Saturday, 23 April 2011

අපේ තාත්තා...

          මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ තමයි මගේ තාත්තා.. මම මේ කියන්න උත්සාහ කරන්නේ වෙනදා ලියවෙන පිය පුතු ආදරයට වඩා ගොඩාක් වෙනස් කතාවක්.. මට මේ ලිපිය ලියන්න මුලින්ම හිතුනේ මීට දවස් කීපයකට කලින් උන පුන්චි සිදුවීමක් හරහා.. මම මුලින් ඒ කතාව කියලා ඉන්නම්..

                       අපෙ තාත්තා අවුරුදු 18ක්ම රස්සාව කලේ ඉතාලියේ.. මම ඉස්කෝලේ 1 පන්තියේ ඉන්නකොට තමයි තාත්තා ඉතාලි ආවේ.. ගොඩාක් ලොකු කාලයක් නේද කියලා හිතුනට අවුරුදු 25 -30 ඉතාලියේම ඉන්න අපේ අය ගොඩක් ඉන්නවා කියලා මම දැනගත්තෙත් මෙහෙ ආවට පස්සේ.. කොහොම හරි මේ අප්‍රේල් මාසේ තාත්තා අවුරුදු 18ක ඉතාලි ජීවිතයට සමුදිලා ලංකාවට ගියා..

                  ඉරිදා නිවාඩු දවසක තාත්තා එයාගේ ලිපි ලේඛණ ඔක්කොම තියාගෙන අවුස්සන වෙලාවක මමත් ගිහින් තාත්තා එක්ක කතාවට වැටුනා.. අපි ඉතින් මෙහෙ ඉන්නකම් හැමදාම පරිස්සම් කරන්න ඕන ඩොකියුමන්ට්ස් ගොඩාක් තියෙනවා.. ඒ ගැන සමහරු දන්නවා ඇති.. ඉතින් දැන් මේ සමහර දේවල් වැඩක් නෑ නේද කියලා තාත්තා කුණු බෑග් එකක් පිරෙනකම්ම ඒ වෙනකොටත් කොල ඉරල දාලයි තිබුනේ.. 

         මම ඉතින් අරෙහෙන් මෙහෙන් ඒවා බල බලා ඉද්දි තාත්තා පරණ ඩයිරියක් අතට අරන් මං දිහා බලලා හිනා උනා.. ඒ ඇයි කියලා හිතාගන්න බැරි උන නිසා මම තාත්තගෙන් ඒ ඇයිද කියල අහද්දි තාත්තා ඒ ඩයිරිය ඇතුලේ තිබිලා කොලයක් අරන් මට කියවන්න කියලා දුන්නා.. ඒක ටිකක් පරණ වීගෙන ගිහින් තිබුන නිසා මමත් පරිස්සමට දිග ඇරලා බැළුවා ඒ මොකද්ද කියලා.. 

           ඒ කොලේ පුරාවට තිබුනේ ලොකු අකුරෙන් ඇදේට ලියාගෙන ගිය ලියුමක්.. ඒ වෙන කාගෙවත් නෙමෙයි මම මීට ගොඩක් කාලෙකට කලින් තාත්තට ලියපු ලියුමක්.. ඒ ලියුම කවදා ලියපු එකක්ද කියලා මං එවෙලේ දැනන් හිටියේ නැහැ.. 

..............

තාත්තා,

මම හොදින් ඉන්නවා.. ඉස්කොලේ හැමදාම යනවා.. අළුත් පන්තිය හොදයි.. මට පැන්සල් දාන් යන්න පෙට්ටියක් එවන්න..

සුදූ

..............

           කොලේ පුරාවටම මම ලොකු අකුරෙන් ලියලා තිබුනේ ඔන්න ඔය වචන පේලී කීපය.. ඒ ලියුම කියවලා ඉවරවෙන්නත් කලින්ම මගේ ඇස් වලට කඳුළු ආවා.. මම තාත්තා දිහා බලද්දි තාත්තා මන් දිහා බලගෙන හිනා උනා..

" මම මේක කවද්ද තාත්තේ ලිවුව්වේ? " මං ඇහුවා..

" ඕක මම මේහෙ ආවට පස්සේ පුතා එවපු පළවෙනි ලියුම.. 94දි විතර.."  තාත්තා කිවුවා..

                 ඒ කියන්නේ අවුරුදු 17කට කලින්.. මගේ ඇස් වලට ආපු කඳුළු මට නවත්තගන්න බැරි උනා.. එහෙමම තාත්තට තුරුළු උන මම ටික වේලාවක් එහෙම්මම හිටියා.. මට ඒ ලියුම ලියපු දවසවත් මතක නැති උනත් තාත්තා මම එවපු ඒ ලියුම අවුරුදු 17ක් පරිස්සම් කරලා නේද කියලා මට හිතුනා.. 

                 පහුගිය අවුරුදු 3 තමයි මට තාත්තා එක්ක ගොඩක් ලං වෙලා ඉන්න ලැබුන කාලය.. වෙනදට අවුරුද්දකට සැරයක් මාස දෙක තුනයි තාත්තා එක්ක ඉන්න ලැබෙන්නේ.. දැන් ආයෙත් ඒ සෙනෙහස මගෙන් දුරස් වෙලා.. තාත්තා අපි අද මේ ඉන්න තත්වෙට ගේන්න ගොඩක් මහන්සි උනා.. ඒ දේවල් මම පස්සේ ලිපියකින් කියන්නම්.. 



10 comments:

  1. අනේ අපෝයි ... මමනම් මගේ තාත්තා ගැන දැන් හිතනේ වත් නෑ හිතනකොට දුක වැඩියි ..

    මම මේක කියෙවුවෙත් උඩින් පල්ලන් .. කමක් නෑ ඔයාට ජයක්ම වෙන්න ඕන ...

    ReplyDelete
  2. HArila lassana story ekak ayya.. man godak asai ..
    sindiye nethi unata mamath blog ekak karanawa.. :' _ http://thanikamak.tk/

    ReplyDelete
  3. ඇත්තටම ලස්සන මතකයක්................

    ReplyDelete
  4. @ හිස් අහස : දුක් වෙන්න එපා මල්ලි.. දුක වැඩි වෙනවානම් කියෙවුවෙ නෑ කියලා අමනාපයක් මගෙ නෑ...

    ReplyDelete
  5. @ Anonymous : ස්තුතියි යාළුවා.. ඔන්න මම ඔයාගෙ බ්ලොග් එක පැත්තටත් ආවා...

    ReplyDelete
  6. @ බිටා : ඔව් මල්ලි.. ඇත්තටම එක දැක්කම මගෙ හිතට ලොකු සතුටක් දැනුනා...

    ReplyDelete
  7. ලොල් නම් නැතය. අයියෙ ඔයා ඔය ලිවුම ලියල තියෙන්නෙ මම ඉපදුනු අවුරුද්දෙම නොවැ. අඩෙ අපි උක්කුන් බොන කොට මෙයැයිල ලිවුනුත් ලියනවා.. හික්ය.

    ReplyDelete
  8. @ සුළගිල්ල : හොද වෙලාවට මම තාත්තට ලියුම ලිවුවෙ... නැත්නම් ඉදලා ඉවරයි...:D

    ReplyDelete
  9. oya wasavanta kenek malli...demapiya senehasa labena eka jivitheta labena lokuma shakthiya!

    ReplyDelete
  10. @ Dilu අක්කා : ඔව් අක්කෙ.. මම ගොඩක් වාසනාවන්තයි මෙ දෙමව්පියො ලබන්න...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්