Saturday, 7 May 2011

කවියක් නොවු නුඹ 4

           සාරංග එදින සවස් වන තුරුම ගත කලේ වැව් ඉස්මත්තේ හා ඊට යාබද පෙදෙස් වල ඔහු සිත් ගත් දෑ කැමරාවට නතු කර ගනිමින්ය.. සාරංගගේ හිත කවදත් මෙවන් මොහොතකදි සතුටින් තිබුනත් රුවන්ට නම් එකාකාරී  දවස විඩාබර වී තිබුනි..

" මොකද රුවන් මූන එල්ලගෙන.. මේ ටිකටම එපා උනාද? "  සාරංග විමසුවේ රුවන්ගේ නිහැඩියාව බිදලමින්ය..

" නෑ මහත්තයෝ.. මට ඉතින් ඕවා තේරෙන්නේ නෑනේ.."

" මමත් මුලින් කිසි දෙයක් දන්නෑ රුවන්.. හවස් වෙන්නත් ආපු එකේ අපි දැන් යමු.."

" හා මහත්තයෝ.."

          රුවන් වාහනය හරවාගෙන සාරංග එනතුරු බලා සිටියේය.. තව මොහොතක් එතැන සුන්දරත්වය කැමරාවට නතුකර ගත් සාරංග වාහනයට ගොඩ විය.. වාහනට ආයෙත් තානායමට එන තුරුම එහි තුල රැදුනේ දිගු නිහැඩියාවකි.. තානායම දොරටුව ලග පැමිණි වාහනයෙන් සාරංග බැස ගත්තේය..

" රුවන් හෙටත් එනවනේ? "  සාරංග හාස්‍යට මෙන් ඇසුවේ රුවන්ට සාරංගට මග පෙන්වීම එපා වී ඇතැයි සිතාගෙනය..

" හෙට නම් මගේ නිවාඩු දවස මහත්තයෝ.. හෙට අපේ ගමේ උත්සවයක් තියෙනවා.. මං එන්නම් මහත්තයා එහේ එක්කන් යන්න.."

" හ්ම්ම්... හොදයි.. එහෙනම් අද වෙලාවටම එන්න රුවන්.."

            රුවන්ට සමුදුන් සාරංග ඔහුගේ කාමරය වෙත පිය මැන්නේය.. කාමරයට ඇතුළු වත්ම කාමරයෙන් හමා ආ අරලිය මල් සුවද සාරංගගේ හිත ලග නැවතුනේය.. කාමරය පුරා බැලූ ඔහුට අවසානයේ ජනේලය ලග පුන්චි මල් බදුනක තබා තිබුන අරලිය මල් කිණිත්තක් නෙත ගැටුනේය..

         අරලිය මල් සුවද දිගේ මල් කිණිත්තට ලං උන සාරංග මල් කිණිත්ත අතට ගත්තේය.. මොහොතක් මල් දෙස බලා උන් සාරංගට ඇය බයෙන් බලා සිටි අයුරු මතක් වී සිනා රැල්ලක් මුවගට ආවේය.. මල් තබා යන්නට ඇත්තේ ඇය බව සාරංග සිතුවේය.. 

             මල් කිණිත්ත යලිත් මල් බදුනේ තැබූ සාරංග ඔහුගේ පරිඝණකය ක්‍රියා කරවාගෙන ඔහු කැමරාවට නතු කර ගත් චායාරූප බලන්නට විය.. සැදෑව හෙමින් ගලා එත්ම ඒ අදුර වේගවත් කල කළු වලාවක් නිසා පොද වැස්සක් ඇද වැටෙන්නට විය.. 

            පරිඝණකය ලගම සිරවී උන් සාරංගට ඈතින් කවුරුන් හෝ සිනා සෙන හඩක් සවනත වැටුනේය.. පරිඝණකයට මදකට සමුදුන් සාරංග ජනේලය ලගට කිට්ටු විය.. තානායමේ නැවතී උන් පොඩි එවුන් ටිකක් වැටෙන පොද වැස්සට ආසාවෙන් එළියේ දග කරමින් සිටියේය.. ඔවුන් සමග සාරංගට උදයේ හමුවූ ඇයද සිටිනු දැක සාරංග වඩාත් ඕනෑකමින් ඔවුන් දෙස බලා සිටියේය..

           පුන්චි එවුන් ටික වගේම ඇයත් පොද වැස්සට ආසාවෙන් එහි දග කරමින් සිටියාය.. පුන්ච් එවුන්ටත් වඩා සතුටක් ඇය ඉන් ලබන බව සාරංගට දැනුනේය.. බයෙන් තමන් දෙස බලා උන් දෙනෙතට වඩා අහිංසක සොදුරු දෙනෙතක් එවෙලේ සාරංගගේ නෙත ගැටුනේය.. සාරංග සියල්ල අමතක වූවාක් මෙන් ඒ දෙස බලා සිටියේය..

          මොහොතකින් සාරංගව දුටු ඇය පුන්ච් එවුන් ටික ලගට කර ගනිමින් සාරංග දෙස බලා සිටියේය.. 

" සමාවෙන්න මහත්තයා අපි නිසා කරදරයක් උනා නම්.."

" කරදරයක්? "

" අපේ සෙල්ලම නිසා.."

" නැහැ.. නැහැ.. "

           ඒ වෙනකොටත් වැස්ස ටිකෙන් ටික අඩු වෙමින් තිබුනේය.. ඒ නිසාම පුන්චි එවුන්ගේ මුහුණු වල කලින් තිබුන සතුට ටිකක් අඩුවි තිබුනේය.. සාරංග දෙස බලා සිනාසුන ඇය පුන්චි එවුන් ටිකත් සමග එතැනින් නික්මී ගියේය..

11 comments:

  1. මැදැයි...මුල් ටිම ඉදලම කියවන්න ඕනේ නේ....කියවලා එන්නම්... :)

    ReplyDelete
  2. @ රත්ගමයා : ඔව් මලයා ගොඩ කාලෙකින්නේ ආවේ...

    ReplyDelete
  3. @ Starry Angel : ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  4. කෙල්ලට හිත යන්න වගේ යන්නේ කියවල බලමුකෝ ඉතුරු එකත්

    ReplyDelete
  5. ම්ම්..සොදුරු ආදර කතාවක ඇරඹුමක් වගේ

    ReplyDelete
  6. දැනුයි දැක්කේ ඔයාගේ කලින් කතාව ලස්සන නිසාම මේකත් බලන්න මම එකතු උනා ... තවම ඉතින් එක කොටසයි නේ ඉස්සරහට දෙන්නම් අදහස් ගානට .. කොහොමත් ඔයා ලියන කතාවල අමුතු නැචුරල් ගතියක් තියනවා ..

    ReplyDelete
  7. දැන් නම් කතාව කොයි යහාක ගලාගෙන යනවද කියලා හිතා ගන්න බෑ.ලස්සනයි. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න.

    ReplyDelete
  8. අරලිය මල් සුවඳ පස්සෙ යන්න වගේ! බලමු බලමු ඉතුරු කොටස ලිව්වම. :D

    ReplyDelete
  9. යං යං ඔහොම යං ........ අපි ඉන්නවා බලාගෙන ........

    ReplyDelete
  10. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ, කතාවකුත් පටන් ගෙන.
    ලස්සනයි ඉතිරි ටිකත් බලමුකෝ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්