Saturday, 10 September 2011

පුන්ච් සයුරිව සොයා ගියෙමි


සයුරි කියන්නේ කවුද කියලා ඔයාලට මතක ඇති කියලා මම හිතනවා.. පූජාට අනාත නිවාසෙදි මුනැගැහුන සයුරි නංගී ගැන කතාව මම මීට කලින් පෝස්ට් එකක දැම්මා.. ලංකාවට ගිය මුල් දවස් කීපයේ ඉදන්ම මට සයුරිව මුනගැහෙන්න ලොකු උවමනාවක් තිබුනා.. ඒ ඇයි කියලා හරියටම කියන්න මට බැරි උනත් පූජගේ දෑසින් ලෝකය දකින සයුරි මුනගැහෙනවාමයි කියන හැගීමක් මගේ හිත ඇතුලේ තිබුනා..

ඒත් සයුරි ගැන කිසිම තොරතුරක් මම දැනන් හිටියේ නෑ.. ඒ මොකද ටික කාලෙකට කලින් යුවලක් ඇවිත් සයුරිව එයාලගේ රැකවරණයට අරන් ගිය නිසා.. ඉතින් පූජගේ අම්මවත් අඩගහගෙන මම සයුරි ගැන තොරතුරක් දැනගන්න අනාත නිවාසෙට ගියා.. ඒ යන අතර වාරේ මගේ හිතේ ප්‍රශ්ණ ගොඩක් මැවුනා.. ඒ සයුරි ඉන්න තැන ගැන තොරතුරක් දෙන්න එයාලා කැමති වේවිද?? තොරතුරක් ලැබුනත් ඒ අය සයුරිව අපි මුණගැහෙනවාට කැමති වේවිද?? මේ ගැන හිත හිතම අනාත නිවාසෙට ගොඩ  උන අපි සයුරි ගැන ඇහුවා..

අපි කවුද ඇයි සයුරිව හොයන්නේ කියලා එයාලට තේරුම් කරලා දෙද්දිම මගේ හිත බලාපොරොත්තු නොවුන විදිහේ උත්තරක් අපිට එතනින් අහන්න ලැබුනා.. ඒ අපි වගේම සයුරිත් එයාගේ දෙමව්පියොත් අපිව හොයනවා කියන එක.. මගේ හිතට දැනුනේ පුදුමාකාරම සතුටක්.. ඒ මොහොතේම ඔවුන් අපි ගැන සයුරිගේ දෙමව්පියන්ට දැන්නුවා.. හැකි ඉක්මනින්ම ඔවුන් එතනට එනබැව් කී නිසාම අපි ඔවුන් එනතුරු එතැන මග බලාගෙන හිටියා..

එළියේ තිබුන අඹ ගහක් යට තැනූ බංකුවක අපි වාඩිවෙලා හිටියා.. මොහොතකින් එතැන ඇවිත් නතරවූ වාහනයකින් මුලින්ම බැසගත් සයුරි නොයිවසිල්ලෙන් වට පිට බැලුවා.. අපි ඇයව හොදින් හදුනනමුත් ඇය අපිව කවදාවත් දැකලා තිබුනේ නැති නිසා පූජාගේ අම්මා ඈ ලගට ගිහින් කතා කලා.. හෙමින් මා ඇය ලගට ගියත් සයුරි මාව අදුන ගත්තේ නෑ.. ඒක පුදුමයක් නෙමෙයි..

අපි ගොඩාක් වෙලා කතාකරා.. ඉස්සර වගේම සයුරිට කතාකරන්න ගොඩාක් දේවල් තිබුනා.. ඒයා ගොඩක්ම ඇහුවේ පූජා අක්කා ගැන.. ගොඩක් ප්‍රශ්ණ වලදි පූජගේ අම්මා නිහඩ උන නිසා ඒවට උත්තර දුන්නේ මම.. ඒ හැම වෙලාවකම උනන්දුවෙන් සයුරි මං දිහා බලාගෙන හිටියා..

“ මට අයියගේ කටහඩ හොදට හුරුයි..”  සයුරි එකපාරටම මගෙන් ඇහුවා..

“ අපි මීට කලින් මෙතනදිම මේ වගේ ගොඩක් දේවල් කතාකරලා තියෙනවා නංගී..”

“ අයියා නේද පූජා අක්කත් එක්ක මාව බලන්න ආවේ?” මුකුත් නොකියම මං දිහා බලාගෙන හිටපු සයුරි එකපාරම මගෙන් අහුවා..

“ ඔව් නංගි.. ඒ මම තමයි..”

කඳුළු පුරව ගත්ත ඇස් වලින් සයුරි මගේ ලගට ලං උනා..

“ මම පුන්ච් කාලේ අහපු කතාවල ඉන්න ඒ  ලස්ස්න කුමාරිකාවක් වගේ මට පූජා අක්කා.. කාත් කවුරුවත් නැතුව හිටපු මට ලං වෙලා ආදරේ කරා.. මගේ ජීවිතේට ආලෝකය දුන්නා.. මට කවදාවත් අක්කව අමතක වෙන්නෑ අයියේ..”

සයුරි එදා ඒ කියපු වචන ටික මට තාමත් හොදට මතකයි.. එයාගේ හිතේ පූජා අක්කාගැන තියෙන්නේ කොයිතරම් ආදරයක්ද කියලා මට ඒ වෙලාවේ තේරුනා..

“ අයියේ මට අක්කව දකින්න ආසයි.. අයියා ලග අක්කගේ පින්තූරයක් තියෙනවද?”

සයුරි එහෙම අහුවේ පූජව දකින්න එයාගේ හිතේ තිබුන ලොකු ආසාව නිසා කියලා මම දන්නවා.. ඒ නිසා මම මං ලග තිබුන පූජගේ පින්තුරේ සයුරිට පෙන්නුවා.. පින්තුරේ අතට ගත්ත සයුරි පූජා දිහා මොහොතක් බලන් ඉදලා පින්තුරේ පපුවට තුරුළු කරන් අඩන්න පටන් ගත්තා.. ඒ හිතේ දුකට වඩා සතුටටයි කියලා අපි හැමෝටම තේරුනා..

“ අයියේ මේක මම තියාගන්නද?”

සයුරි එහෙම අහද්දි මගේ ලග තියෙන පූජාගේ එකම එක පින්තූරේ මේක විතරක් උනත් මට එයාට බැහැ කියන්න පූළුවන් කමක් තිබුනේ නෑ.. ඒ නිසා මම ඒ පින්තුරේ සයුරි ලගම තියෙන්න ඉඩ හැරියා.. අපි ගොඩාක් වෙලා ගොඩක් දේවල් ගැන කතා කලා.. සයුරිගේ දෙමව්පියන් ඇයට ගොඩක් ආදරේ කරන බව අපිට ඔවුන්ගේ කතාවෙන් තේරුනා.. අපි වෙන්ව යද්දි හිතට දැනුනේ කියා ගන්න බැරි දුකක්.. ඒ තරමටම අපි ඒ මොහොතට ගොඩක් ලං උනා..

සයුරි අද ඉස්කෝලේ 10වෙනි පන්තියේ.. මේ ලෝකේ කොයි වගේද කියලා ප්‍රශ්ණ කරපු සයුරි අද මේ ලෝකේ දකිනවා.. හොද නරක හැම දෙයක්ම දැන් එයාට පේනවා.. ඔයාගේ ඉදිරියේ අභියෝග තව ගොඩාක් තියෙනවා.. ඒ හැම එකක්මත් ඔයාට ජය ගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.. සමහර විට අපි ආයෙමත් මුනනොගැහේවී.. ඒත් මට කවදාවත්ම ඔයාව අමතක වෙන එකක් නෑ..

පූජා ඔයා ඔයාට ලං උන හැම කෙනෙක්ගෙම ජීවිත වලට ආදරයක් උනා සතුටක් උනා.. බලන්න අද ඔයා නිසා සයුරි කොයිතරම්නම් සතුටින්ද.. මට ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි පූජා...




25 comments:

  1. මට ඔයා ලියන දේවල්වලට comment කරන්න තේරෙන්නෑ මල්ලි. ඒවා ඒ තරම් සන්වේදීව දැනෙනවා. ඒ නිසා හුඟාක් වෙලාවට මම ඒවා කියවලා මොකුත්ම නොකියා යනවා

    ReplyDelete
  2. ඔය කරපු පිනම ඇති අයියේ අක්කාට ඊළඟ ආත්මේ හොඳ නිරෝගී ජීවිතයක් ලැබෙන්න

    ReplyDelete
  3. "එළියේ තිබුන අඹ ගහක් යට තැනූ බංකුවක අපි වාඩිවෙලා හිටියා." කිව්වම මගේ මතකයට නැගුනේ අරුප්පොල පාරේ මම දන්න අනාථ නිවාසයක්. මේ එතන නෙවෙයි නේද මල්ලී?
    මැණික්

    ReplyDelete
  4. ඔයා නං මම නොදුටු ගණයේ කෙනෙක් අයියා.. ඔයා වගේ කෙනෙක්ගේ ආදරය ලබන්න පූජා අක්කා ගොඩාක් වාසනාවන්ත වෙන්න ඇති..
    ඔයාලගේ ජීවිත හරිම ලස්සනයි..
    ඊයෙත්..අදත්...හෙටත්...

    ReplyDelete
  5. පූජාට කරපු පුජාවක් වගේ මට මේ ලිපිය දැනුනා...

    ReplyDelete
  6. @ ayesha : මේ මගේ ජිවිත අත්දැකීම් නිසා වෙන්න ඇති අක්කට එහෙම දැනෙන්නේ.. ඒකට කමක් නෑ අක්කේ...

    ReplyDelete
  7. @ ශානු : ඔව් නංගී මටත් ඒ ගැන ලොකූ විශ්වාසයක් තියෙනවා..

    ReplyDelete
  8. @ මැණික් : "ආරුප්පොල" කොහේද අක්කේ තියෙන්නේ.. මම මේ ලිව්වේ කොළඹ තැනක් ගැන...

    ReplyDelete
  9. @ ප්‍රාර්ථනා : ඇයි නංගී එහෙම කියන්නේ?? නෑ නංගී මමයි වාසනාවන්ත පූජාගේ ආදරය ලබන්න..

    ReplyDelete
  10. @ අසනි : ඔව් ඇත්තෙන්ම.. මට එවෙලේ පුජා ගැන ඇති උනේ ලොකු සතුටක්..

    ReplyDelete
  11. එක වගේ හිතන පතන දෙන්නේක් එකතු උනා කියන්නේත් වාසනාවක්ම තමයි. මල්ලීට පුජා හොදටම ගැලපෙනවා. ඒ..ඔය දෙන්නගෙම හිත් ලස්සන නිසා.

    ReplyDelete
  12. අයියට පූජා අක්ක ගැන ආඩම්බරයි වගේම අපිට අක්කයි අයියයි දෙන්නම ගැන ආඩම්බරයි. වෙන මුකුත් කියන්න තේරෙන්නෙ නෑ අයියෙ. අයිය සයුරිව බලන්න ගිය එක නම් ගොඩක්ම හොඳයි.

    ReplyDelete
  13. හ්ම්ම්.. පූජා අක්කගේ මතකයන් හැම එකක්ම ඔයාගේ හිතේ රැඳිලා තියේවි අයියේ,. පින්තූරේ වෙනුවට ඔයාගේ හිතේ ඇඳුන එයාගේ රූපේ ඔයාගේ පාළුව මකාවි. සයුරිට පූජා අක්කව මේ තරමට මතක නම් පූජා කොහොමද අයියේ නැති වුනා වෙන්නේ. පූජා අක්කා අමරණීයයි, ඔයාගේ සයුරිගේ ඒ වගේම ඔයාගේ බ්ලොග් එක බලන අපි හැමෝගෙම හිත් වල,..

    ReplyDelete
  14. @ -නිල් අහස- : ඒකනම් ඇත්ත අයියේ.. අපේ අදහස් ගොඩක් වෙලාවට එක වගේ උනා..

    ReplyDelete
  15. @ Kasun : මම ඇත්තටම හිතුවේ නෑ මල්ලී මට සයුරි මුන ගැහෙයි කියලා.. ඒ ඒකට ගොඩක් හේතු තිබුන නිසා.. ඒත් මං වාසනාවන්ත උනා සයුරිව දකින්න..

    ReplyDelete
  16. @ ප්‍රාර්ථනා : ඔව් නංගී ඒ නිසාම තමයි මම ඒ පින්තුරේ සයුරිට දුන්නේ.. මොකද එයා වෙනුවෙන් මේ තරම් දෙයක් කරපු කෙනා කවුද කියලා එයා දන්නේ නෑනේ..

    ReplyDelete
  17. මට මේක කිව්වම කිසි දෙයක් ගැන හිතා ගන්න භෑ! මේක ගොඩක් දැනෙන කතාවක්! අනේ මංදා! මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ!

    ReplyDelete
  18. මොනා කියන්නද කියල හිත ගන්න බෑ අයියා.....හ්ම්.......ඔයාටත් සයුරිටත් හොඳ අනාගතයක් ප්‍රර්ථනා කරනවා...ඔයා ගොඩක් ගොඩක් හොඳයි.....

    ReplyDelete
  19. සයුරි කවදාවත් නොදැකපු එයාට ලෝකෙ දකින්න උදව් කරපු කෙනාව දැකගන්න එයාට වාසනාව තිබුනා. ඔය දෙන්න ගැන හිතනකොට මට කියන්න දෙයක් නෑ.. ඔහොම අහම්බෙන් මුන ගැහිලා ආදරේ කරන්න ඔයාලා දෙන්නත් හරි වාසනාවන්තයි. ඉතුරු හරිය ලබන ආත්මෙට කල් තියන්න.

    ReplyDelete
  20. @ මාධව : දුක් වෙන්න එපා යාළුවා.. ඇත්තම කතාවක් නිසා වෙන්න ඇති කාගෙත් හිත් වලට මේ තරම් දැනෙන්නේ.....

    ReplyDelete
  21. @ සිතුවිලි නිහඩයි : හැම කෙනෙක්ගෙම ජීවිත වල සතුට රැදෙන්නේ නෑ කියනවනේ..

    ReplyDelete
  22. @ කැමීලීයා : ඔයාට මාව හරියටම තේරුම් ගන්න පුළුවන් උනා නංගී.. ඔව් අපි ඊළග ආත්මේ වෙනකම් බලාගෙන ඉමු...

    ReplyDelete
  23. කියන්න දෙයක් හිතා ගන්න බැහැ මල්ලි...:( පුජා නම් ඇත්තටම උතුම් කෙනෙක්, එයාට ඒ පිනම ඇති. දැනුයි දැනගත්තේ "සයුරි" ගැන..පාර කිව්වට ස්තුතියි...ඔයාගේ බ්ලොග් එක මුල ඉඳලම කියවන්න ඕන.

    ReplyDelete
  24. මම ඔයා දාලා තිබුන ඉස්සෙල්ලා ලිපියත් ඒ දවස්වලම කියෙව්වා, ඇත්තටම ඒ දේ ගැන අද කොච්චර සතුටු වෙන්න පුලුවන්ද ...........

    ReplyDelete
  25. සිහින, මතකයන් වල විතරක් නෙමෙයි.. මට දැනුනෙ පූජා අපි අතරම ඉන්න බවක්.. මේ උතුම් ගතිගුණ ලබන ආත්මයෙත් ඔයාලට ඔයාලගෙම වෙන්න අනිවාර්යයෙන්ම පාරකියාවි..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්