Wednesday, 1 June 2011

ජීවිතේ දවසක් 1

" උඹලට කොච්චර කිවුවත් හැමදාම නිදා ගන්නේ මෙතන.. උදේ පාන්දරම මගේ දවස කාලකණ්නි කරන්න.. පලයව් යන්න මෙතනින්.."

          නදුන්ගේ දවස පටන් ගන්නේ හැමදාම උදේට කඩ මුදලාලි කෙනෙක්ගෙන් ලැබෙන එවැනි වදනුත් එක්කමය.. සමහරක් දවසට නිද්දෙන්ම ඇගෙට වැටෙන වතුර බේසම නදුන්ගේ සොදුරු උදෑසන වන්නේය.. තම එකම බාල සොහොයුරත් සමග මහ පාරේ තනි උන නදුන්ට දැන් මේ හැමදෙයක්ම හොදින්ම හුරු පුරුදුය..

           පිට කොටුවේ වීදි වලට අමුත්තෙකු නොවන නදුන් දන්න කාලයේ හිදම හැදී වැඩුනේ මේ මාවත් වලය.. තාත්තාගේ හැඩරුව තියා නමවත් හරිහැටි කියාගන්න නොදන්න නදුන්ට අම්මගේ ආදරෙත් අහිමි උනේ මීට අවුරුද්දකට විතර ඉස්සරය.. කාත්කවුරුවත් නැතුව මහ පාරේ තනිඋන නදුන්ට පුන්චි මල්ලි හැරෙන්නට වෙන කවරෙක්වත් නොසිටියේය..

                 නදුන්ගේ වයස යාන්තමින් අවුරුදු දොළහක් වන විටම ජීවිතේ මාහා බර ඔහුගේ කර මත වැටී හමාරය.. ඒ මේ කිසි දෙයක් ගැන නොතේරෙන පුන්චි මල්ලිගේ බඩ ගින්දර නිවීමය.. දවල්ට මල්ලිවත් කරේ තියාගෙන සෙනග ගැවසෙන වීදි අතර මහත්තුරුන්ගේන් පිණට කීයක් හරි ඉල්ලගන්න යන නදුන් ලැබෙන කීයකින් හරි මල්ලිගේ බඩ ගින්න නිවුවා මිස නදුන් නොකා සිටි දවස් අනන්තය..

            හැමදාම මල්ලිත් අරන් පාරවල් වල ඇවිද්දත් සමහරක් මිනිසුන් ඔවුන්ව තුට්ටුවකටවත්  මායිම් නොකල දවස් බොහෝය.. අම්මා නදුන්වත් පුන්චි මල්ලිවත් හැර ගියාට පසුව නදුන් කඩයක් කඩයක් ගානේ ගොස් තිබුන මොකක්ම හරි පුන්චි වැඩක් කලේ දැනෙන කුස ගින්දර නිවා ගන්නය..

" උඹලට කරන්න මෙහේ වැඩ නෑ.. "

             සමහරුන් එහෙම කියා නදුන්ව එලව ගනිද්දී සමහරක් නදුන්ගෙන් අමාරු වැඩ පවා ගෙන බනිස් ගෙඩියක් අතට දී යැවූ දිනද තිබුනේය.. ඔවුන් සමග වාද කරන්නවත් නොහැකි නදුන් නිහඩවම ලැබුන දෙයක් මල්ලිට ගෙනත් දුන්නේ තමන්ට දැනෙන බඩ ගින්න නොදැනුනා සේය..

         නදුන්ගේ හිතට තිබුන එකම සතුට හා සැනසීම මල්ලිය.. නපුරන්ගෙන් මල්ලිව පරිස්සම් කර ගන්නට නදුන් විදි දුක් අපමණය.. ඔහුගේ දෑස් මානයේම තබාගෙන නදුන් මල්ලිව ආරක්ශා කලේය..

" අයියේ අපේ තාත්තා කෝ? "

           පුන්චි මල්ලී එසේ අහද්දී නදුන්ට කියන්නට කිසිවක් නොමැත.. අම්මගේ මරණය යාන්තමින් මල්ලිට මතකය.. ඒ නිසාම මල්ලි අම්ම ගැන වැඩි යමක් අසන්නේ නැත.. අම්මගෙත් තාත්තගෙත් ආදරය මල්ලිට තමන්ටත් වඩා ඕනා බව නදුන්ට වැටහුනත් ඔහුට කරන්නට කිසිවක් නොමැත.. ඒ නිසාම මල්ලිගේ සිනහව වෙනුවෙන් නදුන් කල දෑ බොහෝය.. රෑට මහ පාරේ හීතලක්වත් මල්ලිට දැනෙන්නට නදුන් ඉඩ නොතැබුවේය.. මල්ලිට නින්ද යනකම් නදුන් ලගට වී නැලවිලි ගී කිව්වේය..

         හැම දුකක්ම නදුන් තනිවම විද දරා ගත්තේ කවදාම හරි දවසක මේ දුක්බර ජීවිතේට නිමාවක් තියේවියි හිතේ තිබුන් විස්වාසය නිසාමය.. දවසක වාසනාව ඔවුන් ලගට ඒවියි නදුන් නිතරම ප්‍රාර්ථනා කලේය..


28 comments:

  1. ෂා ......ඔයාගේ ගෙදර ගොඩාරියක් වෙනස් වෙලා...මට මගේ පරණ ගෙදර මතක් වුනා... මගේ පරණ ගෙදර ටිකක් මේ වගේ නිසා... හරිම ලස්සනයි මල්ලි දැන්....

    නදුන්ට දවසක ජීවිතයේ සතුට මුණගැහේවි...ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න කියලා....

    ReplyDelete
  2. තවත් ලස්සන කතාවක ආරම්භයක් වගේ. පව් අසරණ නදුන්. මේකත් අර කලින් ලිව්ව කතාව වගේම එක නම් හොදයි. මේකටවත් සතුටුදායක අවසානයක් වේවිද ???

    ReplyDelete
  3. @ සොදුරු සිත : ගොඩාක් ස්තුතියි වත් අක්කේ.. ජීවිතේ සතුට සොයාගෙන යන්න නදුන් තාම පියවර තිබ්බා විතරයිනෙ අක්කේ.. අපි බලමු නදුන්ට ඒ සතුට ලැබෙයිද කියලා..

    ReplyDelete
  4. @ මධුරංග : ගොඩක් ස්තුතියි යාළුවා.. නදුන් හොයාගෙන යන සතුට එයාට ලැබුනොත් කතාව සතුටුදායක විදිහට අවසන් වේවි..

    ReplyDelete
  5. මේවගේ අපි නොදන්න අනුවේදනීය කථා තව කොපමන ඇද්ද ??
    දුකයි.

    ReplyDelete
  6. මේ ටික කියවලනම් මට දුක හිතුනා... හරිම සංවේදීව ලස්සනට ලියලා තියෙනවා... බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල... ඇත්තටම මෙහෙම කට්ටිය කී දාහක් මේ රටේ ඉන්නවද ... ;(

    ReplyDelete
  7. ලස්සන කතාවක් වගේ. එලකිරි අයියා, ඉක්මනට ඊලඟ කොටසත් දාන්න.

    ReplyDelete
  8. @ Gimhani : ඇත්ත.. අපිට කොච්චරවත් නදුන් වගේ අය පාරෙදි මුණ ගැහිලා ඇත්ද..

    ReplyDelete
  9. @ කොට ජීවිතේ : ඔව් අක්කේ.. අපිට මුණ ගැහිලා ඇති අනන්තවත්.. ඒත් ඒ අයගේ කතාව අපි කවුරුවත් දන්නෙනෑ...

    ReplyDelete
  10. @ Kasun : ගොඩක් ස්තුතියි මල්ලියෝ.. හරි ඉක්මනට ලියන්නම්... :)

    ReplyDelete
  11. මේකෙ මුල හරිය කියවනකොටම මගෙ මතකයට ආවෙ වරක් මා දුටු ඔය වයසෙ දරුවෙක්. බොරැල්ලෙ බක්කි ලෑල්ලක් උඩට අමාරුවෙන් ලොකු පෙට්ටි ඔසොවා තබමින් ඔහු හිටියෙ.
    ඊලඟ කොටස එනතුරු නොඉවසිල්ලෙන් සිටීමට පොළොඹවන ආරම්භයක්.

    ReplyDelete
  12. ඉක්මනට ඊළඟ කොටසත් දාන්න....බලාගෙන ඉන්නෝ....

    ReplyDelete
  13. @දිනේෂ් :
    slumdog millionaire එකේ වගේ එයාට කවදාහරි හොයපු සතුට ලැබෙයි. අපි බලාගෙන ඉමු. මොන දේ උනත් අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  14. හරිම ලස්සන කතාවක් දිනේශ් අයියේ .මම වැඩකරන ඉස්න්ටිටියුට් එකේ අයත් ඔන්න බදාගෙන මේක කියවන්න පටන්ගත්තා . මට හිතට අල්ලන කතා මම ඒ අයටත් පෙන්වනවා .උනුත් වැඩ පැත්තක දාලා ඒවා කියවනවා . ලස්සනයිලු ඔයාගේ කතාව . ඉතිරි කොටස ඉක්මනට ඕනෑලු

    ReplyDelete
  15. අසන්ත අලුත් කතාවකට අතගහලා වගෙයි...හරිම ලස්සනයි..මමත් ඔයාගෙ හැම කතාවක්ම ,කවියක්ම හරිම ආසාවෙන් කියවපු රසිකාවියක්. ඒත් ඒ මකුළු පැංචි වෙන්න කලියෙන්..දැනුත් ඔයා අලුතින් ලියන දේවල් කියවන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නවා...ඔන්න මගේ අලුත් ගෙදරට එන්නත් අමතක කරන්න එපා..වෙලා ලැබුණොත් මකුළු පැංචිගේ වියමන දිහාවට ඇවිත් යන්නකෝ... :))

    ReplyDelete
  16. අයියා ආයේමත් ලස්සන කතාවක් පටන් අරන් වගේ.... දිගටම කියවන්න එන්නම්...

    ReplyDelete
  17. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ.. මටත් ලංකාවෙ ඉන්නකොට මේ වගේ ළමයි කීප දෙනෙක්ම මුනගැහිලා තියෙනවා.. ඒ එක්කෙනෙක් එක්ක මම කතා කරපු දේ තමයි කතාවේ ආරම්භයට මම අරගත්තේ..

    ReplyDelete
  18. @ තටු සිදුන සමනළියක් : ගොඩක් ස්තුතියි නංගියෝ.. ඉක්මනින් ලියන්නම්...

    ReplyDelete
  19. @ මධුරංග : ඔව් යාළුවා.. අපි ඊළග කොටස් වලින් බලමු නදුන්ගේ ජීවිතේ මොනවගේ වේවිද කියලා..

    ReplyDelete
  20. @ හිස් අහස : හිතට ලොකු සතුටක් දැනුනා සදරු මල්ලී ඔයාගේ කමෙන්ට් එක කියවලා.. කතාව ඉක්මනට වගේම ලස්සනට ලියන්නම්..

    ReplyDelete
  21. @ මකුළු පැංචි : අපි ඉතින් අදුනන්නේ ගොඩක් කාලෙක ඉදන්නේ.. ඒ අපි ලියන දේවල් නිසා.. ඔයාගේ බ්ලොග් එක වෙනස් උන බව දැනන් හිටියේ නෑ.. මම අනිවාර්යෙන්ම එනවා..

    ReplyDelete
  22. @ නිම්ශා : ගොඩාක් ස්තුතියි නංගියෝ.. ඔයා කවදත් මේ පැත්තේ එන යාළුවනේ..

    ReplyDelete
  23. කතාවේ මුලම හිතට දුකක් ගෙන්න සමත් වුණා....ඒ හැගීම දැනෙන විදියට වදන් ගැලපීම නම් අපුරුයි...ඉතිරිය කියවන්න බලන් ඉන්නවා.....

    ReplyDelete
  24. වීදි දරුවොන්ගෙ ජීවිත වල අපි නොහිතන කොච්චර දුක් කම් කටොළු තියෙනවද.

    ReplyDelete
  25. @ සිතුවිළි නිහඩයි : ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට..

    ReplyDelete
  26. @ පිණිබිදු : ඔව් අක්කේ.. ඒ දරුවෝ අපි ලගට ඇවිත් කීයක් හරි ඉල්ලන්නේ කොච්චර දුකක් හිතේ තියාගෙනද කියලා අපි දන්නේ නෑනේ..

    ReplyDelete
  27. ඔන්න දැන් තමා වෙලාවක් සෙට් වුනේ මේ පැත්තෙ එන්න .....
    හිතට දැනෙන්න ලියලා තියනවා ..........
    බලමු ඉතුරු ටිකත් .......
    ඇත්තටම ලස්සනයි ........

    ReplyDelete
  28. @ කල්හාර දිසානායක : ගොඩක් ස්තුතියි අයියේ.. හැමදාම එන්න මේ කතාව කියවන්න..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්