Saturday, 16 April 2011

කඩුපුල් මල : අවසාන කොටස

                 අයේශා ඇගේ බොදවි යන හීන ගොන්න ලග කඳුළු සලමින් සිටින්නීය.. අසරණවූ ඇය පිළිසරණක් නොමැතිව වද වේදනා ඉවසාගෙන සිටියාය.. කෲර වූ ඔවුන්ගේ සිත් සෑහීමට පත් වන තුරුම ඔවුන් අයේශාට වේදනා දුන්නේය.. කිසිවක් කර ගත නොහැකිවු අයේශා අගේ ආදරේ නාමයෙන් සියල්ල විද දරා ගත්තාය.. එහෙත් ඈ ඇගේ ආදරය කිසිවිටෙක අමතක නොකලාය..

              යන්තම හුස්ම වැටෙමින් තිබුනූ අයේශාට ඈ ඉල්ලා කෑ ගැසූ මරණය ඔවුන් තෑගි නොකලේය.. ඔවුන්ගේ කුරිරු හදවත් තුල අයේශාට අනුකම්පාවක් නොතිබුනී.. ඔවුන් ඇයව යලිත් ඇය සිටි කාමරයට ගෙන ගොස් අගුළු දැමුවේය..

            මුළු ගතම වේදනාවෙන් වෙලි ගියද අයේශාගේ ආදරය බිදුවක් වත් අඩු නොවුනාය.. ඈ ඈතින් වැටි ඇටි සද එළිය දෙස බලා කල්පනා කරන්නට වූවාය.. 

" කල්ප ඔයා හොදින් නේද? " 

            ඇය ඇයගෙන්ම ඇසු එකම පැනය එය විය.. කල්පටත් තමන්ට මෙන්ම කරදර විදින්නට සිදුවනවාදැයි ඇය සිතුවාය.. තමන් සොයා ඔහු යලි නාවත් කල්පගේ ජීවිතයට අනතුරක් නොදෙන්නයි ඈ දෙවියන්ගෙන් ඉල්ලුවාය..

                දෑසින් ගලා ආ කඳුළු බිදු අතරම හිතට දැනුන වේදනාවෙන් ඇගේ දෑස පියවෙන්නට ආසන්නය.. මුළු ලෝකයම ඈ ඉදිරිපිට නැවතී ඇති මෙන් ඇයට දැනුනාය.. සුසුමේ වේගය එකින් එක අඩුවී යද්දී ඇය සිනා සුනාය.. මරණය තමන් ලගමයි ඈ සිතුවාය..

               මොහොතක වෙලී ගිය දැහැන බිද දමමින් යලි දොරගළු විවෘත විය.. චායා දෙකක් ඈ ඉදිරිපස මැවනූ ඈ දුටුවාය.. ඈ ගතින් දුර්වල නිසාම ඇයට ඒ කවුරුන්දැයි හදුනා ගත් නොහැකිය..

" අයේශා.."

             ඒ හඩ හුරු පුරුදුය.. නමුත් ඒ කවුදැයි ඇයට හදුනා ගත නොහැකිය.. මද වේලාවක් දෙලොවක් අතර උන් ඇය ඒ හඩත් සමග අවදි වූවාය..

" කල්ප.." 

                 කිසිවක් පවසන්නට මත්තෙන්ම ඔහු ඇයව තුරුළුකර ගත්තාය.. අයේශාට ඇගේ කඳුළු නැවතිය නිහැකිව ඇගේ හිත සැනසෙන තුරු හැඩුවාය.. කිසිවක් නොපැවසු කල්ප ඇයට දුක අඩුවන තුරු හඩන්නට ඉඩ දුන්නේය..

            මොහොතක් කල්පගේ තුරුලේ උන් අයේශා දෙනෙත් විවර කල කල්ප දෙස බැලුවාය.. ඔහුගේ හිස වටා වෙළුනු වෙළුම් පටියකි.. මුහුනේ තුවාල කැළැල් දුටු අයේශා කලබල වූවාය..

" ඔයාට මොකද උනේ කල්ප.."

" ඒක දිග කතාවක් අයේශා.. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.. අපි ඉස්සෙල්ලා මෙතනින් යමු.."

" කල්ප.. මැඩම්.."

" එයා ගැන බය වෙන්න එපා.. එයා ගැන දැන් පොලීසිය බලා ගනීවී.."

" ඒත් ඔයා කොහොමද මෙතන දැන ගත්තේ? "

" හිමාශි තමයි මට උදවු කලේ.. අපි ඉක්මනට ඉස්පිරිතාලෙට යමු.. ඔයාට ගොඩක් අමාරුයි.."

                 අයේශාව දෑතට ගත් කල්ප ඇයව රෝහලට  රැගෙන ගියේය.. කල්පගේ පපුවට තුරුළු උන ඇය දිගු හුස්මක් හෙලුවාය.. 

............................

                  දින කීපයක් රෝහලේ නැවතී උන අයේශා ටිකෙන් ටික සුවය ලබමින් සිටියාය.. ඇය දැන් නිදහස්ය.. අගේ ගෙවී ගිය ජීවිතය ඇයට දැන් අතීතයක් වී ඇත.. දෙමවුපියන්ගේ හදිසි මරණය ඇගේ ජීවිතය කොතරම් දුරකට තල්ලු කලාදැයි ඇය කල්පනා කලාය.. 

             ඇයට අහම්බෙන් හමුවු කල්ප නොසිටින්න ඇය තවමත් නිදහසේ හීන දකිමින් සිටින්නීය.. කල්පගේ ආදරය ඇගේ ජීවිතයට ගෙනා ආලෝකය ඇයට මහ මෙරක් බදුය.. 

" මොනවද බං තාමත් ඔච්චර කල්පනා කරන්නේ.."

           හිමාශී ඇගේ කල්පනාව බිදලමින් විමසුවාය.. හිමාශිව වැළදගත් අයේශා ඇයට ස්තූති කලාය..

" හිමාශී ඔයා නොහිටින්න මම මේ වෙනකොටත් මැරිලා" ඇය පැවසුවාය..

" මට නෙමෙයි බං කල්පටයි ස්තුති කරන්න ඕන.. කල්ප නිසා අද අපේ ජීවිතත් නිදහස්.. "   ඇය හදවතින්ම පැවසුවාය.. 

" මොනවද දෙන්නා කතාකරන්නේ? "  කල්ප ඔවුන් අතරට එමින් විමසීය..

" දැන් කොහොමද අයේශා.. ඔයාට අද ගෙදර යන්න පුළුවන්ලු.. මම හැමදේම ලෑස්ති කලා.. "

                      අයේශාගේ දෑසට කඳුළු ගලා එන්නට විය.. මෙතරම් ආදරය කරන කෙනෙක් ඇයට හමුවීම ගැන ඇය සතුටු වූවාය.. ඇගේ මිතුරියට සමුදුන් අයේශා කල්පගේ දෑතේ වෙලී අළුත් ගමනකට පියවර තැබුවාය.. නිදහසේ සිසිල විදිමින් උන් ඇය නව ලොවක සිහින දැක්කාය...




18 comments:

  1. ගොඩක් ලස්සන කතාවක් මල්ලි...තවත් මේ වගේම ලියන්න මම හැමදාම එන්නම් කියවන්න.....

    ReplyDelete
  2. හොඳයි ලස්සනයි, තව කතාවක් ලියමු. :)

    ReplyDelete
  3. @ සුදු හංසි : බොහොම ස්තුතියි අක්කේ දුන්න සහයෝගයට..

    ReplyDelete
  4. @ හිරණ්‍ය : ස්තුතියි යාළුවා.. තව කතාවක අදහසක් තියෙනවා.. ටික දවසකින් බලමු..

    ReplyDelete
  5. කතාව මේ කොටසෙන් ඉවර වේවි කියලා මම හිතුවේ නෑ කතාවට ඒතරම් තදින් බැඳිලා හිටපු නිසා වෙන්න ඇති .. ලස්සන කතාවක් දිනේශ් . තවත් ක්ථාවක් දෙන්න ..

    ඔයාව මුරුංගා අත්තේ තියනවා එහෙම නෙවේ . ඇත්තටම මට මේ කතාව හිතට ඇල්ලුවේ නැත්තම් මම මේ පැත්ත පලාතේ එන්නේ නෑ ඒත් මේ කතාව මම කැමතිම කතා වලින් එකක් උනා ...නියමයි දිනේශ් .. කතාව ලිවුවට බොහොම ස්තූතියි .ඔයා නියමෙට ලියන කෙනෙක්

    ReplyDelete
  6. නියම මචන් ඇත්තටම ලස්සනයි...නරකද තව කාතාවක් ලියන්න ගත්තොත්.....

    ReplyDelete
  7. ඔන්න මම කිව්වත් වගේ මුල ඉඳන්ම කතාව කියෙව්වා. කියවගෙන යද්දි බම්බලපිටිය ගල්කිස්ස හරියෙ දකින ගෑණු ළමයෙක්ගෙ මුහුණුවර එක්ක සියල්ල සිතුවම් වුණා. ‍කෙටි චිත්‍රපටියකට ගැලපෙන කතාවක්. අනික ගොඩක් ක්ලබ් වල වැඩ කරන ගෑණු ළමයින්ගෙ ඇත්ත කතාවත් අයේෂගෙ වගේ කියල මම පත්තරේක ලිපියක්න් කියවල තිබුණ. මම දන්නෙ නෑ ඊට පස්සෙ අයේෂගෙ ජීවිතේ කොහොම වෙයිද කියල. ඒත් අවසානෙ සතුටින් ඉවර වුණානේ.... :D

    ReplyDelete
  8. @ හිස් අහස : ඇත්ත මල්ලි බ්ලොග් වල අපි දෙන්නා අදුන ගත්තේ මේ කතාව හරහා.. බොහොම ස්තුතියි කමෙන්ට් එකට.. මල්ලිගේ අදහස් දිගටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  9. @ අසංක : ස්තුතියි යාළුවා.. ඔව් තව කතාවක් ලියන්න හිතාගෙන ඉන්නේ.. :)

    ReplyDelete
  10. @ hare : ඔව් යාළුවා ඔයාගේ කතාව ඇත්ත.. අපි අතර අපිට මුණගැහෙන සමහරක් දෙනෙක්ගේ කතාව මේ වගේ වෙන්න පුළුවන්.. ඒත් ඒ හැම කතාවකම අවසානය මේ වගේ සුන්දර නම් නැතුව ඇති..

    ස්තුතියි යාළුවා පොරොන්දු උන විදිහටම අවසානයේ ඔබේ අදහස එක් කලාට..

    ReplyDelete
  11. අයේෂාට සුබ ගමන්... ලස්සන කතාව මල්ලි .....

    ReplyDelete
  12. මම මේ කතාවට කොච්චර බැදිලා හිටියද කියන්න අද නිකම් ෆොන් එකෙන් ලොග් උනාම දැකලා අමාරුවෙන් ෆොන් එකෙන්ම කියවලා දැම්මා.. හොදම විදියට කතාව ඉවර කරපු එක නම් සුපර් අයියා.. හරිම ලස්සනයි.. තව තව කතා එක්ක එන්න ... ඔයට සුබ පතනවා.

    ReplyDelete
  13. අටවෙනි කොටස කියෙව්වම හිතට අමාරු වුණා දුක හිතෙන විදිහට කතාව ඉවර කරන්න හදනවද කියලා. මේ අවසානය දැක්කම හිතට සතුටුයි.
    ඉක්මණින් තව කතාවක් ලියවේවා.

    ReplyDelete
  14. @ සොදුරු සිත : බොහොම ස්තුතියි අක්කේ.. ඔව් අපි අයේශාට සුභ අනාගතයක් පතමු...

    ReplyDelete
  15. @ නිම්ශා : ස්තූතියි නංගි ඔයාගේ කමෙන්ට් එකට.. ඔයා හැමදාම මගේ කතා එක්ක එකතු වෙනවනේ.. එක මට සතුටක්..

    ReplyDelete
  16. @ නලිනි චන්දිමා : බොහොම ස්තුතියි.. ඔව් ගොඩක් දෙනෙක් හිතුවෙ එහෙම තමයි.. ඒත් සැබෑ ලෝකයේ එහෙම වෙයි කියල හිතන්න අමාරුයි..

    ReplyDelete
  17. හරිම ලස්සනයි කතාව. හින්දි ‍ෆිල්ම් එකක් වගේමයි. මමත් බයේ හිටියේ අවසානය දුක්බර වෙයිද කියලා. ඒත් මේක කියෙව්වහම හරිම සතු‍ටු හිතුනා. මම හෙනම ලයික්... :)

    ReplyDelete
  18. @ කොට ජීවිතේ : මම හිතුවා මිතුරියට කතාව මග ඇරිලා කියලා.. බොහොම ස්තුතියි කමෙන්ට් එකට..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්