Wednesday, 6 April 2011

කඩුපුල් මල : තුන්වන කොටස

            පෙරදා සැදෑ වරුව පසු දින මතකයට කිසිදිනෙක එක් නොකර ගත් නතාශාට ඊයේ මතකයේ රැදුන ඒ දෙනෙත මිරිගුවක් මෙන් ඈ ඉදිරියේ මැවෙන බව ඇගෙ හිතට රහසින් මෙන් දැනෙන්නට පටන් ගත්තාය.. 

             ඇත්තටම ඔහු කවුද?? මිතුරන් කී පරිදිම ඔහු සාන්තුවරයෙක්ද?? එසේනම් මෙවන් තැනකට ඔහු ආවේ කිමද?? නතාශාගේ හිතේ ඔහු ගැන පිළිතුරු හිතාගන්නවත් බැරි ප්‍රශ්ණ පත්‍රයක් ගොඩ ගැහෙන්නට වූවාය..

" ඒත් මම ඇයි මේ ගැන හිතන්නේ.. දවසක් හමු උන කෙනෙක් ගැන මේතරම් සිතුවිලි ගොන්නක්?"

             නතාශා ඇගෙන්ම ප්‍රශ්ණ කරන්නට වූවාය.. තේරුමක් නැති සිතිවිල්ලක හිත පැටලී යන බැවි ඇයට දැනුන මුත් ඒ සිතුවිල්ලෙන් හිත වෙනතක ගැනීමට ඇයට නොහැකි වූවාය..

" මොකද බං අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?" 

      හිමාශී හැමදාමත් මෙන් ඇගේ කල්පනාවට බාදා කරමින් විමසුවාය..

" මුකුත් නැහැ බං.."

" හ්ම්ම්.. උඹේ මූනෙන් නම් ඒ බවක් පේන්න නෑ.. මම ටිකකට එලියට ගිහින් එන්නම්.." 

           නතාශා සිටි කල්පනාවට ඇය නැවතත් තල්ලු කරමින් හිමාශී නික්මී ගියාය..

                   බෝඩිං කාමරයේ ජනේලය ලගට වී ඈත පෙනෙන මුහුදු රළ දෙස බලා සිටීම තරම් හිත සැනසෙන යමක් නතාශාගේ ලොවේ නොතිබුන තරම්ය.. ඈ ඒ සොදුරු මොහොතට එතරම්ම ආදරය කලාය.. තුරුණු ව්යේ ඈ අතරමංවූ ලෝකයේ ඇය වෙනුවෙන් හැමදාමත් නොවෙනසව තිබුනේ ඒ මොහොත පමනක්මය..

               ලෝකයෙන්ම තනිවී සොඳුරු ලොවක හුදකලාවී උන් නතාශාගේ දෑස මොහොතකට වෙනතකට ඇදී ගියාය.. නිමාවක් නැතිව දහසක් ඒ මේ අත යන මග කෙනෙකු තමන් දෙස බලා සිටිනා බවක් නතාශාට දැනුනි.. ඕනෑම කෙනෙකුගේ දෙනෙත ඈ ලග නතර වීම ඇයට අළුත් දෙයක් නොවන මුත් නතාශා ඔහු දෙස ඕනෑකමින් බලුවාය..

              ඇගේ හිත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තාය.. කිසිදාක අමතක නොවන ලෙස හිතේ ඇදුන ඒ දෙනෙත වීදියේ එහා කෙරවලක සිට ඈ දෙස බලා සිටින්නේය.. ඒ ඔහුය.. නතාශාට ඔහු හදුනා ගැනීමට එතරම් මොහොතක් ගත වූයේ නැත.. 

           මුහුනේ රැදුන අව්‍යාජ සිනහවකින් ඔහු නතාශා දෙස බලා සිටින්නේය.. දෙනෙත් කතා කල මොහොතකට පසුව නතාශා සිටි තැනින් නැගිට්ටේ පහලට යාමට සිතාගෙනය..

" ඒත මං ඇයි පල්ලෙහාට යන්නේ.. ඔහු බලා හිදින්නේ මා වෙනුවෙන්ද?

          නතාශා සිතන්නට විය.. ඒත් ඇයට ඇගේ සිතුම් නවතාලිය නොහොක..

" නෑ.. ඔහු ඉන්නේ මං වෙනුවෙන් නෙමෙයි.. මම යන්නේ නැහැ.."

        නතාශා සිත දැඩි කර ගනිමින් ඔහුව නොපෙනෙන තැනකට ගොස් හිද ගත්තාය..

" මට මෙ මොකද වෙලා තියෙන්නේ.. කවදාවත් නැතුව ඇයි අද මගේ හිත මට මේ විදිහට වද දෙන්නේ?"

             නතාශා ඇගේ හිතටම දොස් පවරන්නට විය.. ඒත් ඇගේ හිත තවමත් පවසන්නේ ඔහු හා වදනක් හෝ කතා කිරීමටය.. යලිත් ජනේලය ලගට ආ නතාශා වීදී කෙලවර ඈ දෙස බලා උන් දෑස සොයන්නට විය.. 

ඒත් දැන් ඔහු එතැන නැත.. වීදිය වෙනදා මෙන්ම කළබලය.. 



10 comments:

  1. හ්ම්... අප්පේ අයියා නම් හොදයි..හැමදාම කොටසක් දානවා ..අපි වගේ කම්මැලියෝ නෙමේ..නැ මම වගේ :) ...එහෙම බලද්දි හොදයි හැමදාම ...ශොක්..ශොක්..

    ReplyDelete
  2. කාලකණ්නි ජීවිතයෙන් ඈව මුදා ගන්නට ඔහුට පුළුවන් වෙයිද

    ReplyDelete
  3. මම අද තමයි කතාව දැක්කේ... එක හුස්මට කියවන් ගියා. හරිම ලස්සනයි... අනේ කතාවේ අවසානය සතු‍ටුදායක අවසානයක් කරන්න. නැත්නම් මට අඬලා අඬලා ඔලුවේ කැක්කුම හදා ගන්න තමයි වෙන්නේ... :)

    ReplyDelete
  4. හෑ??? තුන්වෙනි එකටත් ඇවිල්ල... හිටු කො අනික්වා කියවලම බලනකන්.. :D

    ReplyDelete
  5. අනේ බං අයියේ පොඩ්ඩ පොඩ්ඩ දාන්නේ එකපාර ටිකක් වැඩිපුර දාපන්කෝ කුතුහලේ අවුස්සන නැතුව ...

    කතාව හිතට අල්ලලා ගියා ...

    ReplyDelete
  6. @ නිම්ශා : මම කතාව එක දිගට ලියන් යන්න ආසයි..

    ReplyDelete
  7. @ පිණිබිදු : හ්ම්ම්... අපි බලමු මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  8. @ කොට ජීවිතේ : තාම කතාවේ අවසානය ගැන මම හිතුවෙ නෑ.. සාදාරණයක් කරන්නම්...

    ReplyDelete
  9. @ සුළගිල්ල : ඕකේ.. කලින් එවාත් කියවලා ඉදිරියට රැදිලා ඉන්නකෝ..

    ReplyDelete
  10. @ හිස් අහස : හරි මල්ලියේ මම ඉස්සරහට එහෙම කරන්නම්...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්