Saturday, 9 April 2011

කඩුපුල් මල : පස්වන කොටස

" අයේශා ඔයාගේ නෑදෑයෝ කවුරුවත් නැද්ද? "

       උණුසුම් තේ කෝප්පය රස විදිමින් උන් කල්ප එකවරම ඇගෙන් ඇසුවේය.. 

" නැහැ මගේ කියලා කවුරුවත් මේ ලොකේ නැහැ.."

         ඈ ඔහුගෙන් දෙනෙත් වෙනතකට හරවමින් පවසත්ම තමන් ඇසුවේ අනවශ්‍ය දෙයක් බව කල්පට වැටහුනි..

" මට සමාවෙන්න අයේශා.. මම ඒක එච්චර දුර හිතලා අහපු දෙයක් නෙමෙයි.."

" සමාව ඉල්ලන්න දෙයක් නෙමෙයි කල්ප.. ඒ මතක දැන් අතීතයක් විතරයි.. 

" ඔයාගේ අකමැත්තක් නැත්නම් මම කැමතියි ඒ හැම දෙයක්ම දැන ගන්න.."

              කල්ප එසේ පවසත්ම අයේශා ඔහු දෙස ඕනෑකමින් බලා සිටියාය.. එක් දිනක් පමණක් ඇසුරු කල ඔහු සමග ඇගේ අතීත කතාව සියල්ලක්ම පවසනවාදැයි ඇය සිතන්නට වූවාය.. ඒත් ඔහුගේ දෙනෙත් තුලින් අවංක බවක් අයේශා ගෙවුන හැම තත්පරයකම දුටුවාය..ඔහු අනික් හැමෝටම වඩා වෙනස් බැවි ඇයට තේරී අවසානය.. එනිසා ඔහුට ඒ දේවල් පැවසීම වරදක් නැතැයි ඈ සිතුවාය..

" මොකද කල්පනා කරන්නේ.. ඒ දේවල් ගැන කතා කරන්න ඔයා අකමැති නම් අපි වෙන දෙයක් ගැන කතාකරමු.."

         පිළිතුරක් නැතිව තමන්  දෙස බලා සිටින අයේශාගෙන් ඔහු විමසුවේය..

" නැහැ.. එහෙම දෙයක් නෙමෙයි.. මම කැමතියි ඒ දේවල් කතා කරන්න.."

                   ඒසේ පැවසූ අයේශා කලබලකාරී පාර දෙස මොහොතක් බලා සිටියාය.. කල්පගේ දෙනෙත් දෙස බලා බිම බලාගත් ඇය එකින් එක සිය මතක අවදි කලාය.. ඇගේ හඩ පෙරට වඩා වෙනස්ය.. කල්ප ඇයට බාදා නොකර ඇගේ කතාවට සවන් දුන්නේය.. ඇගේ මතකය ඇගේ සිතුවිළි අතරින් අතීතයට ඇදී ගියාය..

.....................

" මම ඉපදුනේ ගාල්ලේ.. අපේ තාත්තා වැඩ කලේ බැංකුවක.. අම්මා කලින් ඉස්කෝලෙ ඉගැන්නුවා.. අපි සාමාන්‍ය පවුලක් උනත් අපි හිටියේ ගොඩාක් සතුටින්.. ගෙදර අග හිග කම් කොච්චර දැනුනත් අපේ ගෙදර ආදරය කවදාවත් අඩු උනේ නැහැ.." 

"සතුට ඉතිරිලා තිබුන අපේ ගෙදරට කාගේද ඇස් වහක් වැදිලද කොහේද හදිස්සියේම අපේ තාත්තා දවසක් ඇක්සිඩන්ට් උනා.. වාසනාවකට එකෙන් තාත්තාගේ ජීවිතය බේරුනා.. ඒත් ඒ අනතුරින් පස්සෙ තාත්තා හැමදාටම එක්තැන් උනා.. අපේ සතුටින් තිබුන ලෝකය ටිකින් ටික කඩා වැටෙන්න පටන් ගත්තා.. තාත්තගේ බෙහෙත් වලට ලොකු වියදමක් දරන්න අපිට සිද්ද උනා.. රස්සාවක් නොකර හිටපු අම්මට තාත්තාගේ වියදම් දරා ගන්න බැරි උනා.. අපි ගාව තිබුන හැම සතයක්ම තාත්තා වෙනුවෙන් අපි වියදම් කරා.."

" අපි සල්ලි ණයට ඉල්ල ගත්තු මිනිස්සු කාලයක් යනකොට හැමදාම අපේ දොරකඩට ඇවිත් සල්ලි ඉල්ලලා කෑ ගහන්න පටන් ගත්තා.. කිසිම දෙයක් කර ගන්න බැරි උන අම්මා මවත් තුරුළු කරන් ගේ ඇතුලේ හැංගුනා.. තාත්තගේ අත් පය වාරු නැති උනත් එයා මේ හැම දෙයක්ම දැක්කා.. එයාට මේ හැම දෙයක්ම ඇහුනා.. තාත්තා හැමදාම අපෙන් කෑ ගහලා ඉල්ලුවා මට මැරෙන්න දෙන්න කියලා.."

" මෙහෙම ඉන්න අතරවාරේ දවසක් අම්මට කඩේක වැඩ කරන්න හම්බුනා.. අපේ ප්‍රශ්ණ වලට ටිකක් හර් විසදුම් ලැබෙයි කියලා හිතාගෙන අම්මා එතනට වැඩට ගියා.. ඒ වෙනකොට මමත්  O/L ලියන්න කිට්ටු වෙලා හිටියේ.. ඉගෙන ගන්න පුළුවන් තරම් සැනසිල්ලක් හිතේ නොතිබුනත් අම්මගේ බල කිරිල්ල නිසාම මමත් ස්කෝලෙ ගියා.. "

" අම්මා රස්සාවට ගියායින් පස්සේ අපෙ ජීවිත වලට ටිකක් සහනයක් දැනුනා.. ඒත් අම්මා හිටියේ ලොකු ප්‍රශ්ණෙක කියලා මට හිතුනා.. ඒත් ඒ ගැන මට එච්චර දුරට  හිතන්න පුළුවන් උනේ නැහැ.. මම හිතුවේ තාත්තා නිසා අම්මා ඒ විදිහට ඉන්නවා කියලා.. අපේ ලෝකට ඒ වෙනකොටත් වෙන කෙනෙක්ගෙ බැල්ම වැටිල තිබුනා කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ.. අම්මා රස්සාවට ගිය තැන මුදලාලිගෙන් අම්මට අයුතු යෝජනා අනන්තවත් ඇවිත් තියෙනවා.. දවසක් ඔහුගෙන් අම්මට කරදරත් වෙලා තියෙනවා.. මේ හැමදෙයක්ම විද දරා ගන්න බැරි උන අම්මා අපි කාටත් හොරෙන් ජීවිතෙන් නික්මිලා තිබුනා.. "

" අම්මගෙ මරැණය අපිට දරාගන්න බැරි උනා.. ඒ වෙලේ මම ගොඩාක් අසරණ උනා.. තාත්තගේ වගකීම් කරට අරගන්න තරම් පුළුවන් කමක් මට තිබුනේ නෑ.. අම්මා අපිව දාලා ගිහින් ටික දවසකින් තාත්තත් මගේ ලෝකෙන් හැමදාටම යන්න ගියා.. මේ ලෝකේ කාත් කවුරුවත් නැතුව මම එදා තනි උනා.. "

" නෑදෑ කෙනෙක්ට කියලා මට හිටියේ කොළඹ හිටපු පුන්ච් කෙනෙක් විතරයි.. අසරණ වෙලා හිටපු මාව ඒ පුන්ච් එයාලගේ ගෙදරට එක්කන් ඇවිත් මට එයාගේ දරුවෙක්ට වගේම සැලකුවා.. ඒත් බාප්පා මං දිහා බැලුවේ වැරදි විදිහට.. එයාගෙන් උන කරදර ඉවසන්න බැරි උන තැන මම ඒ ගෙදරින් පැනලා ආවා.. එහෙම ආපු මම අහු උනේ මේ මැඩම්ට.. "

ඇගේ මතකය එකින් එක කල්පට පැවසූ අයේශ දිගු හුස්මක් ගත්තාය.. ඈ දෙනෙතේ කඳුළු පුරවාගෙනය..

" මම මෙතනිනුත් පැනලා යන්න ගොඩක් ඉත්සාහ කලා.. ඒත් ඒ හැම පාරකම මම මැඩම්ට අහු උනා.. මැඩම් කියන්නේ දරුණු කෙනෙක්.. මම යන්න උත්සාහ කරපු හැම පාරකම මැඩම්ගෙන් ගොඩක් වද විදින්න උනා.. ඒත් තාමත් මම ඒ හීනෙම ඉන්නවා.. මේ කූඩුවෙන් ඉගිල්ලිලා යන දවසක් එනකන් මම මග බලාගෙන ඉන්නවා.."

ඇගේ ජීවිත කතාව එකින් එක පැවසූ ඇය ආයෙත් හිස ඔසවා කල්ප දෙස බැලුවාය.. ඔහුගේ දෙනෙතේ කඳුළු කැට වැටෙන්නට ආසන්නය.. දෑතින් දෙනෙත පිසදා ගත් ඔහු අයේශාට ලංවිය..

" ඔයා යං මාත් එක්ක.."

අයේශාගේ දෑතින් අල්ලාගත් ඔහු පැවසුවේය..



10 comments:

  1. කල්පට වගේම මටත් දුක හි‍ටුනා.... :( හරිම සංවේදීව ලියලා තියෙනවා... :)

    ReplyDelete
  2. එක මරු...ඔයා යන් මාත් එක්ක...හ්ම්..... සෘජු තිරණයක්..එත් එක අනුකම්පාවට කියන දෙයක්..

    ReplyDelete
  3. හ්ම්,, බලමුකෝ ඉස්සරහට,,,,

    ReplyDelete
  4. ගොඩක් සංවේදි කතාවක් මුල ඉදන්ම කියෙව්වා....

    ReplyDelete
  5. @ කොට ජීවිතේ : හ්ම්ම් ඔවු.. මේ වගේ දේවල් කොච්චරනම් වෙනවා ඇත්ද මේ ලෝකේ..:(

    ReplyDelete
  6. @ නිම්ශා : සෘජු තීරණයක්.. අපි බලමු අනුකම්පාවක්ද එතන් තියෙන්නෙ කියලා..

    ReplyDelete
  7. @ හිරණ්‍ය : ඔව් යාළුවා... බලමු අවසානය කොහොම වෙයිද කියලා..

    ReplyDelete
  8. @ සුදු හංසි : ස්තූතියි මිතුරිය... දිගටම රැදිලා ඉන්නකෝ...

    ReplyDelete
  9. මම නම් හිතන්නේ නෑ ඒතරම් ලේසියෙන් එයාලට එකතුවෙන්න ලැබෙයි කියලා ... මමත් කතාව දිගටම රස විඳිනවා .. උඩ අය හරි කතාව මාර සංවේදීයි !

    ReplyDelete
  10. @ සදරු : ඔව් මල්ලී.. එයාලට එකතුවෙන්න ලැබෙයිද කියන්න බෑ.. අපි බලමු..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්