Monday, 28 March 2011

ඇයිද නුඹ ආදරෙ මෙතරම්ම....

       මේ කවිය මම ලියපු එකක් නෙමෙයි.. මෙක ලිවුවේ පූජා.. ඒ මීට අවුරුදු 4 විතර කලින්.. ඉතින් මම හිතුවා ඔයාලට පූජාගෙ අති ලියවුන මේ කවිය ගෙන එන්න.. පූජා ගොඩක් ලස්සනට කවි ලියපු කෙනෙක්.. මං ලග තියෙන කවි  මම ඉස්සරහටත් පෝස්ට් කරන්නම්...



සෙනෙහසේ උණුසුම විදින්නට
අවසර නැති මගෙ හිතට
කිමද ලං උනේ නුඹ
උතුරා යන ආදරයක් අරගෙන..

දුකම පමණක් ඉතිරි කර
වෙන්ව යන බව දැන දැනම
කිමද ආදරේ කලේ නුඹ
මෙතරම්ම මා වෙත..

බැහැ නික්ම යන්නට
සිතූ ලෙස මා පෙර දිනක
නුඹේ කඳුළු නෙතග
නවතාවි මා හෙට..

දිනක හුදෙකලා වේවි නුඹ
මගේ මතක ලොව තුලම
කියනු බැහැ නුඹට
නොගිලෙන්න මගේ මතක ලොව..

ඇගිලි තුඩු මානයක මරණය
පෙනි පෙනි මගෙ දෑස් අද්දර
නමුදු සිනාසෙමි නුඹ වෙනුවෙන් මම
හිතේ ආදරේ වැඩි හින්දම..

හඩන්න එපා නුඹ මා නැති දිනයක
වාවනු බැහැ මට නුඹෙ කඳුළු දුටුවම
පොරොන්දුවක් වෙන්න මා මියෙන්න පෙරාතුව
හිනැහෙන බව නුඹ මා හිනැහූ ලෙසම..

17 comments:

  1. හික් ය. පූජ කියන්නෙ කවුද අයියෙ...??? කවුරු උනත් ලස්සනයි :D

    ReplyDelete
  2. ලස්සනයි අයියේ..වෙන මුකුත් මට කියන්න බැ.. මට හිතාගන්න බැරි එකම දේ ඔයාගේ ඔය දරා ගැනිම..අද මම ඔයාගේ තැන උන්නා නම් මම මැරිලා.එ අතින් ඔයාගේ හිත ශක්තිමත්..තවත් ලස්සන කවි වලින් සිහින බ්ලොග් එක ලස්සන කරන්න ...පුජා අක්කා කිව්වාට අපිව දාලා යන කෙනාට වඩා දුකක් විදිනවා ජිවත් වෙන කෙනා විදව විදව..එක හරි අමාරු දරාගන්න බැරි හැගිමක්..මට හිතාගන්නත් බැරි තරම්..

    ReplyDelete
  3. @ සුළගිල්ල : පුජා කියන්නෙ මල්ලි මම ආදරෙ කරපු කෙනා..
    ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  4. @ නිම්ශා : මම ජිවත් උනාට මගෙ හිත මම ආදරෙ කරපු කෙනා අරන් ගිහින් ඉවරයි.. පුජා වෙනුවෙනුයි අද මම ජිවත් වෙන්නෙ.. මගෙ ජිවිතෙ දැන් තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවක් විතරයි.. එ වෙනුවෙන් මම ජිවත් වෙනවා..

    ReplyDelete
  5. සදහට වෙන්ව ගිය කිසිදා අමතක නොවන ඔය වගේ අත්දැකීමක් මටත් තියනවා. මොන විදියෙන්වත් ඒක ජීවිතයෙන් ඉවත් වෙන්නෙ නැහැ.
    මැණික්

    ReplyDelete
  6. @දිනේෂ් අයියා : ඇත්තටම මේ නිසඳැස හරිම ලස්සනයි.. මුලින් කියවගෙන් එනකොට මට හිතාගන්න බැරි වුනා "ඇයි එච්චර ආදරයක් පූජා ගන්නෙ නැත්තේ කියලා".. ඉතිරිය කියෙව්වාමයි මට කාරනේ වැටහුනේ.. මෙච්චර ලස්සන පද වැල් ඇමිණෙන්න එයාට සංවේදී ලස්සන හදවතක් තියෙන්න ඕනෙ.. ඉතින් මම කල්පනා කරා පූජා කාටද මෙ ප්ද වැල් ගොතන්නේ කියලා... ඔයාගේ කොමෙන්ටුව දැක්කාමයි ඒ කවුද කියලා තේරුනේ.. අයියා මම එයාට පූජා කිවුවේ අක්කෙක්ද නංඟෙක්ද කියලා දන්නෙ නැති නිසා.. එයාට ඒක අගෞරවයක් නම් සමාවෙන්න හොඳේ..?
    ඒ වගේ කෙනෙක් තාමත් ඔයාගේ හදවතේ ඉතිරිවෙලා ඉන්න එක පුදුමයක් නෑ..

    ReplyDelete
  7. :( :( දෙන්නටම ලස්සනට ලියන්න පුලුවන්..

    ReplyDelete
  8. හුඟක් ලස්සනයි සහෝ. ඔයා හුඟක් වාසනාවන්තයි ඒ වගේ කවි හිතක් ලබන්න.

    ReplyDelete
  9. මාරම ලස්සනයි.පට්ට මචන්.
    "ඇගිලි තුඩු මානයක මරණය
    පෙනි පෙනි මගෙ දෑස් අද්දර
    නමුදු සිනාසෙමි නුඹ වෙනුවෙන් මම
    හිතේ ආදරේ වැඩි හින්දම.."....ලොකු කතාවක් අකුරු කරල නෙද.....

    ReplyDelete
  10. හ්ම් ඔයාට වගේම අපූරුවට පුජාටත් කවි ලියන්න පුලුවන්නේ

    ReplyDelete
  11. @ මැණික් : ඔව් අක්කෙ සමහර මතකයන් අමතක කරන්න හරි අමාරුයි.. ඒත් මම මේ මතකය නම් අමතක කරන්න අකමැතියි..

    ReplyDelete
  12. @ ප්‍රාර්ථනා : පූජගේ හිතේ තිබුන ආදරය කොච්චරද කියලා කියන්න මට වචන නැහැ.. ඒ නිසාමයි එයා තාමත් මගේ හදවතේ ඉන්නේ.. ඒ ආදරය ඇති මට ජීවත් වෙන්න..
    පූජා ඔයාට වඩා වැඩිමල්...

    ReplyDelete
  13. @ රත්ගමයා : ඇත්තටම මල්ලි මම ලියන්න පටන් ගත්තේ පූජා නිසා.. එයා තරම් ලස්සනට ලියන්න මට බැහැ..

    ReplyDelete
  14. @ පිණිබිදු : බොහොම ස්තුතියි සහෝ.. ඔව් ඇත්තෙන්ම..

    ReplyDelete
  15. @ අසංක : ඔව් යාළුවා.. බොහොම ස්තුතියි...

    ReplyDelete
  16. @ අයේශා : බොහොම ස්තුතියි අක්කේ...

    ReplyDelete
  17. පූජාගේ ජීවිතය බැඳිලා තියෙනවා මේ කවිපද වල..

    වෙනමුකුත්ම මට ලියවෙන්නෙ නැහැ දිනේෂ්.. :(

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්