Monday, 19 September 2011

වර්ණ : සතරවන දිගහැරුම





                       දින කිහිපයක්ම ගෙවී ගියේ නොදැනීමය.. ප්‍රාර්ථනාගේ සිත කිසිවිටකවත් වෙනස් නොවුනද ඇගේ පියා ටිකින් ටික වෙනස් වන බව සිතුම්ට හොදින්ම වැටහුනි.. එක් පැත්තකින් ඔහු නිවැරදියැයි සිතුම් කල්පනා කලේය.. පාරවල් අයිනට වී චිත්‍ර අදින කෙනෙකුට දුවෙක් දෙන්න කිසිම තාත්තා කෙනෙක් අකමැති වීම ඔහුගේ පැත්තෙන් සාධාරන බව සිතුම් තනිවම කල්පනා කලේය..

       ඔහුගේ ව්‍යාපාර අති සාර්ථක ඒවාය.. ඇත්තෙන්ම ඒවාට සම්බන්ද වුවහොත් තමන්ගේ ප්‍රශ්ණ සියල්ක්ම විසදෙන බව සිතුම් හොදින්ම දැන සිටියේය.. ඒත් ඔහු යටතේ වැඩ කිරීමට  සිතුම් අකමැතිය.. ඉදිරි දිනයක ඔහු තමන්ගේ ජීවිතේටත් ඇගිලි ගසනු ඇතැයි සිතුම් කල්පනා කල නිසාවෙන්ය..

           සිතුම් වෙනදා මෙන්ම හිතේ තම ප්‍රශ්ණ වලට පිළිතුරු සොයමින් විහාරමහාදේවී උද්‍යානයට වී චිත්‍ර අදිමින් සිටියේය.. ඈත සිට ඔහු දෙස බොහෝ වේලාවක් බලා සිටි අයෙක් සිතුම් ලගට විත් කතාවට වැටුනේය..

මම දැකලා තියෙනවා මල්ලි ගොඩක් වෙලාවට පාර්ක් එකට එනවා චිත්‍ර අදින්න..”

ඔව්..” 

  ඇත්තමයි මේවයේ අමුතුම කලාත්මක බවක් තියෙනවා..”

                ඔහුගේ වර්ණනාවට සිතුම් එතරම් ඕනෑකමින් සවන් නොදුන්නේය.. වෙනදාටත් මේ වගේ බොහෝ දෙනෙක් තමන් ලගට විත් මේ අයුරින්ම කතාබස් කරන නිසාය..

මල්ලිගේ නම මොකද්ද?”

මම සිතුම්..”

සිතුම් මේ චිත්‍ර අදින්නේ විනෝදාංශෙටද නැත්නම් රස්සාවටද?”

දෙකම.. මම ගොඩක් ආසයි චිත්‍ර වලට..”

සිතුම් කැමතිනම් මට පුළුවන් ඔයාට උදව් කරන්න..”

           එතෙක් වේලා කතාකරන්නේ කා සමගදැයි වත් උනන්දුවෙන් නොබැලු සිතුම් අදිමින් උන් චිත්‍ර මොහොතකට නතර කලේය..

  කොහොමද?”

මෙහෙමයි සිතුම්.. මම බිස්නස් කාරයෙක්.. මට පුළුවන් ඔයා අදින් චිත්‍ර හැමදාම සල්ලි වලට අරගන්න.. මම ගොඩක් වෙලාවට ගණුදෙනු කරන්නේ විදේශිකයෝ එක්ක.. මට පුළුවන් එයාලට ඔයාගේ චිත්‍ර විකුණන්න..”

       සිතුම්ට  ඔහුගේ යොජනාව එතරම්ම සිතට නොවැදුනේය..

මම සල්ලි බලාගෙනම නෙමෙයි මේ චිත්‍ර අදින්නේ..”

මම දවස් කීපයක්ම මෙතනින් යද්දී දැකලා තියෙනවා සිතුම්ගේ චිත්‍ර මිනිස්සු සල්ලි දීලා ගන්නවා..”

ඔව්.. සමහරු මගෙන් ඇවිත් චිත්‍ර ඉල්ලනවා.. ඉතින් මම වෙලාවට එයාලා කැමති චිත්‍රයක් දෙනවා..”

ඉතින් මමත් කියන්නේ ඒකම තමයි..”

          සිතුම් කිසිවක් නොකියා ආයෙත් චිත්‍රය අදින්නට පටන් ගත්තේය..

මේ තියෙන්නේ මගේ බිස්නස් කාඩ් එක.. මල්ලිගේ පස්සේ කල්පනා කරලා බලලා මට කියන්න..”

              බලෙන්ම සිතුම්ගේ කමිස සාක්කුවට ඔහුගේ කාඩ් එක දැමු ආගන්තුකයා ඈතට ඇවිදන් යන අයුරු සිතුම් මොහොතක් බලා සිටියේය.. තම කමිස සාක්කුවෙන් කාඩ් එක එලියට ගත් සිතුම් එය හොදින් කියවා බැලුවේය.. දුරකතන අංක කීපයක් සමග ඔහුගේ නම තිබුන කාඩ්පත දෙස බලා සිතුම් මොහොතක් කල්පනා කලේය.. පසුව කාඩ් පත ඔහුගේ බෑගය මතින් තැබූ සිතුම් ආයෙත් චිත්‍ර අදින්නට වූයේය..

             නික්ම ගිය ආගන්තුකයාගේත්  අදිමින් උන් චිත්‍රයත් අතර සිතුම්ගේ සිත දුවමින් තිබුනේය.. ප්‍රාර්ථනා ඔහු ලගට විත් උරහිසේ ඇහේ හිස තබා ගන්න තුරුම සිතුම් සිටියේ කල්පනාවේය..

“ ප්‍රාර්ථනා.. ඔයා කොයි වෙලේද ආවේ?”

මේ දැන්.. ඔයාට කවදාවත් මග ලගට එනකම් දැනෙන්නෙවත් නෑනේ..”

අනේ නෑ ළමයෝ.. මම මේ වෙන කල්පනාවක හිට්යේ.. ඔහොම පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්නකෝ.. තව ටිකයි මේකේ තියෙන්නේ..”

හා..”

         ප්‍රාර්ථනා හිදගත්ම සිතුම්ගේ බෑගය මත වූ කාඩ් පත දැක එය කියවන්නට අතට ගත්තේය..

කාගෙද සිතුම් මේ කාඩ් එක?”

ඕක මේ මට දැන් ටිකකට කලින් කෙනෙක් දීලා ගියා..”

             සිතුම් ආගන්තුකයා ගැනත් ඔහු ගෙනා යෝජනාව ගැනත් සියල්ලක්ම ඇය සමග කීවේය..

ඉතින් ඔයා මොකද කිව්වේ?”

මම ඒකට ඒතරම්ම කැමති නෑ ප්‍රාර්ථනා.. මට තරම්ම මිනිහව ඇල්ලුවේ නෑ..”

ඔයාට හිතෙන්නේ නැද්ද බැහැ කිව්ව එක අපරාදේ කියලා?”

හ්ම්ම්.. තාම හරි තීරණයක් නෑ ප්‍රාර්ථනා.. බලමු පස්සේ තව ටිකක් කල්පනා කරලා..”

        චිත්‍ර නිමා කර දෙස මොහොතක් බලා උන් සිතුම් ප්‍රාර්ථනා ලගින් හිදගෙන පපුවට තුරුළු කර ගත්තේය..

ඉතින් කියන්නකෝ අද දවසේ මොකද උනේ කියලා..”

                   හිරු හෙමින් බැස යන තුරාම බොහෝ දේ කතාකරමින් සිතුම් හා ප්‍රාර්ථනා උද්‍යානයට වී සිටියේය.. කෙමෙන් කෙමෙන් හැන්දෑ වත්ම ප්‍රාර්ථනාව ඇගේ නිවස ලගින් ඇරලවු සිතුම් ඔහුගේ බෝඩිම දෙසට හෙමින් පියනැගුවේය.. බෝඩිමට ඇතුල් වත්ම සිතුම්ගේ කාමරේ මිතුරා ඉක්මනින් ඔහු වෙතට ආවේය..

සිතුම් උඹලගේ ගෙදරින් දවල් අපේ ඔෆිස් එකට කෝල් එකක් ආවා

අපේ ගෙදරින්? කවුද කතාකලේ?”

උඹලගේ නැන්දා.. උඹට හෙටම පුළුවන්නම් ගෙදර එන්න කිව්වා..”

ඇයි මචං මොකක් හරි කරදරයක්ද?”

අම්මට ටිකක් සනීප නෑලු..”

      කිසිවක් නොකියාම ඇදේ වාඩිවූ සිතුම් කල්පනාවට වැටුනේය..

සිතුම් උඹේ අතේ සල්ලි තියෙනවද ගිහින් එන්න..”

ඔව් මචං තියෙනවා.. හෙට උදේම බස් එක අල්ලන් මම ගෙදර යනවා..”





24 comments:

  1. සිතුම් ගත්තු තීරනය එක අතකින් හරි

    ReplyDelete
  2. හ්ම්......කුතුහලයත් එක්කම අයියා හැමදාම කතාව නවත්තනවා...අම්මට ගොඩාක් අමාරුද දන්නේ නැනේද

    ReplyDelete
  3. "ඔයාට කවදාවත් මග ලගට එනකම් දැනෙන්නෙවත් නෑනේ.." ඒක නම් ලොකු අවුලක්! :)

    එක ප්‍රශ්නයකට විසඳුමකුත්, තවත් අලුත් ප්‍රශ්නයකුත් සිතුමට ලැබෙන්න වගේ යන්නේ.

    ReplyDelete
  4. පහුගිය දවස්ටිකේ කතාව කියෙව්වට කොමෙන්ටුවක් දාගන්න තරම් කාලයක්වත් ඉතිරි වෙලා තිබ්බෙ නෑ...අද මේ ටික කියවලා බැලුවම කතාවේ හරි අපූරු බවක් දැනුන...බලමු ඊලඟට මොකද වෙන්නෙ කියලා...

    ReplyDelete
  5. @ ශානු : සමහරවිට සිතුම්ගේ තීරණේ නිවැරදි වෙන්න පුළුවන් දැනට...

    ReplyDelete
  6. @ සිතුවිලි නිහඩයි : කියවන අයටත් ටිකක් හිතන්න දෙයක් ඉතුරු කරන්න ඕනනේ..

    ReplyDelete
  7. @ Kasun : හ්ම්ම්.. ඒකනම් ප්‍රශ්ණයක් තමයි.. බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  8. @ දිල් : කමක් නෑ අක්කේ.. අක්කා කතාව කියවන එකම මට සතුටක්...

    ReplyDelete
  9. සමහර හැල හැප්පීම් ජීවිතේ වෙනස් කරනවා වගේම මේ හෙට පාන්දර යන්න යන ගමන..සිතුම්ට වෙනසක් ඇති කරයිද...

    ReplyDelete
  10. ලස්සනයි... මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. දිගටම කියවන්න නම් ආසයි.

    ReplyDelete
  11. @ මන්තරකාරී : දුක් වෙන්න එපා....

    ReplyDelete
  12. @ අසනි : ඇත්ත.. ජීවිතේ සමහර ප්‍රශ්ණ වලදී ජීවිතේ සෑහෙන්න වෙනස් වෙනවා...

    ReplyDelete
  13. @ හංසී : එහෙනම් දිගටම එකතු වෙන්නකෝ..

    ReplyDelete
  14. වෙනසක් දැනෙනවා දිනේශ් .. අද තමයි විවේකයක් ලැබුණේ වියුණු සටහන් කියවන්න...

    ReplyDelete
  15. අද කොටසත් ලස්සනට පෙළ ගස්වලා.
    බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  16. ඉතුරු ටිකත් දාන්න... නියමයි

    ReplyDelete
  17. කොයි කලාකාරයාවත් කමති නෑ මුදලට විකිනෙන්න. සිතුමුත් කලාකාරයෙක් නිසා මේ යෝජනාවට කැමති වෙන එකක් නෑ.
    අර කිව්වත් වගේ දෙමව්පියෝ කැමති වෙනවායෑ තමන්ගේ දුවව රස්සාවක් නොකරන එකෙක්ට දෙන්න.

    ඊලඟ කොටසත් බලලම එමු.

    ReplyDelete
  18. @ විසිතුරු : ගොඩක් ස්තුතියි යාළුවා... ඉඩ තියෙන වෙලාවක සිහිනයටත් ගොඩ වෙලා යන්න...

    ReplyDelete
  19. @ -නිල් අහස- : ස්තුතියි අයියේ හැමදාම මේ දෙන සහයෝගයට...

    ReplyDelete
  20. @ රහස් පරීක්ශකයා : යාළුවාව සිහිනයට සාදරයෙන් පිළිගන්නවා...

    ReplyDelete
  21. @ මධුරංග : ඔව් අයියේ සැබෑ කලාකාරයො මුදලට විකිනෙන්නේ නෑ.. ඒත් සිතුම්ගේ ජීවිතේ කියන්නේ ප්‍රශ්ණ ගොඩක්... අපි බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  22. හ්හ්ම්ම්ම් . . .

    ReplyDelete
  23. අනිවා අර හාදයා පස්සෙ සිතුම්ට යන්න වෙයි වගේ .............

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්