Sunday, 1 May 2011

කවියක් නොවු නුඹ 1

      ගෙවි ගිය අවුරුදු තුනක කාලය සාරංග වැඩ් පුරම ගත කලෙ ඔහුගෙ හිත රැදුන සොදුරු තැන් කැමරා කාචයට එක් කර ගනිමින්ය.. සාරංගගේ රැකියාව එය නොවුනත් ඔහු වැඩි පුරම කාලය ගත කරන්නෙ පරිසරයට ආදරය කරමින්.. සාරංගගෙ එකම ආදරය අනුශා මෙලොව හැර යාමත් එක්ක ලෝකයෙන්ම තනි උන සාරංග ඇගේ විනොදාංශය තමන්ගෙ ජිවිතය කර ගත්තෙ ඇගේ ආදරය හැමදම හිතෙ රදවගෙන..

                   සාරංග අනුශා හා පෙමින් බැදුනෙ ඔවුන් දැන හදුනා ගත් කුඩා කල සිටමය..  දෙදෙනාටම දෙමවුපියන්ගෙත් ආශිර්වාද ලැබුනද ඔවුන්ට  දෛවය පිටු  පෑවේය.. ඇගේ නික්මයාම සාරංගගේ ජීවිතය හා බැදුන සෑම තැනකටම තදින්ම බලපෑවේය.. පියාගේ ව්‍යාපාර කටයුතු වලින් ඈත් උන ඔහු කැමරාව ජීවිතයට ලංකර ගත්තේ එහි අනූශාගේ මතකය රැදී තුබු නිසාය..

            චායාරූපකරණයේ දක්ශතාවක් සාරංගට නොතිබුනත් අනූශා ඔහුට කියාදුන් මග ඔස්සේ යමින් එහි නියැලුනේ හුදෙක්ම හිතේ සතුට පතාගෙනය.. ලංකාව වටාම ඔහු සොයා ගිය සොදුරු තැන් බොහොමයක්ය.. සති ගනන් උවද ඔහු නිවසින් පිට විසු දින අනන්තය..

                   සති අන්තයට ලංවත්ම ඔහු ඔහුගේ කැමරා උපකරණ සූදානම් කරමින් සිටියේය.. විවේකීව නිවසේ රැදී උන් සාරංගගේ මව ඔහු සොයා පැමිණියේ සාරංග ගොඩාක් ආසා කල දිවුල් බීම එකක්ද අතැතිවය..

" පුතා හෙටත් කොහේ හරි යන්නද? "

" ඔවු අම්මේ.. මම උඩවලවේ යන්න කියලා.."

" පුතා වැඩි දවසක් ඉන්නේ නෑනේ? "

" ඉරිදා වෙද්දි එනවා.. ඇයි අම්මේ? "

" නැහැ.. තාත්තා පුතාට යෝජනාවක් ගෙනල්ලා.. පොය දවසේ එහෙ යමු කියලා තාත්තා කිවුවා.."

" අම්මේ.. ඇයි අම්මලා මාව තෙරුම් ගන්නේ නැත්තේ.. මට කසාද හොයන්න එපා.."

" එහෙම කියලා හරි යන්නේ නෑනේ පුතේ.. පුතා කවදා වෙනකම් මෙහෙම ඉන්නද.. අපිටත් දුකයි අනුශා දුවට උන දේ ගැන.. එහෙමයි කියලා පුතා ඔහොම ඉන්නවා අපිට බලාගෙන ඉන්න බෑනේ.."

" ඒත් අම්මේ.."

" මම දන්නෑ.. පුතා තාත්තා එක්කම එහෙනම් ඒ ගැන කතා කරගන්න.."

             සාරංග හැමදාම ගෙදරින් ගෙනා යෝජනා වලට කුමක් හෝ පවසා ඉන් මග හැරියේය.. ඔහුගේ මවද ඒ ගැන හොදාකාරවම දැනගෙන සිටි නිසාම ඊඩා වඩා ඒ ගැන කතා නොකර කාමරයෙන් පිටවී ගියාය..

                       අම්මා කාමරයෙන් නික්මුනේ හිතේ දුකින් බව සාරංග දැන සිටියේය.. ඒත් ඔහුගේ හිතේ තවමත් අනූශා සිටිද්දී ගෙදරින් ගෙනෙන යෝජනා ගැන ඔහුට සිතිය නොහැක.. සූදානම් කරමින් උන් ගමන් මල්ල පසෙක හල ඔහු අනූශාගේ පින්තූරයක් දෑතට ගෙන ඇගේ මතක අතර සැරි සැරුවේය..

                   කාලය කොතරම් ගෙවී ගියාදැයි සාරංගට නොදැනුනි.. ඇගේ මතක ලොවින් ඔහු මිදුනේ යලි මවගේ හඩ ඇසීමත් සමගය..

" පුතා.. කෑමට එන්නේ නැද්ද? තාත්තා කෑම මේසෙට ඇවිල්ලත් ඉවරයි.."

" හරි අම්මේ.. මම ඉක්මනට එන්නම්.."

             දෑස් අග වැටෙන්නට පෙර මග බලා උන් කඳුළු බිදුව පිසදු සාරංග කිසිවක් නොහගවා පහලට ආවේය.. නිහඩවම කෑම මේසයේ වාඩිවී උන් සාරංග දෙස කීප වරක්ම උවමනාවෙන් බැලූ ඔහුගේ පියා මොහොතකට පසුව අම්මා ගෙනා යෝජනාව ගැන ආයෙත් මතක් කලේය..

" ඔයා පුතාට කිවුවද සදුදා වැඩේ ගැන? " තාත්තා අම්මගෙන් විමසුවේය..

" ඔවු මම කිවුවා.. පුතා හෙට උඩවලවේ යනවලු.. "

" ඒ කියන්නේ මෙකටත් අකමැතියි කියන එකද? "  එවර ඔහු ටිකක් තදින් විමසුවේය..

        කිසිවක් නොකියා සාරංග බිම බලාගෙන සිටියේය..

" පුතේ අපි මේ ඔයාට කරන්න හදන්නේ නරකක් නෙමෙයි.. අපි තව කී දවසක් ජීවත් වෙයිද කියන්න දන්නෑ.. එහෙම එකේ අපි කැමතියි පුතා පිළිවෙලක් වෙලා ලස්සනට ඉන්නවා බලන්න.."

" හොදයි තාත්තේ.. මම එන්නම්.. "

            සාරංග එය මග හැරීමට නොහැකි නිසාම එසේ පැවසුවේය.. මවත් පියාත් ඔහුගේ වදනින් මහත් සේ සතුටු වූ බව ඔවුන්ගේ දෑසින් සාරංග දුටුවේය..


16 comments:

  1. අලුත් කතාවක් පටන්ගෙන. අම්මලාගෙන් ඔය තියෙන වදේ ගැනනම් කියලා වැඩක් නෑ. හරිම තාත්විකයි. :D

    ReplyDelete
  2. මරු මරු අලුත් කතාවක පටන් ගැන්නම්ක්.......
    මට නම් නිකන් කියවන එක තමා මොකෑ කියනවම් මේ වයසට මොන කසාද හෙවිල්ලක්ද බීටට
    ඊලඟ කොටසත් දාන්න කියවන්න බලාන ඉන්නවා

    ReplyDelete
  3. @ නලිනි චන්දිමා : ඒ කියන්නේ අක්කටත් දැන් ගෙදරින් බල කරනවද...
    ස්තුතියි අක්කේ.. හැමදාම කතාවත් එක්ක ඉන්න..

    ReplyDelete
  4. @ බීටා : ස්තූතියි මලේ.. ඔව් ඉතින් ඔයාට ගෙදරින් හොයන්න ඕන නෑනේ.. හොයාගෙනනේ ඉන්නේ... :)

    ReplyDelete
  5. ඔය තියෙන්නේ දෙනේ ගෙන් අලුත් කතාවක් ... එහෙමනම් අපිත් ඔන්න ඉදිරිපස අසුනක් වෙන්කරගත්තා කතාව බලන්න .. එලටම ලියන්න !!

    ReplyDelete
  6. @ හිස් අහස : හොදමයි මල්ලී.. ස්තුතියි සහයෝගයට.. ආසාවෙන් කියවන ඔයාල වෙනුවෙන් කතාවෙන් උපරිම සාදාරණයක් ඉටු කරන්නම්..

    ReplyDelete
  7. ආයෙත් ලස්සන කතාවක් පටන් අරන් වගේ. ඉක්මනට අනිත් කොටසත් දාන්න..

    ReplyDelete
  8. අත්තටනම් කාටවත් මෙහෙම දෙයක්නම් එන්න එපා නේද​??

    ReplyDelete
  9. @ පිණිබිදු : ස්තුතියි ගොඩාක්.. හරි ඉක්කමනට ලියන්නම්..

    ReplyDelete
  10. @ යසියා : ජීවිතයකට මෙහෙම උනාම ඒ ජීවිතේ පුදුම විදිහට තනිවෙනවා යාළුවා..

    ReplyDelete
  11. බලන්නකෝ දිනේශ් අයියේ මම එද්දි හුගාක් පරක්කුයි..මට මේ ටිකේම ඉස්කෝලේ..එහෙම ට තමයි බ්ලොග් පැත්තේ කැරකෙන්නේ.. අද තමයි මට මේක හම්බුනේ..මේක නෙමේ මේකේ දෙවෙනි කොටස.. අයියෝ..මග හැරිලා අයියාගේ කතා මම එදා ඉදන්ම කියෝනවා...

    අනික මම එද්දි අද ඔයාගේ බ්ලොග් එකට අලුත් ඇදුමකුත් අන්දලා නේද.. ලස්සනයි..එත් කතාව ලියන පැත්ත හුගාක් තල්ලු කරලා දාලා වගේ...මට හිතුන හැටි අයියේ...එත් තිම් එක නම් හරිම ලස්සනයි...

    කතව නම් අයියේ වෙනද වගේමයි ලස්සනයි..

    ReplyDelete
  12. කථාවට අඩිතාලම වැටුන විදිය දැනගන්න පුලුවන්ද?

    ReplyDelete
  13. මට හිතෙන්නේ ඔය උඩවලව ගමනෙන් සාරංගගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලෙයි කියලා. මම එහෙම හිතුවට කතුවරයා යතුරු පුවරුව හසුරවන විදිහෙන් නේ කතාව කොයි පැත්තට ගලාගෙන යනවද කියලා තීරණය වෙන්නේ.

    ලස්සනයි කතාව. කොටස් දෙකම කියෙව්වා. කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
  14. @ නිම්ශා : ස්තුතියි නංගි ගොඩාක්.. ඔයා කොහොමත් මේ පැත්තේ ඇවිත් යන බව මම දන්නවනේ..
    තීම් එක දැක්ක ගමන් ආස හිතුන නිසා මරු කලේ.. අපි මලයත් ඔකම කිව්වා.. බලමු වෙන හොද එකක් හොයාගන්නකම් මේක තියනවා..

    ReplyDelete
  15. @ යසියා : මම මේ කතාව පටන් ගත්තේ මගේ මුල්ම කතාව ඉවර කරපු තැනින්.. " ආදරයට ආදරයෙන් " කියලා මම ඒක ලිව්වේ.. එක ඇත්ත කතාවක්.. ඒත් මං මේ ලියන එකනම් මගේ හිතේ මැවෙන කතාවක් විතරයි..

    ReplyDelete
  16. @ මධුරංග : සාරංගගේ ජීවිතේ වෙනසක් නම් වේවි.. ඒත් එක කොහොම වේවිද කියලා ඊලග කොටස් වලදී දකින්න පුළුවන් වේවි.. ගොඩාක් ස්තුතියි යාළුවා අදහසට..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්