Thursday, 2 June 2011

ජීවිතේ දවසක් 2

           උදෑසන හිරු වෙනදා වගේම ලස්සනට පායාගෙන නොආවේ හිමිදිරි පාන්දර හිදම ඇද හැළුන පොද වැස්ස නිසාය.. කඩ පිලේ නදුන් පුන්ච් මල්ලිත් එක්ක ගුලිවී නිදාගෙන උන්මුත් හිරිකඩ ඔවුන්ගේ නින්ද සොරාගත්තේය.. පොද වැස්සේම දුවගොස් ඇහිද ගෙන ආ ඉටි කොලයෙන් හිරිකඩ නොවැදී මල්ලිට නිදාගන්නට සැළසුවද නදුන්ට ඊට පසුව නින්ද අහලකටවත් නොආවේය..

            උදේම මල්ලිවත් කූද්දාගත් නදුන් ඉක්මනින්ම වතුර කරාමය අසළට දිව ගියේය.. ඒ යනවිටත් ඔවුන්ට කලින් අවදි වු කීප දෙනෙක්ම තමන්ගේ වාරය එන තුරා කරාමය අසළ රැදී සිටියේය.. නදුන් එලෙස උදයේම කරාමය අසළට දිව යන්නේ හේතු කීපයක් නිසාය.. 

          මේ මාවත් අතර කඩපිල් වල නිදා ගන්නා බොහෝ දෙනෙක් උදේට මුහුණ ටිකක් තෙමාගන්නට එන්නේ මේ කරාමය ලගටය.. ඒනිසාම උදේම ඇහැරෙන්නට පරක්කු වන දවස් වල පැය ගානක් නදුන්ට පෝළිම බලා සිටින්නට උන් දවස් බොහෝය..

           ගාමිණිත් ඔහුගේ මිතුරු කැළත් නදුන්ට ලොකු හිසරදයක් උනේ නදුන්ගේ අම්මා මෙලොව හැර ගිය දින දා පටන්ය.. ඔවුන් නදුන්ට වඩා වයසින් වැඩිමල්ය.. ඒ වගේම ඔවුන් කල කී දෑ නිසාම ඔවුන් පොලීසි නොගිය දිනයක් නැත.. නදුන් මිනිසුන්ට අතපා එකතු කර ගත් සොච්චම් මුදල සමහර දවස්වල ගාමිණී බලෙන්ම උදුරාගෙන ගියේය.. මුලින් ඔවුන් හා නදුන් එකට එක කීවද දැන් ඔවුන්ගේ සැහැසිකම් නදුන් ඉවසාගෙන සිටින්නේ ඔවුන්ගෙන් පහර කෑමට වන නිසාය..

         නදුන් අදත් උදයේම කරාමය ලගට ආවේ ඔවුන් පැමිනෙන්නට මත්තෙන් එතැනින් නික්මෙන්න හිතාගෙනය.. ඒත් නදුන්ගේ ඒ බලාපොරොත්තුව බිද වැටුනේ ඈතින් ගාමිණිත් ඔහුගේ යහළුවනුත් එනු දුටු විටය..

" මචං අපිටත් එක්ක නදුන් ඇවිත් පෝළිම අල්ලගෙන.."

           ඈත සිටම නදුන්ව දුටු ගාමිණී ඔහුගේ මිතුරන්ට නදුන්ව පෙන්වමින් පැවසීය.. නදුන් ලගට ආ ගාමිණි නදුන්ව පොළිමෙන් තල්ලු කර බලෙන්ම ඔහු සිටි තැන අයිති කර ගත්තේය.. මල්ලිත් සමග අසරණවූ නදුන් කර ගන්නට දෙයක් නැතිව බලා සිටියේය.. මල්ලි බයෙන් හඩන්නට විය..

         ගාමිණීට වඩා වයසින් වැඩිමල් අය එතැන සිටියද කවරෙකුවත් නදුන් වෙනුවෙන් එවෙලේ කිසිවක් කතා නොකලේය.. නිහඩවම පෝළිමේ පිටුපසට ආ නදුන් යලිත් තම වාරය එනතුරු බලා සිටියේය.. 

" පාරේ හැදුනම අපිට ඔය දේවල් ඉවසන්න වෙනවා පුතේ.. පුතා නිහඩව හිටිය එක හොදයි.."

         පෝළිමේ අන්තිමට උන් නදුන්ට ගොඩාක් හිතවත් ආච්චි අම්මා නදුන්ගේ රිදුන හිත සනසමින් ඔහුගේ හිස අතගෑවේය.. 

" කෝ දෙන්න මල්ලිව මට.. නැත්නම් මල්ලී ගොඩක් වෙලා අඬාවී.."

                 නදුන් ලගට වි හඩමින් උන් මල්ලි ආච්චිගේ ලගට ගිය විගසම හැඩීම නතර කලේය.. ආච්චි අම්මා මල්ලිව තුරුළුකරගෙන ඔහුව සැනසුවේය.. 

      බොහෝ වෙලාවක් එතැන රැදී හිද මල්ලිව නහවා පිරිසිදු වූ නදුන් ආච්චි අම්මාට සමුදී එතැනින් නික්මෙන්නට සැරසුනේය..

" ඔහොම ටිකක්  ඉන්න දරුවෝ.. මම මෙතන්ට එද්දී මහත්තයෙක් කෑම පාර්සලයක් අතට දීලා ගියා.. උඹලටත් බඩගිණි ඇතිනේ.. කාලම යන තැනක යන්න.."

" එතකොට ආච්චි අම්මට? "

" මට මෙච්චර වැඩියි බං.. අපි මෙතනින්ම වාඩි වෙමු.."

        තමන්ටත් වඩා මල්ලිට බඩගිණි ඇතැයි සිතු නදුන් ආච්චිගේ බත් පතින්ම කටවල් කීපයක් මල්ලිට කැව්වේය..

" උඹත් කාපං පුතේ.. "    ආච්චි අම්මා නදුන්ට කීවාය.. 



32 comments:

  1. හොඳ මිනිස්සු, නරක මිනිස්සු... දෙගොල්ලන්ගෙන්ම සැදි සමාජයේ නදුන්ගේ ජීවිතය
    ඉදිරියට ගලා යන්නේ කෙසේදැයි අපි බලා හිඳිමු.

    ReplyDelete
  2. මෙහෙම ජීවිතත් තියනව බන්...

    ReplyDelete
  3. හම්...හරිම දුක්බර කතාවක්....හිතට දැනුන දේ හරිම අමුතුය්...ටික වෙලාවකට හිතුන මට එහෙම වුනොත් කියල....

    ReplyDelete
  4. ඒ ආච්චි අම්මා නදුන්ටයි මල්ලිටයි ආදරය දක්වන පාටයි.

    "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත"

    මට මේ ගීය මතක් උනා. කතාව ගොඩක්ම ලස්සනයි සහෝදරයා. මේ සතියෙම පුලුවන් නම් ඊලග කොටසත් දාන්න. ඉක්මනටම ලියමු සහෝදරයා.

    ReplyDelete
  5. ලස්සනට වචන ගලපලා ලියන්න ලස්සන කතාව..දිගටම ලියන්න

    ReplyDelete
  6. ඔන්න ඉතින් අපිටත් සහයෝගයක් දෙන්න් ඕන...අපි ඉතින් අලුත් අයනෙ
    http://tharindugeadaviya.blogspot.com/

    ReplyDelete
  7. @ නලිනි චන්දිමා : මේ ලොකේ හොද මිනිස්සු හරි අඩුයි අක්කේ.. කොහොමත් මේ නරක මිනිස්සු අතරේ නදුන්ගේ ගමන නම් අපහසු වේවි..

    ReplyDelete
  8. @ කිඩෝ : ඔව් යාළුවා.. අපිට කොච්චර මුණ ගැහිලා ඇත්ද..

    ReplyDelete
  9. @ තටු සිදුන සමනළියක් : ඔව් අපි ඒ අතින් වාසනාවන්තයි තමයි.. අපිට පුළුවන්නම් අපිව ඒ තැන තියලා හිතන්න අපි බොහෝ වෙලාවට ඒ මිනිස්සුන්ට උදව් කරන්න පෙලබෙනවා..

    ReplyDelete
  10. @ මදුරංග : දුප්පත් මිනිහා කියනවනේ තව දුප්පත් මිනිහෙක්ගේ දුක අදුනන්නේ.. හරි යාළුවා තව කොටසක් ඉක්මනටම දාන්නම්..

    ReplyDelete
  11. @ ජනරග : ගොඩාක් ස්තුතියි යාළුවා..

    ReplyDelete
  12. @ Tharindunisal : අනිවාර්යෙන් සහෝදරයා.. අපේ සහාය නිතරම තියෙනවා..

    ReplyDelete
  13. ඇත්තම ඒක දුක්බර කතාවක් .. මම කවදාකවත් බස් එකට නැගලා සල්ලි ඉල්ලන කෙන්කුට සල්ලි නොදී හිටියේ නෑ .. රුපියක් 5 හරි දුන්නා .මේක බැලුවම මට ඒ ගැන මතක් උනා

    ඉවර වෙනකම්ම මම මේක බලනවා .. හදිස්සියක් නෑ වෙලාව අරගෙන හෙමිහිට ලස්සනට ලියන්න .

    ReplyDelete
  14. ඇත්තටම ඔවුන්ගේ හිත් වල කොහොම සිතුවිලි ඇත්ද කියලා හිතාගන්න හරි අමාරුයි...

    ReplyDelete
  15. අයියෝ..හිඟන්නගෙ පාත්තරේටම තමා හැමදාම හෙනහුරත් පාත් වෙන්නෙ.... :((

    ReplyDelete
  16. මටත් කියවගෙන යනකොට එක පාර හිතුනේ මටත් මේ වගේ උනානම් මොනව වෙයිද කියලා. හරිම දුකයි....

    ReplyDelete
  17. අපි අතර මෙහෙම ජිවිතත් තියනවනේ....ඔයා ලස්සන කතාව ලියනවා දිනේෂ්...ඇත්තටම සංවේදියි....

    ReplyDelete
  18. අපි අතර මෙහෙම ජිවිතත් තියනවනේ....ඔයා ලස්සන කතාව ලියනවා දිනේෂ්...ඇත්තටම සංවේදියි....

    ReplyDelete
  19. නියමයි අය්යේ. :)

    ReplyDelete
  20. @ හිස් අහස : ඔව් සදරු අපේ ඒ පුන්චි උදව්වත් එයාලට මහ මෙරක් වගේ..

    ReplyDelete
  21. @ නිම්ශා : දුක, සතුට, බලාපොරොත්තු මේ හැම දෙයක්ම ඔවුන්ගේ හිත් වල පිරිලා ඇති..

    ReplyDelete
  22. @ මකුළු පැංච් : එකනම් ඇත්ත.. කවදත් දුප්පතාටමයි ප්‍රශ්ණ..

    ReplyDelete
  23. අනේ දිනේශ් ඇතුල් කතා කොච්චර දුක් උනත් කමක් නෑ සුඛාන්තයකින් අවසන් කරන්න.

    ReplyDelete
  24. @ කොට ජීවිතේ : ඔව් අක්කේ සමහරුන්ගේ ජීවිත අපි හිතනවාට වඩා ගොඩාක් වෙනස් වගේම දුක්බරයි...

    ReplyDelete
  25. @ සිතුවිළි නිහඩයි : ඔව් අපේ නෙත් මායිමේම ඔවුන් ජීවත් වෙනවා..

    ReplyDelete
  26. @ රත්ගමයා : ගොඩාක් ස්තුතියි මල්ලියේ..

    ReplyDelete
  27. @ පිණිබිදු : මම මගේ උපරිම උත්සාහය ගන්නම්..

    ReplyDelete
  28. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ, අලුත් කතකාවක් පටන් ගෙන, කතාව කියවල මට Slumdog Millionaire film එක මතක් උනා. බලමුකෝ ඉස්සරහට...

    ReplyDelete
  29. සිරා මලයා නියමයි .......
    මැවිලා පේනවා .......
    දුක කියන එක දැනෙනවා හිතට ......

    ReplyDelete
  30. @ හිරණ්‍ය : ඔව් යාළුවා.. ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  31. @ කල්හාර දිසානායක : ගොඩක් ස්තුතියි අයියේ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්