Friday, 8 April 2011

කඩුපුල් මල : හතරවන කොටස

        නතාශා තවමත් පාර දෙස බලා සිටින්නීය.. එක වරෙම නොපෙනී ගිය ඒ දෑස කොහොදැයි නතාශා කවුළුවෙන් එබිකම් කර බැලුවාය..

" මට නම් පිස්සු හැදෙයි.." 

  නතාශා ඇයටම කියා ගත්තාය..

" කාටද බං පිස්සු?"

    වෙන කල්පනාවක උන් නතාශා යලිත් කාමරයට ආ  හිමාශිගේ හඩ ඇසීමත් සමග කලබල වුවාය..

" මොකද බං මේ බය වෙලා?

" නැහැ හිමාශී මම වෙන කල්පනවාක හිටියේ.."

   එසේ පැවසූ ඇය යලිත් පාර දෙස බලන්නීය..

" කාවද හොයන්නේ?"

" හ්ම්ම්.. මුකුත් නැහැ.. මම නිකන් බැලුවේ.."

            මිතුරියට සියල්ල සගවමින් නතාශා පිළිතුරු දුන්නාය.. ඔහු තවමත් තමා දෙස බලා හිදිතියි නතාශා සිතුවාය.. කාමරයෙන් පිටවෙනවාදැයි මොහොතකට කල්පනා කල ඇය කාමරයෙන් පිටවී පාර දෙසට පැමිණියාය..

" මං මේ මොකද්ද කරන්නේ?"

        ඇය තවමත් සිතන්නීය.. වෙනදාට ඇයට හමුවන අය දෙස කිසිවිටක නොබැලූ නතාශා අද ඔවුන් දෙස ඔනෑකමින් බලන්නීය.. ඒ, ඒ දෙනෙත් අතරින් ඔහුගේ දෙනෙත සොයා ගන්නටය.. 

        පාරේ බොහෝ දුරක් ආ ඇය මිරිගුවක් සොයා දිවූ මුවැත්තියක් මෙන් හති වැටුනාය.. අරමුණක් නැති ගමනක් යනවා නේදැයි ඇයට සිතුනි.. සැබෑ නොවෙන හීනයක් වෙනුවෙන් මෙතරම් දුර දුවන්නේ ඇයිදැයි සිතූ ඇය ආපසු හැරුනි.. 

        ඇගේ හිත එක වරෙම තිගැස්සුනි.. ඇය මෙතෙක් මග ගෙවාගෙන සොයා ආ දෙනෙත ඇ පිටුපසින් හිද ඈ දෙස බලා හිදින්නේය.. නතාශාගේ හිතට දැනුන සතුට ඇගේ දෙනෙතින් කිය වෙන්නට විය..

" කොහොමද ? " 

          නතාශා දෙස මොහොතක් බලා සිටි ඔහු හඩ අවදි කලේය.. නමුත් ඇය කිසිවක් නොපවසා ඔහු දෙස බලා සිටියාය..

" අපි කලින් වතාවක් මුනගැහිලා තියෙනවා.." 

" අපි? මට මතක නෑ.."

    නතාශා ඔහුව නොදන්නා පරිද්දෙන් කතා කලාය..

" ඇත්ත.. ඒ හමුවීම මතකයේ තියන් ඉන්න පුළුවන් විදිහේ සොදුරු හමුවීමක් නම් නෙමෙයි.."

        ඔහු එසේ පවසත්ම ඔහුගේ හිතේ ඒ මොහොත ගැන ඇති හැගීම ඇයට තේරුම ගියාය.. ඔහුට මෙන්ම ඇයටද ඒ මොහොත සොදුරු නොවන බව ඇයට තේරුම් ගියාය.. ඔහු වෙනත් කිසිවක් පවසන්නට මත්තෙන්ම ඇය හඩ අවදි කලාය..

" ඔවු.. මට මතකයි.."

        ඔහුගේ මුහුනේ රැදී තිබුනේ අව්‍යාජ සිනහවකි.. පෙනුමෙන් සරළ වූ ඔහු දෙස නතාශ මොහොතක් බලා සිට්යාය.. 

" මම කල්ප.. ඔයා? "

     ටික වේලාවක් නිහඩව සිටි ඔහු නතාශාගෙන් විමසුවේය..

" මම නතාශා.."

" දන්නවා.. ඒත් එක ඔයාගේ ඇත්ත නම නෙමෙයිනේ.. මම කැමතියි ඔයාගේ ඇත්ත නම දැනගන්න.."

       නතාශාගේ හිතේ තිබු සතුට එක වරෙම කවුරුන් හෝ උදුරාගෙන ගියා මෙන් ඇයට දැනුනී.. වසර ගනනාවක් සිටම ඇයට හැමෝම කතා කලේ මේ නමින්ය.. ඇයට ඇගේ පැරනි නම අමතක වන තරමටම කිසිවකුත් ඇයට ඒ නමින් ගෙවුනු වසර කීපයේම කතා කර නැත.. දැන් එකවරම් මොහු ඇගේ නම අසද්දී ඈ සිතින් දුක් වූවාය..

" මොකද කල්පනා කරන්නේ.. "

   ඔහු ඇගේ කල්පනාවට බාදා කරමින් ඇසුවේය..

" ආ නැහැ.. මම අයේෂා.."

" අයේෂා මම ටිකක් ඔයා එක්ක කතා කරන්න ආසයි.. ඔයාට පුළුවන්නම් අපි තේ එකක් බොන ගමන් කතා කරමුද? "

    ටික වේලාවක් කල්පනා කල ඇය එයට කැමති වූවාය..







4 comments:

  1. කියවගෙන ගියා... ලස්සනයි... පොඩි ඉල්ලීමක් කරන්නම්. පුලුවන්නම් සලකල බලන්න. පුලුවන්නම් කොටසක් මීට වඩා දිගට ලියන්න. මොකද මේක පොඩ්ඩක් කියවලා හිත හදා ගන්න අමාරුයි. දිගටම කියවගෙන යනකම් ඉවසිල්ලක් නැහැ... :)

    ReplyDelete
  2. හ්ම්.... ලස්සනට කතාව ගලන් යනවා... මරු...

    ReplyDelete
  3. @ කොට ජීවිතේ : හරි සහෝදරිය.. මට සදරු මල්ලිත් කලින් කොටසෙදි ඔය දේම කිවුවා.. ඊළග කොටසෙ ඉදන් ඉල්ලීම ඉටු කරන්නම්...

    ReplyDelete
  4. @ නිම්ශා : ස්තුතියි නංගියේ.. දිගටම කියවන්නකෝ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්