Tuesday, 5 July 2011

තරු ඇස් දහසක් 9

“ ඔහොම ටිකක් ඉදපං දමිත්..”

“ ඇයි මචං ?”

“ මොකද බං මේ ටික දවසට උඹ ගොඩක් වෙනස් වෙලානේ..”

“ ටික දවසට.. උඹට හිතෙන්නේ ටික දවසක් කියලද මචං.. උඹට උඹේ ඇක්සිඩන්ට් එක මතකද ?”

“ ඔව්..”

“ එදා ඒ ඇක්සිඩන්ට් එකෙන් උඹට ගොඩක් අමාරු උනා මචං.. උඹ මේ ඇද උඩට වෙලා අවුරුදු පහක් හිටියා කෝමා එකක..”

“ අවුරුදු පහක් ?”

            දමිත් කියන්නේ ඇත්තක්මදැයි සුපුන්ට අදහාගන්නට නොහැකි විය.. ඒත් ඔහුගේ මුහුණින් ඒ ඇත්තක්මයි සුපුන් විශ්වාස කලේය..

“ දැන් උඹට සිහිය ආවනේ මචං.. අපි ගොඩක් දෙනෙක් බලන් හිටියේ උඹට සිහිය එනකම්.. උන හැමදෙයක්ම මම උඹත් එක්ක හෙමීට කියන්නම්.. මම දැන් ගිහින් ඩොක්ටර් එක්කන් එන්නම්..”

                 ජීවිතේ අවුරුදු හතරක් කිසිම මතකයක් ඉතිරි නොකර නින්දේම ගෙවී ගිය හැටි සුපුන් කල්පනා කලේය.. මේ ගෙවුන අවුරුදු හතරට කොයිතරම් දේවල් වෙනස් වන්නට ඇත්දැයි සුපුන් තනිවම සිතුවේය.. තාරකාගේ ජීවිතයට මේ අවුරුදු හතර කුමන වෙනස්කම් ගෙන එන්නට ඇත්දැයි සිතු  සුපුන් දිගු හුස්මක් පහල හෙලුවෙ සියලු බලාපොරොත්තු බිද වැටුනයි හිතාගෙනය..

“ කොහොමද සුපුන් ?”

“ දැන් හොදයි ඩොක්ටර්.. ඒත් තාම ටිකක් විතර ඇගට අමාරුයි..”

“ ඕක ටික දවසකින් ඇරිලා යාවි.. නර්ස් මෙයාට මේ පෙති ටික දෙනවද..”

“ හොදයි ඩොක්ටර්..”

           හොදින් හුරු පුරුදු කඩහඩක් සවනත වැටුන සුපුන් හිස ඔසවා බැලුවේය.. ඒ තාරකාය.. සුපුන් දෑස් අදහා ගත නොහැකිව ඈ දෙස බලාගෙන සිටියේය.. මොහොතකට මත්තෙන් හිතේ රැදුන වේදනාව පහව යමින් සුපුන්ගේ මුහුණේ සිනා රැල්ලක් ඇදෙන්නට විය..

“ තාරකා..”

                    සුපුන් ඇයට ඇමතුවේය.. ඒ හඩ ඔස්සේ සුපුන් දෙස බැළු ඇගේ දැස් වල එදා දුටු දීප්තියම සුපුන් දුටුවේය.. ඒත් ඇය කිසිවක් නොකියාම සුපුන්ගේ බෙහෙත් ටික ඔහුට දී එතැනින් පිටව යන්නට හැදුවාය..

“ තාරකා.. ඔහොම ඉන්න.. මට ඔයත් එක්ක කතා කරන්න ඕන..”

            එහෙත් ඇය නොනැවතීම ඉදිරියට ඇදුනාය.. ඇයව නවතන්නට හිතාගෙන ඇදෙන් බසින්නට හැදු සුපුන්ට ඔහුගේ දෙපා ඔහුටම වාරු නොදෙන බවක් දැනෙන්නට විය.. කොතරම් උත්සාහ කලත් සුපුන්ට ඇදෙන් බහින්නට හැකි නොවිය.. අමාරුවෙන් නෙගිටින්නට හදන සුපුන් ලගට ආ දමිත් ඔහුව මොහොතකට සනසන්නට විය..

“ දමිත් මට නැගිටින්න බෑ බං.. මට තාරකාට කතා කරන්න ඕන..”

“ සුපුන් මං කියන දේ ටිකක් අහපන් මචං.. එදා ඇක්සිඩන්ට් එක නිසා උඹට ටික කාලයක් යනකන් ඇවිදින්න අමාරු වෙයි.. තාරකා මෙහේමනේ මචං ඉන්නේ.. ඉතින් උඹට ඕන වෙලාවක එයා එක්ක කතාකරන්න පුළුවන්නේ..”

                කදුළු වැහෙන  දෙනෙතින් සුපුන් දමිත් දෙස බලා සිටියේ කිසිවක් නොකියාය..

“ උඹ දුක් වෙන්න එපා මචං.. උඹට ඉක්මනට සනීප වේවි..”

“ ඇයි මචං තාරකා මාත් එක්ක කතා නොකර ගියේ ?”

“ දැන් කතා නොකර ගියාට පහුගිය මාස හයක වෙලේ ඉදන්ම උඹව හොදින් බලා ගත්තේ තාරකා.. උඹ හිතේ තුබුන දේ කියන්න පරක්කු උන නිසා වෙන්න ඇති ඔය උඹත් එක්ක කතා නොකරම ගියේ..”

“ එයා මේ හැම දෙයක්ම දන්නවද මචං ?”

“ ඔව් මම එයත් එක්ක ඒ හැම දෙයක් ගැනම කිවුවා..”

“ ඒත් මචං මම දැන් ගොඩක් පරක්කු ඇති.. එදාටත් වැඩිය.. එයාගේ ලෝකෙට දැන් වෙන කෙනෙක් ඇවිත් ඇති.. මම මගේ ආදරේ කියන්න ගොඩක් පරක්කු උනා මචං..”

             සුපුන්ගේ කාමරය අසලින් කවුරුන් හෝ හඩන හඩක් ඇසී සුපුනුත් දමිතුත් එදෙස හැරී බැලූවේය.. කාමරයේ දොර අසලට වී තාරකා හඩමින්  සිටියාය.. දෙනෙතේ රැදුන කදුළු සගවාගන්නට හදමින් ඇය ටිකින් ටික සුපුන්ට ලං උනාය..


අවසාන කොටසින් යලි හමුවෙමු...

15 comments:

  1. නෑ..නෑ..නෑ.. තාරකාගේ ජීවිතේට වෙන කවුරුත් ඇව්ත් නෑ..
    ඇවිත් තිබුනොත් බලාගමු..>:(

    ReplyDelete
  2. අප්පා...... මේ අවුරුදු පහක කතාවක් ද ??? අර ප්‍රාර්ථනා නංගි කිව්වත් වගේ තාරකාගේ ජීවිතයට කවුරුත් ඇවිත් නැත්නම් හොදයි.
    මම නොහිතපු විදිහට කතාව ගලාගෙන ගිහින්. පුදුමයක් නෑ. මේ කතාව ලියන්නේ දිනේශ් මල්ලි නේ. ඒ නිසා අපි හිතනව වගේ කතාව ගලා උඅන්නේ නෑ. :)

    ReplyDelete
  3. අවේටින් ෆෝ ලාස්ට් ඇපිසෝඩ් :)))

    ReplyDelete
  4. අඩේ මට මැද හරියේ එකක් මිස් වෙලා කියමුකෝ... :(
    ඒක කියවලාම එන්නම්

    ReplyDelete
  5. @ ප්‍රාර්ථනා : ප්‍රාර්ථනා නංගීගේ තියෙන චණ්ඩි කම්.. මට දැන් අනිත් ටික ලියන්නත් බයයි වගේ.. බැරි වෙලාවත් ඉන්නවා කියලා ලිය උනොත් මටත් ගුටිනේ...

    ReplyDelete
  6. @ මධුරංග : මම මගේ සිහින සිතුවිළිත් එක්ක සෙල්ලම් කරන කෙනෙක්නේ අයියේ.. ඉතින් සමහර වෙලාවට ඔයාල නොහිතන දේවල් වෙන්න ඉඩ තියෙනවා..

    ReplyDelete
  7. @ චාටර් කොල්ලා : ජස්ට් හොල්ඩ් ඉට් උන්ටිල් ටුමරෝ...

    ReplyDelete
  8. @ ChammA : කොතනද මග ඇරුනේ.. මගේ අර පබ්ලිශ් වෙන්නේ නැති අවුලක් තිබුන දවස් වල කොටසක් වෙන්න ඇති එහෙනම්...

    ReplyDelete
  9. අප්පා හැපි එන්ඩින් වගේ. මරු මරු.

    ReplyDelete
  10. ඔව් . මටත් කොටසක් මිස් වෙලා වගේ.
    අයියෝ ඇයි..ඉක්මනටම ඉවර කරන්න හදන්නේ.

    ඔයා ලස්සනට ලියා ගෙන ආවනේ.

    ReplyDelete
  11. අයිය කතාව අමුතුම පැත්තකට හැරෙව්ව නෙ. හිතුවෙවත් නැති දෙයක්. ඒ වගෙ වුනාම වැඩිය හොඳයි අයියෙ. දැන් නම් අන්තිම කොටස දාන්නෙ කවදද කියල බලාගෙන ඉන්නෙ.

    ReplyDelete
  12. @ පිණිබිදු : ඔව් මේකනම් හැපී එන්ඩින් එකක් වේවි...

    ReplyDelete
  13. @ නිල් අහස : ඉක්මනක් නෙමෙයි අයියේ.. දැනටමත් කොටස් 9ක් ලිවුවනේ.. මම කොහොමත් කොටස් 10කට වඩා කතාවක් දික් කරන්නේ නෑ...

    ReplyDelete
  14. @ Kasun : ගොඩක් ස්තුතියි කසුන් මල්ලී.. මම ටිකක් බයෙන් හිටියේ.. කතාව හැර උනාම කට්ටිය අකමැති වෙයිද කියලා.. අන්තිම කොටස ඉක්මනින් දාන්නම්...

    ReplyDelete
  15. ලස්සනට තාත්විකව ගලාගෙන ආවා මේ වෙනකං, කෙල්ලෙක් ඇත්තටම මේචචර කල් බලා ඉඳියිද?

    අවංක ආදරයකට නම් ජීවිත කාලයක් උනත් පුලුවන් වෙයි මම හිතන්නෙ .......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්