Saturday, 28 May 2011

නුඹ මට දුන්න ජීවිතය



අරණක හිද සංසුන්ව
භාවනා කලා වෙගේ මගේ හිත
ඒ තරම්ම සැනසිලා නුඹ නිසාම
මගේ ජීවිතේට නුඹ ආදා ඉදන්ම..

දඩබ්බර මගේ හිත ඉස්සර තිබුන
අද කොහේද නොදනිමි මමම
නුඹ ඇවිදින් එක්තැන් කර මගෙ හිත
සැනසුව ජීවිතය නුඹටමයි උරුම..

අරමුණක් නැතිව ගෙවුන කාලය
කොතරම් අමිහිරිද දැනෙන්නේ අද මට 
වාසනාවට නුඹ මට හමු නොවන්න
මගේ ලෝකය කොතැන නවතීවිද..

ආදරේ පහන් සිළුව වී නුඹ
මගේ හද පතුලේ දැල්වෙන
නුඹ මට දුන්න ජීවිතයට
මම ණයගැතියි නුඹට හැමදාම..

26 comments:

  1. ම්... ලස්සනයි

    ReplyDelete
  2. ඒක ගෙවන්න බැරි ණයක් නේද?

    ReplyDelete
  3. අරමුණක් නැතුව ගෙවෙන ජීවිතය හරි මගට ගන්න ආදරයට පුලුවන්.

    ReplyDelete
  4. කප්පරක දුකක් විඳ
    මටම හිමි කරගත්තු
    නාමලක සුවඳ පිරු
    මගෙ සොඳුරු ආදරය

    ReplyDelete
  5. @ රත්ගමයා : ඔව් රත්ගමයෝ..

    ReplyDelete
  6. @ Ayesha : ගොඩාක් ස්තුතියි අක්කේ...

    ReplyDelete
  7. @ Kasun : ඔව් කසුන් මල්ලි.. ඒක කවදාවත් ඉවර නොවෙන දෙයක්..

    ReplyDelete
  8. @ මධුරංග : ඔව් යාළුවා ඔයා හරි... ආදරයට පුළුවන් අපිව ගොඩාක් වෙනස් කරන්න..

    ReplyDelete
  9. @ පිණිබිදු :

    නාමලක සුවද පිරුනු
    අපේ සොදුරු ආදරය

    ReplyDelete
  10. ඇත්ත කතාවක් ලස්සනට කියලා තියනවා ........

    ReplyDelete
  11. ලස්සනයි යාළුවා...මම මේ ඔයාගේ බ්ලොග් එකට ආපු පලවෙනි වතාව..ඒකට සමාවෙන්න..හැ‍බැයි මේ එන අන්තිම වතාවවත් කමෙන්ට් කරන අන්තිම වතාවවත් නෙවෙයි..ඒකටනම් සමාව දෙන්න එපා

    ReplyDelete
  12. අයාලේ ගිය ජීවිතේ යහමගට ගෙනාව ආදරයක්? ලස්සන පදපෙළක් මල්ලි.

    ReplyDelete
  13. @ කල්හාර දිසානායක : ගොඩක් ස්තුතියි අයියේ...

    ReplyDelete
  14. @ ජනරග : සාදරයෙන් මගේ සිහිනයට පිළිගන්නවා යාළුවා..

    ReplyDelete
  15. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ අයාලේ ගිය ජීවිතයකට මග කියාපු ආදරක්..

    ReplyDelete
  16. සමාවෙන්ඩ ඕන එන්න පමා උනාට ..මේකත් පූජා ලියපු කවියක්ද දිනේශ් අයියේ .. කවුරු ලීවත් මේක ලස්සනයි .. උපරිමයි ..

    ReplyDelete
  17. "නුඹ මට දුන්න ජීවිතයට" දෙවනවර ඉපදීම නේද? ලස්සනයි අදහස මල්ලී.
    මැණික්

    ReplyDelete
  18. @ හිස් අහස : නැහැ සදරු මල්ලි මේක මම ලිව්වේ.. පූජා ලියපුවා මම එයාගේ නමින් දාන්නේ..

    ReplyDelete
  19. @ මැණික් : ඔව් අක්කේ.. දෙවෙනි වර ඉපදීම තමයි..

    ReplyDelete
  20. @ Muthu Paba : ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  21. තැන්පත් වුයේ ඔය සිත්
    මා නිසමන්ම් සොදුර
    කියන්නේ කෙලෙස මා
    සිතේ තෙරපෙන සතුට.....



    ලස්සන පද පෙළ සහෝ...............

    ReplyDelete
  22. @ සිතුවිළි නිහඩයි : ගොඩක් ස්තුතියි සොයුරිය...

    ReplyDelete
  23. ලස්සනයි ගොඩක්.
    අනේ දිල් අක්කගේ බ්ලොග් වලට මට කමන්ට් දාන්න බෑ. මොකද කරන්නේ?මං බ්ලොග් ලියන්න ආසවුනේ එයා නිසා දිනේෂ් මට ඒ උදව්ව කරලා දෙන්න.

    ReplyDelete
  24. @ Batti : එකට කමෙන්ට් කරන් අපුළුවන් අක්කේ... පහලින් තියෙනවා " post a comment " කියලා එකක්.. එතනින් යන්න....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්