Saturday, 24 September 2011

වර්ණ : හයවන දිගහැරුම




                   හාන්සි පුටුව මතට වී ඉර බැහැගෙන යන දෙස බලාගෙන සිතුම් බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියේය.. ඉස්තෝප්පුවේ තවත් පුටුවක හිදගත් නැන්දා ටික වේලාවක් සිතුම් දෙස බලා හිද ඇගේ හඩ අවදි කලාය..

මේ පාර වී ටික විකුණලා හබුවෙච්චි සල්ලි වලින් තව ටිකක් ඉතුරු තියෙනවා.. මට පුළුවනි පුතාට ටික දෙන්න.. ඒත් එතන තරම් ගානක් ඉතුරු නෑ..”

කමක් නෑ නැන්දේ.. නැන්දලාටත් ප්‍රශ්ණ තියෙන බව මම දන්නවනේ..”

ඒකට කමක් නෑ පුතේ.. මම ඒක ගෙනත් දෙන්නම්..”

නැන්දේ මම කල්පනා කලේ මගේ නමට තියෙන කුඹුරු කෑලි දෙක විකුණන්න...”

වෙන වෙලාවකනම් මම ඕකට කොහොමවත්ම කැමති වෙන්නේ නෑ.. ඒත් මේ වෙලාවේ වෙන කරන්නම දෙයක් නැත්නම් එහෙමවත් කරලා බලමු..”

මම උනත් වෙන කරන්න දෙයක් නැනි නිසයි නැන්දේ එහෙම කිව්වේ..”

අනේ මන්දා පුතාගේ කැමැත්තක්..”

             කුඹුර විකුණන අදහසට නැන්දා එතරම්ම මනාපයක් නොදක්කූ නිසාම ඇය නැගිට යන්නට ගියාය..  ආයෙමත්  හාන්සි පුටුව මතට දිගා වූ සිතුම් කල යුත්තේ කුමක්දැයි සිතුවේය.. හදිසියේම සිතුම්ගේ මතකයට පෙර දිනක තමන්ට මුණ ගැසුන ආගන්තුකයා ගැන මතකය සිහියට ආවේය.. කලබලයෙන් පුටුවෙන් නැගිට්ට සිතුම් කාමරයට ගොස් ඔහුගේ බෑගය අවුස්සන්නට විය.. තුලින් හමුවූ ආගන්තුකයා බලෙන් මෙන් සාක්කුවට දමාගිය කාඩ් පත් අතට ගත් සිතුම් දෙස බලමින්ම කාමරයෙන් එළියට ආවේය..

        නිවසේ දුරකතනය අසලට ගිය සිතුම් එහි වූ අංකයන්ට ඇමතුම් ලබා ගත්තේය.. ක්‍රියා විරහිත වූ අංක කීපයකින් පසුව එක් අංකයක් හා සිතුම් දුරකතනයෙන් සම්බන්ද උනි..

හලෝ..”

මහත්තයා මම සිතුම්.. මහත්තයට මතකද මීට දවස් දෙකකට කලින් පාර්ක් එකේදි මුණගැහිලා මගේ චිත්‍ර විකුණනවද කියලා ඇහුවා..”

ඔව් සිතුම්.. මට මතකයි.. මොකද මගේ යෝජනාව ගැන හිතලා බැලුවද?”

ඔව් මහත්තයා.. මට පුළුවන්ද හෙට මහත්තයාව මුණගැහෙන්න.. මම එන්නම් මහත්තයගේ ඔෆිස් එකට..”

හ්ම්ම්ම්.. හරි මම හෙට පාර්ක් එකටම එන්නම්.. අපි එතන්දිම මුණගැහෙමු..”

            වෙනත් කිසිවක් කතා කරන්නට මත්තෙන්ම ඔහු දුරකථනය විසන්දි කලේය.. ආයෙත් එම අංකය අමතන්නට සිතුම්ට හිතුන මුත් රිසිවරය තැබූ ඔහු කාමරයට ගියේ තැනින් තැන දමා තිබු චිත්‍ර ටික පිළිවෙලක් කර රැගෙන යාමට සිතාගෙනය..

කාත් එක්කද පුතේ කතාකලේ?”

අම්මා ඇයි ඇදෙන් බැස්සේ? මට එන්න කිවුවනම් මම එනවනේ..”

මට දැන් හැටි අමාරුවක් නෑ ළමයෝ.. මොකෝ මේ ඔක්කොම් චිත්‍ර එකතු කරන්නේ?”

නෑ අම්මේ මට දවසක් මහත්තයෙක් හම්බුනා මගේ චිත්‍ර සල්ලි දීලා ගන්න කැමති.. ඉතින් ඒකයි මේ මං චිත්‍ර ටික අරන් යන්න හිතාගෙන ලෑස්ති කරන්නේ..”

මේ පුතා කාටවත් දෙන්නේ නෑ කියලා අයින් කරපු චිත්‍ර නේද?”

නිකරුනේ මේවා නාස්ති වෙන්න දෙනවට වඩා කාටහරි දෙන එක හොදයි කියලා හිතුනා අම්මේ..”

පුතා මේ ආසාවෙන් අයින් කරපුවා විකුණන්නේ මං නිසා නේද?”

         කඳුළු පිරි දැසින් සිතුම් දෙස බලාගෙන අම්මා අසද්දි සිතුම්ගේ හිතටත් දරාගන්න බැරි දුකක් දැනුනේය.. අම්මා ලගට විත් හිදගත් සිතුම් ඇයව තුරුළු කර ගත්තේය..

මට ආයෙමත් ඕන උනාම මේ චිත්‍ර අදින්න පුළුවන්නේ අම්මේ.. ඉස්සෙල්ලා අම්මා සනීප වෙලා ඉන්නකෝ.. නැත්නම් කවුද මං අදින චිත්‍ර වල වැරදි පෙන්නන්නේ..”

ඒත් මගේ හිතට හරි නෑ පුතේ..”

අම්මා ගැන හිතන්න එපා අම්මේ.. මම හෙට පාන්දරම බස් එකේ කොළඹ ගිහින් මේ ටික මහත්තයට දීලා හවස් වෙද්දි ආයෙත් එන්නම්.. ඊට පස්සේ අපි ගිහින් දොස්තර මහත්තයට සල්ලී දීලා එමු..”

       අම්මගේ හිතේ තෙරපුන දුක කඳුළු වී ගලා ගියේ ඇයටත් නොදැනීමය..

දැන් අඬන්නේ නැතුව ඉන්නකෝ අම්මේ.. හැමදෙයක්ම හොදින් විසදේවි..”

            වෙනදාටත් වඩා දිගු වූ රාත්‍රියක නිදි වරිත සිතුම්ගේ දෑස කඳුළින් තෙත්වී තිබුනේය.. චිත්‍ර ටික විකුණනවා හැරෙන්නට වෙනත් මගක් සිතුම්ට ඉතිරි වී නොතිබුනේය.. නිදි වරිතව රාත්‍රි ගෙවා දැමු සිතුම් පාන්දරින්ම නිවසින් පිටත් වීමට සූදානම් විය..

මගේ පුතා පරිස්සමින් ගිහින් එන්න..”

මම හවස් වෙද්දි ආයෙම එනවා.. ඇවිත් අපි ඉස්පිරිතාලේ යමු..”

පුළුවන්නම් එද්දි ප්‍රාර්ථනා දුවවත් එක්කන් එන්න.. දරුවා දකින්නත් ආසයි..”

හා අම්මේ මම ගිහින් එන්නම්..”

                හිතේ වේදනාවත් තද කරගෙනම නිවසින් නික්මුන් සිතුම් දහවල් වන විට කොළඹට ආවේය.. ගමෙන් රැගෙන චිත්‍රත් සමගම සුපුන් විහාරමාහාදේවී  උද්‍යානයට ආවේ වනවිටත් ඔහු පැමින තමන් එනතුරු බලාගෙන ඇතැයි සිතාගෙන උවද වන විට ඔහු පැමින නොසිටියේය..

       සිතුම්ට සුපුරුදු තැනට වී චිත්‍ර මිලදී ගැනීමට ඔහු එනතුරු සිතුම් බොහෝ වේලාවක් බලා සිටියේය.. මොහොතින් මොහොත කාලය වේගයෙන් ගලා ගියේ සිතුම්ගේ හිත නොසන්සුන් කරවමින්ය..





13 comments:

  1. හ්ම්ම්... සිතුම්ගේ චිත්‍ර නිසා සිතුම් ප්‍රසිද්ධ වෙයි වගේ, ඒත්... සිතුම් ඒකට කැමති වෙයිද? නැත්නම් ප්‍රාර්ථනා නිසා සිතුම් ඒ ප්‍රසිද්ධිය විඳ දරා ගනීවිද? මට නම් තාමත් හිතාගන්න බෑ..

    ReplyDelete
  2. නැත්නම් ප්‍රාර්ථනා නිසා සිතුම් ඒ ප්‍රසිද්ධිය විඳ දරා ගනීවිද
    එක වෙයි වගේ

    ReplyDelete
  3. අර මනුස්සය පරක්කු වෙන ඒක නම් එච්චර අල්ලනේ නෑ. මිනිහ බොරුවක්ද මන්ද කලේ. බලමුකෝ ඊළඟ කොටස.

    ReplyDelete
  4. මම් හිතපු විදිහට සිතුම් චිත්‍ර විකුණන්න යනවා.
    ඉක්මනටම ඉතුරු කොටසුත් ලියන්න

    ඔන්න දැන් නම් අපේ රීඩර් වල ඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් අප්ඩේට් වෙනවා. බ්ලොග් එක මාරු කරන්න ඕනේ නෑ. දිගටම ලියන්න.

    ජය වේවා !!!!!

    ReplyDelete
  5. @ ප්‍රාර්ථනා : සිතුම්ගේ චිත්‍ර නිසා සිතුම් ප්‍රසිද්ධ උනොත් හොදයි.. ඒත් එහෙම වෙයිද???

    ReplyDelete
  6. @ රහස් පරීක්ෂකයා : අපි බලමු ඔය දෙකෙන් මොකද වෙන්නේ කියලා ඊළග කොටසෙදි....

    ReplyDelete
  7. @ Kasun : ඔව් ඒක ඇත්ත.. මෙතනදි හිතන්නම ඕන කාරණාව ඒක.. මොකද සිතුම්ගේ අම්මගේ ජීවිතේ රැදිලා තියෙන්නේ සිතුම්ගේ මේ තීරණේ උඩ නිසා...

    ReplyDelete
  8. @ මධුරංග : ඔව් අයියේ අයියා කතාව දැක්ක පැත්ත හරි....
    බ්ලොග් එක හරියට අප්ඩේට් වෙන එක හොදයි... ඊයේ දවසම හිටියේ පිස්සුවෙන් වගේ මෙකට මොකද උනේ කියලා... කතාවේ දෙවෙනි කොටසෙන් පස්සෙම අප්ඩේට් උනේ නෑනේ....

    ReplyDelete
  9. චිත්‍ර වගේද අම්මා... මේ හොඳ තීරණයක් ගත්ත පුතාට වරදින්න විදියක් නෑ..

    ReplyDelete
  10. ඒ මිනිහව නම් ෂුවර් නෑ වගෙ.
    අනේ ලියන එක නතර කරන්න එපා මල්ලි.ඔයාගෙ කතා හරිම ලස්සනයි.

    ReplyDelete
  11. සිතුම් ගත්තෙන්ම මේ වෙලාවේ ගන්න තියන හොඳම තීරණේ...එත්....අනේ මන්ද මට නම් හිතෙන්නේ ලොකු ප්‍රශ්නෙකට ඕක මුල වෙයි කියලා................

    ReplyDelete
  12. මොනව වුනත් හොඳ තීරනයක් . . . චිත්‍ර වගේද අම්මා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්