Wednesday, 6 July 2011

තරු ඇස් දහසක් අවසානය

               ඈ සෙමින් සුපුන් වෙතට ලං වුවාය.. දෑස් වල කඳුළු අතරින්ම  කලින් දුටු සෙනහස තවමත් සුපුන් දුටුවේය..


මට සමාවෙන්න තාරකා..”

                     ඇගේ දෑත පපුවට තුරුළු කරගත් සුපුන් කඳූළු පිරි දෙනෙතින් ඇයට පවසද්දි සුපුන් ලගින්ම හිදගත් ඇය සුපුන්ගේ දෑසේ කඳුළු බිදු පිසදැමුවාය..

සමාව ඉල්ලන්න ඔන මමයි සුපුන්.. මම එදා එයාලට ගොඩක් බය උනා..”

බය උනා ? කාටද ?”

තරුශි මිස්ටයි එයාගේ තාත්තටයි..”

ඇයි එයාල ඔයාට මොනවද කිවුවේ තාරකා ?”

එදා තරුශි මිස් කේන්තියක් පෙන්නන්නේ නැතුව කතාකලාට මම ගෙදර යන්නත් කලින් අපේ තාත්තට එන්න කියලා මේ හැම දෙයක්ම කියලා තිබුනා.. තරුශි මිස්ගේ තාත්තාට අපේ තාත්තා ගොඩක් බය උනා.. ඊට පස්සේ මම එහෙන් ඇවිත් කැම්පස් එකේ බෝඩිමේම නවතුනා..”

ඒත් තාරකා ඇයි ඔයා මට එක පාරක්වත් කතා කලේ නැත්තේ ?”

මම බය උනා සුපුන්.. මගේ අහිංසක තාත්තා නිසා.. මම එයාට කරදරයක් වේවියි කියලා හිතුන නිසයි ඔයාට කතා කලේවත් නැත්තේ..”

           සුපුන් කිසිවක් නොකියාම ඇගේ දෙනෙතෙන් වැටෙන කදුළු පිසදැම්මාය..

ඔයයි දමිත් අයියයි කැම්පස් එක ලග ඉන්නවා මම දැක්කා සුපුන්.. ඒත් මම ඔයාලව මුන නොගැහි හිටියේ ආයෙමත් තරුශි මිස් අපිව දකියි කියලා හිතපු නිසයි..”

මට තරුශි ගැන එන්නේ ලොකු කේන්තියක් දමිත්.. මාව බලන්න එන්නවත් දෙන්න එපා එයාට..”

මං හිතන්නේ නෑ සුපුන් එයා උඹව බලන්න ඒවි කියලා..”

ඇයි දමිත් ?”

තරුශි උඹට කවදාවත්ම තාරකා තරම් ආදරේ කලේ නෑ.. ඉතින් එයා උඹ වෙනුවෙන් බලා ඉදියි කියලා උඹ හිතනවද ? ටික දවසක් එයා උඹ වෙනුවෙන් බලන් හිටිත් අවුරුදු දෙකකට විතර කලින් එයා වෙන කෙනෙක්ව කසාද බැන්දා..”

හ්ම්ම්.. එක අතකට එහෙම උන එකත් හොදයි..”

                සුපුන් දිගු හුස්මක් හෙලුවේ හිතේ ලොකු බරක් සැහැල්ලූ උනාක් විලසින්ය.. තාරකා දෙස බැලු සුපුන් ඇගේ සුරතින් අල්ලා ගත්තේය..

එතකොට ඔයාගේ ජීවිතේ තාරකා ?”

සුපුන් දෙස බලා සිනා සුන ඇය,

මගේ ජීවිතේ තාමත් එදා නැවතුන තැනමයි සුපුන්.. මගේ හිතේ ඔයාට තිබුන ඉඩ වෙන කාටවත් මම දුන්නේ නෑ සුපුන්.. ආදරේ තාමත් මගේ හිතේ තියෙනවා..”

මම එදත් මගේ ආදරේ කියන්න පරක්කු උනා.. අදත් එහෙමමයි තාරකා.. මම දැන් ලෙඩෙක්.. අබ්බගාතයෙක්.. ඔයාගේ ජීවිතේට තවත් ප්‍රශ්නයක් වෙන්න මට බෑ තාරකා..”

නැහැ සුපුන් ඔයා අබ්බගාතයෙක් නෙමෙයි.. ඔයා ඉක්මනට සනිප වෙනවා.. මම ඔයා ලගින් ඉදන් ඔයාව බලා ගන්නවා..”

     ඇය සුපුන්ගේ පපුවට හිස තබා ගත්තේය..

මම ඔයාට ආදරෙයි තාරකා මේ ජීවිතේ තියෙන තුරාවටම..”

ඇගේ නලළතට හාදුවක් දුන් සුපුන් ඇයව තවත් පපුවට තුරුළු කර ගත්තේය..

අළුත් ජෝඩුවට කතා කරන්න ගොඩක් දේවල් ඇතිනේ.. මම යන්නම්.. දැන් උඹට තනියක් නෑනේ සුපුන්..”

“දමිත්.. උඹ යාළුවෙක්ටත් වඩා මගේම සහෝදරයේක් දමිත්.. උඹට ගොඩක් පින්..”

මොකටද ?”

උඹ අපි වෙනුවෙන් කරපු හැම දේකටම..”
  
          කිසිත් නොකියා සිනාසුන දමිත් තාරකාටත් සුපුන්ටත් ඔවුන්ගේ ලෝකයේ තනිවෙන්නට ඉඩ දී එතැනින් නික්මුනේ හිතේ රැදුන අවංක සතුටත් රදවාගෙනය....






32 comments:

  1. නියම අවසානයක් මල්ලි. ලස්සනයි කතාව. මෙහෙම ආදරෙන් ඉන්න ලැබෙනවනම් ආයේ වෙන කිසිම දෙයක් ඕනේ නෑ.

    පොඩි ප්‍රශ්නයක් !!!
    මේ වගේ ආදර කතා ලියන්න මල්ලිට අදහස් එන්නේ කොහොමද ? හරිම ලස්සනයි.

    ReplyDelete
  2. හරිම ලස්සන අවසානයක් අයියේ... ඇත්තම තමා අයියා ලස්සනට ලියනවා..තව තවත් ලියන්න ...

    ReplyDelete
  3. තරු ඇස් දෙදහසක් වෙලා. කලින් කොටස් කියෙව්වත් ටිකක් වැඩ වැඩි නිසා කමෙන්ට් කරන්න බැරි වුණා.
    අලුත් කතාවක් එක්ක ඉක්මණටම එන්න. ජය!

    ReplyDelete
  4. හරිම ලස්සනයි අයියා.. මධුරංග අයියා ඇහුවා වගේ..ඇත්තට මේ අදහස් කොහෙන්ද..?

    ReplyDelete
  5. ඇත්තටම සුන්දර අවසානයක් අයියෙ. හැම ආදර කතාවක්ම මේ වගේ ලස්සනට ඉවර වෙනව නම් කොච්චර හොඳද.

    ReplyDelete
  6. මම කැමතියි අවසානය ටිකක් දිග වුණානම්.. ඒ කියන්නෙ ඔය කොමාවෙන් පස්සෙ සුපුන්ට එකපාරම තාරකාව හම්බ වෙන්නෙ නැතිව ටිකක් දුක කාලයක් තිබුණ නම්. එහෙම හිතෙන්නෙ එක හුස්මට මේක මුල ඉඳන් කියවද්දි මුල තිබුණ දෙබස් පිරුණ ගලාගෙන යාම අන්තිම වෙද්දි කෝච්චියෙ ගියා ව‍ගේ කියල දැණුන නිසා. මම මේක කොටස් වශයෙන් කියෙව්ව නම් එහෙම නොදැණෙන්න තිබුණා. මොනව වුණත් මේක අවශ්‍යනම් නවකතාවක් දක්වා ගොතන්න පුළුවන් කතාවක ෂෝට් වර්ෂන් එකක් වගේ :D

    ReplyDelete
  7. @ මධුරංග : ඇත්ත මධුරංග අයියේ මේ වගේ ආදරය්ක් ලැබෙනවනම් ඇත්තෙන්ම ඒ කෙනා වාසනාවන්තයි.. මේ චරිත ඔක්කොම හිතට අහම්බෙන් එබෙන දේවල් අයියේ.. මගේ තනිකම මැකෙන්නත් එක්ක මම ඒ චරිත වලට පණ දෙන්න පුන්ච් උත්සාහයක් ගන්නවා.. ගොඩක් ස්තුතියි හැමදාමත් වගේ අයියා මේ කතාවත් එක්කත් එකතු උනාට..

    ReplyDelete
  8. @ නිම්ශා : ගොඩාක් ස්තුතියි නංගි ඔයාගේ අදහස් ටිකට.. හැමදාම සිහිනයට ගොඩවෙලා මේ දෙන සහාය ඇත්තටම මට ගොඩක් වටිනවා..

    ReplyDelete
  9. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ තරු ඇස් දෙදහසක් වෙලා.. කමෙන්ට් නොකලත් අක්කා හැමදාම මගේ පොස්‍ට් බලනවා කියලා මං දන්නවා.. ඒක මට ලොකු ශක්තියක්.. අලුත් කතාවක් ඉක්මනින්මනම් ලියන්න වෙන්නේ නෑ අක්කේ...

    ReplyDelete
  10. @ ප්‍රාර්ථනා : ගොඩක් ස්තුතියි ප්‍රාර්ථනා නංගි.. හිතේ මැවෙන පුන්ච් සිද්දියක් දිගේ ලොකුවට හීන මවන එක මගේ එක පුරුද්දක්.. මේ කතාත් ඒ වගේ තමයි...

    ReplyDelete
  11. @ Kasun : ගොඩක් ආදර කතාවල අපි බලාපොරොත්තු වෙන අවසානයම ලැබෙන්නේ නෑ මල්ලී.. එහෙම අවසානය සුන්දර වෙන්නේ ඇත්තෙන්ම වාසනාවන්ත අයට...

    ReplyDelete
  12. @ hare : ඔව් අයියේ අවසන්නය දික් කරන්න මගේත් අදහසක් තිබුනා.. ඒත් සුපුන්ට ඒ තරම් කාලයක් දෙන්න මට කාලය නැති උනා.. ඒ ඇයි කියලා හෙට අනිද්දම කියන්නම්.. ගොඩක් ස්තුතියි හැමදාමත් වගේම අයියගේ කමෙන්ට් එකට...

    ReplyDelete
  13. ආදරේ කරන දෙන්නෙක් එකතු වෙන එක තරම් දෙයක් තවත් තියෙනවද.

    ReplyDelete
  14. ඇත්තටම ගොඩක් ලස්සනයි. දමිත්ට කවුරුත් නෑනේ.. අවුරුදු 4ක් තිස්සේ තමන්ගෙ යාලුවා වෙනුවෙන් කැපවුනු යාලුවෙක්. තවත් ගොඩක් ලස්සන කතාවක් ලඟදිම කියවන්න ලැබෙයි නේ..

    ReplyDelete
  15. රියල් යාලුවෙක් ඉඳලා තියනවා සුපුන්ට, ඒ වගේම හොඳ අවසානයක් ලස්සනයි .............

    ReplyDelete
  16. ලස්සන අවසානයක්..ඒ වගේම තමයි ඔන්න ඔයවගේ අයට තමයි නියම කල්‍යාණ මිතුරෝ කියෙන්නේ...
    ඉස්සරහටත් ඔය වගේ ලස්සන කතාවක්‌ කියවන්න ලැබේවි නේද?

    ආ කියන්නත් අමතක උනා , මැද හරියේ ම්ස් උන කතාවත් මම ඊයේ හොයාගෙන කියෙව්වා :D

    ReplyDelete
  17. ලස්සනයි, තවත් කතාවක් ලියමු... :)

    ReplyDelete
  18. @ පිණිබිදු : ඔව් අක්කේ ආදරේ කරන දෙන්නෙකුගේ එකම පැතුම එකනේ..

    ReplyDelete
  19. @ හංසී : දමිත්ටත් සුපුන්ට වගේම අවංකව ආදරේ කරන්න කෙනෙක් ලැබැවියි කියලා අපි හිතමු.. කතාවක් හිතේ තියෙනවා හැබැයි ඉක්මනින් ලියන්නනම් වෙන්නේ නෑ...

    ReplyDelete
  20. @ පන්සල් හංදිය : ඔව් අයියේ හොද කල්‍යාන මිත්‍රයෙක්.. ගොඩක් ස්තුතියි හැමදාමත් වගේම කතාවත් එක්ක එකතු උනාට...

    ReplyDelete
  21. @ ChammA : පබ්ලිශ් වෙන්නේ නැතුව ගිය අවුල නිසා ගොඩක් දෙනෙක්ට කතාවේ සමහර තැන් මිස් උනා.. ගොඩක් ස්තුතියි අදහසට..

    ReplyDelete
  22. @ හිරණ්‍ය : ගොඩක් ස්තුතියි යාළුවා.. අළුත් කතාවක් ලියන්න තව් ටිකක් කල් යාවි...

    ReplyDelete
  23. ලස්සන කතාව මචං....

    ReplyDelete
  24. අනේ.....ලස්සන අවසානයක්.... ඒත් මම හිතුවෙ..අර තරුශි හම්බවෙලා එතනදි ඇස්පියාගත්තට පස්සෙ..එහෙමම සුපුන් කෝමා එකටට ආව කියලයි...ආපහු ගිහින් බැලුවා මට කොටසක් මග ඇරිලවත්ද කියලා... :D

    ReplyDelete
  25. වෙනස්ම කතාවක් ලියන්න බැරිද ? මම කියන්නේ චාරිකා සටහනක් එහෙමත් නැත්නම් වෙනම අදහසක් !!!

    ReplyDelete
  26. ආසාවෙන් කියවපු කතාවක්.
    ඒ වගේම රහට ලියලා තියෙනවා.

    හැකියාවෙන් ප්‍රයෝජන ගන්න..තව කතාවක් ලියමුද.

    ReplyDelete
  27. @ කිඩෝ : ගොඩක් ස්තුතියි මචං..

    ReplyDelete
  28. @ මකුළු පැංච් : මකුළුටත් කොටස් මග ඇරුනද මේ කතාවේ.. ගොඩක් ස්තුතියි මකුළු නංගිටත්...

    ReplyDelete
  29. @ මධුරංග : මධුරංග අයියා මම කලින් කතාව අවසන් කරපු වෙලෙත් මේ ඉල්ලීමම කලා.. වෙනස් විදිහක කතාවක්.. හොදයි මම අයියා වෙනුවෙන්ම වෙනස් තේමාවක කතාවක් ලියන්නම්...

    ReplyDelete
  30. @ නිල් අහස : ගොඩාක් ස්තුතියි අයියේ.. තව කතාවක් ලියනවා.. හැබැයි ටික විරාමෙකට පස්සෙ...

    ReplyDelete
  31. supiri kathawa :) lassanata liyala thiyenawa

    ReplyDelete
  32. එක හුස්මට කතාවේ සේරම කොටස් ටික කියවල ඉවර කල...ලස්සනයි අයියා කතාව...ඔය වගේ ආදරයක් අපිට ලැබෙනවනම් මොනාද කරන්න බැරි

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්