Tuesday, 21 June 2011

පූජා ලියූ කවි 4






පන්සලක් වගේ නුඹෙ හිත
හිත නිවනවා මගෙ හැමවිට
මලක් වී පුද සුනක් මත
ඉන්න ඇත්නම් නුඹ ලගම මට..

සොයා ඇවිදින් නුඹම මගෙ හිත
ලැගුම් ගෙන හිත පතුලෙම
මටත් නොදැනිම කියාදි ආදරය
ජීවිතය මගේ වෙනස් කලේ නුඹමය..

කවියක් ගීතයක් වි සිත් ගැඹ
නුඹමයි ඉන්නේ හැම මොහොතකම
පිසදා දෙනෙත් අග තිබු කදුළු
හිනැහෙන්න ඉගැන්නුවෙත් නුඹමයි මට..

නිම්තෙරක් නොදකින අහසක් තරමටම
ආදරෙයි මං ජීවිතේ ඇති තුරාවට
මේ කුසුම පරවන්නට පෙරාතුව
වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත..

23 comments:

  1. හිතන්න එපා සහෝදරයා දැන් මේගැන..ඒ සිහිනය අතීතයක්.ඒ අතීතය සිහිනයක්

    ReplyDelete
  2. "පන්සලක් වගේ නුඹෙ හිත" පූජා එහෙම කිවුවේ දිනේශ් අයියටද ?

    ReplyDelete
  3. ආගමකි ජීවිතේ
    පංසලකි ජීවිතේ

    ReplyDelete
  4. මටත් හිතෙන්නේ මල්ලී ඔයා මේ ගැන වැඩිය හිතන එක එතරම් හොඳ නැහැ කියලයි. අතීතයේ නෙවෙයි වර්තමානයේ ජීවත් වෙන්න බලන්න. අමාරු වුනත් කළ යුත්තේ එයයි.
    මැණික්

    ReplyDelete
  5. ගොඩක් ලස්සනට කවියක ආදරය ඔබ්බවලා ලියලා තියෙනවා. සදරු මල්ලි කිව්වා වගේ මම ආසම කෑල්ලත් "වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත..

    " මේක තමයි.

    ඇත්තටම පන්සලක් වගේ පින්බර ආදරයක් කරන්න තියෙනවනම් ඒක කොච්චර හොදයි ද ?

    ReplyDelete
  6. අතීතය සුන්දරයි...ආදරෙත් එහෙමයි....අහිමි උනත් ඒ සෙනෙහස තාම හැඟුම්බරයි....

    ReplyDelete
  7. කොහොම උනත් ලස්ස පද වැල් ටිකක් .......
    අතීතය ලස්සනයි, ඒත් අපිට හැමදාම අතීතයේ ඉන්න බැහැ නේද මල්ලියා ....

    ReplyDelete
  8. ඇස් මායිමෙන්
    එහා ඉඳන්
    මේ හිතට තනි රකින
    ඔය මතකය
    පන්සලක් තරමටම
    මාව සනසන වග
    දන්නවද නුඹ

    ReplyDelete
  9. මලක් වූවත් පුදසුනක් මත
    පරව යනවා කල් ගෙවෙන විට,
    හදේ රැදෙනා නුඹේ මතකය
    එලෙස නොම වේ කිසි දිනෙක මට,.
    කඳුලු ගඟුලෙන් එතෙර වන්නට
    කාලයයි මගේ සුපෙම්වත් සඳ,
    මගේ මතකය හෙමින් සීරුවෙ
    හදේ කොනකින් තබා ගනු මැන

    ReplyDelete
  10. හිතෙන් හිත එක්වන කල
    පූජනීය වේ ආදරය
    නිරාමිස සතුටක් අභියස
    නිවන ළඟා කරාවි ඔබ සැමවිට

    ReplyDelete
  11. අහිම වුනු සියල්ලම ..සුන්දරයි කියලා හිතන්න.
    මමත් එහෙමයි මේ දවස් වල හිත හදා ගන්න උත්සාහ ගන්නේ.

    කෙහොම උනත් හරිම සංවේදි..පද වැලක්.

    ReplyDelete
  12. @ ජනරග : ඔව් යාළුවා ඒක නම් ඇත්ත..

    ReplyDelete
  13. @ හිස් අහස : ඔව් සදරු මල්ලී.. එයා එහෙම ලියලා තියෙන්නේ නම් මට.. ඒත් මගේ හිත ඇත්තටම ඒ වගේද කියලානම් මම දන්නේ නෑ..

    ReplyDelete
  14. @ මිස්ටර් අන්ද මන්ද : ඔව් සහෝදරයා.. ඔයා හරි..

    ReplyDelete
  15. @ මැණික් : නැහැ අක්කේ මම මේ හදන්නේ එයා පොතකට සීමා කරන් හිටිය එයාගේ කවිකම අද එයා නැතත් හැමෝමත් එක්ක බෙදා ගන්න..

    ReplyDelete
  16. @ මධුරංග : ලැබේවි අය්යේ ඒ වගේ ආදරයක් දවසක අයියට මුන ගැහේවි..

    ReplyDelete
  17. @ සිතුවිලි නිහඬයි : ඇත්ත " අහිමි උනත් ඒ සෙනහස තාම හැගුම්බරයි.."

    ReplyDelete
  18. @ පංසල් හන්දිය : ඔව් අයියේ.. අපිට අතීතයේම නැවතිලා ඉන්න බෑ.. අපිට දවසක ඉස්සරහට යන්න වෙනවා..

    ReplyDelete
  19. @ පිණිබිදු :

    පිවිතුරුයි අපේ ආදරය
    පන්සලක් තරමටම
    නොකීවත් හඩගා ලොවට
    නුඹට ඇසෙනවා ආදරය..

    ReplyDelete
  20. @ ප්‍රාර්ථනා :

    නුඹේ මතකය හෙමින් සීරුවේ
    තබාගෙන හදවතේ රහසෙම
    සිනහ කැල්මන් හොයා යන මග
    නුඹේ සිනහව මතක්වේ නිඹද..

    ReplyDelete
  21. @ හිරණ්‍ය : ඔව් යාළුවා ඔයා හරි.. හිතෙන් හිත එක් උන තැන නිවන ලගා කරාවි..

    ReplyDelete
  22. @ නිල් අහස : එකනම් ඇත්ත යාළු.. අහිමි උන දෙවල් ඇත්තටම සුන්දරයි..

    ReplyDelete
  23. අහ්හ්හ්හ්හ්හ්හ්හ්... මම මෙහාට ආවෙ අදද කොහෙද ඉස්සෙල්ලාම...අද තමා ෆලෝ කලේ.හරිම ලස්සනයි අයියේ මේ කවි ටික. මම ආසම කවිය පේළිය "වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත.."

    ඒක මහා පුදුම අදහසක්. හිත නිකන් හරිම නිවිලා යන හැගීමක්.
    ලසනයි

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්