Sunday, 22 May 2011

නුඹ ලියූ කවි පොතේ




නුඹ ලියූ කවි පොතේ පෙරලෙන පිටු අතර
මගේ තනිකමට නුඹ ඉතිරි කර ගිය මතක
මගේ හිතට සැනසුමක් ගෙනවා සොයද්දි නුඹව මම
සිහිනයෙන් හැම රෑක මගේ දෙනෙත් අද්දර..
 

නුඹේ සොදුරු කවි හිත දැනන් හිටියේ නැහැ මම
නුඹ වෙන්ව යන තුරුම මගෙ ලොවින් හැමදාටම
අහම්බෙන් වගේ හමු උන නුඹේ මේ කවි පොත
මගේ කඳුළු පිසිනවා හඩද්දි මම නුඹ නැතිව..

අපි ආ ගිය දොඩමළු වූ තැන්වල
නුඹ දැක්ක ඒ සොදුරු මිහිරියාව
දකින්නට මට අදත් නුඹේ හිතින්
කවි වලට නුඹ අපේ මතකය මුසු කර ගිහින්..

පරිස්සමට අරන් තියා ගත්ත නුඹේ කවි පොතේ පිටු අතර
සමහර පිටු තෙත් වෙලා හඬලම මම නුඹේ කවි වලට
ඒ තරම්ම සොදුරුව නුඹ දැකපු අපේ ආදරය
සිහිනයක්ව බොද උන හැටි තවමත් පිළිගන්නේ නෑ මම..

නුඹ තවම මගේ ලග ඉන්න බව දැනෙනවා
මේ කවි පොතේ පිටු අතර ආදරෙන් මට
හිනැහිලා තවම නුඹ මගේ කඳුළු පිසිනවා රහසේම
ඉස්සර වගේම ලං වෙලා මගේ හිතට..

නුඹට පිං ඉතිරි කරාට අපේ මතකය
මේ කවි කොල වල මට දකින්න
මට සැනසෙන්න පුළුවන් දැන් හැමදාකම
කියවලා නුඹේ කවි හිත තනිකමින් වෙලෙන මොහොතට..

13 comments:

  1. නුඹ තවම මගේ ලග ඉන්න බව දැනෙනවා
    මේ කවි පොතේ පිටු අතර ආදරෙන් මට
    හිනැහිලා තවම නුඹ මගේ කඳුළු පිසිනවා රහසේම
    ඉස්සර වගේම ලං වෙලා මගේ හිතට..

    ඇඩෙනවා ..............

    ReplyDelete
  2. මාරයි ........ එලටම ලියලා තියනවා ...........

    ReplyDelete
  3. අයියට පූජා අක්කගෙ කවි පොත හම්බවුනේ පස්සෙද?

    ReplyDelete
  4. පරන මතකයන්ට ආයෙමත් පණ දෙන්න කවි සින්දු වලට පුලුවනිලු...

    ReplyDelete
  5. @ All in One : ගොඩාක් ස්තුතියි යාළුවා..

    ReplyDelete
  6. @ කල්හාර දිසානායක : ගොඩාක් ස්තූතියි අයියේ..

    ReplyDelete
  7. @ Kasun : ඔව් මල්ලී.. පූජා නැතිවෙලා අවුරුද්දකට විතර පස්සේ.. එයාගේ අම්මා තමයි මට එක ගෙනත් දුන්නේ..

    ReplyDelete
  8. @ හිස් අහස : ඔව් සදරු මල්ලී.. කවියකට සින්දුවකට, ඒ මතකය ඒ විදිහටම අපි ලගට ගේන්න පුළුවන්..

    ReplyDelete
  9. :D ලස්සනයි අයියෙ... :D

    ReplyDelete
  10. පද ටික ලස්සනයි. ඒත් තේරුම හිතට දැනෙද්දි ඇස් වලට කඳුලු එනවා.

    ReplyDelete
  11. @ සුළගිල්ල : ගොඩාක් ස්තුතියි මල්ලියේ...

    ReplyDelete
  12. @ පිණිබිදු : වෙන්වීම හිතකට දරාගන්න ගොඩාක් අමාරුයි..

    ReplyDelete
  13. "පරිස්සමට අරන් තියා ගත්ත නුඹේ කවි පොතේ පිටු අතර
    සමහර පිටු තෙත් වෙලා හඬලම මම නුඹේ කවි වලට
    ඒ තරම්ම සොදුරුව නුඹ දැකපු අපේ ආදරය
    සිහිනයක්ව බොද උන හැටි තවමත් පිළිගන්නේ නෑ මම.."

    ඒ කවිත් එක්ක බැඳුණු මතක හැමදාම හිත් වල රැඳිලා අපිත් එක්කම ජීවත්වේවි..
    හිත රැඳුණු කවියක්.. ගැලපුම ඇත්තටම ලස්සනයි.. :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්