Thursday, 26 May 2011

එකම පැතුමක්


මම ඒ අනාත නිවාසෙට යද්දි කවදාවත්ම හිතුවෙ නෑ මට හැමදාම එතනට යන්න හිතේවි කියලා.. අපේ තාත්තාගේ 7වෙනි අවුරුද්දේ දානෙ අපි මේ පාර දුන්නේ අනාත නිවාසෙකට.. මේ ලෝකේ කාත්කවුරුවත් නැතිව තනි උන අය  අතරේ පුන්චි සයුරි මගේ ජීවිතේට මේ තරම්ම ලං වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ..

ඇය ඇත්තටම දගකාරියක්.. ළමා නිවාසේ අනිත් අයට වඩා ඇගේ හිත මගේ ලගට එන්න එකම එක හේතුවක් වෙන්න ඇති.. මුල්ම දවසේ මම එහේ ගිය වෙලේ මට මතකයි මගේ අතින් අල්ලගෙන ඇහුවා "ඇයි අක්කේ ඔයා කතා නොකරන්නේ? " කියලා.. එදා මට ඔයාට දෙන්න උත්තරක් තිබුනේ නෑ.. මට මතකයි අපේ අම්මා ඔයාට ලංවෙලා මං ගැන කිව්වා.. එතකොට ඔයා දුන්නේ හරි ලස්සන උත්තරක්..

" එහෙනම් අපි දෙන්නම එක වගේ අක්කේ.."

ඇත්ත අපි දෙන්නම එක වගේ.. එදා ඒ හමුවීම මගේ හිතට තදින්ම දැනුනා නිසා මම ඊට පස්සේ හැමදාම වගේ ඔයාව බලන්න ආවා.. මම ආවා කියලා දැන ගත්තම ඔයාගේ මූණේ මැවුන හිනාව මට අදත් ඒ වගේම මතකයි.. ඔයා මගේ ලගට වෙලා හිතට එන හැම දෙයක්ම කියනවා.. ඒ එකකටවත් මට උත්තර දෙන්න බැරි උනත් මම හරි ආසාවෙන් ඔයා ලගට වෙලා ඒ හැම දෙයක්ම අහගෙන ඉන්නවා..

ටික වෙලාවක් එහෙම කතා කර කර ඉන්න ඔයා එක පාරම මගේන් අහනවා " අක්කේ ඔයා මගේ ලග ඉන්නවා නේද? " කියලා.. මම ඒ වෙලාවට ඔයාගේ අතින් අල්ලගන්නවා.. එතකොට ආයෙමත් ලස්සනට හිනා වෙන ඔයා ආයෙත් එක එක දේවල් කියන්න පටන් ගන්නවා..

මම හැමදාම ඔයාව බලලා යන්න හදනකොට ඔයා මගේ අතින් අල්ලගෙන " අක්කා හැමදාම මාව බලන්න එනවා නේද ? " කියලා අහනවා.. ඒත් මම ඔයාට කොහොම කියන්නද මට හැමදාම මේ වගේ එන්න බැරි වේවි කියලා.. මම ගිය පාරක් ඔයාට නොපෙනුනත් ඔයා ගොඩාක් වෙලා ගේට්ටුව ලගට වෙලා බලාගෙන ඉන්නවා..

මට ටික දවසකින් ඔයාවත් මේ හැමොමත් දාලා යන්න වේවි.. මට ඔයාගේ ලස්සන කතා අහගෙන ඉන්න බැරි වේවි.. මේ ලෝකේ කොයි වගේද කියලා ඔයා මගේ අහපු දවස් අනන්තයි.. ඒත් අපි දෙන්නගෙම අසරණ කමට ඔයා නොදකින ලෝකය කොයි වගේද කියලා ඔයාට කියල දෙන්න මට බැහැ..

ඒත් මට ඔයා වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන්.. මම මගේ දෙනෙත් පියා ගන්න දවසට මගෙන් පස්සේ මේ ලෝකේ ලස්සන බලන්න ඔයාට පුළුවන් වේවි.. එදාට ඔයාට කාගෙන්වත් මේ ලෝකේ කොච්චර ලස්සනද කියලා අහන්න ඕන නැති වේවි.. මගේ පුන්ච් නංගි මගෙන් පස්සේ මේ ලොකේ දිහා මගේ ඇස් වලින් බලන කොට මට කොච්චර සතුටු හිතේවිද..

......................

ඒ පූජා එයාගේ දිනපොතේ 2007 අවුරුද්දේ ලියපු සටහනක්.. මට ඒ සටහන මෙහෙම ලියන්න හිතුනේ මම අද දැකපු මෙන්න මේ දැන්වීම නිසා..


 මට ඒ දැන්වීම දැක්ක ගමන් මතක් උනේ සයුරිව.. පුජා එයාගේ නංගි කෙනෙකුට වගේ ආදරය කල සයුරිව.. සයුරි දැන් ඉස්කොලේ 8 පන්තියේ.. එයාව හදාගන්න ගත්ත අය සයුරිට ගොඩාක් හොදින් සලකනවා.. එයාට මේ තරම්ම ආදරේ කල පූජා අක්කව සමහර විට අද සයුරිට මතක නැතිව ඇති.. අවුරුදු 4ක කාලෙක ඉදන් සයුරි පූජගේ ඇස් වලින් ලෝකය දකිනවා.. ඒක පූජා බලා පොරොත්තු උන දෙයක්.. අද ඒක ඒ විදිහටම ඉශ්ඨ වෙලා තියෙනවා..

අපි අතර පුන්ච් සයුරි වගේ කී දෙනෙක්නම් ඉන්නවා ඇත්ද.. එයාලට අපි ජීවත්ව ඉද්දි කරන්න පුළුවන් පොඩි දෙයයි.. ඒත් අපි කවදාහරි මේ ලෝකේ දාලා යනවා.. එදාට අපිට මේ පුන්චි සයුරිගේ වගේ එයාලගෙත් නෙත පාදන්න පුළුවන්නම් එක කොච්චර දෙයක්ද..

20 comments:

  1. මොනව කියන්නද කියල හිතා ගන්න බෑ අයියෙ. පූජ අක්කගෙ කවි වගේම හදවතත් ගොඩක් ලස්සනයි නේද?

    ReplyDelete
  2. ගොඩක්ම සංවේදි කතාවක්. ඇත්තටම ඇස් දන් දෙන උතුම් මිනිස්සු මේ ලෝකයට කරන්නේ කොච්චර උදව්වක් ද !!!!!

    ReplyDelete
  3. @ Kasun : ඔව් මල්ලී.. එයාගේ හදවතත් ගොඩාක් ලස්සනයි.. මගේ ජීවිතෙත් වෙනස් කලේ එයා..

    ReplyDelete
  4. @ මධුරංග : ඔව් යාළුවා.. එකේ වටිනාකම අපිට හරියට තේරෙන්නෙ නෑ.. ඒත් ඒ අයට ඒ දේ මොනතරම් වටිනවද කියලා මං සයුරිගෙන් දැක්කා..

    ReplyDelete
  5. දුක හිතන ඒවාම දාන්න එපා.....පූජා අක්කත් කැමති නෑ නේ දුකෙන් ඉන්නවට....

    ReplyDelete
  6. කියෙව්වා,දුක හිතුන.

    observer

    ReplyDelete
  7. ම්....හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා...

    ReplyDelete
  8. පූජා මල්ලිගෙ හිතේ ජීවත් වෙනවා වගේම පූජගෙ ඇස් සයුරි ලඟ ජීවත් වෙනවා. හැම දෙයක්ම ලියල හිත හදාගන්න පුලුවන් නම් මට සතු‍ටුයි.
    මැණික්

    ReplyDelete
  9. හුඟක් සුවඳ මල් ඉක්මනට පරවෙනවා කියන කතාව ඇත්ත.

    ReplyDelete
  10. @ රත්ගමයා : නෑ මල්ලී මම ඒ දැන්වීම දැක්කම මේ පොස්ට් එක දාන්න ඕන කියලා හිතුනා.. පූජා වෙනුවෙන්...

    ReplyDelete
  11. @ Observer : ගොඩාක් ස්තූතියි අයියේ මේ පැත්තෙ ආවට..

    ReplyDelete
  12. @ ශාන් : ඔව් යාළුවා.. ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට...

    ReplyDelete
  13. @ මැණික් : ඔව් අක්කේ ඔයා හරි.. මට දැනෙන්නේ පූජා තාම මගේ ලග ඉන්නවා කියලා...

    ReplyDelete
  14. @ පිණිබිදු : ඔව් එක ඇත්ත.. හොද අයව දෙවියන් ඉක්මනට එයා ලගට අරගන්නවා..

    ReplyDelete
  15. පූජා කරලා තියෙන්නෙ ජීවිතේ කරන්න පුලුවන් ලොකුම දේවල් වලින් එකක්, සයුරි එක්ක ඒ වගේ ලෙන්ගතුව හිටපු එකෙන් ඒ ලමයට කොයි තරම් නම් අස්වැසිල්ක් තියෙන්න ඇද්ද .........

    සයුරි කියන දේවල් කරදරයක් කර ගන්නෙ නැතුව පූජා අහගෙන හිටපු එක ....

    ඒ වගේම පූජගේ ඇස් දෙක සයුරිට දීපු එක ....

    සමාවෙන්න මල්ලි ඇහුවට ......
    මේක ඇත්ත කතාවක්ද ......
    කවුද පූජා කියන්නෙ ....
    එයාට මොකද වුනේ .....
    (මේවාට උත්තර අත්‍යාවශ්‍ය නැත)

    ReplyDelete
  16. පූජා සයුරි තුළින් තවමත් ජීවත් වෙනවා කියලයි මට හිතෙන්නෙ. හරිම සංවේදී රචනයක්.

    ReplyDelete
  17. @ කල්හාර දිසානායක : පූජා කියන්නේ අයියේ මගේ ජීවිතය.. එයා මීට අවුරුදු 4කට කලින් මගෙන් හැමදාටම වෙන්වෙලා ගියා.. මේක ඇත්ත සිද්දියක්.. අයියා මම ලියපු " ආදරයට ආදරයෙන් " කතාව කියවන්න.. ඔයා මේ හැම දෙයක්ම හොදින් තේරුම් ගනීවි..

    ReplyDelete
  18. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ ඔයා හරි පූජා තවමත් ඉන්නවා.. මම මේක එයාගේ දින පොතෙන් උපුටා ගත්තේ මේ දැන්වීම දැක්කට පස්සේ..

    ReplyDelete
  19. samawenna ayye mahama awata,ma kathawa kiyauwama mage mulu egama pana nethuwa giya,deyyane ma kathawa magen wenas wenna tikay.matath ma wage raththaran hithak thiyena ahinsaka akka kenek hitiya.ma loke godak dewal mama igena gaththa mage sudu akkagen.mata hemadama oni une mage akka wage wenna.ath dn aya mata penena manekawath ne.mage akkawa mathak wenakota mata mathak wenawa mama issara aya lagata wela kiyapu dewal,a welawata hithata pudumakara wedanawak denenawa.ane mata mage akka laga hemadama issara wage inna thibuna nam..!!samahara wita sayurith ahema hithanawa wenna ati kiyanna deyak ne ayya Pujaa akkath mage akka wagema kenek wenna athi.sahodara premayata lee bedeem oni ne kiyala mage akka kiuwa kathawak mathak una :) :) kohe hitiyath mage sudu akkath,pujaa akkath,sayurith sathutin inna oni

    ReplyDelete
  20. ගොඩක් දුක හිතුනා! ඇත්තටම දැනුන සිදුවීමක් දැනෙන්න ලියලා තියනවා!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්