Sunday, 24 April 2011

මම අද තනියම




නුඹ දුන්න හාදුවේ උණුසුම
දැනෙනවා තව මේ කම්මුල් වල
නුඹ දෙනෙතින් පැවසුව ආදරය
මැවෙනවා තව මගේ දෑස් අද්දරම..

නුඹේ මතකය ඉතිරි කර ගිය
අපි තුරුළු උන ඒ සැදෑ වෙරළ තෙර
නුඹ නැතත් මම අද තනියම
විදගන්න එහි අපෙ මතකයෙ මිහිර..

පුන්චි දරුවන් අතර හිනැහුන
නොදරුවෙක් විලස රැලි අතර
දගකෙරුව ඒ හිතැත්තිය අද
සොයද්දි වෙරළ මා කුමක් පවසම්ද..

ජීවිතය විදගන්න නුඹ ඉතිරි කර ගිය
පූජනීය ආදරේ මතක මාලිගා අතර
මේ කඳුළු සගවගෙන නුඹ නිසාම
හිනැහෙමි මම නුඹ දුන්න ආදරේ හින්දම..

16 comments:

  1. තනි වූවත් උඹ අද
    අතීතයේ ඒ සුන්දර මතක
    තනිකම පිරුනු නුඹේ ලොවට
    එළියක් වී රැදේවී සිත් කොනක

    ReplyDelete
  2. "මේ කඳුළු සගවගෙන නුඹ නිසාම
    හිනැහෙමි මම නුඹ දුන්න ආදරේ හින්දම.."

    වෙන මොනාද ආදරේ ඇරෙන්න

    ReplyDelete
  3. කඳුළු සඟාවාගෙන මතකයන් එක්ක ආදරේ හින්දම හිනා වෙන්න පුලුවන් වෙන එක කොච්චර හොඳද

    ReplyDelete
  4. කවදාකවත් කෙල්ලෙකුට බොක්කෙන්ම ආදරේ කරන්න එපා !! එතකොට කවදාවත් දුක්වෙන්න වෙන එකක් නෑ

    ReplyDelete
  5. @ බීටා

    එළියක් වේවි
    නුඹේ මතකය
    ජීවිතේ ගෙනියන්න
    මින් ඉදිරියට..

    ReplyDelete
  6. @ පිණිබිදු : ඒකනේ වෙන මොනවා කරන්නද

    ReplyDelete
  7. @ අයේශා : ඒක ඇත්ත අක්කේ.. හැමදේම ආදරේ නිසානේ...

    ReplyDelete
  8. @ හිස් අහස : ඒ මොකද මල්ලී එහෙම කියන්නේ..

    ReplyDelete
  9. ලස්සනයි..!
    තව තව ලියන්න.. :)

    ReplyDelete
  10. @ සුළගිල්ල : තැන්ක්ස් මල්ලි...

    ReplyDelete
  11. @ Muthu Paba : ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  12. හරිම ලස්සනයි මල්ලි!

    ReplyDelete
  13. මතකයන් අතරේ සැරිසරමින්
    අමතක වූ මතකයන් සොයමින්
    ඔබේ ආදරය රඳවා ගන්නේ මම
    ඔබ නැති දුක අමතක කරන්නද.....

    ReplyDelete
  14. @ Dilu : ගොඩාක් ස්තුතියි අක්කෙ...

    ReplyDelete
  15. @ හිරණ්‍ය

    නුඹ නැති දින මගෙ තනියට
    සුසුම් රැල් අතර ගැලුව කදුළු
    පිසලන්නට මම හදවතට
    ලන් කර ගත්තා ඔබෙ මතකය...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්