Saturday, 18 June 2011

සිහිනය හා යතාර්ථය

" ජීවිතේ දවසක් "  මම ලියපු කතා අතරින් මගේ හිතටත් ගොඩාක් සමීප උන වගේම වැඩි දෙනෙක් කියවපු කතාවක්.. ඒ නිසා මුලින්ම " ජීවිතේ දවසක් " එක්ක මුල ඉදන්ම එකතු උන හැමෝටම ස්තුතියි කියන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා..

මම මේ ලියන්න යන සිදුවීම මගේ " ජීවිතේ දවසක් " කතාවත් එක්ක කෙලින්ම සම්බන්ද වෙනවා.. පහුගිය බදාදා කතාවේ අවසානය ලියලා පොස්ට් කලාට පස්සේ සුපුරුදු විදිහටම මම ඒකේ ලින්ක් එක මුහුණු පොතේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එකටත් දැම්මා.. වෙනදා වගෙම කතාව අගයමින් කමෙන්ට් ලැබෙන අතරේ මට මීට කලින් මුහුණු පොතේවත් බ්ලොග් එකේවත් හමු නොවුන සොයුරියකගෙන් මුහුණු පොතට මැසේජ් එකක් ඇවිත් තිබුනා..

එයා මට වඩා වැඩිමල්.. මම ඇගේ නම් ගම් හෙලි නොකරම ඒ සිදු උන සංවාදය මම කෙටියෙන් විස්තර කරන්නම්.. මම එ අක්කාගෙන් මේ ගැන බ්ලොග් එකේ ලියන්න අවසර අරගත්ත නිසා ඒකෙන් ඇයට හානියක් නොවෙන්න මම උපරිමයෙන් සහතික වෙනවා.. ඒ අක්කා මට මුලින්ම එවලා තිබුන මැසේජ් එකේ තිබුනේ මෙහෙමයි..

“ දිනේශ් මල්ලී.. මම ඔයාගේ ජීවිතේ දවසක් කතාව හැමදාකම වගේ කියෙව්වා.. ඔයා හරිම අපූරුවට ඒ අහිංසක හිත් වල බලාපොරොත්තු, ආශාවන්, දුක, අවේගය කතාවට එක් කරගෙන තිබුනා.. ඔයා අවසානයට සතුටක් දීලා තිබුනා.. හැම දෙයක්ම සතුටකින් අවසන් වෙන එක අපි කාගෙත් බලාපොරොත්තුවක්.. ඒත් මගේ ජීවිතෙත් එක්ක අරන් බැළුවම ඔයා ලියපු සතුටු හිතෙන අවසානය මගෙන් ගොඩක් දුරයි කියලා හිතෙනවා මල්ලී.. මම ඔයාට සුභ පතනවා.. දිගටම ලස්සනට ලියන්න..”

ඒ අක්කා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේවත් හිටපු නැති නිසා  මම රික්වෙස්ට් එකක් යවලා කතාවට මුල පිරුවා.. පෞද්ගලික දේවල් ගැන එකපාරම අහන එක සුදුසු නැති උනත් මම ඒ අක්කාගෙන් ඇහුවා අක්කේ ඇයි ඔයාගේ ජිවිතේ එක්ක බලද්දි අක්කා මගේ කතාවේ අවසානයත් එක්ක සතුටු නොවන්නේ කියලා..

පැයක් දෙකක් විතර යනක්ම ඒ අක්කාගේන් මැසේජ් එකක් තිබුනේ නෑ.. මම හිතුවා මම ඇහුවේ වැරදි දෙයක්දෝ කියලා.. ටික වෙලාවක් යද්දී අක්කාගෙන් මැසේජ් එකක් ආවා.. අපි අතර උන කතාබහේ අක්කා කියපු කතාව විතරක් මම පහලින් දාන්නම්.. අක්කා දෙමව්පියන් ගැන කියපු විස්තර මම මෙතන ලියන්නේ නෑ..

“ මල්ලී මමත් නදුන් වගේම මීට කාලෙකට ඉස්සර හැදුනේ පාරේ.. මටත් හිටියා මල්ලි කෙනෙක්.. එතකොට මට වයස අවුරුදු 13 විතර.. මල්ලිට 6යි.. අපි ජීවත් වෙන්න හරි හැටි නිදාගන්නවත් තැනක් තිබුනේ නෑ.. දවසින් දවස හැම තැනම ඇවිදලා ගිහින් කීයක් හරි හොයාගෙන ජීවත් උනේ.. මල්ලිගේ කතාවේ නදුන් පිරිමි ළමයෙක් නිසා ඒයා මොනවම හරි වැඩක් හොයා ගත්තා.. ඒත් මට එහෙමවත් ලැබුනේ නෑ..

ඒත් මමත් මල්ලිත් කොහොම හරි ජීවත් උනා.. ඒ මේ ලොකේ මනුස්සකම් තියෙන මිනිස්සු කීපදෙනෙක් හරි තාමත් ඉතුරු වෙලා ඉන්න නිසා.. ඒත් අවාසනාව අපි අතර හැම වෙලේම තිබුනා.. දවසක් හදිසියේම මල්ලි අසනීප උනා.. වෙනදා වගේම කඩේකින් පැනඩෝල් දෙකක් අරන් දුන්නත් මල්ලිට දවස් දෙක තුනක් යනකම්ම සනීප උනේ නෑ.. මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිඋනා.. අන්තිමට මං මල්ලිව ඉස්පිරිතාලෙට අරන් ගියා.. අපේ වැරහැලියි අපිරිසිදු මුහුණුයි දැක්කම මල්ලිව ඉස්පිරිතාලෙට අරගන්න බැහැ කියලා එයාලා කිව්වා..

මම ඔවුන්ගෙන් වැදලා ඉල්ලුවා.. මල්ලිව මං එලියේ කොහෙන් හරි තියාගෙන්  ඉන්නම් මල්ලිට බෙහෙත් ටිකක් දෙන්න කියලා.. ඒත් ඒ හැමොම මං කියපු දේ නෑහුනා වගේ හිටියා.. ඉස්පිරිතාලෙන් බෙහෙත් ටිකක් නොලැබෙන කොට මම මල්ලිව අරන් කොහේ යන්නද කියලා මට හිතාගන්න බැරි උනා.. එන්න එන්නම මල්ලිගේ උණ වැඩි උනා.. අපිට උදව් කරන්න කවුරුවත් හිටියේ නෑ.. වැඩි දවසක් නොගිහින් මගේ මල්ලි මාව මේ ලොකේ තවත් තනි කරලා දාලා යන්න ගියා..

හිතේ තිබුන කේන්තියටයි දුකටයි මම එදා කැ ගහලා ඇඩුවා.. මල්ලිගේ අවසාන කටයුතුවත් කරග්න්න බැරුව හිටපු මට පිහිට උනේ ලග තිබුන පන්සලක ලොකු හාමුදුරුවො.. උන් වහන්සේගේ පිහිටෙන් ඒ වැඩ කර ගත්තත් මම යන එන මං නැතිව තවත් අසරණ උනා.. කොල්ලෙක් උනානම් මට පන්සලේම නවතින්න තිබුනා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා.. ඒත් අන්තිමට උන් වහන්සේගේ මැදිහත් වීමෙන් මාව අනාත නිවාසෙකට ඇතුල් කලා..

එතන් ඉදන් මම මගේ ජීවිතේ අළුතින් පටන් ගත්තා.. මම ටිකක් දුරට ඉගෙන ගත්තා.. දැන් පොඩි රස්සාවක් කරනවා.. ඒත් මගේ මල්ලිව මට හැම වෙලේම මතක් වෙනවා..”

එතැනි එහාට සිදු උන කතාබහ ගොඩාක් පෞද්ගලික නිසා මම ඒ දේවල් ලියන්නේ නෑ.. ඊයේ දවසම මගේ හිත තිබුනේ කොහේද කියලා මට හිතාගන්නවත් බෑ.. ඒ අක්කගේ කතාව ඒ තරමටම මගේ හිතට ඇතුල් උනා.. මේ වගේ දේවල අපි අවට තව කොච්චරනම් ඇත්ද කියලා මට හිතුනා..

එදා ඉස්පිරිතාලෙන් ඒ අක්කට උදව් කරානම් තරාතිරම නොබලා අද මල්ලී ජිවතුන් අතර.. ඒත් දැන් කාටවත් ඇගිල්ල දික් කලා කියලා වැඩක් නෑ.. දැන් වෙන්න ඕන හැම දෙයක්ම වෙලා ඉවරයි.. අද උදේත් ඒ අක්කගෙන් මැසේජ් එකක් මට ඇවිත් තිබුනා.. මේ කතාව මම ලිව්වේ මගේ බ්ලොග් එක හිටි  කරගන්න කියලා කවුරුවත් හිතන්න එපා..  මට ඕන උනේ ඒ අක්කට උන අසාධාරණය ගැන කියන්න විතරයි.. අන්තිමට ඒ අක්කා කියපු දේකින්ම මම මේ පොස්ට් එක ඉවර කරන්නම්..

“ ඔයාගේ සිහිනය ලස්සනයි මල්ලී.. අපි කවුරුත් හීන දකිනවා.. ඒත් යතාර්ථය ඊට ගොඩාක් වෙනස්.. ඒත් යතාර්ථය දකින්නේ කීයෙන් කී දෙනාද ? ”



27 comments:

  1. අඩෝ මට ඇඩුනා බොල....

    ReplyDelete
  2. මේ කියන සොයුරියට වුණු දෙය ගැන හරිම කණගාටුයි. නමුත් අද ඇය හොඳ තැනක සිටීම ගැන සතුටු වෙනවා. මාවතේ ඉන්න හැම දරුවෙකුටම ඔය විදිහට ඉන්න තැනක්, ඉගෙන ගන්න ක්‍රමයක් සකසා දෙන්නට හැකිනම් කොපමණ හොඳද?
    ඇගේ සොහොයුරාව ඉස්පිරිතාලයකින් භාර ගන්නට බැරි බව කීම පුදුමයි. හුඟක් රෝහල්වල රාත්‍රිය ගත කිරීමට පමණක් ඇතුළු වෙන දුගියනුත් ඉන්නවා. දරුවෙකුව භාර ගැනීමට බැරි බව කීම ඇත්තටම මට විශ්වාස කරන්නත් අමාරුයි. පෞද්ගලික රෝහලකින්නම් මිස. නමුත් මේ කියන හැටියට එහෙම වෙලා තියෙනවා. මම හිතන්නෙ මේ රටේ වැඩිහිටියන්, ළමයින් සම්බන්ධව කටයුතු කරන ආයතනවල මැදිහත් වීම තව වැඩි වෙනවනම් මෙහෙම සිද්ධි අහන්නට ලැබෙන එකක් නෑ.

    ReplyDelete
  3. @ කිඩෝ : ඔව් මල්ලි.. මටත් කතාව අහපු වෙලේ ඉදන් කරකවලා අතඇටියා වගේ..

    ReplyDelete
  4. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ.. ඒ අක්කා අද එයාගේ ජීවිතේ ගොඩ නගා ගෙන තියෙනවා.. ඒ ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන..

    ඔව් අක්කේ මමත් හිතුවා ඇයි ඉස්පිරිතාලෙන් ගත්තේ නැත්තේ කියලා.. ඒත් අවාසනාවට එහෙම දෙයක් වෙලා තියෙනවා.. නිවැරදි කරන්න බැරි වැරැද්දක්.. කවුරු කොහොම ප්‍රතිපත්ති ගෙනාවත් ඒ දේවල් හරියට ක්‍රියාත්මක වෙනවනම් මේවගේ දුක්බර කතා අහන්න වෙන්නේ නෑ අක්කේ...

    ReplyDelete
  5. ජීවිතේ යතාර්ථය දැනෙනකොට අපේ ලස්සන හීන අපිටත් හොරෙන්ම මැකිලා යනවා කියලයි මට හිතෙන්නේ... එත් අපිට හැමදාම හීනෙක ජීවත් වෙන්න බෑ. යථාර්තයට මුණ දෙන්නම වෙනවා.

    ReplyDelete
  6. ජීවිතයේ යථාර්තය අකුරු කලාම ඒ තුල ජීවත් වෙන මෙන්න මේ වගේ අය නිතැතින්ම හමුවෙනවා කියලා කතාවක් තියෙනවා.ඒ අතින් මල්ලි ගොඩක්ම සර්ථකයි. ඒ නංගිගේ අනාගතයටත් නදුන්ගේ අනාගතය වගේම සාර්ථක වෙන්න කියලා පතනවා.

    ReplyDelete
  7. අපි පොලවේ පයගසා බලද්දි ඇත්තටම ලෝකෙ මෙහෙමයි..ඇත්තටම ගොඩක් හොඳ නිර්මාණයක් වේවි

    ReplyDelete
  8. පිස්සු හැදෙයි... කතාවක් වගේද ඇත්ත ජීවිතේ... මේ කින සොහොයුරියට හොඳටම දැිලා ඔයාගෙ කතාව... තව කී දෙනෙක්ගෙ කතාව මේ වගේම වෙන්න ඇද්ද?

    ReplyDelete
  9. @ StArry ANgeL : ඔයා හරි නංගී.. හීනයත් යතාර්ථයත් කියන්නේ අහසට පොළව වගේ.. ඒ තරමටම දුරයි...

    ReplyDelete
  10. @ මධුරංග : ඔව් අයියේ.. ඔයා හරි.. ඒත් මගේ කතාවේ අවසානය යතාර්ථයම නෙමෙයි කියලා ඒ අක්කාගේ කතාවෙන් හොදටම තේරුම් ගන්න පුළුවන්..

    ReplyDelete
  11. @ ජනරග : ඔව් යාළුවා.. සමාජය දිහා අපි උවමනාවෙන් බැලුවොත් මිට වඩා දේවල් දකින්න පුළුවන්..

    ReplyDelete
  12. @ Hare : ඔව් අයියේ.. ආදර කතාවක් උනත්, සමාජය ගැන ලියනලියන කතාවක් උනත් අපි ලියන විදිහට වඩා ඇත්ත ගොඩාක් දුරට වෙනස් නේද කියලා මට මේ සිද්දියත් එක්ක හිතුනා..

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්.... :(

    ReplyDelete
  14. "ඒත් යතාර්ථය ඊට ගොඩාක් වෙනස්.. ඒත් යතාර්ථය දකින්නේ කීයෙන් කී දෙනාද ?"

    ඔව් බං... සහතික ඇත්ත.. ඇයි බං අපි හිතන විදිහට හැම දේම සිද්ද නොවෙන්නේ..

    ReplyDelete
  15. කොතැන ගියත් ඔය තත්වෙ තියෙනව. මේ රටේනම් කවදාවත් ඒ තත්වය නිවැරැදි වෙයි කියල හිතන්න අමාරුයි. දවසින් දවස අසරණය තව තවත් අසරණ ක්‍රමයක් නඩත්තු වෙන තැනක මේ වගේ සිදුවීම් දවසකට අනන්තවත් සිදුවෙනව.
    ඒත් ඒ සොයුරිය අද එයින් එළියට පැමිණ ලෝකය දැකීම පිළිබඳව සතුටු වෙන්න පුඵවන්.

    ReplyDelete
  16. @ හසී : මේ වගේ දේවලුත් අපි අවට වෙනවද කියලා හිතෙනකොටත් පුදුමයි නංගී...

    ReplyDelete
  17. @ අපරාජිතයා : සිහින කියන්නේ හරි අපූරු දෙයක් මිත්‍රයා.. ඒවා බොහෝ දුරට ඇත්ත වෙන්නේ නෑ.. ජීවිතය කියන්නේ සිහිනයට බොහෝ දුර ගිය දෙයක්..

    ReplyDelete
  18. @ "Outsider" : ඇත්ත කවුරු නමුත් තමන් ගැන පමනක් හිතලා වැඩ කරන, තමන්ගේ වාසියට හදාගත්ත ක්‍රමවේද තියෙනකම් අසරණයා තව දුරටත් අසරණ වෙනවා.. ඒකයි මේ රටේ හැටි..
    ඔව් ඇත්තටම අපිට ඒ අක්කා ගැන සතුටු වෙන්න පුළුවන්.. මොකද ජීවිතේ විදපු අමිහිරිම මතක අතරින් අද නැගිටලා හොද ගමනක් යන්න හදන නිසා..

    ReplyDelete
  19. එයාගෙ කතාව ඇහුවහම ඇස්දෙකේ කදුළු පිරැනා
    ඒත් ජීවිතය කියන්නේ අපි හිතනවට වඩා ගොඩක් වෙනස් දෙයක් හැබැයි සිහින දකින මිනිස්සු තමයි කවද හරි ඒ සිහින හැබෑ කර ගන්නේ

    ReplyDelete
  20. අපි කවුරුත් හීන දකිනවා.. ඒත් යතාර්ථය ඊට ගොඩාක් වෙනස්.. ඒත් යතාර්ථය දකින්නේ කීයෙන් කී දෙනාද ?


    එක නම් ඇත්තම ඇත්ත

    ReplyDelete
  21. ඔව් සිහින හා යථාර්තය අතර පරතරය විශාලයි. රෝහලකට අසනීප දරුවෙක් බාරගන්න බැහැ කිව් එක නම් අදහන්න අමාරුයි. ඒත් ඒදේ සිදුවී අවසන්.
    මැණික්

    ReplyDelete
  22. හ්ම්.....ඒ අක්කා කොහොම හරි ජිවිතේ හදාගෙනනේ....අපි දකින හිනා සේරම හැබෑ වෙනවනම්......!.......අක්කේ ඔයාට ජය....

    ReplyDelete
  23. @ Batti : ඔයා හරි සොයුරිය.. මිනිස්සුන්ට හීන තියෙන්න ඕන ජීවතේ සාර්ථක වෙන්න..

    ReplyDelete
  24. @ Ayesha : ඔව් අක්කේ යතාර්ථය මේ තර්ම්ම කටුකයි කියලා මම ඒ අක්කගේ කතාවෙන් තේරුම් ගත්තා..

    ReplyDelete
  25. @ මැණික් : ඔව් අක්කේ.. අපි කොහොම මොනවා කිව්වත් දැන් ඒ දේ සිද්ද වෙලා ඉවරයි.. අයෙත් කවුරු අතින් හරි එහෙම දෙයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  26. @ සිතුවිලි නිහඬයි: අපේ සමහර හීන හීනයක් විදිහටම බොද වෙලා යනවා.. ඔව් ඒ අක්කා දැන් ජීවිතේ අළුත් ගමනක් පටන අරගෙන.. අපි එයාට සුභ පතනවා..

    ReplyDelete
  27. ඇත්තටම දැන් හොස්පිටල්වල මනුස්සකම තියන එවුන් සීයට දශම ගානකුත් නැති තරම් ........

    කියන්න වදන් නැහැ ......

    ලංකාවට ගිය කල ......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්