Monday, 29 August 2011

සුභ මංගලම් අක්කේ!!!


      සිහිනත් එක්ක එකතු උන හැමෝවම ආයෙමත් සිහිනයට ආදරයෙන් පිළියන්නවා.. මගේ පුන්චි නිවාඩුව ඉවර කරලා ආයෙමත් මම මගේ පුරුදු ජීවිතේ හොයාගෙන ආවා.. ලංකාවේ හිටියේ ටික කාලයක් උනාට ඒ ගැන ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.. ඉතින් ඒ ගැන හෙමීට ලියන්නම්..

    මුලින්ම ඉතින් ගියපු වැදගත් කාරණාව ගැන කියන්න ඕනනේ.. අපේ අක්කගේ වෙඩින් එක..  අපේ මස්සිනා ගැන නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. ඒ මොකද මස්සිනා මට සහෝදරයෙක්ටත් වඩා යාළුවෙක් විදිහට මට ලං උන නිසා.. මට ඕනම දෙයක් ගැන මස්සිනා එක්ක විවෘතව කතා කරන්න පුළුවන්.. ඊටත් වඩා මස්සිනා අපේ අක්කට අපිටත් වඩා ආදරේ කරනව.. ඒ නිසාම අක්කා ගැන මගේ හිතේ තිබුන බය දැන්නම් නැතිම වෙලා ගිහින්.. මොකද අක්කා බදින්න යන කෙනා කොහොමද කියලවත් නොදැක, වචනයක්වත් මස්සිනා එක්ක කතා නොකර තමයි මම ලංකාවට ගියේ.. ඉතින් හිතේ පොඩි චකිතයක් නොතිබුනාම නෙමෙයි.. අපේ මස්සිනාට සහෝදරයෝ 9 දෙනෙක්ම ඉන්නවා.. ඉතින් මේ වෙඩින් එක නිසා අපිත් එක්ක නෑදෑ කමින් එකතු උන අය කොච්චරක්ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් වේවි.. මටනම් සමහරුන්ගේ නම්වත් මතක නෑ.. ඒ තරමටම කට්ටිය..

    අක්කා ගෙදරින් ගියාට පස්සේ ඒ පාළුව වැඩියෙන් දැනුනේ අම්මට තමයි.. ඊට ටික දවසකට පස්සේ මමත් එයාලව තනි කරලා අපු නිසා දැන් ඒ පාළුව තවත් වැඩියෙන් දැනෙනවා ඇති.. ඇත්ත වෙඩින් එකෙන් පස්සෙ මට උනත් අක්කා ගෙදර නැති පාළුව ගොඩාක් දැනුනා.. මොකද ගෙදර ඉද්දි අපි බොරුවට හරි රන්ඩු උනා.. ඒ වගේම ගොඩක් හිනා උනා.. දැන් නම් ඇත්තටම ගේ පාළුවට ගිහින් අක්කා නැතුව.. ඒත් ඉතින් මේ දේවල් වලට පුරුදු වෙන්නත් ඕනනේ.. එයාලගේ ජීවිතේ ලස්සනම දවසේ මතකන් ටිකක් මේ විදිහට ඔයාල එක්කත් බෙදා ගන්න මම හිතුවා.. ලියන්නනම් තව ගොඩක් දේවල් තියෙනවා.. හිතේ තියෙන්නේ  එයාලගේ අනාගතය ලස්සන වේවා කියන එකම එක පැතුමක් විතරමයි.. ආදරණීය අක්කේ ඔබට සුභ මංගලම් කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..








40 comments:

  1. ඔයාගේ සුදු අක්කට මාත් සුභ පතනවා දිනේෂ්.
    එයාට හැමදාටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.

    ReplyDelete
  2. අම්මෝ ආවද? මම හිතුව එහෙමම දිනේශ් අයියත් බැඳල කියල.

    අපිත් අක්කට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව. ඔහොම තමයි ඉතින්, අක්කල නංගිල හැමදාම ගෙදර තියාගන්න බෑ නෙ.

    හරි, දැන් ඉතින් එහෙනම් ආයෙත් වැඩ පටන් ගන්න.

    ReplyDelete
  3. අම්මෝ මල්ලිව දැක්ක කල්. ගොඩ කාලෙකට පස්සේ.
    දැන් මල්ලි ආයෙම රට ආවද ?
    අක්කට සුබ මංගලම් කියලා කිව්වා කියන්න !!!!
    මංගලම් !!!!! ජය මංගලම් !!!!! වේවා සිරි සුබ මංගලම් !!!!!

    ReplyDelete
  4. @ කැමීලියා : ගොඩාක් ස්තුතියි කැමීලියා ඔයාගේ සුභ පැතුමට..

    ReplyDelete
  5. @ Kasun : එකනම් ඇත්ත මල්ලී.. අක්කලා නංගිලා හැමදාම අපිත් එක්කම ඉන්නේ නෑ.. එයාලා දවසක යන්න යනවා..

    ReplyDelete
  6. @ මධුරංග : ගොඩක් ස්තූතියි අයියේ සුභ පැතුමට.. බ්ලොග් එක පැත්තට එන්න හිතාගෙන හිටියත් අපේ ගෙදර අන්තර්ජාල බිද වැටුන නිසා එන්න බැරි උනා..

    ReplyDelete
  7. දිනේශ් අයියා කාලෙකින් ඇවිත්. ඔන්න එහෙනම් මගේ ගානෙත් සුදු අක්කට සුභ පතනවා,.

    ReplyDelete
  8. සාදරයෙන් පිලිගන්නවා ආපසු පැමිණීම ......
    ඔන්න මලයා මමත් අක්කට සුබ පැතුවා කියන්න .......

    ReplyDelete
  9. මගෙනුත් සුබ පැතුම් ඔයාගෙ අක්කියට....එයාලගේ ජීවිතය වාසනාවෙන් පිරී ඉතිරේවා...!

    ReplyDelete
  10. ආ යාලු, කොහොමද ඉතින්?
    මගෙනුත් සුබ පැතුම් සහෝගේ අක්කට!

    ReplyDelete
  11. අක්කගෙ නව දිවියට මගෙනුත් සුභ පැතුම් එක් කරනවා.

    ReplyDelete
  12. akkata godak suba pathanawa kiyanna! :) ehema massina kenek labenna oyath godak lucky! :)

    ReplyDelete
  13. හුඟ කාලෙකින් දිනේශ්. අක්කට සුභ මංගලම් කියලා මාත් කියනවා. ඔය දුක ටික ටික මටත් දැනෙනවා. තව මාස දෙකකින් මගේ අක්කත් වෙන කැදැල්ලකට යනවා.

    ReplyDelete
  14. @ ප්‍රාර්ථනා : ගොඩාක් ස්තුතියි නංගී ඔයාගේ සුභ පැතුමට..

    ReplyDelete
  15. @ පන්සල් හංදිය : කල්හාර අයියා මාත් එක්ක අමනාප වෙන්න එපා කෝල් එකක්වත් දුන්නේ නෑ කියලා.. ගොඩක් ස්තූතියි අයියටත්...

    ReplyDelete
  16. @ දිල් : ගොඩාක් ස්තුතියි අක්කේ.. ඔයාලගේ සුභ පැතුම් මම එයාලට කියන්නම්..

    ReplyDelete
  17. @ හිරණ්‍ය : හොදින් ඉන්නවා යාළු.. ලියන්න ගොඩක් විස්තර තියෙනවා.. හෙමීට ලියන්නම්..

    ReplyDelete
  18. @ නලිනි චන්දිමා : ගොඩාක් ස්තූතියි අක්කේ...

    ReplyDelete
  19. @ මාධව : ඔව් යාළුවා ඒකනම් ඇත්ත.. යාළුවෙක් වගේ හොද මස්සිනා කෙනෙක් ලැබුනේ මගෙත් වාසනාවට..

    ReplyDelete
  20. @ පිණිබිදු : ඔව් අක්කේ ගෙදර ඉන්නකොට අපිට එයාලගේ අගය දැනෙනවා අඩුයි.. ඒත් දැන් තමයි පාළුව දැනෙන්නේ..

    ReplyDelete
  21. දිනේෂ් අයියගේ අක්කට ඔන්න මගෙනුත් සුභපැතුම්.....ලස්සන වාසනාවන්ත සතුට පිරුන යුග දිවියක් වේවා කියලා....

    ඔයා ඉක්මනට අපු එක නම් හොදයි..බ්ලොග් එක පාලුවට ගිහින්..කියවන්න කතාවක් වත් නෑ අයියේ

    ReplyDelete
  22. වාසනාවන්ත යුග දිවියකට මගෙනුත් උණුසුම් සුභ පැතුම්, ඔයාගේ ආදරනීය අක්කට හා මස්සිනාට.

    ඒවගේම ඔයාගේ රස කතා බලන්නත් නොයිවසිල්ලන් ඉන්නවා.

    ReplyDelete
  23. @ Princess Thushy : thanks sis...

    ReplyDelete
  24. @ සිතුවිලි නිහඬයි : ගොඩක් ස්තුතියි නංගී ඔයාගේ සුභ පැතුමට.. කතාවක් නම් හිතේ තියෙනවා.. ටික දවසකින් ලියන්නම්...

    ReplyDelete
  25. @ -නිල් අහස- : කතාවක් ඉක්මනින්ම ලියන්න බලන්නම්.. ඒත් ඊට කලින් මට ලියන්නම ඕන ලිපි කීපයක් තියෙනවා.. ඉතින් ඒටික දාලම මම කතාවක් පටන් ගන්නම්..

    ReplyDelete
  26. දිනේශ් සහෝ හරිම දුකයි ඔයා ගිය එකට...එයාර් පෝර්ට් එකේදී ඇහැට කදුලක් ආවේ මේ මගේම සහෝදරයෙක් නේද කියලා හිතිලා...මස්සිනා ඇත්තටම එල පොර..මාත් එක්කත් සෙට් වුනානේ ඉතින්...කොහොම හරි මට හොද මඩ පාරකුත් දිනේශ් සෙට් කලානේ :P..අක්කටයි අයියටයි ලස්සන පවුල් ජීවිතේකට සුභ පතනවා.ඔයාට වත් අක්කටවත් කවදාවත් වරදින්නේ නැහැ ජය වේවා...පුබුදු

    ReplyDelete
  27. ඔන්න ආයෙත් ඇවිල්ලෝ....පින්තූරෙ දැකලා තව ටිකෙන් හිතුවෙ අසන්ත අයියන්ඩි බැදලය කියලා..හිකිස් ඔන්න මගෙන් අක්කට සුබ පැතුම්..මතක ඇතුව කියන්ඩ ඕනේ හරිද...??

    ReplyDelete
  28. මගෙනුත් සුභ පෑතුම් ඔයාලා දෙන්නට.මගේ අක්කත් ලබන සතියෙ විවාහ වෙනවා.ඉතින් අපේ ගෙදරින් ගියාම මට තමා පාලු.

    ReplyDelete
  29. ගොඩාක් කාලෙකට පස්සෙ දිනේෂ් අයියා දාපු කමෙන්ට් එකක් දැකලා ඇවිත් බ්ලොග් 1 බැලුවෙ. බලත්දි ගොඩක් කාලෙකින් මොනවත් ලියලා නෑ තමයි. ඔයාගේ අක්කාගෙ ජීවිතය ගොඩක් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. මටත් අයියා ලියපු පෝස්ට් 1ක් මග ඇරිලා. දැන් ආවාමයි ඒක දැක්කෙ.

    ReplyDelete
  30. අක්කට සුබ මංගලම්!!

    ReplyDelete
  31. අදමයි මම මේ බ්ලොග් එකට ඇවිත් තියෙනේ... මේ තරම් කාලයක් මට මග ඇරිලා තියෙන්නේ කොහොමද මම දන්නේ නැ.. ඒත් අද ඉදන් ඔන්න දිගටම එනවා
    සුභ පැතුම් මගෙනුත් අක්කට

    ReplyDelete
  32. අදමයි මම මේ බ්ලොග් එකට ඇවිත් තියෙනේ... මේ තරම් කාලයක් මට මග ඇරිලා තියෙන්නේ කොහොමද මම දන්නේ නැ.. ඒත් අද ඉදන් ඔන්න දිගටම එනවා
    සුභ පැතුම් මගෙනුත් අක්කට

    ReplyDelete
  33. @ pubudu : මම දන්නවා පුබුදුවෝ.. අපි හිතින් බැදිලා ඉන්නේ සහෝදරයෝ වගේනේ.. ඒකයි අපිට එහෙම දැනෙන්නේ.. ඇත්ත මස්සිනා ගැන ඉතින් තව මොනවා කියන්නද..

    ReplyDelete
  34. @ මකුළු පැංචි : අපේ මකුළු නංගි බලාගෙන ඉන්නේම මම අමාරුවේ වැටෙනකම් නේද?? හරි හරි මම කියන්නම්...

    ReplyDelete
  35. @ හිම හංසි : ඔව් ගෙදර නැති උනාම හිතට දැනෙන පාළුව හරිම අමුතුයි.. ඒත් ඉතින් මොනවා කරන්නද...

    ReplyDelete
  36. @ හංසී : මම යන්න කලින් පෝස්ට් එකක් දාලා ගියේ.. ඔයාට එහෙනම් ඒක මග ඇරිලා.. ගොඩක් ස්තුතියි නංගි සුභ පැතුමට...

    ReplyDelete
  37. @ හිම කුමාරි : ගොඩාක් ස්තුතියි ඔයාගේ සුභ පැතුමට..

    ReplyDelete
  38. @ දේවා : ගොඩක් ස්තුතියි යාළුවා මේ පැත්තට ආවට.. හැමදාම එන්න කියලා ආරාධනා කරනවා..

    ReplyDelete
  39. akkata madhawageth suba pathum denna dinesh bro!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්