Friday, 16 September 2011

වර්ණ : තෙවන දිගහැරුම

            ප්‍රාර්ථනාගේ පියාගේ ඇරයුමින් නිවසට ගොඩ උන සිතුම්ගේ හිතේ රැදුනේ දෙගිඩියාවකි.. මීට පෙර මෙහි සෑම දිනයකම ඔහු සිතුම්ගේ හැකියාව ගැන අවතක්සේරු කල නිසාය..

මොකද ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ නැත්තේ?”

නෑ අංකල් ටිකක් වැඩ තිබුනා ඒකයි..”

වැඩ මොනවද ඔච්චර තියෙන වැඩ? චිත්‍ර අදින එක මහ වැඩක්ද?”

තාත්තේ?”

                 තාත්තාගේත් සිතුම්ගේත් කතාවට ප්‍රාර්ථනා බාදා කලාය..  ඔහුගේ කතාව හැමදාමත් එලෙසමය.. කිසිදාක සිතුම්ගේ චිත්‍ර වලට හොදක් පවසා නැත.. එනිසාම එවන් අවස්ථා වල කතාව වෙනතකට හරවා සිතුම්ගේ හිත නොබිදෙන්නට ප්‍රාර්ථනා උත්සාහ කරන්නීය.. සිතුම් ලගින් හිදගත් ප්‍රාර්ථනා පවුලේ තොරතුරු ගැන ටික වේලාවක් කතා කරමින් සිටියාය.. එය සැබැවින්ම සිතුම්ගේ හිතට මහත් අස්වැසිල්ලක් වූවේය..

මම ඔයාලට බොන්න මොනවාහරි අරන් එන්නම්..”

නෑ ඕන නෑ ප්‍රාර්ථනා.. මං ඉක්මනට යන්නත් ඕන..”

ගොඩක් දවසකින් ඇවිත් මොකද මේ ඉක්මනට යන්න හදන්නේ.. දුව අපිට තේ හදාගෙන එන්න..”

          සිතුම් හා ප්‍රාර්ථනාගේ පියා සාලයේ තනි වූයෙන් ඔවුන්ගේ කතාවට තවත් බාදා කරන්නට කවුරුවත් නොසිටියේය..

දැන් පුතා කවදා විතරද වෙඩින් එකක් ගන්න හිතාගෙන ඉන්නේ?”

මට තව ටික කාලයක් ඕන අංකල්.. අම්මටත් මේ ටිකේ තරම් සනීපයක් නෑ.. ඉතින් ගැනත් මං බලන්න ඕන..”

ඔයාලා අනාගතයක් ගැන හිතන්නේ නැද්ද?”

ඇයි අංකල්..”

නෑ ඉතින්.. මම කීපාරක් කතා කලාද අපේ බිස්නස් වලට එකතුවෙන්න.. කෝ කවදාවත් මං කියන දෙයක් අහුවද? චිත්‍ර අදින්න පුළුවන් කියන්නේ ඒක ලොකු දක්ශ කමක්.. ඒත් ඒකෙන් පුළුවන්ද දෙන්නෙක්ට ජීවත් වෙන්න..”

          සිතුම් කිසිවක් නොකියා ඔහුගේ කතාවට සවන් දී සිටියේ ප්‍රාර්ථනා එන තුරු මග බලමින්ය.. ඒත් ඔහු නොනවත්වාම කතාකරමින් සිටියේය..

මම කියලා නෑ කවදාවත්ම ච්ත්‍ර අදින එක නවත්තන්න කියලා.. ඒක කරන්න විනෝදාංශයක් විදිහට.. ඒත් රස්සාවක් කියලා හරි හමන් දෙයක් කරන්න..”

           සිතුම්ගේ නිහැඩියාව තේරුම්ගත් ඔහු කතාව එතැනින් එහාට අරගෙන නොගියේය..  ඒත් ඔහු එයින් තව තවත් තම දිගණියගේ අනාගතය ගැන පසුතැවිළි වූවේය..

සමාවෙන්න මං පොඩ්ඩක් පරක්කු උනා.. ඔන්න මම දෙන්නටම හොද තේකක් හදාගෙන ආවා.. ගන්න සිතුම්..”

                    සිතුම්ටත් පියාටත් තේ කෝප්පය පිළිගැන්වූ ප්‍රාර්ථනා ඇගේ තේ කෝප්පය අතැතිව සිතුම් ලගින් වාඩි වූවාය.. නමුත් උණුසුම් තේ කෝප්පය උගුරට දෙකට බී හමාර කල සිතුම් යන්නට සැරසුනේය..

මම ගිහින් එන්නම් ප්‍රාර්ථනා.. මං යනවා අංකල්..”

හොදයි පුතා..”

        සිතුම් හා ගෙමිදුලට  ප්‍රාර්ථනා සිතුම්ගේ අතින් අල්ලාගෙන මොහොතකට ඔහු නතර කලාය..

තාත්තා ඔයාට මොනවාහරි කිව්වද සිතුම්..”

නෑ.. ඇයි?”

නැහැ ඔයාගේ මූණ ගොඩක් වෙනස් වෙලා.. ඇත්ත කියන්න මට..”

හ්ම්ම්.. තාත්තා කිව්වා මට ඔයාව ඉක්මනට මෙහෙන් එක්කන් යන්න කියලා.. එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්ලු..”

ඔයා හරි නරකයි සිතුම්..”

හරි හරි.. මේ මට පරක්කු වෙනවා.. මං ගිහින් එන්නම්..”

                        සිතුම් පැවසුවේ බොරුවක් බව ප්‍රාර්ථනාට දැනුනමුත් ඇය ගැන යලි යලිත් සිතුම්ගෙන් අහන්නට ගියේ නැත.. සිතුම් යන තුරු ගේට්ටුව ලගට වී බලාගෙන උන් ඇය හෙමින් නිවස වෙත පිය නගද්දි ඇගේ පියා දොරකඩට වී බලාගෙන සිටියේය..

තාත්තා අදත් සිතුම්ගේ හිත රිදෙන්න මොනවාහරි කිව්වා නේද?”

මම... මම මොනවා කියන්නද..”

නැති වෙන්න බෑ.. තාත්තා මොනවාම හරි කියලා තියෙනවා..”

මම එහෙමට මුකුත් කියන්න ගියේ නෑ.. අපේ බිස්නස් වලට එන්න කියලා කිවුවා.. එච්චරයි..”

එයාට චිත්‍ර අදින එක නවත්තන්න කියලා බල කරන්න එපා තාත්තේ.. කවදාහරි ලොකු ච්ත්‍ර ශිල්පියෙක් වෙන එක එයාගේ එකම හීනේ.. හීනේ නැති වෙනවට මමත් කැමති නෑ.. මගේ හොද තාත්තනේ ආයෙත් එයාගේ හිත රිදෙන්න මුකුත් කියන්න එපා..”

හ්ම්ම්..”

             ප්‍රාර්ථනා නිවස ඇතුලට යන තුරු තාත්තා බලාගෙන සිටියේය.. ඒත් ඔහුගේ හිතේ දියණියගේ අනාගතය ගැන ලොකූ සැකයක් තිබුනේය..

මම මේ හැමදෙයක්ම කරන්නේ දුවගේම හොදට.. කවදාහරි දුවම ඒක තේරුම් ගනීවි..”  ඔහු තනිවම සිතුවේය...



20 comments:

  1. බිස්නස් වගේ යෑ කළාව !!!!!
    ඒකත් තියෙන්න එපැයි. ලස්සනට ලියල තියෙනවා. මම් හිතුවේ මේ දෙන්නා බැදපු දෙන්නෙක් ය කියලා. බැලින්නම් තාම බැදලා නෑ.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම් ඒක ඇත්ත දෙමව්පියෝ කවදාවත් දරුවන්ට නරකක් කරන්නෙ නෑ

    ReplyDelete
  3. “ මම මේ හැමදෙයක්ම කරන්නේ දුවගේම හොදට.. කවදාහරි දුවම ඒක තේරුම් ගනීවි..” ඔහු තනිවම සිතුවේය...
    එහෙම තමයි තාත්තෙකුගේ නිහඬ ආදරය. තාත්තා නපුරෙක් වෙන්න බෑ..

    ReplyDelete
  4. @ මධුරංග : නෑ අයියේ මෙයාලා බදින්න ඉන්න අය.. ඒකත් කෙරෙයිද කියලා විශ්වාසයක් නෑ...

    ReplyDelete
  5. @ ඉන්දික : ගොඩක් ස්තුතියි යාළුවා...

    ReplyDelete
  6. @ ශානු : ඔව් නංගී... ඔයා හරි.. දරුවන්ට නරකක් වෙනවට දෙම්ව්පියෝ කවදාවත් කැමති නෑ....

    ReplyDelete
  7. @ මන්තරකාරී : ඔව් නංගී තාත්තලගේ ආදරේ ගොඩක් වෙලාවට නිහඩයි... තාත්තා නපුරෙක් නොවුනත් දුවගේ අනාගතේ ගැන ගොඩක් හිතාවි...

    ReplyDelete
  8. ලස්සනයි අයියේ,.. ඒත් කථාවේ මොනවා වෙයිද කියලා හිතාගන්න නම් බෑ

    ReplyDelete
  9. දෙමව්පියෝ දරුවොන්ට මොන දේදි හරස් වුනත් ඒ හැම තැනකදීම තියෙන්නේ උතුරා යන මහා සෙනෙහස...

    වෙලාවකට මට හිතෙනවා දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් මොන දේ කරත්..ඒක දෙමව්පියන්ගේ පැත්තෙන් හරි කියලා...මොකද දරුවෙක් හදා වඩා ගන්න ඒ ගොල්ලන් ඇට මස් ලේ නහර ලෝබ කමක් නැතුව දිය කරන හින්දා..

    ReplyDelete
  10. හ්ම්ම්ම්..හ්ම්ම්ම්..එක අතකට අම්මලා තාත්තලා දරුවන්ට වැරැද්දක් කරන්න නැහැනේ..

    ReplyDelete
  11. @ ප්‍රාර්ථනා : සමහර විට බලාපොරොත්තු නොවන දෙයක් වෙනන්ත් පුළුවන්...

    ReplyDelete
  12. @ අසනි : ඒක ඇත්ත... අපිටත් සමහර වෙලාවට ඒක පේන්නේ වැරදියට.. ඒත් හෙමින් හිතනකොට එයාලා හරි.. මොකද අපි ඉක්මන් උනාම හිතන්නේ නෑ එයාලට අපිට වඩා අත්දැකීම් තියෙනවා කියලා..

    ReplyDelete
  13. @ Vhamma : ඔව්.. දෙමව්පියෝ කවදාවත් ළමයින්ට වරදක් කරන්නේ නෑ.. ඒත් සමහර වෙලාවට හොදට කියන දේත් අපි තේරුම් ගන්නේ වැරදියට..

    ReplyDelete
  14. අනේ මේ වැඩේ හරියන්නේ නෑ. මේක මගේ බ්ලොග් ලිස්ට් එකේ පෙන්නුවේ නෑ නේ. අද පොස්ට් එකේ නම නැතුව බ්ලොග් එකේ නම විතරක් ලිස්ට් එකේ උඩටම ඇවිත් තිබුන. එතකොට ඇවිත් බැලුවමයි දැක්කේ.

    හ්ම්ම් මේ ප්‍රශ්නේ දෙපැත්තම සාධාරණයි. විසඳුමක් දෙන්න අමාරුයි වගේ. බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
  15. @ Kasun : නෑ මල්ලි.. මගේ පොස්ට් එක උප්ඩේට් උනේ නෑ ඒකයි අවුල... බලමු ඊළග එකේ ඉදන් හරියයිද කියලා...

    ReplyDelete
  16. මං අදමනෙ මල්ලි මේ පැත්තෙ ආවේ. සොරි පරක්කු වුනාට.

    ලස්සනට කතාව ගොතලා තියෙනවා.ඉස්සරහට මොකක් වෙයිද කියලා බලමු.

    ReplyDelete
  17. @ නිසුපා : ගොඩක් ස්තුතියි අක්කේ මේ පැත්තේ ආවට... දිගටම වර්ණත් එක්ක එකතු වෙන්න...

    ReplyDelete
  18. තාත්ත කෙනෙක් විදිහට ප්‍රාර්ථනාගේ තාත්තා හිතන එක වැරදි නෑ . . .

    ප්‍රේම ලෝකයෙන් ගෙන්දගම් පොලවට බහින්නම වෙන බව තාත්තා අත්දැකීමෙන් දන්නව වගේ . .

    සිතුම්ගේ සිතුවිලි වල චංචල ගතිය තව ටිකක් වැඩි කලා නම් හොඳයි

    ReplyDelete
  19. තාත්තා කෙනෙක් විදියට වැරදි අදහසක් නෙමේ ......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්