Monday, 4 April 2011

කඩුපුල් මල : දෙවන කොටස

         තම දෛවයටම සාප කර ගනිමින් රාත්‍රි සමාජ ශාලාවට ඇතුළු වූ නතාශා වෙනදා මෙන්ම දෑසේ කඳුළ වසන් කරගෙන මුහුණට සිනහවක් තවර ගත්තාය.. ආලින්දය මැදින් යන හැම විටකම ඇය වෙත නෙත් දහසක් යොමු වන බව ඇය නිරතුරුවම දැන සිටියාය.. 

         කිසිවෙකු වෙත් නෙත් යොමා නොබැලූ නතාශා නතර වූයේ ඇගේ මිතුරිය සමීපයේය..

" ඇති යාන්තම්.. මම හිතුවා උඹ නෑවිදින් ඉදියි කියලා.."

   නතාශා දුටු විගසම හිමාශි ඇගෙන් විමසුවාය..

" මේ අපායට කොහොම නෑවිත් ඉන්නද හිමාශි.."

    නතාශාගේ හඩේ තිබුනේ වෙනදා මෙන්ම දුක් මුසු බවක්ය..

" මැඩම් මගෙනුත් කීප වතාවක් ඇහුවා උඹ මොකද තාම නැත්තේ කියලා.. අද මෙහෙ පාටියක් තියෙනවලු.. ඒකට උඹට ඕනමලු.."

" හ්ම්ම්.. මැඩම් මට කිවුවා.. මං වෙන ඇදුමක් දාන් එන්නම්.. "

           මිතුරියගෙන් වෙන් වූ නතාශා කාමරයේ තනිවී කල්පනා කරන්නට වූවාය.. ඇයට දැන් මෙතැන අපායක්ම වී ඇත.. ටික වෙලාවක් ඇගේ ලොකයේ තනිවී සිටි නතාශාට සිය මිතුරිය අමතනු ඇසිනි..

" මොකද්ද බං තාම කරන්නේ.. අන්න මැඩම් කතා කරනවා.."

         කිසිවක් නොපැවසූ නතාශා මැඩම් සොයා පැමිනියාය.. නතාශා එනවිටත් ඇය සිටියේ පිරිමින් කිහිප දෙනෙකුත් සමග කතා කරමින්ය..

" මේ මහත්තුරුන්ට ඕන කරන හැමදෙයක් ගැනම බලාගන්න.."

       නතාශා ඈ වෙත ලංවත්ම ඇය නතාශාට උපදෙස් දුන්නාය.. යන්තමින් හිස සොලවා එය පිළිගත් නතාශා ඔවුන් දෙස බලත්ම ඇය දෙස කෑදරව බලා උන් ඔවුන්ගේ නෙත් වලින් කිය උන දේ ඇයට මොහොතකින් වැටහී ගියාය.. 

        සාදයක් වු මුත් එහි සිටියේ සිව්දෙනෙක් පමණක් බැවු ඔවුනේ මේසයට ලංවත්ම ඇය දුටුවාය.. එය ඇගේ සිතට තරමක හෝ සතුටක් වූවාය.. නතාශා ඔවුන්ට අවැසි මදුවිතද රැගෙන ඔවුන් වෙතට පිය මැන්නාය.. 

              නතාශා වෙත යොමු වූ දෑස් අපමණය.. එය ඈ හැම මොහොතකම දැනසිටියාය.. එහෙත් ඔවුන් අතර සිටි අයකුගේ දෙනෙත අන් අයගෙන් වෙනස් බැවි ඇයට වැටහිනි.. ඒ දෑස කියවන්නට ඇයට ඕනෑ උන මුත් ඔහු සමග සිටි අයගේ අයුතු ක්‍රියාවන් නිසා ඇයට ඊට අවස්ථාවක් නොලැබුනී..

           ඔහුගේ මිතුරන් නතාශාට කොතරම් විහිළු කලත් ස්පර්ශ කලත් ඔහු හැම මොහොතකම ඔවුන්ගෙන් වෙන්ව සිටි අයුරු ඇය ඇය බලා සිටියාය.. ඔවුන්ගෙ කරදර ඇයට ඉවසාගත නොහැකි උවත් ඇයට කිසිවක් පැවසීමටද නොහැකිය.. 

" ඔය කෙල්ලට පාඩුවේ ඉන්න දියන් මචන්.."

           ටික වේලාවක් බලා උන් ඔහු ඔහුගේ මිතුරන්ට පවසන්න විය.. එහෙත් ඒ කිසිවකටවත්  මිතුරන් සවන් දුන්නේ නැත.. ඔහු කීප වරක්ම ඈ වෙනුවෙන් කතා කීරීම පසුව මිතුරන්ටද ගැටළුවක් වූවේය..

" උඹ වගේ සාන්තුවරයන්නට මේ වගේ තැන් හරියන්නේ නෑ.. මෙවයේ ඉන්න උන්ට මේවා හොදට පුරුදුයි.."

      මිතුරෙක් එසේ පවසත්ම ඔහු සිටි අසුනෙන් නැගිට්ටේය..

" වෙන්න පුළුවන්.. ඒත් මේ ඉන්නෙත් අපි වගේම මිනිස්සු කියලා අමතක කරන්න එපා.." 

                 මිතුරන්ට බැන වැදුන ඔහු ඔවුන්ගෙන් නික්මී යත්ම නතාශා ඔහු දෙසම බලා සිටියාය.. මිතුරන් ඔහුගේ කීමට වෙනස් නොවුනත් නතාශාගේ හිතට ඔහු පැවසූ දේ තදිම කා වැදුනී.. 

          යහළුවන් කී පරිදී ඔහු ඇත්තටම සාන්තුවරයක් බව නතාශා තේරුම් ගත්තාය.. ඒ මේ වනතෙක් කිසිවකුත් නතාශා වෙනුවෙන් එවැනි දෙයක් පවසා නොමැති නිසාය..



10 comments:

  1. මැදැයි...පලවෙනි කොටස මිස් වෙලා නේ..
    මම දව්සක් නැති උනොත් කතාවක් මිස වෙනවා...

    ReplyDelete
  2. දැන් නම් ටික ටික තෙරිගේන එනවා...මේ සැරේ නම් බාධා වැට කඩලු පිරි ආදර ජවනිකා බලාගන්න පුලුවන් වෙවි වගේ අයියාගේ කතාවේ.. :)

    ReplyDelete
  3. ඔන්න එහෙනම් ආදර කතාව පටන් ගන්නයි යන්නේ දෙන්නගේ.

    ReplyDelete
  4. @ රත්ගමයා : එකනෙ මල්ලි දවසක් නැති උනාම හරි ජංජාලයක් තමයි...

    ReplyDelete
  5. @ නිම්ශා : ඔව් මමත් එහෙම හිතනවා...

    ReplyDelete
  6. @ පිණිබිදු : ඊළග කොටසින් බලමු...

    ReplyDelete
  7. ඔන්න මමත් කතාව දිගටම කියවන්න පටන්ගත්තා

    ReplyDelete
  8. මල කෙලියයි ඔයා ආවට පස්සේ තමයි මට ඔයාව මතක් උනේ .මගේ බ්ලොග් එකේ මේ දවස්වල අවුලක් අනෙක් අයගේ බ්ලොග් වල තියන ඒවත් අප්ඩේට් වෙන්න සෑහෙන කලක් යනවා . දැන්නම් හරි ...

    මම මුලින්ම මේක බලල තමයි පලවෙනි කොටස බැලුවේ ! අවුලක් නෑ .. ඉදිරි කොටස් ටිකත් එනකම් බලාන ඉන්නවා . කොල්ලව ඕනවට වැඩිය සාන්තු වරයෙක්ද ? නැත්තං සාමාන්‍ය සාන්තු වරයෙක්ද .. මම වැඩියෙන්ම බලන තැන තමයි එතන ....

    ReplyDelete
  9. වෙනස් විදියේ කතාවක්. ආසයි කියවන්න....

    ReplyDelete
  10. @ StArry aNgeL : ස්තුතියි යාළුවා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්