Tuesday, 27 September 2011

ආයෙමත් සිහිනයට


පහුගිය දවස් දෙක තුනම හිටියේ හිත ගොඩක් නොසන්සුන්ව.. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි.. මගෙ බ්ලොග් එක නිසා.. මොකද්ද තිබුන ගැටළුව කියලා හැමෝම දන්නවනේ.. ඉතින් ඕක හදාගන්නකම් හිටියේ සෑහෙන අප්සට් එකේ..

අපේ මලයත් මේක ගොඩ දාන්න නොකල දෙයක් නෑ... ටෙම්ප්ලෙට් එකේ ඉදන් හැම දෙයක්ම මාරු කලා... මමත් ඉතින් ඕන දෙයක් කරන්න ඇරලා බලාගෙන හිට්යා.. ඒත් හරි ගියේ නෑ.. මට මතක හැටියට මගේ කතාවේ දෙවෙනි කොටසින් පස්සෙ තමයි මේ කරදරේ ආවේ... ඒ කියන්නේ සති දෙකක විතර කාලයක්... සති දෙකක් විතර ඉදන්ම අපේ මල්ලි මේක වෙනුවෙන් සෑහෙන මහන්සි උනා...

බ්ලොග් එකේ ටෙස්ට් පෝස්ට් ගොඩක් ගියා.. ඒකෙන් ගොඩක් අයට විශේෂයෙන් සින්ඩි වල අයට ලොකු අපහසුතාවක් උනා කියලා මං පිළිගන්නවා.. ඒ උන අපහසුතාවට මම කාරුණිකව සමාව අයදිනවා.. ආයෙත් එහෙම නොවේවි කියලා මං බලාපොරොත්තු වෙනවා..

පස්සේ මම අපේ සදරුවාගෙනුත් මේකට කරන්නේ මොකක්ද කියලා ඇහුවා... මගෙ ලග මිනිහගෙ නම්බරේ තිබුනත් අපේ මල්ලිම සදරුවට කෝල් එකක් දෙන එක හොදයි කියලා මං හිතුවා.. මොකද ඔය XML අනන් මනං මම දන්නේ නැති නිසා.. ඉතින් අපේ මලයා සදරුවට කතා කරලා මොනවදෝ විස්තර වගයක් දැනගෙන තිබුනා.. මං හිතනවා මම කෝල් නොකර අපේ මල්ලි කෝල් කරපු එක ගැන සදරු මාත් එක්ක අමනාප වෙන එකක් නෑ කියලා..  කොහොම හරි ඒ උපදෙසුයි අපේ මලයගේ ශක්තියයි එකතුවෙලා යාන්තම් වැඩේ ගොඩ ගියා.. දැන් නම් බ්ලොග් එකේ කිසිම අවුලක් නෑ.. ඒ හින්දා සදරුවටත් අපේ මලයටත් ගොඩක් පිං ඒ කරපු දේවල් වලට..

කොහොමොන් කොහොම හරි දැන් හැමදෙයක්ම හරි කියලා මම හිතනවා.. ලිය ලිය හිටපු කතාවත් අතර මග.. ඒකට හිත යොදවන්න තරම්වත් වෙලාවක් උනේ නෑ මේ දේවල් අස්සේ.. ඉතින් හෙට අනිද්දා වෙද්දි කතාවේ ඊළග කොටස අනිවාර්යෙන් දාන්නම්...

21 comments:

  1. මොකක්ද වෙලා තියෙන්නේ... වෙන කාට හරි වුණොත් අවශ්‍ය පියවර ගන්න පුළුවන් නිසා කියල තියන්න... ගොඩ ආපු විධියත් කියන්න.

    ReplyDelete
  2. අවුල හරි ගිය එකට නම් ගොඩක් සතුටුයි. දැන් ඉතින් කතාවේ ඉතුරු ටික ලියන්න තියෙන්නේ

    ReplyDelete
  3. අවුල හරිගිය එකට ගොඩක් සතුටුයි.......දැන් එහෙනම් කතාව ලියමුකො ඉක්මනටම...............

    ReplyDelete
  4. කොහොම හරි වැඩේ ගොඩ දාගත්ත නේ, ඒ ඇති. දැන් එහෙනම් ඉතින් කතාව ලියමු.

    ReplyDelete
  5. අම්මේ ඔයින් ගියා මදැයි...තව පොඩ්ඩෙන් බ්ලොග් එකත් හබක් කරලා දාන්න නේ හැදුවේ.

    ReplyDelete
  6. වෙලාවකට ඔය වගේ අකර තැබ්බ වෙනවා තමා...එච්චර හිතන්න දෙයක් නෑ...මගෙ බ්ලොග් අඩවියෙත් ඇඳුම වෙනස් කලාට පස්සෙ පොස්ට් දෙක දෙක් පෙන්නුම් කලා...දැන් යන්තම ඒක හදා ගත්තා...අපරාදෙ කියන්න බෑ...බ්ලොග් වල ප්‍රශ්ණයක් ආවාම අත හිත වගේම උපදෙස් දෙන්න අපේ සහෝදරයෝ ඕනෑම වෙලාවක රෙඩී...ඒක වටිනවා....

    දැන් ඉතින් පුරුදු පරිදි ලියමු...

    ReplyDelete
  7. @ hare : මෙහෙමයි අයියේ.. මම ලියන පොස්ට් අනිත් අයගේ බ්ලොග් රෝල් වල වැටෙන්නේ නෑ... ඒ කියන්නේ ඩෑශ්බෝර්ඩ් එකේ පෙන්නන්නේ නෑ... හදපු විදිහනම් මම හරියටම විස්තර කරන්න දන්නෑ..

    ReplyDelete
  8. @ මධුරංග : ඔව් අයියේ.. මම ආයි පාරක් කතාව ලියපු ටික මුල ඉදන් කියවලා ආවා.. මොකද කතාවේ සමහර තැන් මටත් අමතක උන නිසා... :D

    ReplyDelete
  9. @ සිතුවිලි නිහඩයි : ඔව් එකනම් ඇත්ත.. මේ ටිකේ හිටියේ හරිම අප්සට් එකේ....

    ReplyDelete
  10. @ Kasun : ඔව් මල්ලී.. හෙට අනිද්දම කතාවේ ඊළග කොටස දාන්නම්...

    ReplyDelete
  11. @ දිල් : ඔව් අක්කේ එකනම් ඇත්ත.. මේ බැදීමනම් හරි අපූරු බැදීමක්.. සදරුවා ඒ වෙලේ කරපු උදව්වනම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ....

    ReplyDelete
  12. @ නිසූපා : ඔව් අක්කේ.. හිටියෙනම් ඒ තරම්ම කේන්තියක තමයි... එදා හරි නොගියනම් සමහරවිට එහෙම වෙන්නත් තිබුනා...

    ReplyDelete
  13. @ රහස් පරික්ෂකයා : ඔව් යාළු.. දැන්නම් හිත සෑහෙන නිදහස්....

    ReplyDelete
  14. පික්ෂුද අයියා ? අයියා මොකෝ මල්ලි මොකෝ !

    මම පුබුදුවාව කෝමත් ටිකක් දන්නවා ! වැඩේ ගොඩනම් එච්චරයි අපිට සතුටුයි !

    ReplyDelete
  15. පුබුදුවා29 September 2011 at 05:55

    ඔව් බන් සදරු මේකට පිස්සු? හික් හික්.හා හා දැන් ඉතින් කතාව ලියමු ආයේ.ජනතාව බලාගන ඉන්නවා....

    ReplyDelete
  16. වැඩේ ගොඩ දා ගත්ත එක ගැන සතුටුයි..මලයා.

    ReplyDelete
  17. @ හිස් අහස : ඇත්තමයි මල්ලි මේ කරපු දේට ගොඩක් පිං.. මේ උදව්ව මට සෑහෙන්න වටිනවා.....

    ReplyDelete
  18. @ පුබුදුවා : හරි හරි.. මේ ලියනවා......

    ReplyDelete
  19. @ -නිල් අහස- : ගොඩක් ස්තුතියි අයියේ....

    ReplyDelete
  20. සඳරු ගැන විස්තරේට බොහොම ස්තුතියි, හදිසියට අපිටත් දැන් බැරියෑ උදව්වක් ගන්න ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්