Thursday, 30 June 2011

තරු ඇස් දහසක් 6

මම කවදත් උඹට උදව් කරානේ සුපුන්.. කියපන් මොකද්ද මං කරන්න ඕන..”

මෙහෙමයි මචං.. උඹ හෙමීට සෝමවීර අංකල්ගෙන් දුව ගැන විස්තර ටිකක් අහ ගනින්.. මට එක පාරම මුකුත් අහන බෑ මචං..”

ඔව් ඔව්.. උඹ විස්තර ඇහුවොත් මනුස්සයා බය වෙනවා..”

එහෙනම් උඹ මට මේ උදව්ව කරනවනේ ?”

හා.. මම හෙමීට අහලා බලන්නම්..”

           සුපුන්ගේ මුවගේ මැවුන සිනාව දෙස දමිත් මොහොතක් බලා සිටියේය.. වෙනදාට වඩා සුපුන්ගේ හිතේ අහම්බෙන් හමු උන ඇය ගැන කුමක් හෝ ලොකු බලාපොරොත්තුවක් ඇති බව දමිත්ට වැටහුනේය..

      සවස එළිමහනේ වාහනය හොදමින් සිටි සෝමවීටරව දුටු දමිත් හෙමින් ඔහු වෙතට ලං උනේ සුපුන්ගේ උවමනාව හිතේ රදවාගෙනය.. සෝමවීර හා වෙනදා මෙන් සුහදව කතා කල දමිත් කතාව ඔහුට ඕනෑ තැනට අරගෙන ගියේය..

හවස දුව ආවා නේද මාමා හම්බවෙන්න ?”

ඔව් පුතා..   මගේ ලොකු දුව තාරකා.. මේ පාර කැම්පස් තේරුනා.. ඉතින් නවතින්න තැනක් හොයාගන්නත් එක්ක මෙහේ ආවා..”

ඉතින් නවතින්න තැනක් හම්බුනාද ?”

ඔව් මම ලොකු මහත්තයා එක්ක කතාකරලා තරුශි බේබිලගේ ගෙදර ටික දවසකට නවත්තනවා..”

තරුශිලගේ ගෙදර ?”

ඔව් පුතේ.. එහේ ඉදන් අපේ කෙල්ලට යන්නත් ලේසියිනේ..”

ඔව්.. ඒක ඇත්ත..”

        දමිත් හෙමීහිට කතාව වෙනතකට යොමු කරවුයේ සෝමවීරගෙන් ඇගේ දියණිය ගැන ඕනෑවට වඩා අසන්නට යාමෙන් ඔහු ගැන සැක හිතන නිසාය.. ඉවසිල්ලක් නැතිව සුපුන් ජනේලයෙන් ඔවුන් දෙස බලා සිටියද කලබලයක් නොපෙන්නූ දමිත් වෙනදා මෙන්ම සෝමවීර හා සුහදව කතා කලේය..

      දමිත් එනතුරා නොඉවසිලිවන්තව බලා සිටි සුපුන් දමිත් විගසම ඔහුගෙන් ඔවුන් කතා කල සියල්ලක්ම විමසා සිටියේය.. දමිත් සෝමවීරගෙන් දැනගත් හැමදෙයක්ම සුපුන්ට පැවසුවේය..

තාරකා.. ලස්සන පෙනුමට අහින්සක කමටම ගැලපෙන නමක්..”

දැන් උඹ මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ සුපුන් ?”

දන්නේ නෑ මච.. අපි ඉතින් එයා ඉන්න තැන දන්නවනේ..”

එයා ඉන්නේ තරුශිලගේ ගෙදර.. උඹට මතකද උඹ අන්තිමට එහේ ගියේ කවද්ද කියලා..”

හරි මචං.. ඉතින් අපි යමු..”

තරුශි සැක නොහිතුවොත් තමයි හොද..”

       සුපුන්ගේ කතාව මොහොතකට නතර වී ඔහු ජනේලයෙන් පිටත බලාගෙන සිටියේය.. අහම්බන් හමු උන අහිංසකාවියක් තමන්ගේ හදවතට හෙමින් කතා කරන බැව් සුපුන්ට දැනුනේය.. ඒත් මේ ආදරය තමන්ගේ කර ගන්නේ කෙසේදැයි සුපුන් තනිවම කල්පනා කලේය..

.....................

            නින්ද මොහොතකටවත් ලගා නොවුන රැය කොතරම් දිගු උනාදැයි සුපුන්ට නොදැනුනේ ගෙවුන හැම තප්පරයකම සුපුන් ඇය  හා කතා කල මොහොතේ මතක අතර සිහින දුටු නිසාය.. ඒ කටහඩ ඒ හිනාව සුපුන්ගේ නිදි වරිත දැස් අද්දර මැවුනේ සිහිනයකටත් වඩා සුන්දර ලෙසය..

      දිගු රැයට සමුදුන් සුපුන් පසුදින දමිත් එනතුරු නොයිවසිල්ලෙන් බලාගෙන සිටියේය.. දමිත්ගේ දුරකථනයට උදේ පාන්දරින්ම ඇමතු සුපුන් දමිත්ව වෙනදාටත් වඩා වේලස්සනින්ම ඔහුගේ නිවසට ගෙන්වා ගත්තේය..


“ උඹට මොකද වෙලා තියෙන්නේ.. මොකද මට මේ උදේ පාන්දරම එන්න කිව්වේ ?”

“ උඹ වාහනේට නැගපන්කෝ.. අපි යනගමන් කතා කරමු..”

         ගෙදරින් කවුරුවත් යන්නේ කොහේදැයි අසන්නට මත්තෙන්ම සුපුන් තමන් සමග පිටත් උනේ කොහේ යන්නදැයි දමිත් තනිවම කල්පනා කලේය..

“ දැන්වත් කියපන්න්කෝ බං කෝහේද යන්නේ කියලා..”

“ තරුශිලගේ ගෙදර..”

“ තරුශිලගේ ගෙදර ? තාම තරුශි නැගිටලාවත් නැතුව ඇති..”

“ කවුද බං තරුශිව බලන්න යනවා කිවුවේ ?”

“ ආ ඒකයි මේ.. දැන් උඹ කියන්න බොරු දාහක් විතර හොයා ගත්තද?”

“ ගෙදර කිවුවට අපි යන්නේ ගේ ලගට.. එයා කැම්පස් යන්න කොයිවෙලේහරි එලියට ඒවිනේ මචං..”

      සුපුන්ගේ මුහුනේ රැදුනේ සිනාවකි.. දමිත් එය හොදින් තේරුම් ගත්තේය.. ඒත් දමිත්ගේ හිතට පුන්ච් බයක් දැනෙන්නට විය.. ඒ සුපුන් වෙනුවෙන් උවත් ඊටත් වඩා ඔහු තාරකා ගැන කල්පනා කලේය.. ආදරය නිසා ඒ අහිංසක කෙල්ලට කරදරයක් වේවියි දමිත් කල්පනා කලේය..

        තරුශිගේ නිවස පෙනන මානයට ආ සුපුන් වාහනය නතර කර පාර දෙසට දෑස් යොමාගෙන සිටියේය..

“ උඹට ෂුවර්ද අදම එයා කැම්පස් යන්න ඒවි කියලා.. සමහර විට තාම පටන් අරගෙනත් නැතුව ඇති..”

“ නැ මචං මම හොයලා බැලුවා.. අද කැම්පස් පටන් ගන්නවා..”

“ ආ උඹ එහෙනම් හැමදෙයක්ම හොයාගෙන ඇවිත් තියෙන්නේ..”

“ මචං එයා එනවා.. උඹ ඔහොම හිටපන් මම ටිකක් කතා කරලා එනකම්..”

“ කල්පනාවෙන්  උඹලගේ මාම හරි තරුශි හරි දැක්කොත් ඔක්කොම ඉවරයි..”

      වෙනත් කිසිවක් ගැන නොසිතු සුපුන් ඈ ලං වත්ම වාහනයෙන් බැස ඇය හා මොහොතක් කතා කලේය..

“ කොහොමද තාරකා ? කැම්පස් යන ගමන්ද ?”

“ ඔව් මහත්තයා.. ඒත් මහත්තයා කොහොමද ඒ බව දන්නේ ?”

“ ඔයාලගේ තාත්තා ඊයේ දමිත් එක්ක කියලා තිබුනා.. මම සුපුන්.. මට මහත්තයා කියන්න එපා..”

     ඇය සුපුන් දෙස පළමු වතාවට නෙත් යොමා බැළුවේය.. ඒ බැල්ම සුපුන්ගේ හිතට තදින්ම කාවැදුනේය..

“ මම යන්නම්..”

         සුපුන්ට ඊට වඩා යමක් ඈය හා කතා කරන්නට ඕනෑ උනත්  අකීකරු හිත ඊට හරස් වූ නිසම සුපුන්  ඇය යන මග දෙස බලාගෙන සිටියේ මුළු ලොවම අමතක කරය..

“ උඹ ඔය වචන දෙකක් කතා කරන්නද මාවත් උදේම ඇහරවගෙන ආවේ ?”

“ දන්නෑ දමිත්.. මට එයා යන්නම් කියද්දී තව ටිකක් වෙලා ඉන්න කියන්න ඕන උනත් මම ඒ වෙලේ ගොළු උනා මචං..”

“ හ්ම්ම්...හරි අපි දැන් යමු.. තරුශිලා කවුරුවත් අපිව දකින්න කලින්..”


14 comments:

  1. තරුෂි නේද සුපුන්ට යෝජනා කරලා තියෙන කෙල්ල ? දැන් තවත් අවුලක් වෙනවා. තාරකාව බලන්න තරුෂිලාගේ ගෙදර යන්න ගියාම තරුෂිට සැක හිතෙනවා.

    තරුෂිගේ හිතෙත් සුපුන්ට තියෙන ආදරේ වැඩි වෙයි. මාරම සීන් එක තමා.

    ReplyDelete
  2. හ්ම්ම්....බලමුකෝ...

    ReplyDelete
  3. ෂා නියමයි.......... ඊලඟ කොටස දානකම් ඉවසිල්ලක් නෑ. කලින් කතා වගේම මේකත් ඉක්මනටම ඉවර කරන්නෙ නෑනේ?? මට නම් හිතෙන්නෙ දැන් තමයි කතාව පටන් ගන්නෙ කියලා.

    ReplyDelete
  4. @ මධුරංග : මේ යන්නේ සුපුන්ට එයාගේ කතාව මතක් වෙන හරිය අයියේ.. අනතුරෙන් පස්සේ.. තාම තරුශිව සුපුන්ට යෝජනා කරලා නෑ.. ඒත් තරුශි හිතින් ආදරෙයි සුපුන්ට..

    ReplyDelete
  5. @ හිරණ්‍ය : සුපුන් තාරකා ආදර කතාව කොයි වගේ වේවිද කියලා අපි බලාගෙන ඉමු...

    ReplyDelete
  6. @ හංසී : මම කතාවක් කොටස් 10කට වඩ දික් කරන්න අකමැතියි නංගී.. එතකොට කියවන අයට ටිකක් එපාවෙනවා.. ඊළග කොටස ඉක්මනින් දාන්නම්...

    ReplyDelete
  7. හ්ම්ම් දැන් නම් කොල්ල සිරාවටම වැඩේට බැහැල වගේ. ලස්සන ආදර කතාවක් බලන්න පුලුවන් වේවි.

    ReplyDelete
  8. කෙල්ලො කොච්චර ආශ්‍රය කෙරුවත් සුපුන් එතනදි ඇඹරුනා ......

    ReplyDelete
  9. @ Kasun : ඔව් මල්ලී.. සුපුන් ඒ ආදරය හොයාගෙන යන්න පටන් ගත්තා විතරයි තවම..

    ReplyDelete
  10. @ පන්සල් හංදිය : ඔව් අයියේ ඇත්තෙන්ම.. කෙල්ලො එක්ක කොච්චර කතා කලත් අවංක ආදරයක් ලගදි අපි උනත් ගොඩක් වෙලාවට ගොළු වෙනවා...

    ReplyDelete
  11. සුපුන් පව්..එහෙම හිතෙන්නේ ඇයිද මන්දා...මොනා උනත් පව්..

    ReplyDelete
  12. අනේ මන්දා...ආදරේ හැටි ඔහොම තමයි.
    ලැබුනොත් හොදයි..නැත්නම්...

    ආසාවෙන් කියවන්න.හැමදාම එනවා...

    ReplyDelete
  13. @ නිම්ශා : ඒ මොකද නිම්ශා නංගිට සුපුන් ගැන එහෙම හිතුනේ??

    ReplyDelete
  14. @ නිල් අහස : ඔව් එකනම් ඇත්ත අයියේ.. ආදරේ ලැබෙනකම් හැමදාම හිත දුකෙන් තමයි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්