Tuesday, 7 June 2011

ජීවිතේ දවසක් 5

         නදුන්ගේ හිත ගැහෙන හඩ අනෙකුත් දහසකුත් හඩ අතරේ නදුන්ට හොදින් ඇසුනේය.. පාර දෙස නොඉවසිලිවන්තව නදුන් බලා සිටියේය.. කඩ පිලෙන් ඉවතට විත් අඩි කීපයක් ඇවිද ආවද නදුන් ආපසු හැරී කඩ පිලටම ආවේය.. ඒ මුදලාලි කීවාක් මෙන් ලගකට ඔවුන් ගියානම් ඉක්මනටම ආපසු ඒවියි නදුන්ට සිතුන නිසාය..

          නදුන් කඩය ලග එතරම් වේලාවක් රැදී නොසිටියද නදුන්ට දැනුනේ මහා ලොකු කාලයක් ගෙවී ගියාක් මෙන්ය.. බලා ඉදීමෙන් තේරුමක්  නැතැයි සිතූ නදුන් කඩයෙන් ඉවතට ආවේය..  මොහොතකට ආපසු හැරුන නදුන් මුදලාලිව ඇමතුවේය..

“ මුදලාලි මහත්තයෝ.. අපේ මල්ලි ආච්ච්ත් එක්ක මෙතන්ට ආවොත් මම එනකම් යන්න එපා කියනවද..”

“ හ්ම්ම්...”  මුදලාලි කිසිවක් ගනන් නොගත්තාක් මෙන් පැවසීය..

           කඩයෙන් නික්මී පාරට ආ නදුන් දහසක් සෙනග අතරේ නිමාවක් නැති පාරවල් දිගේ කොහේ යන්නදැයි කල්පනා කලේය.. වෙනදා හැන්දෑවට නදුන් මල්ලිව එක්කන් යන ළමා උද්‍‍‍‍යානය වෙත නදුන් දිව ගියේය.. උද්‍යානය පුරාම මල්ලිව හොයා ඇවිද්ද නදුන් එහි මුරකරු සොයා ආවේය..

“ මාමේ අපේ මල්ලි මේ පැත්තේ ආවද ?”

“ මම නම් දැක්කේ නැහැ දරුවෝ..” මුරකරු පැවසීය..

            එතැනින් නික්මුන නදුන් මල්ලිව සොයා හැම වීදියකම ඇවිද ගියේය..  කොටුවේ වීදි අතර නොයෙකුත් මිනිසුන් මැද දන්නා හදුනන අයගෙන් මල්ලි ගැන අසමින් නදුන් බොහෝ දුර ඇවිද ගියේය.. වතුර පොදක්වත් තොල නොගෑවුන නදුන්ගේ ගතට ලොකු වෙහෙසක් දැනෙන්නට විය..

            මොහොතකට කඩ පිලක නතර උනද මල්ලිගේ මුහුණ දෙනෙත් අද්දර මැවෙත්ම විඩාව ගැන නොසිතු නදුන් ආයෙත් මල්ලිව සොයා යන්නට විය..

              ආච්චි අම්මත් මල්ලිත් ආපසු පැමින තමන් එනතුරු බලා ඉන්නවා ඇත්දැයි සිතු නදුන් කෙටි පාරකින් ආපසු එන්නට හැරුනේය..  ටිකෙන් ටික මිනිසුන් අඩුවන මාවත දිගේ මද දුරක් ඇවිද යන විට මාවතේ ඉතුරු උනේ නදුන් පමනක්ය.. පාළු මාවත දිගේ යද්දී හිතට දැනුන බය නිසාම ඉක්මනින් ඇවිද ගිය නදුන්ට අදුර වැටී තිබුන තැනකදී ඇසුන කෙදිරිළි හඩක් නිසා ගමන මදකට නතර විය..

             නදුන් ටිකකට ලංවී ඒ කවුරුන්දැයි බැලීය.. නදුන්ට ඔහුගේ දෙනෙත් අදහාගන්නට නොහැකි විය.. හිස දිගේ ගලා එන රුධිරයත් සමග ආච්චි අම්මා බිම වැතිර සිටියේය..

“  ආච්චි අම්මේ මොකද උනේ..”  ඇය වෙත ලංවූ නදුන් විමසුවේය..

    ඇය කිසිවක් සිතා ගත නොහැකි මෙන් කීප වරක්ම වට පිට බැළුවාය..

“ ආච්චි අම්මේ කතාකරන්නකෝ.. මල්ලි කෝ ?”

“ පුතේ..”   ඇගේ හඩ මළානිකය..

“ අපි කඩේ ලග ඉද්දි ගාමිණියා අවා උඹට කරදරයක් උනා කියාගෙන.. මම කලබල වෙලා මල්ලිත් අරන් උත් එක්ක ආවා.. මේ පාර දිගේ එද්දි කව්දෝ කට්ටියක් ඇවිත් මට ගහලා මල්ලිව අරන් ගියා පුතේ..”

    නදුන්ගේ හදවත නතර වෙනවාක් මෙන් ඔහුට දැනුනේය..

“ කොහේද ආච්චි උන් ගියේ ?”

“ දන්නෑ පුතේ.. මොනවා උනත් එක ගාමිණියගේ වැඩක්.. උඹ ඉක්මනට ගිහින් මල්ලිව බේර ගනින් පුතේ..”  ආච්චි අම්මා වේදනාවෙන් පැවසීය..


23 comments:

  1. අපොයි.....මැදෑ කොරා....ගාමිනියා ඉවරයක් කොරමු

    ReplyDelete
  2. ඒ පාරත් ප්‍රශ්නාර්ථයක්.....හම්...ආච්චිට මොනව වෙය්ද???මල්ලි දැන් කෙහෙ ඇත්ද...???ගාමිණී ගැන කියල වැඩක් නැහැ..ඔය වගේ මිනිස්සු අද සමාජයේ ඕන තරම් ඇති...අපි දන්නේ නැති වුණාට...:(

    ReplyDelete
  3. @ රත්ගමයා : මේ ලොකේ මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි මල්ලි..

    ReplyDelete
  4. අඩු ගානෙ ආච්චිවවත් නදුන්ට විශ්වාස කරන්න පුළුවන්නම්...

    ReplyDelete
  5. @ තටු සිදුන සමනළියක් : ඔව් සල්ලි වලට ඕනම දෙයක් කරන ගාමිණි වගේ මිනිස්සු අපි අතර ඉන්නවා..

    ReplyDelete
  6. @ නලිනි චන්දිමා : මේ වෙලාවේ නදුන්ට හැමොම අවිස්වාසයි.. හොද මුණු පෙන්න්නන් ඉන්න අය තමයි ගොඩක් වෙලාවට නරකට එන්නේ..

    ReplyDelete
  7. නදුන් කියලා තියෙනකොට බලන්න අවා මාත් නදුන් නිසා :D මාත් නිකන් කතාව කියුවා මම සමානයෙන් කතා කවි කියවනවා අඩුයි තාක්ෂනික ලිපි තමා. එත් මේක කියුව්වා එල.

    ReplyDelete
  8. මදැයි ගාමිනියා කරපු හදියක්. දැන් ඉතින් මල්ලිව හොයන එක තමා කරන්න තියෙන්නේ. පව් මල්ලි. ඉතුරු ටිකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා. මල්ලිව ඉක්මනින් ලබෙන්න කියලත් පතනවා.

    ReplyDelete
  9. පොලවේ පයගහලා හිතනවනම් මේවා අමුතු දේවල් නෙවෙයි..සංවේදී කතාවක් හොඳ ගලායාමක් තියනවා..ලස්සනයි

    ReplyDelete
  10. අරින්න එපා නඳුන් මලයා ........
    ගාමිණීව හම්බ වෙලා කතන්දරේ ඉවර කරපං ......

    ReplyDelete
  11. ඉකමනට අපිට මල්ලි හොයල දෙන්න...පවු පොඩි එකා අඩනවා ඇති අයියා නැතුව......ඔයා ලස්සනට කතාව ලියනවා දිනේෂ්.....

    ReplyDelete
  12. ගාමිණියාව ඉවරයක් කරපං අයියේ .. කතාවට හැපී එන්ඩිං එකක් දියයං අයියේ !! ..ඉලඟ කොටසත් එනකම් ...

    ReplyDelete
  13. @ Anusha Nadun : ගොඩාක් ස්තුතියි යාළුවා මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete
  14. @ මධුරංග : ඔව් නදුන් ගාමිණි විශ්වාස කරපු එක තමයි කරපු ලොකුම වැරැද්ද.. ඉතුරු ටික ඉක්මනට ලියන්නම්..

    ReplyDelete
  15. @ ජනරග : ඔව් යාළුවා ඔයා හරි.. අපි වටේ මේ වගේ දේවල් කොච්චරවත් වෙනවා ඇති.. ඒත් අපි ඒවා දකින්නේ නෑ.. අහන්නේ නෑ..

    ReplyDelete
  16. @ කල්හාර : ඔව් අයියේ අපි බලමු නදුන් ඊළගට මොනවා කරාවිද කියලා..

    ReplyDelete
  17. @ සිතුවිනි නිහඩයි : ඔව් ඒකනම් ඇත්ත.. ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට..

    ReplyDelete
  18. @ හිස් අහස : හොදයි සදරුවෝ..

    ReplyDelete
  19. ඉතුරු ටිකත් දාන්නෝ.... මොකක්ද ඊළඟට වෙන්නේ කියලා කියවනකම් ඉවසිල්ලක් නැහැ.

    ReplyDelete
  20. අයියෝ ක්ලයිමැක්ස් එකද මේ.

    ReplyDelete
  21. @ කොට ජීවිතේ : හරි අක්කේ ඉක්මනින් දාන්නම්..

    ReplyDelete
  22. @ පිණිබිදු : ඊලග කොටස් කීපයත් කියවලාම බලන්නකෝ..

    ReplyDelete
  23. ම්ම්... එහෙනම් ඒකයි ගාමිණියගේ plan එක.. නපුරු ගාමිණි..>:(

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්