Sunday, 3 April 2011

කඩුපුල් මල : පළමු කොටස

" නතාශා මොකද බං මේ බලා ගත්තු අත බලාගෙන.. උඹ අද එන්නැද්ද යන්න? "

" මට දැන් මේක එපා වෙලා බං තියෙන්නේ.."

" උඹ කලිනුත් ඔහොම කියලා හදා ගත්ත ප්‍රශ්ණ උඹට අමතක උනාද.. ආයෙත් මැඩම් තරහා කර ගන්නැතුව දැන් ලෑස්තිවෙයන් යන්න.."

" හ්ම්ම්... මම ටිකක් පරක්කු වෙලා එන්නම්.. "

          නතාශා කවුළුවෙන් එහා බලාගෙන ඔනෑවට එපාවට දුන් පිළිතුරු නිසා ඇයත් සමග වැඩි කතාවකට මුල නොපිරූ හිමාශි කාමරයෙන් පිටත්වී ගියේය.. 

              දොර වැසුන ශබ්දයටවත් හැරී නොබැලූ ඇය ඈත ක්ශිතිජයේ හිරූ නිවී ගෙන යන ඇයුරු බලා සිටියාය.. ඇගේ ජීවිතය ගැන ඈ සිතින් තැවුල් වූ අවස්ථා අපමණය.. ඇගේම කියා අනාගතයක් ගැන ඇය සිහින දැකීමට පවා බිය විය.. ඒ සිහින ඇගේ ජීවිතේ කෙදිනකවත් සැබෑ නොවන්නක් බව ඈ හොදින් අවබෝද කරගෙන සිටි නිසාය.. 

          ටික වේලාවක් ඈ පෙර සිටි ලෙසම ඈත මුහුදු තෙර දෙස බලා සිටියාය.. ඒ මොහොතේ ඇගේ දෙසවන පුරා යලිත් හිමාශිගේ වදන් රැවිදෙන්නට විය.. ඇය පැවසුවේ ඇත්තකි.. මැඩම් කලින් වතාවේත් අමනාප කරගෙන ඇයට අත් වූ ඉරණම කෙබදුදැයි ඇයට කෙදිනකවත් අමතක කල නොහැක.. අකමැත්තෙන් වුවද දැන් මේ ඉරණමට මා මුහුණ දිය යුතුයැයි ඈ සිතුවාය.. මරණය තමාගේ ජීවිතයට ඇති එකම සැනසීම බව ඇය සිතූමුත්  මරණයද තමන් වෙත පහසුවෙන් ලං නොවන බව ඇය හොදාකාරවම දැනගෙන සිටියාය..

          අකමැත්තෙන් උවද නිවසින් පිටත්වූ ඇය හෙමින් හෙමින් රාත්‍රී සමාජ ශාලාව වෙත පිය මැන්නාය.. ඈ තුල වූ සුන්දරත්වය නිසා ඇය දෙස දෙවරක් හැරී බැලු පිරිමියෙක් නැති තරම්ය.. ඇය සමාජ ශාලාවේ සහකාරියක ලෙස එතැනට පැමිනියත් අද ඇය ඉන් එහාට ගිය පිරිමි ඇසුර සදහාම වෙන්වූ යුවතියක් වී ඇත.. ඇගේ අසරණ කම මේ මාවතට ඇගේ දිවිය හැරවුවද ඉන් නික්මීමට ඇයට මගක් ඇයට තවමත් සොයාගැනීමට නොහැකි වුවාය.. 

        සමාජ ශාලාවේ දොරකඩට එන හැම වරෙකම ඇගේ ආත්මය ගින්නේ දැවෙන බව ඇයට නොදැනුනාම නොවේය.. ඒත් දැන් ආපසු හැරෙන්නට ආ මාවත බොහො දුර වැඩි බව ඇය හොදාකාරවම දන්නීය.. 

                 ඇය දුර තියාම දොරකඩට වී බලා සිටින සුනීතා මැඩම් දුටුවාය.. අය ඉතා සැරපරුශ කාන්තාවක් වූවාය.. ඇය සමාජ ශාලාවේ හිමිකාරියයි.. ඇයට උසස් තැන් වල තිබූ හැදුනුම් කම් වැඩිය.. එනිසා ඇයට ඉහලින් යාමට පිරිමියෙකුවත් ඉදිරිපත් වූයේ නැත.. ඇයට බොහෝ වත්මක් හිමිව ඇතත් ඇයට නෑ කමක් කීමට කිසිවෙකුත් නොසිටියාය.. 

" උඹ ඔය එන වෙලාව නේද?? 

         නතාශා මග තියාම එනු දුටු ඇය මහ හඩින් ඇයට බැන වදින්නට පටන් ගත්තාය.. එහෙත් නතාශා කිසිවක් නොපැවසුවාය..

" මොකද උඹ කතා නැත්තේ?? 

            නතාශා කිසිවක් නොකියා ඉවසාගෙන සිටියාය.. ඒ කිසිවක් කීමට යාමෙන් ඇගේ කේන්තිය තවත් වැඩි වන බව නතාශා දැන ගෙන සිටි බැවින්ය.. ඇයත් ඇගේ කෙන්තිය අඩුවන තෙක්ම නතාශාට බැන වැදුනාය..

" දැන් ගිහින් වැඩ පටන් ගනින්.. අනික ඔය ඇදුමත් මාරු කර ගනින්.. උඹ පන්සල් යනවා කියලා හිතාගෙනද ආවේ.. අද උපන්දින පාටියකට මහත්තුරු කට්ටියක් එනවා.. උඹ ඒ මහත්තුරු එක්ක ඉන්න ඕන.. තේරුනාද?? "

             යන්තමින් හිස සෙලවූ නතාශා ශාලාවට ඇතුළු වූයේ ඇයටම සාප කර ගනිමින්ය.. මේ ජීවිතය ඇයට එතරම්ම තිත්ත වී තිබුනාය.. 

" මට මේ හැම දේකින්ම මිදිලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් දිනයක් එනවනම්.."

                 ඇගේ හිතේ හැම මොහොතකම තිබුනු එකම පැතුම එයම විය.. වෙන කවර දෙයකටවත් වඩා ඇය ඒ දිනය උදාවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියාය..

8 comments:

  1. මරු දිනේශ් අයියා කතාවක් ගෙනල්ලා..දැන්ම නම් මුකුත් කියන්නේ නැහැ..බලමුකෝ..

    ReplyDelete
  2. ලස්සන කතාවක ආරම්භයක් වගේ. ඉක්මනට අනිත් කොටසත් දාමු.

    ReplyDelete
  3. ලියන්නකො ඉතින් දිගටම කතන්දරේ.
    මැණික්

    ReplyDelete
  4. @ නිම්ශා : ස්තුතියි නංගි.. දිගටම රෑදිලා ඉන්නකො...

    ReplyDelete
  5. @ පිණිබිදු : ස්තුතියි සොයුරිය.. ඉක්මනට ලියන්නම්...

    ReplyDelete
  6. @ මැණික් : ඉතිරි කොටස් ටික ඉක්මනට ලියන්නම්....

    ReplyDelete
  7. කොටස් වශයෙන් යන කතා මම කියවන්න මාර කම්මැලියි බං... ඉතිරි ටිකත් දාන්න සම්පූර්ණයෙන්ම කියවලා බලන්න :D

    ReplyDelete
  8. @ hare : කමක් නෑ යාළුවා.. කතාව ඉවර වෙලාම අදහසක් දෙන්න...:)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්