Wednesday, 21 September 2011

වර්ණ : පස්වන දිගහැරුම





             හිරු එළිය වැටෙන්නටත් මත්තෙන්ම සිතුම් ගමට යන්නට සූදානම් වූවේය..

මචං මට ඊයේ හදිස්සියේ නිවාඩු දාගන්න බැරි උනා .. නැත්නම් මමත් එනවා උඹත් එක්ක යන්න..”

ඒකට කමක් නෑ බං.. උඹ වැඩට පලයන්..”

උඹේ අතේ වියදමට සල්ලි තියෙනවද මචං?”

ඔව් තියෙනවා.. මම යනවා මචං.. පළවෙනිම බස් එක අල්ලගත්තම ලේසියි..”

             සිතුම් බෝඩිමෙන් නික්මුනේ අම්මා ගැන හිතෙන් වද වෙමිනි.. වේලාසනින්ම බසයට නැගුන සිතුම් දහවල් වන විට ගෙදරට ආවේය.. නිවෙස අද්දරට වී වෙන විටත් නැන්දා මග බලාගෙන සිටියාය..

මං ඒත් හිතුවා පුතාට පණිවිඩේ ලැබුනේ නැතුව වත්ද කියලා..”

නෑ නැන්දේ.. සමීර මට ඊයේ රෑම කිව්වා.. දැන් කෝ අම්මා..”

කාමරේ ඉන්නවා.. පුතා කතාකරලා එන්නකෝ..”

             ඇද මත හාන්න්සි වී සිටි අම්මා දුටු සිතුම්ගේ නෙතගට කඳුළක් උනා ආවේය.. ඒත් බව නොපෙන්නූ සිතුම් අම්මා ලගට ගොස් ලගින් හිද ගත්තේය..

පුතා කොයි වෙලේද ආවේ?”

මේ දැන් අම්මේ.. අම්මට දැන් කොහොමද?”

කියන්න තරම් හොදක් නෑ පුතේ.. දොස්තරලා කියනවා ඔප්රේශන් එක ඉක්මනට කරන්න කියලා..”

මම කොහොමහරි කරලා ඉක්මනට සල්ලි ටික හොයාගන්නම් අම්මේ..”

“ ප්‍රාර්ථනා දුවට කොහොමද පුතේ?”

හොදින් ඉන්නවා අම්මේ.. මම හදිස්සියෙම ආපු නිසයි එයා අවේ නැත්තේ..”

දැන් පුතා ඉක්මනට පිළිවෙලක් වෙන්න බලන්න.. මමත් තව කොච්චර කල් මේ විදිහට ඉදීවිද දන්නෑනේ..”

ඉස්සෙල්ලා අම්ම සනීප වෙලා ඉමුකෝ..”

එහෙම කියන්න එපා පුතේ.. මට තේරෙනවා පුතා මේක පරක්කු කරන්නේ ඇයි කියලා.. දරුවගේ තාත්තා උනත් තව ගොඩක් කාලයක් බලාගෙන ඉන්න එකක් නෑනේ..”

අපි ගැන පස්සේ කතා කරමු අම්මේ.. අම්මට කවදාට විතර කලින්ද ඔපරේශන් එකට සල්ලී බදින්න කියලා දොස්තර මහත්තයා කිව්වේ?”

අද හෙටම උනත් කමක් නෑ කියල තමයි කිව්වේනම්..”

අම්මා දුක් නොවී ඉන්නකෝ.. මම කොහොමහරි මේ සල්ලී ටික හොයාගන්නම්..”

පුතා තාම කාලත් නැතුව ඇති නේද? නැන්දට කියලා බත් එකක් බෙදා ගන්න පුතේ..”

අම්මා කෑවද?”

තාම නෑ.. කන්න තරම් පිරියක් නෑ දරුවෝ..”

ඉන්න මම අම්මටත් එක්කම බත් බෙදාගෙන ඇවිත් අම්මටත් කවන්නම්..”

              බෙදාගෙන බත් පිගානෙන් අම්මටත් බත් කවන අතරේ සිතුම් අම්මා සමග බොහෝ දේ ගැන කතා කලේය.. ඒත් හැම කතාවක් අතරේම සිතුම්ගේ හිත රැදුනේ එකවර මෙතරම් මුදලක් හොයන්නේ කෙසේදැයි සිතමින්ය..

මට ඇති පුතේ.. පුතා කන්න..”

තව ටිකක් කන්න අම්මේ..”

බෑ පුතේ.. මේත් හොදටෝම වැඩියි.. පුතාගේ අතින්ම කවපු නිසයි මේ ටිකවත් කෑවේ..”

මටත් ඇති අම්මේ.. අම්මා එහෙනම් ඔහොම හාන්සි වෙලාම ඉන්න.. අපි පස්සේ කතා කරමු..”

          එතරම්ම බඩගින්නක් නොදැනුන නිසා අත සෝදා ගන්නට සිතුම් කුස්සියට යත්ම නැන්දා ඔහුත් සමග කතාවට වැටුනේය..

පුතේ දැන් කොහොමද මේ හදිස්සියේ මෙච්චර ලොකු සල්ලියක් හොයන්නේ?”

මටත් තාම ගැන හිතා ගන්න බෑ නැන්දේ..”

පුතා යාළුවෙලා ඉන්න ළමයා ලොකු සල්ලි කාරයෙක්ලු නේද?”

ඇයි නැන්දා එහෙම ඇහුවේ?”

නෑ ඉතින් ළමයට කිවුවනම් මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න තිබුනා..”

         නැන්දාගේ කතාවෙන් සිතුම්ට කේන්ති ගියද තමන්ගේ නැන්දා නිසාවෙන් සිතුම් කිසිවක් නොකීවේය..

අපිට උනත් ඉතින් මහ ලොකු දෙයක් කරන්න අමාරු බව ඉතින් පුතා දන්නවනේ..”

නැන්දලා දැනටමත් අපිට මේ කරන දේවල් මහ මෙරක් වගේ..”

පුතාම කල්පනා කරලා එහෙනම් හොද තීරණයක් ගන්නකෝ..”

             නිවසේ ඉදිරිපස් තිබූ හාන්සි පුටුවේ දිගා වු සිතුම් කරන්නේ කුමක්දැයි කල්පනා කරන්නට විය.. නැන්දා කීවාක් මෙන් ප්‍රාර්ථනාගෙන් මුදල් ඉල්ලනවදැයි සිතුම් කල්පනා කලේය.. ඇයගෙන් කෙසේ උවත් ඇගේ තාත්තා ලගට ගොස් මුදල් ඉල්ලන්නට තරම් ශක්තියක් ඔහුගේ සිතේ නොතිබුනේය.. එනිසාම වෙනත් මගක් ගැන සිතුම් බොහෝ වේලාවක් කල්පනා කලේය...

27 comments:

  1. සිතුම් කලින් දවසේ හවස ආපු කෙනාට චිත්‍ර විකුනාවිද මන්දා

    ReplyDelete
  2. සල්ලි ටිකක් හොයාගන්න තිබ්බා අර ශානු නංගි කිව්වා වගේ චිත්‍ර ටිකක් විකිණුවා නම්. අම්මා කෙනෙක් වෙනුවෙන් විකුණන්න බැරි නිර්මාණයක් මේ ලෝකේ තියෙන්න බෑ.

    ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
  3. කියන්න අමතක උනා මල්ලි.
    මල්ලි මගේ රීඩර් එකට හොරෙන් කොහොම පෝස්ට් දානවද මන්දා. මට කලින් පෝස්ට් එකත් මිස් වෙලා තිබ්බා.
    මොකද්ද මල්ලි ලෙඩේ ?

    ReplyDelete
  4. @ ශානු : අපි බලමු සිතුම්ගේ තීරණේ මොනවගේ වේවිද කියලා..

    ReplyDelete
  5. @ මධුරංග : ඇත්ත අයියේ දෙමව්පියෝ වෙනුවෙන් මොනවද කරන්න බැරි..
    ඔව් අයියේ කතාවේ තුන් වෙනි කොටසේ ඉදන් රීඩර් එකට වැටෙන්නේ නෑ.. මොනවා කරන්නද කියලා මමත් දන්නේ නෑ...

    ReplyDelete
  6. අද තමයි ඔක්කොම කොටස් ටික කියෙව්වේ.. කිව්වත් වගේ චිත්‍ර ටික විකුනුවනම් ගානක් හොයා ගන්න තිබුනා.

    ReplyDelete
  7. ඇත්තටම සිතුම් ඊළඟට මොනවා කරාවිද? කුතුහලය උපරිමයි! ඊළඟ කොටස වහාම අවශ්‍යයයි

    ReplyDelete
  8. මටනම් හිතෙන්නෙ චිත්‍ර ටික විකුනයි වගේ..

    ReplyDelete
  9. අනිවා සිතුම් චිත්‍ර ටික විකුනනවා...අම්මව සනීප කරගන්න එක හැමදේටම වඩා වටිනවනේ....

    ගෙදර අලුත් වෙලාද මන්දා.....

    ReplyDelete
  10. සමහර වෙලාවට ප්‍රාර්ථනාගේ තාත්තා සල්ලි දෙන්න පුලුවන් කියලත් හිතෙනවා.
    බලමු නේද

    ReplyDelete
  11. එල එල ... කො කො ඉතුරු ටික......

    ReplyDelete
  12. හප්පට සිරි අදනෙ මේ බ්ලොග් එක දැක්කෙ, දැන් ඉතින් අනිවා පරණ පොස්ට් ටිකත් කියවන්න ඕනෙ

    ReplyDelete
  13. ඇත්තටම ඊලඟට මොනවා වෙවිද........?

    ReplyDelete
  14. @ කින්නරාවී : ඔව් අක්කේ අපි බලමු සිතුම්ගේ තීරණය මොනවගේද කියලා...

    ReplyDelete
  15. @ විසිතුරු : ඉක්මනින් දාන්නම් යාළුවා... මේ පෝස්ට් අප්ඩේට් වෙන්නේ නැති නිසා හරි කරදරේ...

    ReplyDelete
  16. @ prasanna86k : ගොඩක් ස්තුතියි යාළුවා...

    ReplyDelete
  17. @ නිසුපා : අනිත් කොටස ඉක්මනටම දානවා.. එතකොට සිතුම්ගේ තිරණය ඔයාලට දැනගත හැකි...

    ReplyDelete
  18. @ සිතුවිලි නිහඩයි : ඔව් අම්මා තරම් වටින දෙයක් මේ ලොකේ කිසිම දරුවෙක්ට නෑ.. ඔව් අළුත් ගෙදරකට හදිස්සියේම යන්න උනා...

    ReplyDelete
  19. @ -නිල් අහස- : අයියා හිතන දේත් සමහරවිට හරියන්න පුළුවන්...

    ReplyDelete
  20. @ රහස් පරීක්ශකයා : අනිත් කොටස මේ ලියනවෝ...

    ReplyDelete
  21. @ observer : ඔබතුමාගේ කමෙන්ට් එකක් මගේ බ්ලොග් එකට ලැබීමත් මට ලොකු සතුටක්... ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  22. @ ayesha : අනිත් කොටස ඉක්මනින්ම දාන්නම් අක්කේ...

    ReplyDelete
  23. මමත් අද තමයි මේ බ්ලොග් එකට‍ සෙට් වුනේ. කතාව කියවලා ඉවර වුනාට පස්සේ තමයි මේක පස්වෙනි කොටස කියලා දැක්කේ මොනවා කරන්න්ද ඉතිං දැන් ආයෙමත් මුල් කොටස් වල ඉදල කියවගෙන එන්න වෙනවා. මුල් ‍කොටසේ සිට කියලා චුටිම චුටි ලින්ක් එකක් දුන්නොත් නරකද මචං එතකොට අපිට ඉක්මනටම මුලට යන්න පුළුවන් මං දැක්ක ගොඩක් ඒවගේ එ‍හෙම දාල තියෙනවා

    මුල් ටිකත් කියවලාම කතාව ගැන කියන්නම්කො.

    ReplyDelete
  24. මොනව වුනත් සිතුම් ප්‍රාර්තනාගේ තාත්තාගෙන් නම් සල්ලි ඉල්ලන එකක් නෑ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  25. අම්මට සල්ලි ඕන නම් පුතෙක්ට විකුනන්න බැරි දෙයක් නෑ තමයි ඒත් පන වගේ ආදරය කරන චිත්‍ර? හ්ම්ම්ම්

    ReplyDelete
  26. අර පොරට කතා කරන එක තමා තියෙන්නෙ ......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්