Thursday, 9 June 2011

ජීවිතේ දවසක් 6

         නදුන් ආච්ච් අම්මා වෙනුවෙන් උදව් ඉල්ලා කෑ ගැසුවේය.. ඒත් නදුන්ගේ හඩ ඇසෙන මායිමේ ඒ මොහොතේ කිසිවෙක් නොසිටියේය.. නදුන් කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව ආච්ච් ලගට වී සිටියේය..

“ මං ගැන බල බල ඉන්න එපා පුතේ.. ඉක්මන් කරලා ගිහින් මල්ලිව හොයාගන්න බලපං..”  ආච්චි අම්මා ඇගේ වේදනාව සගවා ගනිමින් පැවසුවාය..

“ එතකොට ආච්ච් අම්මා ?”  නදුන් විමසුවේය..

“ මං මේ වේදනාව ටිකක් අඩු උනාම  එන්නම්.. මං ගැන හිතන්නැතුව පුතා ඉක්මන් කරලා මල්ලිව ඒ නරුමයන්ගෙන් බේරගන්න..”

          අච්ච් අම්මා අමාරුවෙන් එතැන සිටියදි ඇයව තනිකර යා නොහැකි උවද තම එකම සොහොයුරාව සොයා ගැනීමට තමන් ඉක්මන් විය යුතුබව නදුන්ගේ පුන්ච් හිතට තේරුම් ගියේය.. කිසිවෙකුගෙන්වත් උදව්වක් නොලැබුන තැන ආච්ච් අම්මාව එතැන තනිකර යාමට නදුන් තීරණය කලේය..

“ ආච්ච් අම්මට කරදරයක් වෙන්නේ නෑ.. මම මල්ලිවත් හොයාගෙන ඉක්මනට එන්නම්..”

           අසරණව බලා හොදින ආච්ච් අම්මා තනි කර යාමට නදුන්ගේ හිත ඉඩ නොදුනද ඔහුට ඒ හැර වෙන කරන්නට දෙයක් නොතිබුනේය.. අකමැත්තෙන් උවද ටිකින් ටික ආච්ච් අම්මා උන් තැනින් ඈතට ගිය නදුන් ගාමිණි සොයා දිව යන්නට විය..

           උදේ ඉදන්ම ඇද හැලුන වැස්ස පහව ගියද අදුර තවමත් ඉතිරිව තිබුනේය.. ඊටත් වඩා අදුරු වළාවක් තමන්ගේ ජීවිතයට එබෙමින් තියෙන බැව් නදුන් මේ වෙනකොටත් තේරුම් ගෙන තිබුනේය.. හිතේ ශක්තියයෙන් වේගයෙන් දිව ගිය නදුන් නතර වූයේ ගාමිණි හැමදාමත් රැදෙන බෝගහ ලගය..

        ඒත් අද එතන වෙනදාටත් වඩා පාළුවී ගිහින්ය.. වෙනදාට මිතුරු කැල පිරිවරාගෙන සිට්න ගාමිණිවත් ඔහුගේ මිතුරන්වත් අද එතැන දැක ගන්නටවත් නැත.. අසළ තිබු තේ කඩයට ගොඩ උන නදුන් ගාමිණි ගැන තොරතුරු විමසුවේය..

“ අද දවසටම එක්කෙනෙක්වත් මම දැක්කේ නෑ දරුවෝ.. උඹ මොකටද උන්ව හොයන්නේ ?”  කඩේ මුදලාලි නදුන්ගේන් ඇසුවේය..

            කිසිවක් නොපවසාම කඩයෙන් නික්මුන නදුන්ගේ දැසට මෙතෙක් වේලා සගවාගෙන උන් කදුළු බිදු එකින් එක ගලා එන්නට විය.. ඒ මල්ලිව හොයාගන්නට බැරිවේවියි නදුන්ගේ හිතට දැනුන නිසාමය.. කාගෙන් කොහොම උදව්වක් ඉල්ලන්නදැයි නදුන් අසරණව කල්පනා කලේය..

        පාර දෙසට නෙත් යොමාගෙන කල්පනා කරමින් උන් නදුන්ට ඈතින් ගාමිණිගේ යාළුවෙක් දැකගන්නට හැකිවිය.. තෙනෙතින් වැටුන කදුළු පිසදාගත් නදුන් ඔහු වෙත දිව ගියේය..

        ඇත සිටම නදුන්ව දුටු ඔහු නදුන්ව මග හැර යන්නට සැරසුනේය.. සෙනග අතරේ ඒ මේ අත යමින් ඔහු නදුන්ට නොපෙනී ඉන්නට සැරසුනේය..

        මොහොතකට ඔහුව දෙනෙත් මානයෙන් මග ඇරුන නදුන් සෙනග අතරේ ඔහුව සොයන්නට වුයේය.. ඒත් ඔහුට නදුන්ගෙන් සැගවී සිටිය හැකි වූයේ කෙටි කාලයකටය.. ඔහු වෙත කිට්ටු වූ නදුන් ඔහුගේ අතින් ඇද ඔහුව නතර කර ගත්තේය..

“ මගේ මල්ලි කොහේද කියපං..”  නදුන් කේන්තියෙන් විමසුවේය..

“ මං කොහොමද දන්නේ..”  ඔහු කිසිවක් නොදන්නාක් මෙන් පැවසීය..

“ මං දන්නවා උඹලා තමයි මගේ මල්ලිව අරන් ගියේ..”

      සෙනග අතරේ නදුන් ඔහුට කේන්තියේන් බැන වදින විට අසළ සිටි සැවොම ඔවුන් දෙස බලා උන්න්නේය..




28 comments:

  1. මම නම් දෙනවා ඕකට බිම දාගෙන....
    මරාගෙන මැරෙන්න තියෙන්නේ....

    ReplyDelete
  2. සෙවීම ඇරඹුණා. බලමු ඉදිරියට.

    ReplyDelete
  3. @ රත්ගමයා : හිතට එන්නේ නම ඒ වගේ කේන්තියක් තමා.. බලමු නදුන් ඊළගට මොනවා කරාවිද කියලා...

    ReplyDelete
  4. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ.. නදුන්ට මල්ලි මුන ගැහෙනකම් අපි බලාගෙන ඉමු...

    ReplyDelete
  5. ලස්සනයි යාළුවා..ඇත්තටම සංවේදී වගේම ආවේගශීලී සමාජ සංසිද්ධියක්

    ReplyDelete
  6. මෙහෙමයි මචං රත්ගමස් මරාගෙන මැරුනොත් මල්ලිටනෙ ඒකෙනුත් කෙලවෙන්නේ... මෙතනදි මොලේ ඇතුව වැඩ කලොත් හරි... මෑන්ස් වලිය පබ්ලික් එකේම ඇදලා ගත්ත එක හොදයි දැන් අරූට අනිවා උත්තරයක් දෙන්න වෙනවා... මොකද වටේ ඉන්න මිනිස්සුන්ගෙ සප් එක අනිවා ලැබෙන්නෙ සදුන්ට නිසා... ඒත් සදුන්ට තනියෙන් නං ගේම දෙන්න අමාරුයි මො‍කෝ මේක බොලිවුඩ් ෆිල්ම් කෑල්ලක් නෙවෙයිනෙ... කවුරු හරි වැඩිහිටියෙක්ගෙ හෙල්ප් එකක් නැතුවනං සදුන්ට ගොඩක් අමාරු වෙයි....

    ReplyDelete
  7. එක හුස්මට කියවලා ..අනික් කොටස එනකම් බලාන ඉන්නවා ඇරෙන්න මටත් වෙන කියන්න දෙයක් නෑ .. වලියක් නම් දැන් ඕනම කරන වෙලාව ..

    ReplyDelete
  8. @ තටු සිදුන සමනළියක් : අපිට මේ වගේ දෙයක් උනානම් අපි මොනවා කරයිද කියලා හිතාගන්නත් බෑ නේද??

    ReplyDelete
  9. @ ජනරග : ඔව් යාළුවා.. මටත් ඕන උනේ ස්භාවිකව කතාවට ගලා යන්න දෙන්න.. මම හිතනවා ඒ දේ මගේ අතින් උනා කියලා..

    ReplyDelete
  10. @ කිඩෝ : මම මල්ලිගේ අදහසත් එක්ක එකගයි.. ඇත්ත මේක බයිස්කෝප් එකක් උනානම් නදුන් තනියම හැමොටම ගහලා මල්ලි බේරගන්නවා ලියන්න තිබුනා.. ඒත් මේක අපි නොදකින ඒත් සමහර වෙලාවට අපි වටා සිද්ද වෙන සමාජ සිද්දියක්.. ඒත් මල්ලි හිතන විදිහට වටේ ඉන්න මිනිස්සු නදුන්ට උදව්වක් කරාවිද?

    ReplyDelete
  11. @ හිස අහස : සදරු මල්ලී වලියටමනේ බර.. මේ පොඩි කොල්ලා කොහේ ගහ ගන්නද.. ඒත් අපි බලමු මොනවා වෙයිද කියල..

    ReplyDelete
  12. මම සිටියා නම් මූණ සමතලා කරමි ..........
    නියමයි මලයා කියන්න වදන් නැහැ ........

    ReplyDelete
  13. මරාගෙන මැරෙන්න තරම් කේන්තියක් එන්නෙ. අනේ ඉක්මනට මල්ලිව හම්බෙන්න ඕනෙ.

    ReplyDelete
  14. අනේ ඉක්මනටට ලියන්නකෝ ඉතිරිය

    ReplyDelete
  15. ඔන්න මචං මං උඹ දාපු කොමෙන්ටුව දිගෙ ඇවිත් උඹෙ බ්ලොගිය පැත්තටත් ආවා...එල මචං...නියමෙටම ලියලා තියනවා...

    ReplyDelete
  16. @ කොට ජීවිතේ : ඉක්මනින් ලියන්නම් අක්කේ..

    ReplyDelete
  17. @ කල්හාර දිසානයක : ඔව් අයියේ හිතට එන්නෙනම් එතර්ම්ම කේන්තියක් තමයි..

    ReplyDelete
  18. @ පිණිබිදු : ඔව් අක්කේ අපි ප්‍රාඑථනා කරමු ඉක්මනින් මල්ලී හම්බෙන්න කියලා..

    ReplyDelete
  19. @ සිතුවිලි නිහඩයි : පුළුවන් තරම් ඉක්මනින් ලියන්නම්..

    ReplyDelete
  20. @ හිරණ්‍ය : ගොඩක් දවසකින් මේ පැත්තට ගොඩ වෙලා..

    ReplyDelete
  21. @ Sabith : ගොඩක් ස්තුතියි යාළුවා මේ පැත්තට ආවට..

    ReplyDelete
  22. නියමයි. නදුන් ගාමිණියාව හොයගෙන. නදුන් මල්ලි දීපන් ඕකට දිව එලියට පනින්නම !!!!

    මල්ලිව ඉක්මනට ලැබෙන්න කියලා පතනවා. ඊලග කතාවත් ඉක්මනටම ලියන්න !!!!!

    ReplyDelete
  23. හරිම ලස්සන කතාවක්. මුල ඉඳන්ම කියෙවුවා. ඊලඟට වෙන්නෙ මොකක්ද කියලා ඉක්මනටම ලියන්න.

    ReplyDelete
  24. @ මධුරංග : ඔව් යාළුවා මල්ලිව ඉක්මනින් ලැබෙන්න කියන එකයි අපි කාගෙත් බලාපොරොත්තුව..

    ReplyDelete
  25. @ හංසී : ගොඩක් ස්තුතියි හංසී මේ පැත්තේ ආවට..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්