වේගයෙන් කොළඹ දෙසට වාහනය පැදවූවේය..

“ මල්ලී මීට පස්සේ මේ පාරවල් ලගට වෙලා චිත්‍ර විකුණන්න යන්න එපා.. ඔයා නිදහසේ ඇදලා මට කෝල් එකක් දෙන්න.. මම ඇවිත් ඒවා අරගන්නම්..”

        සිතුම් කිසිවක් නොපැවසුවේය.. බැංකුව ලගට පැමින ඔහු වාහනය නතර කලේය..

“ මල්ලි වාහනේම ඉන්න.. මම සල්ලි අරන් එන්නම්.. මල්ලිට සල්ලි වගේම මට මේ චිත්‍ර ටික දැන් ගොඩක් වටිනවා..”

         බැංකුව තුලට දිව ගිය ඔහු එහි මද වේලාවක් රැදී නැවතත් පැමිණියේය.. ඔහුගේ අත වූ මුදල් බෑගය සිතුම්ගේ අතට දුන් ඔහු සිතුම්ට සමුදීමට සැරසුනේය..

“ මල්ලි ආයෙත් මට කතාකරයි කියලා මං හිතනවා.. ඕන උදව්වක් මගෙන් ඉල්ලන්න..”

                     එසේ පැවසු ඔහු නික්ම යන තුරු සිතුම් බලා සිටියේය.. හවසම ආයෙමත් ගමට එනවායි අම්මට දුන් පොරොන්දුව නිසාම සිතුම් බස් නැවතුම වෙත ආවේ හවස් වන්නට මත්තෙන් ගමේ යන්නට සිතාගෙනය.. බසයට ගොඩ උන සිතුම් දිගු හුස්මක් අරගත්තේ අම්මගේ සැත්කමට මුදල් සොයන්නේ කෙසේදැයි සිතමින් හිතේ තිබුන බර ටිකක් අඩුවූ නිසාය.. බසය ගමට එනතුරාම සිතුම් සිටියේ දිගු කල්පනාවකය.. නිවස වෙතට ලං වත්ම දුර තියා තමන් දුටු පොඩි මල්ලි තමන් වෙතට දිව එත්ම සිතුම්ගේ හිත වේගයෙන් ගැහෙන්නට විය..

“ මොකෝ මල්ලි මේ?”

“ අයියේ දවල් ලොකු අම්මට ටිකක් අසනිප උනා.. අම්මා ලොකු අම්මවත් එක්කන් ඉස්පිරිතාලේ ගියා..”

 “ අම්මට ගොඩක් අමාරු උනාද?”

“ යද්දි නම් ටිකක් විතර අමාරුයි.. අයියා හවසම එනවයි කියපු නිසායි මම ගෙදර නැවතුනේ..”

“ හරි අපි යමු එහෙනම්..”

      නිවසටවත් ගොඩ නොවු සිතුම් මල්ලිත් සමග අම්මා බැලීමට රෝහලට ගියේය.. රෝහල පුරාම ඇවිද්ද සිතුම්ට දැඩි සත්කාර ඒකකය ලගදි නැන්දා මුණ ගැසුනේය..

“ මොකද නැන්දේ උනේ?”

“ උදේ ඉදන්ම වගේ ටිකක් අමාරුයි කිය කිය තමයි අම්මා හිටියේ.. දවල් වෙද්දී කලන්තේ හැදෙන්නත් එනවා කියපු නිසයි අපි ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කන් ආවේ..”

“ දැන් කෝ අම්මා?”

“ මේක ඇතුලේ..දොස්තරලා දැනුත් ඇවිත් බලලා ගියේ..”

“ ඉතින් මොකද දොස්තරලා කියන්නේ?”

“ ඉක්මනටම ඔපරේෂන් එක කරන්න ඕනලු.. පුතා සල්ලි හොයා ගත්තද?”

“ ඔව් නැන්දේ.. ඉන්න මම ලොකු දොස්තර මහත්තයා මුණගැහිලා එන්නම්..”



29 comments:

  1. හ්ම්ම්ම් කතාව ගොඩක් දුකයි

    ReplyDelete
  2. ලස්සනයි සහෝදරයා..මම කොහොමත් ඔබේ කතාවලට කැමතියි

    ReplyDelete
  3. අනේ මටත් මෙහෙම ලියන්න පුලුවන් වුණානම් කියල් හිතුණා... :)

    ReplyDelete
  4. @ ශානු : හැම කතාවකම හැම මොහොතකම සතුට නෑනේ ශානු...

    ReplyDelete
  5. @ ජනරග : ගොඩක් ස්තුතියි යාළුවා... අපි අදුන ගත්තෙත් කතාවක් නිසා මගේ මතකය හරිනම්....

    ReplyDelete
  6. @ මකුළු පැංච් : මොකෝ බැරි.. ලියන්න උත්සාහ කරන්න... අපි ඉන්නවනේ උදව්වට....

    ReplyDelete
  7. අම්මා බෙරෙනවනේ....? දුක හිතෙන කතාවක්...

    ReplyDelete
  8. සල්ලි හොයාගත්ත නිසා අම්මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල හිතනවා.

    ReplyDelete
  9. ලස්සනට කතාව ගලාගෙන යනවා දිනේශ්.

    ReplyDelete
  10. තවත් දිගහැරුමක්......ලිවීමේ රටාවත් නියමයි දිනේශ්

    ReplyDelete
  11. ඔයාගෙ කතා හරි ලස්සනයි මල්ලි.මං බ්ලොග් ලියන්න කලින් ඉදන් ඔයාගෙ කතා කියෙව්වා.කතාව ඉවර වෙන විදිහ අන්තිම මොහොත වෙනකල් හිතාගන්න බෑ.

    ReplyDelete
  12. @ රහස් පරීක්ෂකයා : ඒ ගැන අනිවාර්යෙන් ඊලග කොටසින් කියන්නම් යාළුවා....

    ReplyDelete
  13. @ Kasun : ඔව් සල්ලිනම් හොයාගත්තා තමයි.. ඒත් හැමදෙයක්ම සල්ලිවලට ගන්න බෑනේ මල්ලී...

    ReplyDelete
  14. @ පිණිබිදු : ගොඩක් ස්තුතියි අක්කේ... හැමදාමත් එකතු වෙන්නකෝ කතාවත් එක්ක...

    ReplyDelete
  15. @ දිල් : ගොඩක් ස්තුතියි අක්කේ.. අවසානයට තව ගොඩක් දුර නෑ.. ඉක්මනින් මේ කතාව ඉවර වේවි....

    ReplyDelete
  16. @ නිසූපා : ඇත්තටම සතුටුයි අක්කේ ඔයා මගේ කතා ගොඩක් කාලෙක ඉදන් කියවනවයි කිව්වම... ඇත්තටම මගේ කතා නිසා මට ගොඩක් යාළුවෝ අළුතින් මුණ ගැහුනා.. ඒ ගැන ඇත්තටම මට සතුටුයි...

    ReplyDelete
  17. අනේ...........අම්මට කරදරයක්න්ම් වෙන්න එපා......එත්, ඇයි ඒ තරම්ම සිතුම්ගේ චිත්‍ර වලට ඒ පුද්ගලයා කැමති වෙලා එච්චර මුදලක් දුන්නේ...ඇත්තටම කලාකාමී හිතක් තියන කෙනෙක්ද....නැත්නම් ..............අනේ මන්ද.....

    ලස්සනයි අයියා හැමදාම වගේ ඔයාගේ කතාව ලියන විදිය....

    ReplyDelete
  18. සිතුම්ගේ ජීවිතේ හිතුවා වගේම වෙනස් වෙලා..ඒ හැල හැප්පිම්ම ජීවිතේ වර්ණවත් කරයි නේද...

    ReplyDelete
  19. නියම කතාවක්. කතාව ලස්සනට ගලාගෙන යනවා.
    ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
  20. කුතුහලය පුරවලාමයි කතාව නතර කරන්නේ....ඉක්මනට ඊලඟ ටිකත් දාන්න...

    ReplyDelete
  21. @ සිතුවිලි නිහඩයි : ඒ ආගන්තුකයගේ චේතනාව මොනවගේද කියලා මම ඊළග කොටසකින් කියන්නම්....

    ReplyDelete
  22. @ අසනි : ඇත්ත ජීවිතේට ප්‍රශ්ණ එද්දි තමයි ඒ ජීවිතේ ලස්සන වෙන්නේ..

    ReplyDelete
  23. @ මධුරංග : ගොඩක් ස්තුතියි අයියේ.. ඉක්මනින් ලියන්නම්.....

    ReplyDelete
  24. @ මන්තරකාරී : එතකොට තමයි කතාවේ ඔයාලත් හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ... අවසානය මෙහෙම වෙයිද කියලා කියවන ඔයාලා හිතනවට මම ගොඩක් කැමතියි...

    ReplyDelete
  25. අද කොටසත් ගොඩක් ලස්සනයි. දවස් ගානක් තිස්සෙ ටෙස්ටින්ග් කර කර ඉඳලා දැන් හරි නේද? දිගටම ලියන්න.

    ReplyDelete
  26. @ හංසී : ඔව් නංගී දැන්නම් බ්ලොග් එක වෙනදා වගේම වැඩ.. ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට...

    ReplyDelete
  27. ටික දවසකට පස්සෙ මේ පැත්තට ආවෙ, බලනකොට මිස් වෙලා නැහැ මොනවත් මට. කොහොම හරි දැන් ප්‍රශ්ණයක් නැති එක ගැන සතුටුය්. ඉතුරු කොටස් ටික කියවන්න ආසාවෙන් බලා ඉන්නව.

    ReplyDelete
  28. අම්මට මොනා වෙයිද .......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්