Monday, 16 May 2011

නුඹ නොඑන මග




නුඹ නොඑන මග දිග
වැටුන මල් පාවඩ
හිනැහේවි තවම
නොදැන නුඹ නොඑන වග..

මල් සැලේවි එකින් එක
සරසලා පාවඩ මග දෙපස
එකම එක බලාපොරොත්තුවකට
නුඹ පිළිගන්න කුමරියක් ලෙසට..

එදත් මේ වගේම මල් පාවඩ
වැටුනා නුඹ යලි නොඑන්නම ගිය දින
නුඹේ පහසට වැටුනමුත් මල් හැම
කවුරුවත් දන්නෙ නෑ නුඹ යලිත් නොඑන බව..

මල් පාවඩ තවම බැස යන හිරුත් අභියස
බලා හිදින මා ලගට හිමිහිට
ඇවිත් විමසද්දි නුඹ පමා ඇයි බව
කොහොම මම පවසම්ද නුඹ නොඑන බව..

18 comments:

  1. නොඑන නමුදු යලිත්
    ගතින් මා නුඹ වෙතට
    සිත තවම නුඹ ලඟයි
    මේ මල් කැකුළු සේම
    පිවිතුරුව....

    ReplyDelete
  2. puduma lassanak malli....kiyanna mata vachana madi..oyage poems gana malli.suba anagathayak pathanava!

    ReplyDelete
  3. @ StArry ANgeL :
    පිවිතුරුව නුඹෙ සෙනෙහස තවම
    මගේ හිත ලග ගීතයක්ව
    ඇවිත් ගයා යන මිහිරි තනුව
    අසන්නට නුඹ ඉන්නවනම් මා ලග..

    ReplyDelete
  4. @ Dilu : ගොඩාක් ස්තුතියි දිලු අක්කේ...

    ReplyDelete
  5. මාර අදහස් ටිකක්නෙඩ ..... නියමයි .....

    ReplyDelete
  6. ලස්සන කවිය අයියේ

    ReplyDelete
  7. ඇය නොඑන බව නොදැන
    පිපුණු මල් පාවඩ
    රිදවන්නෙද
    ඇය නොඑන බව දැන දැනද
    මග බලා සිටිනා නුඹව?

    සුන්දර කව් පෙළක් මල්ලි. ජය!

    ReplyDelete
  8. හීනීවට හිතට කාවැදුන කවියක් .. අන්තිම කවියට මම ගොඩක් කැමතියි ..

    ReplyDelete
  9. @ කල්හාර : ගොඩක් ස්තුතියි අයියේ...

    ReplyDelete
  10. @ බීටා : ස්තුතියි මල්ලී..

    ReplyDelete
  11. @ නලිනි චන්දිමා :

    මල් පාවඩ ඇවිත් හිත ලගට
    ගෙන එද්දී ඇගේ මතකය හිතට
    දැන දැනම ඇය නොඑන බව
    මග බලා ඉන්න මා හඩවද්දි
    ඉනූ කදුළු නෙතග හිමිහිට
    සගවගමි මල් වලට රහසින...

    ReplyDelete
  12. @ හිස් අහස : ගොඩක් ස්තූතියි සදරු...

    ReplyDelete
  13. අපොයි.... :)
    ඔන්න ඕවා අමතක කරලා දාන්න දිනේශ් අයියේ...
    පින් බර වෙසක් මංගල්‍යයක් වේවා!!

    ReplyDelete
  14. @ රත්ගමයා : ඒක හිතන තරම් ලෙසි දෙයක් නෙමෙයි මල්ලී...

    ReplyDelete
  15. @ සුළගිල්ල : ස්තුතියි...

    ReplyDelete
  16. ලස්සන කවි පද ටිකක් !!!!!

    ReplyDelete
  17. @ මධුරංග : ගොඩාක් ස්තුතියි යාළුවා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්