Tuesday, 13 September 2011

වර්ණ : දෙවන දිගහැරුම

                     


 ප්‍රාර්ථනාගේ අතින් අල්ලාගත් සිතුම් මුහුදු වෙරළ දිගේ බොහෝ දුරක් ඇවිද ගියේ හිතේ තෙරපෙමින් තිබුන බොහෝමයක් දේ ගැන කතාකරමින්ය..

ඔයාට මතකද අපි මුලින්ම මුණගැහුන දවස?”

ඔව්.. ඇයි මේ හදිස්සියේම ගැන අහන්නේ?”

නෑ.. ඔයා කියන්නකෝ..”

හ්ම්ම්.. හරියටම මේ වෙරළෙදී.. මම චිත්‍රයක් අදින්න මාතෘකාවක් හොය හොයා හිටියේ.. එතකොට මම දැක්කා ඔයා මුහුද දිහා බලාගෙන කල්පනාකරනවා..”

ඊට පස්සේ..?”

එදත් මේ වගේම ඉර බැහැගෙන යන ලස්සන වෙලාවක්.. හැන්දෑවේ අදුරත් එක්ක ඔයා හරි ලස්සනට මුහුද දිහා බලාගෙන හිටියා..”

              ප්‍රාර්ථනාගේ මුහුණේ අදුනේ සෙනෙහෙබර සිනාවක්ය.. කිසිත් නොකියාම සිතුම්ගේ දෑස දෙස බලා සිටියාය..

මම ඈතින් ඉදගෙන ඔයාගේ චිත්‍රයක් අදින්න පටන් ගත්තා.. ඒත් ඔයා කිසි දෙයක් දන්නේ නැතිව මුහුද දිහාම බලාගෙන හිටියා..”

       කතාව මොහොතකට නැවතු සිතුම් ප්‍රාර්ථනා දෙස බැලුවේය..

ඉතුරු ටිකත් කියන්න සිතුම්..”

ඊට පස්සේ උනදේ හරියටම දන්නේ ඔයානේ..”

හ්ම්ම්.. එහෙනම් මමම කියන්නම්කෝ.. මුහුද දිහා බලාගෙන හිටපු මම ආපහු හැරෙන්න හදද්දි මං දැක්කා කොල්ලේක් මං දිහා බලාගෙන මොනවද කුරුටු ගානවා..”

කුරුටු ගානවා?”

ඔව් මම හිතුවේ එහෙම.. මම කේන්තියෙන් ඔයා ලගට ඇවිත් අහුවා ඔයා මේ මොකද කරන්නේ කියලා..”

ඇයි විතරක්ද.. ඔයා මට සැහෙන්න බැන්නනේ..”

ඔව් ටිකක් විතර.. ඒත් මං ඔයා ඇදපු ච්ත්‍රේ දැක්කට පස්සේ හිතේ තිබුන කේන්තිය නැති වෙලා ගියා.. ඊට පස්සේ අපි ගොඩක් වෙලා කතාකරකර හිටියා..”

ඊට පස්සේ දන්නෙම නැතුව අපේ හිත් ආදරෙන් බැදුනා.. ඊට පස්සේ කාලය කොච්චරනම් ගෙවිලා ගියාද..  එදා අහම්බෙන් දැක්ක ලස්සන කෙල්ලට මං අදත් වගේම ආදරෙයි..”

       දැස් අගින් පුංච් කඳූළු බිදුවක් ගලා ආවේ ප්‍රාර්ථනාගේ හිතේ ආදරය වැඩි කමටම බව සිතුම් හොදින්ම දන්නේය..

අපි දැන් යමු..”

තව ටිකක් වෙලා මෙහෙම ඉමු සිතුම්..”

හ්ම්ම්.. හැබැයි එතකොට ඔයාලගේ තාත්තගෙන් මට තමයි බැනුම් අහන්න වෙන්නේ.. එයා දැනටත් ඉන්නේ මගේ වැරද්දක් හොය හොය..”

තාත්තා එහෙම නෑ සිතුම්.. එයා හොදයි..”

හරි හරි අපි යන ගමන් කතා කරමුකෝ..”

             ප්‍රාර්ථනාගේ තාත්තා තමන්ට කැමති වූයේ ඇගේ සිත රිද්දන්නට අකමැති නිසාවෙන් බව සිතුම් හොදින්ම දැන සිටියේය.. නැතිනම් ඔහු මිටත් කලියෙන් තමන් ප්‍රතික්ශේප කරන බව සිතුම් දන්නේය.. අදුර වැටෙන්නට මොහොතකට කලියෙන් සිතුම් ප්‍රාර්ථනා සමග ඇගේ නිවස ලගට ආවේය..

මම යන්නම්.. ඔයා පරිස්සමින් ඉන්න..”

ඇයි ඔයා ගේ ඇතුලට එන්නේ නැද්ද?”

බැහැ ප්‍රාර්ථනා.. ඔයා යන්න..”

ගේ ලගටම ඇවිත් ඔයා කතානොකර ගියා කියලා තාත්තා හිතාවි..”

නෑ.. තාත්තා මුකුත් හිතන එකක් නෑ.. ඔයා යන්න..”

         ප්‍රාර්ථනාට සමුදී යන්නට හිතුවත් සිතුම්ට ආයෙමත් නවතින්නට සිදුවූයේ ඇගේ පියාගේ ඇමතීමත් සමගය..

පුතා ඔය යන්නද හදන්නේ? ටිකක් එන්න මට දෙයක් කතාකරන්න තියෙනවා..”







30 comments:

  1. හ්ම්ම්ම්ම්.. ලස්සනයි අයියේ.. හරිම ලස්සනයි.. :)
    ඒත් මේ ආදරේට මොකක් හරි බාධාවක් එවි වගේ මට හිතෙන්නේ

    ReplyDelete
  2. @ ප්‍රාර්ථනා : අද නංගී ඉස්සෙල්ලම ඇවිත්.. මොකද ළමයෝ මේ පාන්දර ඇහැරගෙන...
    ආදරයකට කොහොමත් බාධා එනවනේ.. බලමු අපි ඉස්සරහට...

    ReplyDelete
  3. මල්ලී ආයෙමත් ලස්සන කතාවක් ලියන්න පටන් ගෙන වගේ.
    මැණික්

    ReplyDelete
  4. පුදුම හමුවීමක්. චිත්‍රයක් අඳිනකොට හම්බ වෙච්ච දෙන්නෙක් ගැන මම් මේ ඇහුවමයි. ලස්සනට ගලාගෙන යන කතාවක්. ඉතුරු කොටසුත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
  5. එන පොට නම් හොඳ නෑ වගේ දිනේෂ් අයියෙ. තාත්ත කතා කලේ හොඳ දෙයක් කියන්න නෙමෙයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  6. ලස්සනයි අයියේ...ඇත්ත සබැ ආදරයට කොහෙද බාධා නැත්තේ......එත් ආදරේ සත්‍ය නම් ජය නියතයි කියල මට හිතෙනවා

    ReplyDelete
  7. හයියෝ තාත්තගෙන් බාල්දියක්ද දන්නෙ නෑ.

    ReplyDelete
  8. හරි රස්සාවක් නැතුව දූ දෙන්න බෑ කියයිද?

    ReplyDelete
  9. හ්ම්ම්,,, බලමුකෝ...

    ReplyDelete
  10. ඇත්තටම නවල් එකක් ලියන්න හිතාගෙන ලියනවද..මල්ලි.
    ලස්සන කවර් පේජ් එකක් එහෙම හදලා තියෙන්නේ..

    ReplyDelete
  11. ලස්සනයි අයියා කතාව ඒත් මීට වඩා ටිකක් දිගට ලියන්නකො

    ReplyDelete
  12. @ මැණික් : කතාව ලස්සනද නැද්ද කියලා තීරණය කරන්නේ කියවන ඔයාලා තමයි අක්කේ...

    ReplyDelete
  13. @ මධුරංග : එහෙම හමුවීමුත් සිදු වෙන්න පුළුවන් අයියේ.. මතක නැද්ද අපේ රත්ගමයත් දවසක් මෙහෙම හමුවීමක් ගැන පෝස්ට් එකක් දාලා තිබුනා...

    ReplyDelete
  14. @ Kasun : ඔව් මල්ලී.. මොන ලෙඩක් වැටෙයිද දන්නේ නෑ සිතුම්ට...

    ReplyDelete
  15. @ සිතුවිලි නිහඩයි : ඔයා හරි නංගී.. බාධාවක් නැත්නම් ඒ ආදරේ ගතියකුත් නෑ..

    ReplyDelete
  16. @ පිණීබිදු : බාල්දියක් නම් වැටෙයි වගේ...

    ReplyDelete
  17. @ මන්තරකාරී : කලින් කැමැත්ත දුන්න නිසා එහෙම කියන එකක් නැති වේවි...

    ReplyDelete
  18. @ හිරණ්‍ය : අවසානය වෙනකම් රැදෙමුකෝ යාළුවා..

    ReplyDelete
  19. @ -නිල් අහස- : මොන නවල්ද අයියේ.. ඔක ඔය අපේ මලයගේ අදහසක්නේ.. මිනිහා තමයි කොටසට ගැලපෙන්න ෆොටෝ එක හදලා එවන්නේ..

    ReplyDelete
  20. @ ශානු : ඊළග කොටසේ ඉදන් දිගට දන්නම්.. ගොඩක් ස්තුතියි නංගෝ...

    ReplyDelete
  21. ශා ලස්සනයි අයියේ... ආයිත් ලස්සනම ලස්සන කතාවක් වගේ. කලින් ඒවා වගේම කියවන්න ආසා හිතුනා. ඉක්මනටම ඉතුරු කොටස් ලියන්න.

    ReplyDelete
  22. අද තමා යන්තම් මේ පැත්ත පලාතේ එන්න ගත්තේ .. ලස්සන කතාව මචං .කතාව ටිකක් දිග වැඩි කරමුද මචං

    ReplyDelete
  23. මොනවා වෙයිද? අනේ මන්දා

    ReplyDelete
  24. @ හංසී : ගොඩක් ස්තුතියි නංගී... හැමදාම එකතුවෙන්න වර්ණත් එක්ක...

    ReplyDelete
  25. @ හිස් අහස : උඹලව මේ පැත්තේ දකින්න තියෙන අමාරුව.. ඊළග එකේ ඉදන් ටිකක් දිගට දාන්නම්...

    ReplyDelete
  26. @ ayesha : අනිත් කොටස ඉක්මනින් දාන්නම් අක්කේ..

    ReplyDelete
  27. ලස්සන කතාව දිනේෂ්. කියවන්න ආස හිතෙනවා. දිගටම ලියන්න ටිකක් දිගට.

    ReplyDelete
  28. @ කැමීලියා : ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  29. මේ කොටසත් කියෙව්වා . . .

    “ එදත් මේ වගේම ඉර බැහැගෙන යන ලස්සන වෙලාවක්.. හැන්දෑවේ අදුරත් එක්ක ඔයා හරි ලස්සනට මුහුද දිහා බලාගෙන හිටියා..”

    මේ කොටස හරිම ලස්සනයි . .

    කරුණාසේන ජයලත්ගේ පෙම් පුවතක් පොතේ පුන්සරා අහස දිහා බලන් හිටපු හැටි මතක් උනා . .

    ReplyDelete
  30. මොකක්ද තාත්තා කියන්න හදන්නෙ .........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්