Monday, 12 September 2011

වර්ණ : පළමු දිගහැරුම





සිතුම්, හිතේ තෙරපෙන බොහෝමයක් ප්‍රශ්ණ අතරේම අමාරුවෙන් සංසුන් කරගත් සිතින් තම නිර්මාණයට සමවැදී සිටියේය.. බෝහෝමයක් සෙනග ගැවසෙන උද්‍‍යාන වල, මං මාවත් වල මෙන්ම බොහෝ තැන්වල තම ආම්පන්න රැගෙන විත් සෙන අතරේම සිතුවම් අදින සිතුම් බොහෝ දෙනෙක්ගේ නෙත ගැටෙන්නේය..

“ අර කොල්ලට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන්..”

සිතුම් දෙස බලා හිදින බොහෝ දෙනෙක් පවසන එවැනි වදන් අනන්තවත් සිතුම්ගේ සවනත වැටෙන්නේය.. ඒත් ඔවුන්වත් සිතුම්වත් ඒ කතාව එතැනින් එහාට අරගෙන නොයන්නේය.. දුප්පත් කමේ අදුරු බලපෑම් සුපුන්ගේ චිත්‍ර වල පාට කොතරම් බොද කරත් සිතුම් කෙදිනකවත් පින්සල අතහැරීමට නොසිතුවේය.. ඒ ඒතරමට සිතුම් චිත්‍රයට පෙම් බැදි නිසාය..

හිතේ තෙරපෙන හැගුම් වැඩි නිසාම අදිමින් උන් චිත්‍රයට මොහොතකට සමුදුන් සිතුම් කල්පනාවට වැටුනේය.. ගෙදර තනිඋන අම්මාගැන සිතුම් හැම මොහොතකම කල්පනා කලේය.. ඇගේ විශ්‍රාම වැටුප තනිවම ඇයට ජීවත් වීමට සැහෙනමුත් එකම පුතා විදිහට අම්මාට හරි හැටි සලකන්නට නොලැබීම ගැන සිතුම් හැම මොහොතකම දුක්වීය..

තමන්ගේ සිතුවම් කොතරම් ලස්සනදැයි පිරිස් වර්නනා කලත් එයට සරිලන මුදලක් ගෙවා මිලදී ගැනීමට ඔවුන් අකමැතිය.. සිතුම්ගේ හැකියාවට ලං නොවනවත් මුදලකට ඇතැම් විට ඔවුන් චිත්‍ර මිලදී ගන්නේය.. බොහෝවිට එවන අවස්ථා වල සිතුම්ට ඉතිරි වන්නේ හිතේ දුකක් පමණක්මය.. ඒත් සිතුම් තවමත් මෙලෙස පාරවල් අද්දර චිත්‍ර අදින්නේ කවදාකම හෝ තමන්ට ඉදිරියට යන්න අත දෙන්න කෙනෙක් ඒවියි කියන පුංච් බලාපොරොත්තුව හිතේ රදවාගෙනය..

සිතුම්ගේ කල්පනාව කොයිතරම් ඈතකට දිව ගියාදැයි ඔහුටත් නොදැනුනේය.. එකවරම ඔහුගේ කල්පනාව බිදුනේ ඔහුගේ අතින් කවුරුන් හෝ අල්ලාගත් පහසින්ය.. ඒ පහස සිතුම්ට හොදින් හුරුපුරුදුය.. සිතුම්ගේ අදුරු ලෝකෙට පුංච් ආලෝකයක් වන්නට ඒ දෑතට හැකි විය..  

“ ප්‍රාර්ථනා.. ඔයා දැන්ද ආවේ?”

“ හ්ම්ම්.. ඔයා මොනවද කල්පනා කලේ?”

“ මුකුත් නෑ.. මම ටිකක් මහන්සි යන්නත් එක්ක වාඩි වෙලා හිටියේ..”

“ ඔයා ඇදපු චිත්‍රේ තාමත් ඉවර නෑ.. ඔයා කවදාවත් චිත්‍රයක් ඉවර වෙන්න කලින් මෙහෙම ඉන්නේ නෑ..”

සිතුම් කිසිවක් නොකියාම ඇගේ මුහුණ දෙස මොහොතක් බලාගෙන සිටියේය..

“ මට කියන්න.. මොකක් ගැනද ඔයා කල්පනා කලේ?”

“ ඔයා ඒ ගැන දන්නවා ප්‍රාර්ථනා..”

“ කාලයට ටිකක් ඉඩදෙන්න සිතුම්.. හැමදේම හොද අතකට හැරේවි කියලා මම හිතනවා..”

කිසිවක් නොකියාම සිතුම් ඇගේ දැස දෙස බලා සිටියේය..

“ ඇයි ඔහොම බලන් ඉන්නේ?”

“ නෑ.. ඔයා ලග ඉද්දී මගේ ප්‍රශ්ණ ගොඩාක් මට අමතක වෙනවා..”

“ ඒ තරමටම මාව ඔයාට වටිනවද?”

සිතුම්ගේ පපුවට හිස තියාගත් ප්‍රාර්ථනා ආදරයෙන් ඔහුට තුරුළු වූවාය.. ප්‍රාර්ථනාගේ ආදරය සිතුම්ගේ ජීවිතයට මහමෙරක් බදුය.. කොයි තරම් හිතේ ප්‍රශ්ණ තද කරන් හිටියත් ප්‍රාර්ථනා ලගදී සිතුම්ට ඒ හැම දෙයක්ම අමතකවී යන්නේය..

“ සිතුම් අපි ටිකක් ඇවිදින්න යමු..”

“ හා.. කොහේද යන්න ඕන?”

“ ඔයා කැමති ඕනම තැනකට..”

“ හ්ම්ම්ම්.. ඉන්න මම මගේ බඩුටික ලෑස්ති කර ගන්නකම්..”

“ නෑ සිතුම්.. ඔයා චිත්‍රේ ඇදලා ඉවර කරන්න.. මට හදිස්සියක් නෑ..”

“ කමක් නෑ ප්‍රාර්ථනා.. දැන් මගේ හිත මේ චිත්‍රෙන් ගොඩක් ඇතට දුවලා ඉවරයි..”

“ ඒ මං නිසාද සිතුම්?”

කිසිවක් නොකියාම තම බෑගයට සියල්ලක්ම නිසි ලෙස දමාගත් සිතුම් ප්‍රාර්ථනා ලගට විත් ඇගේ අතින් අල්ලා ගත්තේය..

“ අපි යමු..”

“ කොහේද?”

“ හ්ම්ම්.. දන්නෑ.. මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.. ඔයා ලග නිසා..”




26 comments:

  1. මරු මරු තවත් ලස්සන කතාවක ඇරඹුමක්

    ReplyDelete
  2. මේක නම් මම කැමතිම විදියෙ කතාවක් වගේ අයියෙ. පළවෙනි කොටසම ගොඩක් ලස්සනයි. ඉතුරු ටිකත් ඉක්නමට දාන්න.

    ReplyDelete
  3. ශා...ඔන්න අලුත් කතාවක්...එක නම් ඇත්ත.තමන් ආදරේ කරන කෙනා ලඟට ගියාම හිතේ තියන දුක, ප්‍රශ්න සේරම අමතක වෙනවා...ඉක්මනට ලියන්න අයියා ඉතිරියත්

    ReplyDelete
  4. උදේ ඇවිත් පරණ පෝස්ට් ටිකක් කියවලා අඬලා ගියා. අළුත් කතාව කියවන්නත් දිගටම එනවා...ලස්සනයි...

    ReplyDelete
  5. @ ශානු : ගොඩක් ස්තුතියි නංගී.. දිගටම කතාවත් එක්ක එකතු වෙන්න...

    ReplyDelete
  6. @ Kasun : තැන්ක්ස් මල්ලී.. ඉක්මනින් දාන්නම්.. කොහොමත් මම කතාව එක දිගටම ලියනවනේ...

    ReplyDelete
  7. @ සිතුවිලි නිහඩයි : හැමදාම වගේ මගේ කතාවක් එනකම් බලාගෙන ඉන කෙනෙක්නේ නංගී.. ඇත්ත නංගී හිතේ මොන තරම් ප්‍රශ්ණ තිබුනත් ඒ හැම දෙයක්ම මොහොතකින් අමතක වෙනවා අපි ආදරේ කරන කෙනා ලගදී..

    ReplyDelete
  8. @ මන්තරකාරී : සමහරවිට ආයෙත් දුක හිතෙන පෝස්ට් මේ බ්ලොග් එකේ ආයෙත් නොවැටේවි.. මම ලියන කතාවකදි ඇරෙන්න...ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  9. ශා... කථාව නම් ලස්සනයි අයියේ... ඊලඟ කොටස දානකන් බලාගෙන ඉන්නවා ඔන්න මමත්..
    :)
    මගේ නමනේ කෙල්ලට තියෙන්නේ,,, ඒ නිසා මම මේක නොබලම බෑ.. බලමු.. සිතුම්ගෙයි ප්‍රාර්ථනාගෙයි ආදර කථාව ලස්සන සිතුවමක් වෙලා නිමා වෙයිද කියලා.

    ReplyDelete
  10. ලස්සන කතාවක පටන් ගැන්ම.
    ඉදීරියේදි බලමු මේ කතාවේ මොකද වෙන්නේ කියල. කාලයකට පස්සේ කතාවක් කියවන්න ලැබුනේ.

    ReplyDelete
  11. අලුත් කතාව ලස්සනට ඉදිරියට ලියන් යන්න සුභපැතුම්

    ReplyDelete
  12. දිනේෂ් මල්ලි ලියන කතා කොහොමත් රහයි.
    වෙනස් කතාවක් වගේ...පේන විදිහට නම්.
    බලමුකෝ...ඉස්සරහට නේද....

    ReplyDelete
  13. @ ප්‍රාර්ථනා : කෙල්ලගේ නම ප්‍රාර්ථනා කියලා දාන්නත් පොඩි හේතුවක් තියෙනවා.. කතාව ඉක්මනින් දාන්නම්.. එතකොට ඔයාටම ඒක තේරේවි..

    ReplyDelete
  14. @ මධුරංග : ගොඩක් ස්තුතියි අයියේ.. හිතේ ලිය උන කතා කීපයක්ම තියෙනවා.. හෙමීට ලියන්නම් ඒ ටිකත්...

    ReplyDelete
  15. @ ayesha : ගොඩක් ස්තුතියි අක්කේ..

    ReplyDelete
  16. @ -නිල් අහස- : ගොඩක් ස්තුතියි අයියේ.. මේක ආදර කතාවක්ම නෙමෙයි.. එකතුවෙන්නකෝ හැමදාම කතාවත් එක්ක...

    ReplyDelete
  17. අනිවාර්යෙන් අයියේ.. බලන් ඉන්නම්කෝ ඒ හෙතුව බලන්නත්.. :)

    ReplyDelete
  18. පුබුදු13 September 2011 at 07:42

    නියමයි සහෝ ඔන්න මාත් දිගටම කියවනවා....ජය වේවා....!

    ReplyDelete
  19. අලුත් කතාවක්! මමත් කියවනවා ඕන්.

    ReplyDelete
  20. අලුත් කතාවක් පටන් ගන්න වගේ. ලස්සනට පටන් අරන් තියෙනවා. ඉක්මනට අනිත් කොටසත් දාමු

    ReplyDelete
  21. @ ප්‍රාර්ථනා : එහෙනම් කතාව අවසානය වෙනකම් රැදෙන්නකෝ..

    ReplyDelete
  22. @ පුබුදු : මලයා අනිවර්යෙන් කියවන බව මම දන්නවනේ..

    ReplyDelete
  23. @ හිරණ්‍ය : ගොඩක් ස්තුතියි යාළුවා...

    ReplyDelete
  24. @ පිණිබිදු : ගොඩක් ස්තුතියි අක්කේ හැමදාම එන්න වර්ණ දකින්න...

    ReplyDelete
  25. අදයි කියවන්න හම්බ උනේ . .පලවෙනි එකේ එක බලල ඉවරයි ඕන්

    ReplyDelete
  26. බොලඳ කතාවක්ද ..
    බලමුකෝ ..........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්